නළුවෙල ඇත්තන් නැතුව පෙරහර බහින්න බෑ.

12 thoughts on “නළුවෙල ඇත්තන් නැතුව පෙරහර බහින්න බෑ.

  1. නළුවා වචනය භාෂාවට එකතුවුනේ .. පිටගංකාරයා .. විශ්වාස කරන්න බැරි කෙනෙක් … අර්ථ කියැවෙන නිසා අලුත්නුවර අයෙක්ට නළුවෙල කෙනෙක්ව මතක්වෙලා වෙන්නැති ද ..? සිංහල වචන වල නිරුක්ති ශාස්ත්‍රය (Etymology) හදාරපු අයෙක්ව දන්නෙ නැහැ අහන්න.

    කැමතියි

  2. නළුවෙල පිහිටි කුඹල්මුල්ල ප්‍රදේශයේ සිටින සාම්ප්‍රදායික ශිල්ප ගුරුවරයා වූ පුංචිබණ්ඩාර මහතා ඇතුළු ශිල්පීන් සහ පැරැන්නන් බොහෝ දෙනකුගේ විග්‍රහය වන්නේ “නළුවෙල” යනු “නළුවන්” හෙවත් “රංගන කලාවන් ප්‍රගුණ කරන අය සිටි ගම්මානය” යන අරුත දෙන ග්‍රාම නාමයක් විය හැකි බවයි. දැනට වෘත්තීයමය වශයෙන් ප්‍රගුණ කරන රංගනශිල්පීන් ඇත්තේ “කුඹල්මුල්ල” නමැති කුඩා ප්‍රදේශයේ පමණි. එහෙත් රබන් ගැසීම, කවි ගායනය.කවි නිර්මාණය වැනි කලාවන් පිළිබඳ සහජ හැකියාවෙන් විශේෂත්වයක් දක්වන ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයේම අය, වෙනත් තදාසන්න ගම්වලට සාපේක්ෂව නළුවෙල ගම්මානයේ වැඩි පිරිසක් sugv ට මුණගැසී ඇත. ඒ අනුව ඉහත පුංචිබණ්ඩාර ඇතුළු පිරිස, ගමේ නම පිළිබඳව කරන විග්‍රහය පිළිගතයුතු බවක් හැඟී යයි.

    කැමතියි

  3. ගිනිබෝල කරකවන කණ්ඩායමේ හිටිය මං දන්න මල්ලි කෙනෙක්. ඔහුත් නළුවෙල.දැන් නම් නැද්ද කොහෙද. ඔවුන් එකා මත එකා නැගල තොරණක් හදනව නේද..

    ‘නළු ගහ’ නමින් හඳුන්වන කොස් ගහක් තියනව මෙහෙ. 🙂 ඒක නිසා මං කල්පනා කලේ ‘නළු’ කියන් වචනයේ වෙන අර්ථයක් තියනව ද කියල.

    කැමතියි

    • නළුවෙල ගමේ දම්පිටිය කියන ප්‍රදේශයේ ඉතාම කුඩා දරුවන් පවා ගිනිබෝල කණ්ඩායමේ ඉන්නවා. නළුවෙල ඇත්තන්ගේ මේ වගේ රංගන ගායන වාදන හැකියාවන් ජානගතව තිබෙන හැකියාවන් වගේ පෙනෙනවා. පාසලේ (රත්මලවින්න මහා විද්‍යාලය) දරුවන්ගේ පවා මෙවැනි විශේෂතා දක්නට ලැබෙන්නේ ඒ නිසා වෙන්න ඇති. මෙවැනි දස්කම් දියුණු කරන සුවිශේෂී සොයා බැලීම් හා උත්සාහයන් පාසල්වල ඇති වෙනවා නම් හොඳයි නේද ?

      ඔව් චන්දන මේ ගැන තව සොයන්න ඕන. ඔබ පවසන “නළු ගහ” ගැන විස්තර සොයා ලියන්න හැකි නම් උත්සාහ කර බලනන ලෙස ඉල්ලමි.

      කැමතියි

      • ඒ ගහේ කොස් ඇට, ගෙඩිය තුලදීම ටිකක් සුද්ද වෙලා තියන්නෙ. ඇටයෙන් කොටසක පොත්ත ඉවත් වෙලා. ඒක නිසාලු ‘නළු’ කියල කියන්නෙ. මං හිතන්නෙ අතීතයේ දි නිකමට කවුරුන් හෝ කියපු නමක් දිගටම භාවිතා වෙමින් ඇවිත් වෙන්න ඇති.

        කැමතියි

        • එහෙම වෙන්න ඇති ඔය විදිහේ කොස්ගහක් මෙහෙත් තියනවා. විශේෂ නමක් භාවිත වෙන්නෙ නම් නෑ. තවත් පුදුම පැරණි කොස්ගහක් වාසනාහාම් මොහොට්ටාලගේ වත්තෙ(මෙහි සිටියාය කියන පුරාණ මොහොට්ටාලගේ ගෙය පිහිටියාය කියන ඉසව්ව මේ වත්තට දැන් ව්‍යවහාර කරන්නෙ කුඩුගල්වත්ත කියල) තියනව. ඒ කොස්ගහේ හැදෙන ගෙඩිවල තියෙන්නෙ ” මා දැක තිබෙන අංග සම්පූර්ණ පැනි වරකා” කියල හැඳින්විය හැකි වරකා වර්ගයක්! ගෙඩියක මදුළු හැදෙන්නේ ස්වල්පයයි. ඒහින්දම තරගය වැඩියි.මට නැවත ලැබුණු විගසක එහි සේයා රුවක් ගන්න හිතාගන ඉන්නවා. ඒ කෙ ඇට පැල කරන්න ගත්තු උත්සාහය තවම සාර්ථක වෙලාත් නෑ. මේ වගේ තවත් කොස්ගස් ඇති. කවුරු හරි කෙනෙක් මේ වගේ දේවල් ගැන පෙන්වා දෙමින් ලියාවි නේද

          කැමතියි

  4. //..“වට්ටෝරු පංගුව”නමැති “ඇතුල්කට්ටලේ” රාජකාරියක් ද නළුවෙල ඇත්තන් වෙත පැවරී ඇත. දෝලාව ගෙනයාම, චාමර පංගුව, කුඩකාර පංගුව වැනි මහ පෙරහරේ විශේෂ වැදගත් කමක් හිමිවන රාජකාරි රාශියක් මේ ඇත්තන්ගෙන් ඉටුවේ….//

    නළුවෙල ඇත්තන්ට ඈත අතීතයේ ඉදන්මද මේ රාජකාරි පැවරිලා තියෙන්නේ ??

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.