උග්ගල් අලුත්නුවර පූජනීය ස්මාරක ඩ්‍රෝන කැමරාවෙන්

 ඩ්‍රෝණ ඇසින් (Through the eyes of a drone)

 පූජනීය ස්මාරක ඉහළට පෙනෙන අසිරිය

දකුණු සීමාවට ඉහළින් – පුරාණ “රජමාවතේ” පැමිණියකුට දේවලයේ ඉදිරි මහ දොරටුවෙන්ම පිවිසිය හැකියි. –  වල් වැදී ගියද ,ඒ පුරාණ මාවතේ නටබුන් අදත් පවති.

දකුණු සීමාවට ඉහළින් උතුරට යන කැමරා නෙත  –  පූජනීය ස්මාරකයන්  – ගුවනේ සිට

ගිනිකොණ දෙසින් ඉහළින් . – මෙහි පුරාණ බෝධීන් වහන්සේ  -පුරාණ චෛත්‍ය රාජයා –  ඝන්ඨාර කුළු අසලින්ම යාන්තමට දිස්වන “විහාරගෙය” මෙය ටැම්පිට විහාරයක්ව පැවතිය කි. එහි සේයා රුවක් ආනන්දකුමාරස්වාමිගේ මධ්‍යකාලීන සිංහල කලා ග්‍රන්ථයේ දැක්වෙයි. ටැම්පිට විහාරයේ නෂ්ඨාවශේෂ අදත් හඳුනා ගත හැකිය

ක්‍රි.ව 1583 දාගැබ, විහාරය සමග කඳකුමරුන්ට දේවාලය ඉදිකරවා,- කෝට්යාකන්දේ වන්නි රාලට රන්මුදු ඇල්ලෙන් පහළ වුන හළඹ දෙක වැඩමවා පත්තිනි දේවලයක් ද කරවූ බවත් – අනතුරුව රජතුමා විසින්ම මුල්ම පෙරහර කරවූ බවත් පුරාණ පුස්කොල ලේඛනයේ* දැක්වෙයි. ඒ අනුව න මෙවර පෙරහර ඉහත මාවතේ ගමන් ගනු ඇත්තේ  438 වැනි වතාවටයි.

පූජනීය පරිශ්‍රය වටා   මේ කළු  පීත්ත පටියක් සේ ඇත්තේ ඒ ඓතිහාසික පෙරහර ගමන් මගයි.

 ඡායාරූප වෙනුවෙන් – පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට,  කුසුම්ප්‍රිය මහතාට,  පුරාවිද්‍යා නිලධාරී ජනක මහතාට  ස්තුතිය පිදේ.


————————————————–

* ජාතික කෞතුකාගාරය – සීමාසංකර විනොදනී පුස්කොල පොතේ අග පිටුවල දැක්වෙන ලේඛනය – දේවාලයේ එකල පැවති පුස්කොල ලේඛනය අද දක්නට නැතත් එහි පිටපතක් මගින් ගත් උපුටනයක් පූජ්‍ය කිරිඇල්ලේ ඤාණවිමල හිමිපාණන්ගේ සපරගමුවේ පැරණි ලියකියවිලි ග්‍රන්ථයේ ඇත. එම පුස්කොල ලේඛනය අභාවයට යමින් පැවතිය දී කටුපෑනකින් සකස් කළ අත් පිටපතක් ලේඛකයා සතුව ඇත. එය ලේඛකයා වෙත අභාවප්‍රාප්ත අත්තනායක මොහොට්ටාල නිලමේ කෙනෙකුව සිටි ඒ.එස්.එම්. කරණාරත්න බණ්ඩාර මහතාගේ පරිත්‍යාගයක් වූ බව ස්තුතිපූර්වකව සටහන් කරයි. මේ ලේඛන තුන්වර්ගය සසඳා බලනවිට විශාල පරස්පරතාවන් දක්නට නැත.

6 thoughts on “උග්ගල් අලුත්නුවර පූජනීය ස්මාරක ඩ්‍රෝන කැමරාවෙන්

  1. පේමස් සර්, පළමුවෙනි පින්තූරේ දකුණු පහත කෙළවරේ තිබෙන කාමරයේ ඇති රතුපාට දේ කුමක්ද?
    ඔබගේ කලින් ලිපියක සඳහන් වී තිබුනා පැරණි විදුලි ජනක යන්ත්‍රයක්, එය තිබෙන්නේ කොහිද?
    (ඔබගේ ලඟදි පළකළ අනිත් ලිපි වලටත් links දමන්නේනම් බොහෝ ස්තුතිවන්ත වෙමි, පෞද්ගලිකව මා එම ලිපි නැවත කියවීමට රුචි බැවින් )

    ජයවේවා!
    Myself Hattor

    Liked by 1 person

    • පුතාට ස්තුතියි. මේ දිනවල වල මේ පූජනීය ස්ථානයේ සංස්කෘතික උත්සවය නිසා මා ටිකක් කාර්ය බහුලයි. පිළිතුර පමා වුනේ ඒ නිසා.
      ඔබට පෙනෙන පහළින්ම ඇති පින්තූරයේ, පූජනී ගොඩනැගිලි පිහිටුවා ඇති උඩ මළුව මත ඇති පැරණි පොල් ගසක් පෙනෙනවා නේද? ඒ මත කෙලින් බලන විට පහළින්, සුදුපාටින් ඇති පෞද්ගලික නිවසක තාප්පයක් පෙනෙනවා.
      ඒ සමගම එක ළඟින්ම පිහිටි තවත් කුඩා ගොඩනැගිලි දෙකක් පෙනෙනවා නේද?. එයින් ටකරං තහඩු සෙවිලි කර ඇති ගොඩනැගිල්ල ඒ පැරණි විදුලි ජනක යන්ත්‍රය සවිකර ඇති ගරාජයයි. ඒ යන්ත්‍රය මෙවරත් පෙරහර දිනවල ක්‍රියාත්මක කෙරෙනවා.

      ලිපිය නැවත බලන්න. එහි පහළ කෙළවරේ කළු පාට පුංචි කොටුවක පැරණි ලිපි කියා තිබෙනවා. එම ස්ථානය මත ක්ලික් කරන්න. එමගින් ඔබට කලින් ලිපිය කියවිය හැකියි. ඒ ලිපියේද කලින් වගේම පවතින කළු පුංචි කොටුව ක්ලික් කරීමෙන් ඊටත් කලින් ඇති ලිපිය කියවිය හැකියි. එලෙස ක්ලික් කරමින් යන විට පැරණි ලිපි හමු වෙනවා. ඇතැම් ලිපියක ඔබට හමුවනු ඇත්තේ මාර්තෘකාව පමණි. ඒවා තාවකාලිකව වසා දැමූ ඒවා බව සලකන්න. (එසේ කර ඇත්තේ කොපි කරමින් පොත් ලියන අයගෙන් බේරෙන්න. ඔබ වැනි තරුණ පිරිසගෙන් නොවේ. මෙතනින් ගත් බව සඳහන් කිරීමට තරම්වත් සදාචාරයක් ඔවුන්ට තිබී නැහැ. තමන්ම සොයාගත් ඒවා ලෙස
      හුවා දක්වමින් පොත් ලියා හම්බකරන්නට තැත් කළ එවැනි තිදෙනකු ලියා ඇති පොත් තුනක්, වටිනා මිතුරන් විසින් මා වෙත තැපැල් කර එවා තිබෙනවා. නඩු දැමිය හැකි වුනත් ඊටත් වෙලාව වැය කිරීමට කාලය කා දැමිය නොහැකි වුනා. ඒ අවදියේ ඇති වුන සිත්වේදනාව නිසා වසා දැමුවා. ඉදිරියෙදි, කාලය ඇති පරිදි එම ලිපි නැවත සක්‍රිය වේවි)
      පැරණි ලිපි විවෘත කරන්නට යාමේ දී ගැටළුවක් ඇති වුනොත් නැවත මා විමසන ලෙස ඉල්ලමි. පුතාගේ කොමෙන්ටුව වෙනුවෙන් නැවතත් ස්තුතියි

      Liked by 1 person

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.