හත් වැඳුම් වැඳීම ?

13 thoughts on “හත් වැඳුම් වැඳීම ?

  1. අපි පුංචිකාලේ අහලා තියනවා කාගෙන් හරි අමාරුවෙන් වැඩක් කරවාගැනීමේදී සමහර වැඩිහිටියෝ කියනවා ‘ අනේ මම හත් වැඳුම් වැඳලා ඒ වැඩේ කරගත්තේ, අනේ ඔය මිනිහගෙන් වැඩක් කරගන්න හත් වැඳුම් වඳින්න ඕනේ’ ආදී වශයෙන්. ඔන්න අද ඒ හත් වැඳුම් වල නියම තේරුම දැනගත්තා. බොහොම ස්තුතියි.

    කැමතියි

    • ගොඩක් ස්තුතියි. “මම ඒ වැඩේකරගන්න හත්වැඳුම් වැඳලවත් බැරිවුනා” වැනි කතාවන් මේ
      පළාතේත් බොහොම කියවෙනවා. මේ නැටුමේ හෝ රංගනයේ දැක්වෙන හස්ත මුද්‍රා මගින්
      පැවසෙන්නේ කුමක්දැයි ඇතැම් විද්වත් ස්වාමීන් වහන්සේලාගෙන් පවා විමසුවා.
      දැනගන්ට තවම හැකිවුනේ නෑ.

      කැමතියි

  2. මේ හත් වැඳුම වීඩියෝ ක්ලිප් එකක් ලෙස යොදන්න තිබුනානම් වඩාත් හොඳයි. එහෙම නැත්නම් වීඩියෝ ක්ලිප් එකෙන් frame capture කරලා වැඳීමේ පැහැදිලි ඉරියව් සහිත පින්තූර පෙන්නන්න තිබුනා.

    කැමතියි

    • MPP Gunasinghe youtube යන ලින්ක් එකෙන් යන්න හත්වැඳුම් වැඳීම සමග මේ
      සම්ප්‍රදාය පිළිබඳව මේ වනවිට ලබාගත් වීඩියෝ සටහන් ඇතුළු කර ඇත. sugv අඩවියට
      බ්ලොග් සටහන් යොදන ආකාරය මට තවම අපැහැදිලියි. යූ ටියුබ් සහාය ලබාගැනීමෙන් එය
      කළහැකිව තිබුණා. එහෙත් මගේ අන්තර්ජාල වේගයේ ගැටළු නිසා වරකට විනාඩි දෙකක
      වීඩියෝවක් උඩුගන්වන්නත් පැය 3 කටත් වඩා කාලය යනවා. වීඩියෝගුණ්‍ය අඩුකරන්නත්
      වෙනවා. මේ ගැටළුවට මෙන්ම අන්තර්ජාල පරිහරණය සම්බන්ධ දැනුම තව දියුණු කරගතයුතුව
      තිබෙනවා. මෙහි ලා ඇති ලොකුම අපහසුව වී ඇත්තේ ඉංග්‍රීසි ලේඛනයක් නිවැරදිව වටහා
      ගැනීමේ අඩුව ද වේ. අපේ දරුවන්ට ඉංග්‍රීසි ඉගැන්වීම කෙතරම් වැදගත් ද යන්න මට
      මුහුණ දීමට සිදුව ඇති අපහසුවෙන්ම මට හොඳටම ඒත්තු ගිය කාරණයකි. ඔබ එවන ලද කෝඩ්
      ඉතා ප්‍රයෝජනවත් ඒව නිවැරදිව යොදා ගන්න හැටි පවා එකවරට තේරුම් ගැනීමට නොහැකි
      තරම් මා සතුව ඇති IT දැනුම පවා ලාබාලයි ඒවා මා වෙත ලබා දීම වෙනුවෙන් නැවත නැවත
      ද ස්තුති කරන්නෙමි

      කැමතියි

  3. මේ තුළම වීඩියෝ ක්ලිප් එකක් ඇත්ලත් කරන විදිහ මට තේරුම් ගන්න අපහසු නිසා යූටියුබ් හි වීඩියෝ ක්ලිප් ලෙස මේවා ඇතුල් කර ඇති බව දන්වා සිටිමි. MPP Gunasinghe youtube ලෙස යොදා සර්ච් කරන්න. හත්වැඳුමට අදාල ලින්ක් එක http://www.youtube.com/watch?v=dljqKAfSuwA බව දන්වා සිටිමි

    කැමතියි

  4. විචාරකගේ බ්ලොග් එක හරහා තමයි දැන ගත්තේ. නොදන්නා කරුණු රාශියක් මේ ලිපිය තුලම තියෙනවා. අනිකුත් ලිපි නිවි සැනසිල්ලේ කියවිය යුතුයි.

    කැමතියි

  5. මෙවන් ලිපි තුලින් අප නොදන්නා බොහෝ දේ දැන ගත හැකියි.. විවේකිව කියවිය යුතු ලිපි රැසක් තියන බව පෙනෙනවා.. ඔබට ස්තුතියි මේ වටිනා තොරතුරු බෙදා හදා ගැනීම සම්බන්ධව..

    කැමතියි

  6. පින්ග්කිරීම: තවමත් පවතින නයියන්ඩි නැටුම් | sugv

  7. පින්ග්කිරීම: වැඳීම | sugv

  8. ඒ ආභරණ තනි කරන එකට මොකක් හරි විශේෂ හේතුවක් තියෙනවද…? රිට්ටා ගෙය කියන්නෙ මොකක්ද…? නයියන්ඩිකාර පංගුව කියන්නෙ කවුද…? අර යාදින්න අනුව හිතාගන්න පුළුවන් නේද දකුණු අත වමත දිගු කරලා වඳින ගමන් සංඥා කළේ මොකක්ද කියලා.. මේ යාදින්නේ ඉතුරු ටිකත් අහන්න මට නම් ආසාවක් ඇතිවුණා… වීඩියෝ එකට බොහොම ස්තුතියි…

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.