උග්ගල් අලුත්නුවර දේවපුරාණය2
(මීට පෙර ලිපිය හා සම්බන්ධය)
උග්ගල් අලුත්නුවර මකරතොරණ අමුතුම එකක් බව බැලූ බැල්මටම පෙනෙනවා. දේවාලයට පැමිණි විට නැවතනැවතත් හොඳින් බලන්න. මකර තොරණක පොදු ලක්ෂණ එලෙසම පවත්වා ගනිමින් උග්ගල් අලුත්නුවර ද මෙය ඉදිව ඇත. එහෙත් එහි අමුතුම විශේෂත්වයක් ද පවතී. එය දේවාලයේ පුරාවෘතය සෘජුව නොකියා ඉඟි සැපයීමට සංකේත හා විස්තර අන්තර්ගත වීම ඒ විශේෂත්වයයි.
ඒ අනුව උග්ගල් අලුත්නුවර යනු කතරගම දෙවියන් සේම විෂ්ණු දෙවියන්, ගණදෙවියන් ආදී වෙනත් මහේ ශාඛ්‍ය දෙවිවරුන් ද අදහන තැනක් සේ පෙන්වන බවක් ඉන් හැඟී යයි. එය පුරාණයේ සිටම පවතින බව ද ඇඟවෙයි. අඟහරුවාදා, සිකුරාදා සහ ඉරිදා දිනයන්හි දේවලයේ දී සූනියම් දෙවි, කඩවර දෙවි ආදීන් ද අදහන බව පැරණි සිරිත් චාරිත්‍රව අනුව ද පෙනී යයි. ඒ අනුව මෑත දී (2014) පුංචි කඩවර කෝවිලක් ද දේවාල මළුවේ කොහොඹ ගස ආසන්නයේ ඉදිව පවතින බව දැකිය හැකියි.
දේවාල මාලිගයට පිවිසෙන මහ දොරටුව දෙපස ඇති විවිධ දෙවිවරුන්ගේ රූප හා මූර්ති වලින්ද මේ තත්වය හැඟවෙයි. මකර තොරණේ දේව රූප වලටත් ඉහළින් පැරැන්නන් සදහන් කරන ලෙසට දෙවියන්ට සේම ලොවට ද දැනුම පිළිබඳ දායා ද ලබා දෙන සෘෂිවරන් දෙදෙනකු ගේ රූප ද දිස් වෙයි. ඒ අය ඇත්තේ බ්‍රහ්ම ලෝකයේ බව දැනමුත්තෝ පවසති. මේ අනුව මේ මකර තොරණ උග්ගල් අලුත්නුවර දේවාලයේ දේව පුරාණය පිළිබඳ තොරතුරු සම්පිණ්ඩනය කරමින් ඉදි කර ඇති බව සිතිය හැකියි. පහත ඇති රූසිරි වෙන් වෙන්ව හොඳින් විමසා බලන්න.
විෂ්ණු දේව රූපය දකුණු පසින් ද වම්පසින් කතරගම දේව රූපය ද කැපී පෙනෙන ලෙස ඉදිව ඇත. ( මේ ගැන විමසූ විට එවකට සිටි මහබත්තන නිලමේ කපුමහතා දුන් පිළිතුර කලින් ලිපියේ දැක්වේ.) ලේඛකයාගේ කුතුහලය නිම නොවීය. පසු කලක තෙන්නකෝන් විමලානන්ද සූරීන්ගේ උඩරට මහකැරැල්ල කෘතිය කියවද්දී විෂ්ණු දෙවියන්ගේ “රන්දුන්න උග්ගල් අලුත්නුවර දේවාලයේ තැන්පත් කර” ඇති බවට තොරතුරක් හමුවෙයි. මෙයින් ඒ ගැන මූලාශ්‍රය කුමක් ද ආදී වශයෙන් තවදුර සොයා බලන්නට මහත් දිරියක් ලැබුණි. කාලයාගේ ඇවෑමෙන් 2005 සැප්තැම්බර් මුද්‍රණයක් ලෙස පළව ඇති (වරකාපොල හා මරදාන ආරිය ප්‍රකාශනයක්) “දේවාල පුවත” නම් වූ ග්‍රන්ථය හමුවෙයි. එම්.ඩී. එම්. එස්. යටවරයන්ට රාජ්‍ය ලේඛනාගාරයේදී හමු වූ පුස්කොල පොත් දෙකක් නිසා, එතුමාට ඇති වූ පෙළඹීමෙන් සොයා බැලීම් අනුව සංස්කරණය කළ “දේවාල උපත” නම් මාහැඟි ග්‍රන්ථය ලේඛකයාට ලැබුණි. ඒ පසුගිය වසරේදීය.
එම පුස්කොල පොත් සසඳමින් කර ඇති සංස්කරණය මගින් එහි දී “උග්ගල් අලුත්නුවර විශ්නු සෙනෙවිරත් දේවතා බණ්ඩාර දෙවියන්ගේ රන් දුන්න පිහිටි” බවත් දඹදෙනියේ 2 වන පරාක්‍රමබාහු රජු “උග්ගල් අලුත්නුවර දේවාලයක්” කරවූ බවත් හමු වේ. මෙය අමුතුම තොරතුරකි. එහෙත් දේවාලයේ පැවති පුරාණ පුස්කොල පොත අනුව එය කරවා ඇත්තේ ක්‍ර්‍ර්‍රි.ව. 1382 බව පැවසෙයි. එහෙත් මේ දේවල පුවත අනුව එය කරවා ඇත්තේ දඹදෙනියේ දෙවන පැරකුම්බා රජු විසින් බව කියවන්නට ලැබෙයි. එහෙයින් එය අමුතු තොරතුරකි. පණ්ඩිත පරක්‍රමබාහු රජු විසින් ‘විහාර අස්නේ‘ සඳහන් ස්තාන වල දේවාල කරවූ බව ද අදාල පුස්කොල ග්‍රන්ථයේ තවදුරටත් සටහන්ව ඇත. මේ පුස්කොල ග්‍රන්ථයේ පිටපත් දෙකක් යටවරයන් වෙත ලැබී ඇති අතර එම ග්‍රන්ථ මහනුවර යුගයේ මුල දී ලියැවී ඇති බවට නිගමනය කරයි. (මුලින් ඉදිවීම පිළිබඳ අතීතය කෙබඳු වුව ද පෙරහර ආරම්භය සිදුව ඇත්තේ ක්‍රි.ව.1583 බවට දැනට පිළිගෙන ඇති පුවතට ඒ පුවතින් හානියක් නොකරයි.)
ජනවහරේ එන මේ කවිය විමසා බලන්න
ශලුත් සකන් තුන්සිය වරුසෙට හිමි දුරුතු මහේ පුර හඳ කාලේ
ගලුත් කඩා කටු කණුමුල් උදුරා සීමා පවුරකි මැද මාලේ
දිලුත් එරන් කොත් නවයක් තිබුණයි සක්‍රපුරය බඳු ඒ කාලේ
දිලුත් එ දික්පති සූරිය නෙරපති කෙරෙව්ව මැදගම දේවාලේ
මේ කවිය මෙන්ම පුරාවෘතය සටහන්ව ඇති සීමාසංකර විනෝදනියට අමුණා ඇති පුස්කොල පොත ද අනුව ද ක්‍රි.ව. 1382 පමණ මේ දේවලය මැදගම වනාන්තරයේ පිහිටියක් බව ත් ඒ කරවා ඇත්තේ සූරිය නෙරපති විසින් බවත් කියවේ. මේ සූරිය පෙළපත හැඳින් වූ පොදු වචනයක් මිස එනමින් සිටි විශේෂ රජ කෙනෙකු නොවන බවට විද්වත් මතයක් වෙයි. ඒ සමගම එය “මැදගම දේවාලය” යයි පැවසුනා මිස කතරගම දේවාලයක් බව ක් මෙහි කවියේ නොකියැවෙයි. එය කතරගම දේවාලයක් බවට පත්ව ඇත්තේ 1582 බව sugv.පෙර ලිපි වලින් ද ගම්මානයේ දැනමුත්තන්ගෙන් අසන්නට ලැබෙන පුරාවෘත අනුව ද කියැවෙයි. එය සනාථ කරමින් දෙවවර්ණනා කාව්‍ය සන්ග්රයේ පවතින “කන්දකුමාර සිරිතේ ” නම් කවි පෙළේ ද කතරගම දෙවි පුවත කියැවෙයි( මේ පුස්කොල ග්‍රන්ථය සංකරණය මහ ඇදුරු පී.ඊ. පීරිස් ශූරීන් විසින්ක කළ කෞතුකාගාර ප්‍රකාශනයක් සේ හමුවේ.) පුරාණයේ සිටම “කතරගම දෙවියන් ප්‍රධාන සියලු දෙවිවරුන්ට පින් පැමිණ වීමේ සිරිත” ද මෙහි අදත් පවතින්නකි. පුරාණයේ සිටම කියවෙන ස්තෝත්‍ර හා ගායනා මගින්ද කියවෙන්නේ කතරගම දේව පුවුතමය. ඒ අනුව 1583 පළමු පෙරහර පවත්වා වර්තමානය වන විට උග්ගල් අලුත්නුවර කතරගම දෙවියන් ට පුදපූජා කරන ප්‍රචලිත දේවාලයක් සේ සැලකෙයි. මෙවර පෙරහර 532 වන වරට පැවැත්වීමට කටයුතු සංවිධානය වෙයි. එදා සිට ගණන් බැලූ විට 539 ක් සේ පෙනුන ද 1915 මුස්ලිම් කෝලහාල අවදියේ පෙරහර පැවැත්වීම තහනම් වීම නිසා වසර 7 ක් නැවතී තිබුණ බව හෙලිවේ. පැරැන්නන් වෙතින් ද කියවේ. එබැවින් මෙවර පැවැත් වෙන්නේ 532 වන වසරට අදාල වූ පෙරහර යි.
ද්‍රවිඪ බැතිමතුන්
1958 පෙර අවදියේ දේවාලයට පැමිණි සාමාන්‍ය ද්‍රවිඪ බැති මතුන් “ඕම් නමෝ නාරායනාය” යයි මතුරමින් පිවිසෙන ආකාරයත්, ඔවුන් නමදින ලද්දේ (බුදුන්වහන්සේ හෝ ඔවුන්ගේ ඇදහීම් හා විශ්වාසයන් අනුව බුද්ධ අවතාරයෙන් පෙනී සිටින විෂ්ණු දෙවියන්යයි සිතිය හැකිය.) ඔවුහු බොහෝ අවස්ථාවල “හරෝහරා” හඬින් කතරගම දෙවියන් නමදින අතර “ඕම් ගණපතියේ නම:” යනුවෙන් ගණදෙවියන් ද නැමදූහ. ගණදෙවි පිළිමය අඩංගු ශෛලමය නිර්මාණයක් දැනුදු වැඩහිටින මාලිගයට පිවිසෙන දොරටුවට වම්පසින පිහිටුවා ඇත. දේවාලය නැම දීමෙන් පසුව මළුවට පිවිසෙන ද්‍රවිඪ බැතිමතුන් චෛත්‍යය වටා බෞද්ධ සැදැහැවතුන් පුදනු ලැබ ඉවත් කළ කිරි ආහාර වර්ග චෙත්‍යෙ පූජාවෙන් හා බෝධිය විහාරය වෙත පූජා කිරිමෙන් අනතුරුව ඉවත් කරන ආහාර වර්ග (ඒ සඳහාම පිහිටුවා ඇති පැතලි ගල වෙතට ඉවත් කරන විට) යට කී ද්‍රවිඪ බැතිමත්තු ඒවා එකු කරගෙන වළඳති. ඉතිරි කොටස් ඔතාගෙන නිවෙස්වලට ගෙන ගිය ආකාරයද ලේඛකයාට සිහි කළ හැකියි. 1958 මේ ප්‍රදේශවල ද පැතිර ගිය දෙමළ සිංහල කෝලහාලවලින් පසුව සමාන්‍ය ද්‍රවිඪ බැතිමත්තු වන්දනාමාන පිණිස පැමිණෙන අවස්ථා දුර්ලභය. එහෙත් ගිනිපෑගීම වැනි අවස්ථාවල දී හා කාවඩි නැටීම් වල දී ද ද්‍රවිඪ අයගේ ද සහභාගීත්වය තවතමත් එලෙසම පවතී. වර්තමානයේ දී සිංහල බැතිමතුන් ද ඔවුන් හා එක්ව කරන ගිනි පෑගීමේ උත්සවයේදී දී නගන “හරෝහරා” නාදයෙන් ප්‍රදේශය ගිගුම් දෙයි.
එකල මෙන්ම සහ වර්තමානයේ ද ද්‍රවිඪ ව්‍යාපාරිකයන් විශේෂයෙන්; පෙරහර උත්සව දිනවල දී සිය ආධාර උපකාර පිරිනමති. සාමාන්‍ය කාලයේ ද විවිධ අවශ්‍යතාවන් හිදී ඔවුන් මහත් භක්තියෙන් ආධාර උපකාර කරන බව දක්නට ලැබෙයි.
(මීට වෙනස් තොරතුරු පාඨකයන් තුළ පවතී නම් ප්‍රතිචාර ලෙස මෙහි සටහන් කරන ලෙස ලේඛකයා මහත් කැමැත්තෙන් ඉල්ලා සිටී)
විශේෂ සටහන්
- දේවල පුවත ග්‍රන්ථයේ කියවෙන “විශ්නු සෙනෙවිරත් බණ්ඩාර” යනු අප අතර ප්‍රකටව පවතින විෂ්ණු දෙවියන්ද වෙනත් කෙනෙකු ද යන්න තෝරාගතයුතුව ඇත.
- ඉහත දක්වා ඇති ජන කවියේ කියවෙන “සූරිය නෙරපති” යනු රජ පෙළපතක නමක් විය හැකි බවට මතයක් පුංචිබණ්ඩාර සන්නස්ගලයන්ගේ “සොරගණු දේවාල පුවත” දක්වයි. නැතහොත් ඒ ගම්පල යුගයේ විසූ පස්වන බුවනෙකබා රජු විය හැකියයි ද මතයකි.
- එම්.ඩී. එම්. එස්. යටවරයන්ට සිය ගවේශණ වලදී පුස්කොල පිටපත් දෙකක් ලැබී ඇත.
1.කොළඹ ජාතික රාජ්‍ය ලේඛනාගාරයේ අංක 5/63/136/10 දරන පුස්කොල ග්‍රන්ථය පත්ඉරු 17 කින් යුතු පිටපත
2. කොළඹ ජාතික රාජ්‍ය ලේඛනාගාරයේ අංක 5/63/136/5 දරන පුස්කොල ග්‍රන්ථය පත් ඉරු 15 කින් යුතු පිටපත.
ස්තුතියි
කැමතියිLiked by 1 person
ඔබ පැමිණි බව දැකීම සතුටකි.
කැමතියිකැමතියි
මාත් අහන්න ගියෙ දෙවියො දෙන්නම එකම විශ්නු දෙවියොමද කියල.😁😁
පේන විදියටම නම් දෙන්නෙක් වගේ🤔
කැමතියිLiked by 1 person
ඔව් ඔබට පෙනෙන විදිහටම ඒ දෙදෙනෙක්. දකුණු පසින් විෂ්ණු දෙවියන් සහ වම්පසින් කතරගම දෙවියන්. මෙහි තවත් දේව රූප ඔබට පෙනේවි. ලිපිය විමසිල්ලෙන් කියවන්න නවීන් සන්දීප්.
කැමතියිකැමතියි
පණ්ඩිත පරාක්‍රමබාහු කියන්නෙත් දෙවැනි පරාක්‍රමබාහුටද?
ලංකාවේ රාජාවලියේ 148 වැනි රජු තමයි පණ්ඩිත පරාක්‍රමබාහු රජු. එතුමා 1236 -1270 දක්වා වසර 34 ක් රජකම් කරලා තියෙනවා. 152 වැනියට ඉන්නේ තුන්වන පරාක්‍රමබාහු රජු. එතුමා රජකම් කරපු වසර 6 දී (1287 – 1293 ) ආර්්‍ය චක්‍රවර්තී පඩිරටට පැහැරගෙන ගිය දන්ත ධාතුව මෙරටට නැවත වැඩම්මවීම හා පොලොන්නරුවේ සිට රජකම් කරපු අවසන් රජුයි.
දේවාලයේ පෙරහැර ඇරඹු කාලේ ඉදලා තියෙන්නේ පළමු රාජසිංහ 1581 – 1593 හා දොන් ජුවාන් ධර්මපාල 1551 – 1597 රජවරුන්.
කැමතියිLiked by 1 person
ඔව් කොලොම්පුරේ මිතුරාණනි එ් රජතුමා ගැන තමා මෙතැනදී කියවෙන්නෙ. පොස්ටුව දිග වැඩි වන නිසා හිතා මතාම විස්තර අඩු කළා ඒ අවදියේම සබරගමු සමන් දේවාලේ ද කරන ලද බව කියවෙනවා.එතුමා මාවනැල්ල දේවාලය ඇතුළු තවත් දේවාල කර ඇති බව ද කියවෙනවා. වකවානුවත් ඔබ සටහන් කරන පරිදිමය්. මේ කාලයෙන් පසුව ලංකා ජනජීවිතයන්හි දේව ඇදහිල්ල ද වඩා තදින් පැතිර යන්නට වූ බව සිතිය හැකියි නේද. ඔබ පැමිණ මෙවැනි අදහස් එකතු කිරීම සිදුවූ/සිදු කළ අඩුපාඩු මගහරවනවා. පාඨක මිතුරන්ට ඉතාම ප්‍රයෝජනවත් වනවා. ස්තුතියි විද්වත් හිතාදරය.
කැමතියිකැමතියි
රජවරු පිලිබඳ ප්‍රශ්නය් දැන් විසඳුනා වගේ. – අජිත්
කැමතියිLiked by 1 person
අජිත් ධර්මයන්ට අදහස් දැක්වීමට අපහසු වී ඇති බව දැනගන්නට ලැබුණා. ඔබ අමතා සඳහන් කරන්නේ ඔහු ගැන ද?
කැමතියිකැමතියි
දේවාල එන්න ඇත්තේ හින්දු ආක්‍රමණ සමග වෙන්න ති නේද? පොත නම් කියවලා නැහැ.
කැමතියිLiked by 1 person
දේව ඇදහිල්ල මුල් අවදියේ සිටම පැවති බව පෙනෙනවා. එහෙත් පොලොන්නරු යුගයෙන් පසුව බෙහෙවින්ම වැඩි වුනා. ඒ අනුව හින්දු ආක්‍රමණ සමග
දේවාල එන්න ඇතියි යන ඔබගේ අදහස නිවැරදියි. මේ යුගයෙන් පසුව වඩා වඩා තීව්‍රවුන දේව ඇදහිල්ල හා
දේවාල ඉදිකරමින් ඇදහිලි ව්‍යාප්ත විම වැඩි වී තිබෙනවා. 1815 ගිවිසුම අත්සන් කරද්දී පවා බුද්ධාගම සමග දේවගමට ද සැලකීමට බ්‍රතාන්‍ය්‍යන් ගිවිස ගැන්ම අනුව එය කෙතරම් ජනජීවිතයට කිඳා බැස ඇද්ද යන්න පැහැදිලි වෙනවා. ප්‍රතිචාර දැක්වීම පිළිබඳව බෙහෙවින්ම ස්තුතියි. එය ලේඛකයාට ලැබෙන මහත් දිරිගැන්වීමක්
කැමතියිකැමතියි
ela
menda
කැමතියිLiked by 1 person
Thank you
කැමතියිකැමතියි