උග්ගල් අලුත්නුවර පිදුම් ලබන දෙවිවරුන්
(මේ සම්බන්ධව ලැබී ඇති දත්ත හා විස්තර රාශියකි. ඉදිරි ලිපිවලින් ඒ විස්තර ගෙන ඒමට ලේඛකයා සැලසුම් කරමින් සිටී)
ලේඛකයා කුඩා දරුවකුව සිටි අඅවදියේ උග්ගල් අලුත්නුවර දේවාලයේ අඹරාගෙයින් දිග්ගෙට පිවිසෙන දොරටුවේ ඉදිකෙරමින් පැවති මකර තොරණ දෙස බලාසිටීම පුරුද්දක් විය. එය සැලසුම් කරන ලද්දේත්, කිරිඳගලින් පැමිණි( ඔහුගේ නම අද මතකයේ නැත.) ශිල්පියාට විවිධ උපදෙස් දුන්නෙත්, දේවාලයේ එවකට සිටි භාරතරත්න බණ්ඩාර කපුමහතා සහ මොහෙට්ටාල නිලමේ වරුන් බව අදත් සිහිවෙයි. දේවාලය “කතරගම දේවාලයක්” වුවද තොරණේ ඉහළින්ම විෂ්ණු දේව රූපය දකුණු පසින්ද වම්පසින් කතරගම දේව රූපය ද ඉදි කරමින් තිබිණි.

දකුණු පසින් විෂ්ණු දේවරූපය ද වම්පසින් කතරගම දේවරූපය ද ඉදිවී ඇත. මෙය අද ද නවසංස්කරණයකට ලක් නොවී එලෙසම දිස් වෙයි.
මේ 1956-1957 පමණ වකවානුවයි. ඒ වන විට අඹරාගෙය පැවතියේ විවෘත ආලින්දයක් ලෙසිනි. එහි පැවති වාස්තු විද්‍යාත්මක ලක්ෂණ වලට හානියක් නොවන ලෙස ඊට තෙපසින් දොරටු සකස් කර මකර තොරණට හා දිග්ගෙට පිවිසීම් දොරටුව කොටස වඩා සුරක්ෂිත කිරීම භාර වූයේ ලේඛකයාගේ පියාටය. ඊට තවත් ශිල්පීන් කීප දෙනක් ද නිරතව සිටියහ.
බැතිමතුන් හා කපුමහතාද කතරගම දෙවියන් උදෙසා විවිධ ආවතේව පැවැත්වුවද, තොරණ ඉදිකරන ආකාරය නිසා මා තුල විමතියක් ඇති විය. කුඩා දරුවක් බැවින් එකල ඒ පිළිබඳ විමසීම් වලදී වැඩිහිටියන් වෙතින් පිහිටක් නොලැබිණි. කපු මහතා පමණක් ඊට හේතුව පැහැදිලි කරමින්
“ළමයෝ මහා විෂ්ණු හාමදුරුවො කියන්නෙ ලංකාවෙ බුද්ධ ශාසනේ භාරව ඉන්න දෙවියෝ. ඊට හතුරු කම් කරන්න ආපු අසුරයන් පරදවන්න ගියේ කතරගම දෙවියෝ. ඒ නිසයි එහෙම කරන්නෙ. උන්නාන්සෙලා මතු බුදුබව පතන මහේශඛ්‍ය දෙවිවරු. ඒ නිසයි මකර තොරණ මෙහෙම හදන්නෙ. ඇරත් මහා විෂ්ණු හාමදුරුවන්ගෙ “රන් දුන්න” වැඩමවා තියෙන්නෙ මේ දේවාලයෙ . ඒ හන්ද අපි ඒ ගැනත් සිහියෙන් විෂ්ණු හාමුදුරුවන් සිහිකරමින් යාඥා කරනව.”
මීට වඩා තොරතුරක් ලැබිය නොහැකි බැවින් කුතුහලය නොසන් සිඳුන ද නිහඩවන්නට සිදු විය. (දෙවැනි කොටස මී ළඟ ලිපියේ)
පසු සටහන්
- එවකට බස්නායක නිලමේ වරයා වූයේ සිඩ්නි එල්ලාවල බණ්ඩාර නිළමේ වරයා විය. අවශ්‍ය වියදම් දරා ඇත්තේ ද එතුමා ම විසිනි. ( හිටපු සබරගමු පළාත් ප්‍රධාන අමාත්‍ය වරයා වූ ගරු මොහාන් සාලිය එල්ලාවලයන්ගේ පියාණන් වූයේ මෙතුමාය. මේ ගැන විමසා බැලුව ද එතුමාට මතකයේ නොවීය. සිඩ්නි එල්ලාවල බණ්ඩාරයන් සීයා වූයේ වර්තමාන රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ රත්නපුර දිස්ත්‍රික් සභා සභාපති අකිල සාලිය එල්ලාවලයන් විමසුව ද එතුමාට ද මතකයක් නොවීය. )
- භාරතරත්න බණ්ඩාර කපු මහතා ලෙස සටහන්ව ඇති සම්පූර්ණ නම “මංගලනාථ බ්‍රාහ්මණගේ භාරත රත්න බණ්ඩාර” නම් විය. මේ කපු මහතා 1933 සිට දිවි 2004 දක්වා(සිය දිවි කෙලවර වනතෙක්ම) දේවාලයේ රාජකාරි ඉටු කළේය.
- ඩයමන් බාස් නමින් හැඳින් වූ ලේඛකයාගෙ පියා ද දැනට ජීවත්ව නැත.
- තොරණ ඉදි කළ කලාශිල්පියාගෙ නම සෙවීමට ගත් වෑයම තවම සඵල වී නැත.
- මෙහි සඳහන් මොහොට්ටාල නිලමේ වරුන්ද ජීවිතයෙන් සමු ගෙන ඇත.
ස්තුතියි
කැමතියිLiked by 1 person
පැමිණිම සතුටකි.
කැමතියිකැමතියි
අළුත්නුවර දේවාලයේ මතක අපූරුයි .වර්තමාන පරපුර දැනුවත් වෙන්න මේ ලිපි වැදගත් .
කැමතියිLiked by 1 person
ස්තුතියි හිතාදරයාණනි
කැමතියිකැමතියි
ස්තුතියි ශිතාදරය.
කැමතියිකැමතියි
ela.
කැමතියිLiked by 1 person
ස්තුතියි
කැමතියිකැමතියි
සුර අසුර යුද්ධයට ලංකාවත් සම්බන්ධද? නැත්නම් මේ වෙන කොටසක්ද? /ඊට හතුරු කම් කරන්න ආපු අසුරයන් පරදවන්න ගියේ කතරගම දෙවියෝ//
කැමතියිLiked by 1 person
ඔය ප්‍රතිචාරය මගේ. මොන හේතුවකින් හරි පරණ වර්ඩ්ප්‍රෙස් ලොගින් එක්ක ඇවිත්. – අජිත් (කොළඹ ගමයා)
කැමතියිLiked by 1 person
වඩාම හොඳයි. මෙවැනි ප්‍රතිචාර නිරන්තරවම ප්‍රාර්තනා කරන්නෙමි.
කැමතියිකැමතියි
ඔව් හිතාදරය. සුර අසුර යුද්ධය ජයග්‍රහණය කළේ කතරගම දෙවියන් බව මෙහි පුරාවෘත වල නිතරම කියවෙනවා. දෙවියන් උදසා කියවෙන ස්තෝත්ර කවි ගායනා වල දී නිතරම කියවෙනවා. විෂ්ණු දෙවියන් කතරගම දෙවියන් දිරි ගැන්වූ තැනැත්තා බව(mentor) සිතාගත හැකි අන්දමේ පුරාවෘතවලින් අපට සිතාගත හැකි වෙනවා.
කැමතියිකැමතියි
වැදගත් ලිපියක්…..
කැමතියිකැමතියි
ස්තුතියි හිතාදරය
කැමතියිකැමතියි