වසන්තය ගෙදර ඇවිත්

සතුට ගෙදර ගෙන‍ෙන වසන්තය

අවුරුදු කොහා මේ පැත්තට නම් තවම ආපු බවට ලකුණු අඩුයි.ඌට වසන්තය පරක්කු වෙනවා ඇති. ඒත් ගමට වසන්තය ඊයෙ ඉඳල එන්න පටන් අරන්

plesure

වසන්තය ගෙදර එන හැටි . කදිමට චිත්‍රණය කළ මූණු පොත. දරුවො  ගෙදර අවාම ඒ අයට  විතරක් නෙවෙයි මුළු ගෙදරටම  වසන්තය එනවා.

page2

මේ තවත් නිවසක – මල්ලි ගෙදර ඇවිත් ! අම්මට වැඩ ගොඩවෙලා!!ර්‍. අක්කත් ගෙදර හිටියනම් රණ්ඩුවක් අල්ලන්න තිබු!!! මේ රණ්ඩුත් ඒ අය ගෙදර කරන අවුල් වැඩත් ඔක්කොම වසන්තයෙ මිහිරි සලකුණු. අම්ම කෑ ගහන එකත් තාත්තට කේන්ති යන එකත් වසන්තයේ සලකුණු. මුළු කොළඹම පාළුයි. වසන්තය ගමේ ගෙදරගිහින්

බ්ලොග් ලෝකයට වසන්තය ඇවිත්. ගූගල් වල බ්ලොග් වසන්තය කියල අකුරු කොටල ඉමේජ තියනවද බැලුව මෙන්න බොලේ කෙලවරක් නැතුව ඉමේජ. බැරිම තැන රූප රාමු  දහයක් විතර අරන් පොටෝ කොලේජයකට දැම්මා. තව තියනවා. බ්ලොග් වසන්තය ජයවෙන්නයි යන්නෙ

බ්ලොග් ලෝකයට මේ පාර ජයටම වසන්තය ඇවිත්. ගූගල් වල බ්ලොග් වසන්තය කියල අකුරු කොටල ඉමේජ තියනවද බැලුව. මෙන්න බොලේ කෙලවරක් නැතුව ඉමේජ. බැරිම තැන රූප රාමු දහයක් විතර අරන් පොටෝ කොලේජයකට දැම්මා. තව තියනවා. බ්ලොග් වසන්තය ජයවෙන්නයි යන්නෙ

8 thoughts on “වසන්තය ගෙදර ඇවිත්

  1. ජීවිතයක මිනිස් වටිනාකම දැනෙන
    මොහඳුර මැකී සත්‍යය හරි හැටි පෙනෙන
    විසංවාදයට නිරතුරු ඉඩ ලැබෙන
    වසරක් උදාවේවා සැනසුම පිරුණ

    Liked by 1 person

  2. මේ වසන්තයට එක්වෙන්න බැරිතරම් මහා බරපතල වැඩකට මේ දවස්වල කරගහලා ඉන්නේ. පස්සේ කියන්නම් විස්තර. බ්ලොග් වසන්තයට ජයවේවා!

    කැමතියි

  3. ගම්මානයට රට ගැන වගේ වගක් නැතුවා වගේ. ගමේ ඇත්තන් අවුරුද්දට ලෑස්ති වෙනවා. ගමෙන් බැහැර ගිය දරුවො ඊයේ රෑ සිට ගෙදර එමින් සිටිනවා. අද උදෑසන සිටම ගම පුරා සැරි සරණ ඒ තරුණ දරුවන්ගෙන් ගම එළිය වෙලා. මේ අතරෙ විචාරක තුමා බරපතල් වගකීමක් ගැන ඉඟිකරමින් අපේ කුතුහලය ඇවිස්සුවා.

    කැමතියි

  4. මහපුදුමයක් අපූර්වි ! “කොහා තවම ආවෙ නෑ”. කියල මම විතරක් නෙවෙයි මේ ගම පැත්තේ හැමෝම පවසනවා. මේ ගැන හිතේ අමාරුවෙන් ඉන්නෙ පැරණි දැනමුත්තො ,”අබුද්දස්ස කාලෙ හැටි ! පරදේසක්කාරයන්ගෙ බෙහෙත් ජාති වලට පුරුදු වෙච්ච හින්ද තමයි මේ නස්පැත්ති” වෙනදා පුරුදු කොහාගේ කූජනය කණ නොවැටීම නිසා ගමේ ඇත්තන් දුකෙන් වගේ පවසනවා.

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.