උපුටා ගැනීම්
මෙහි ඇති ලිපි, ඡායාරූප පමණක් නොව https://www.youtube.com/user/MrGunasinghe/featured ලින්ක් එකේ ඇති මගේ වීඩියෝ ක්ලිප ද කිසිදු අවසරයකින් තොරව කොපි කර (උපුටා ගත් බව සඟවා) තමන්ගේ නමින් වෙනත් අඩවි තුළ පළ කළ අවස්ථා දක්නට ලැබෙයි. ඒ පමණක් නොව කිසිදු අවසරයකින් තොරව මෙහි ඇතැම් දෑ උපුටා ගත් බව සඟවා මුදලට විකුණන මුද්‍රිත පොත් පවා පළ කර තිබීම අතිශය කනගාටුවකි. එවැනි ඇතැම් පොතක මා සමග සාකච්ඡා කර තොරතුරු ලබාගත් බව පවසා තමන්ගේ නිරුවත වසා ගැනීමට කළ උත්සාහයන් දැක ඇත්තෙමි.
ඇතැම් පිටු ඉවත් කරන්නට හා පැවති ලිපි ගණනාවක්ම තාවකාලිකව වසා තැබීමට මූලික හේතුවක් වී ඇත්තේ ඒවායේ සඳහන් දෑ නැවතත් උපුටා ගනිමින් තවත් මුද්‍රිත කෘතියක් සැකසීමේ සූදානමක් පිළිබඳ විශ්වාස දායක ආරංචියක් හේතුවෙන් බව සඳහන් කරන්නට සිදු වීම අවාසනාවකි.
අධ්‍යයන කටයුතු වෙනුවෙන් සකස් කරන නිබන්ධන සඳහා යමක් උපුටා ගන්න ට අවශ්‍ය අය අවසර ලබාගන්නා ලෙස කරුණාවෙන් ඉල්ලමි.
ඉහත බාධාවන් දුරුව ඇති බව පෙනී ගියවිට වසා ඇති ලිපි හා පිටු ද නැවත දිස්වනු ඇත. ඒ අවස්ථාව වැඩි දිනක් ඉක්ම යා නොදී උදාවේවායි පතන්නෙමි.
ඒවාත් ඉක්මනට අපිට බලන්න ලැබේවායි බලාපොරොත්තු වෙනවා සර්.
මිනිස්සු කෝමත් එහෙම තමයි නේද😞😑
කැමතියිකැමතියි