බළන්ගොඩ අනඳමෙත් නාහිමි දෑසට සුවය දුන් හෙළ වෙදදුරා

උග්ගල් අලුත්නුවර ඇස් වෙදකම

පුරාණ  උගතුන් සහ අපූරු හපනුන්   පිළිබඳ පුරාකතා  රාශියකි. මේවා බොහෝ විට  හුදු ප්‍රබන්ධම නොවන බව  පරම්පරික ශිල්ප ශාස්ත්‍රයන්හි නිපුණතා දක්වන වයෝවෘද්ධ පැරැන්නන්ගේ  දැනුම් ආකල්ප සහ ශිල්පීය හැකියා විමසීමේදී පැහැදිලි වෙයි. මේ  විස්තර ඉදිරිපත් කිරීමේ දී හැම විටම පාහේ   පැරැන්නාගේම ව්‍යවහාරය උපුටා  දැක්වීමට උත්සාහ ගෙන ඇත.

මැණික්අප්පු වෙදමහතා ii

මීට පෙර ලිපියේ විස්තර කර ඇති අන්දමට බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නාහිමියන්ට ලබාදුන්  සුවය නිසා වෙදමහතාගේ කීර්තිනාමය රට පුරා පැතිර යන්නට විය.   විවිධ තරාතිරමේz_p11-bavaya පුද්ගලයන් සුවය සොයා නිවසට ද පැමිණෙන්නට විය.   එමගින් වෙදමහතාට විශාල ධනයක් ඉපයිය හැකිව තිබුණ ද ඒ ගැන කිසිදු සැලකීමක් කළ බවක් නැත. රෝගියා සුව වීම නිසා තමාට ලැබෙන ආත්මතෘප්තියට වඩා ධනයක් ඔහු ප්‍රාර්ථනා නොකළා වැනිය. 

වෙදමහතා  ලියාපදිංචි වෛද්‍යවරයකු නොවීම විශාල අඩුපාඩුවක් විය. ඒ සඳහා පොළඹවාගත්තේත් , රත්නපුර ආයූර්වේද රෝහල‍ේ විශේෂ අක්ෂි වෛද්‍යවරයකු ලෙස පත්වීම භාරගත්තෙත් ආනන්ද මෛත්‍රෙය නායක හිමිපාණන්ගේ බලකිරීම හා මැදිහත් වීම මතය.  වෙදමහතා ලියාපදිංචිය පිණිස රත්නපුර දිසාපති කාර්යාලයට ගිය ගමන හා එහි පැවති සම්මුඛ පරීක්ෂණය ද රසවත් කතාවකි. ගම්මානයේ  බොහෝ පරැන්නන් මෙන් ඔහු ද කිසිදිනක පාවහන් පැළඳුවේ නැත.   සෙරෙප්පු දෙකක් පැළඳීමටත් හුරු කරවා ගැනීමටත් ඔහු එකඟකරවා ගත්තේ අමාරුවෙනි. සම්මුඛ පරීක්ෂණයට  ගොස් අපසු පැමිණි වෙදමහතා පැවසූ වදන් සිනහ උපදවන සුළුය. “මනායක හාමුදුරුවොත් පෙරැත්ත කරපු නිසා මම ගියා මහත්තයො මහදිසාපති තුමා ළඟට. ඒත් ඒ වැඩේ හරියයිද කියල හිතන්ඩ බෑ.  මයෙන් දිසාපතිතුමා ඇහුවෙ වෙදමහත්තය මේ කාමරේට ඇතුල් වෙන්න පඩි කීයක් නැග්ගද කියන පුරස්නෙ විතරයි. ඉතින් ඒකද සුදුසු කම බලපු විදිහ.  එ් කාමරේට යන්න  නැග්ග පඩිගාන කියන්න දන්නව නං ඇස් වෙදකමට මං සුදුසු ද ?  ඕක හරියන වැඩක් නෙවෙයි. ඒ ඇත්තො  මාව කොලොප්පමකට ගන්න ඇති. මට බලකරපු හන්දම  නිකං ඔහේ ගිහිං ආව” යි වෙදමහතා පැවසුවේ කලකිරීමෙනි. එහෙත්  සතියයක් පමණ යනවිට වෙදමහතාට පත්වීම් ලිපිය ලැබිණි.  මැණික්අප්පු වෙදමහතා රත්නපුර ආයූර්වේද රෝහලේ  වෙදකම් කරන්නට වූයේ එලෙසිනි{1].  

ඇහැට පිහියෙන් ඇන්නා

“මේ විදිහට කියාගෙන ඇසට පිහියෙන් ඇනීම නිසා ඇති වු තුවාලය පැස වූ රෝගියා අපේ තාත්ත  හමුවෙන්න ආවෙ කඩුවෙල පැත්තෙ ඉඳල.  ඒකට ගොඩ වෙදකම් කරන්න ගිහින් නරක් කරගෙන එයා චන්ඩියෙක් ලු. මේ වගේ කෝලහලවලට පැටලෙන නූගත්  මිනිස්සු  හරි ලෙඩක් උනාම හරියට වෛද්‍ය උපදෙස් පිළිපදින්නෙ නෑ. ඒ නිසා මැණික් අප්පු වෙද 1catsතමයි ඇහැට හරිහැටි වෙදකමක් කෙරිල නැත්තෙ. “ඇස්වාට්ටුවට ගියාමත් දැන් ඉතින් මේ ඇහැ නරක් වෙන එක බේරන්න බෑ . ඔපරේෂන් එක නොකරුවොත් ඉතුරු ඇහැත් නැතිවෙලා යයි” යනුවෙන් වෛද්‍යවරු අනතුරු ඇඟ වූ පසුව ශල්‍යකර්මයට කැමැත්ත නොදී තාත්තව හොයාගන රත්නපුරේ ආයූර්වේදයට ඇවිල්ල තියනව. ඒ තාත්තගෙ වෙදකමේ වටිනාකම දන්න කඩුවෙල පැත්තෙ ඉඳල ආයූර්වෙදෙට එන වෙන වෙදමහත්තයකුගෙ මාර්ගෙන්. ඔය පොටෝ එකේ ඉන්නෙ ඒ ලෙඩා එක්ක ආපු කෙනෙකුයි, පිහි ඇනුං කාපු ලෙඩයි. ඇහැ බලන්නෙ අපේ තාත්ත. තාත්ත ඉන්නකංම  එදා වෙදකම් ගත්තු කෙනා   සනීප වුන සන්තෝසෙට හැම සිංහල අවුරුද්දකටම වගේ  තාත්ත බලන්න  ආවෙ තෑගි බෝගත් අරං.  ” මේ වෙදමහතාගේ දියණිය sugv වෙත ඡායාරූපය ඉදිරිපත් කරමින් කළ ප්‍රකාශයයි.

අපූරු අක්ෂි රෝග විනිශ්චය

මතකයේ පැවති අන්දමට ඒ 1987 වසරයි. එවකට  උග්ගල් අලුත්නුවර බස්නායක ධූරය  දැරූ  සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය චන්ද්‍රගන්කන්ද මහත්මාගේ දේවාල කටයුතු සම්බන්ධීකරණ ලේකම්ව සිටි ලෙල්ලු පිටියේ ජයවර්ධන මහතා ජෝ අබේවික්‍රම මහතා (ප්‍රකට සිනමා නළු) ගේ සොයුරා සමග  වෙදමහතා හමු වීම පිණිස  පැමිණියේය. මේ ගමනට sugv ද සම්බන්ධවන ලෙස ඉල්ලීය. sugv නිවසේ සිට වෙදමහතාගේ නිවසට කිලෝ මීටර් භාගයක් පමණ වෙයි.AAAAcats  යායුතුව තිබුණේ  තරමක් දුෂ්කර අඩිපාරක් වැනි  මගකය. එය අප අතර සාකච්ඡාවකට අවස්ථාවක් විය. ගමන යන අතරතුර තම සොයුරා වන ජෝ අබේවික්‍රම මහතාට සහ  තමාටද පවතින්නේ එකම අසනීපයක් බවත්, එම රෝගය හඳුනාගන්නා ලද්දේ විදේශ ගතවී මහත් වියදමකින් පසුව බවත්, පවසමින් තම පවුලේ හිතවතකු වන ජයවර්ධන මහතා සමග පැමිණියේ මේ වෙදමහතා ප්‍රතිකාර කරන්නට සමත් විය හැකිය යන අනුමානය මත බව පැවසීය. “වෙදමහතාට රෝගය නොපවසා කිසියම් රෝගයක් ඇති බව පමණක් පවසමු” යයි තීරණය කරන ලද්දේ මේ වෛද්‍යවරයා රෝග විනිශ්චය කරනු ඇත්තේ කෙසේදැයි විමසා  බැලීමේ ද අාශාවෙනි.

මැණික්අප්පු වෙද3S7301769

වෙදමහතාගේ දියණිය වෛද්‍ය ශ්‍රියාණි මහත්මිය සිය පියාගේ ඡායාරූපය සමග වෙද නිවසේදී

වෙද ගෙදරට පැමිණ වෙදමහතා හමුවීමෙන් අනතුරුව සාකච්ඡාව ඇරඹමින් අදාල පිරිස හඳුන්වා දී සුහද සාකච්ඡාවකට මග පාදාගතිමි. ඇස් රෝගය කුමක් දැයි ලෙඩාගෙන් නොවිමසා හඳුනා ගතහැකි දැයි වෛද්‍යවරයාගෙන් විමසුවෙමු. “මහත්තයො මම සාස්තර කියන්ඩ නං දන් නෑ. කොයි හැටි වෙතත් බලමුකෝ යනුවෙන් පැවසූ වෙදමහතා, මිදුලට බැස තම හෙවනැල්ලේ දිගේ පියවර මැන්නේය . කොල කැබෙල්ලක් රැගෙන යමක් කුරුටු ගෑවේය.   sugv දෙසට හැරී මුලින්ම ඇවිත් මට කතා කළේ මහත්තය නේදැයි විමසා දැන් ලෙඩේ තියන මහත්තයා මා ළඟට එන්නැයි රෝගියා කැඳවා ගත්තේය. මිනිත්තු කීපයක් තිස්සේ නාඩි අල්ලමින් වෙදමහතා බර කල්පනාවකට වැටුනි. පසුව සිය මේසය මත තිබූ කොපි පොත රෝල් කර බටයක් මෙන් සකසා තම ඇසකට තබා “මහත්තයො මෙන්න මේ විදිහට බටයකින් බැලුවාම වගේද දැනට  පේන්නේ” යැයි විමසීය. “හරියට හරි දෙවියනේ tunnel vision ! ඒක තමයි ලෙඩේ. අනේ වෙදමහත්තය මේක පරම්පරාවෙන් එන ලෙඩක්. මල්ලිටත් මේකමයි තියෙන්නෙ. බුදු බව අත්වෙයි සනීප කර දෙන්නැයි ආයාචනා කරන්නට විය. ජයවර්ධන මහතාටත් sugvටත්  කතා කර ගැනීමට පවා අපහසු විය. වෙද මහතා  අපගේ කලබලය සන්සිඳෙන තුරු බලාසිටියේ මහත් උපෙක්ෂාවෙනි. එසේ  සිට sugv ව ඇතුල් කාමරයකට කැඳවාගෙන ගොස් “අනේ මහත්තයො ඔය අසනීපෙට කරන්ඩ ඕන වෙදකම මං ළඟ නෑ. මයෙ ගුරුවරුන් වත් දැන හිටියෙ නෑ මයෙ හිතේ”.යි පවසා “ඔය පෙනෙන තරම හොඳින් පෙනෙන්න මං කසායක් ලියල දෙන්නං. මට මේක ඒ ඇත්තංගෙ මූණට කියන්න බෑ” යි  කියමින් නැවතත් රෝගියා හමුවට ගොස් මේ කසාය වඩි තුනක් විතර බොන්න මේ මේ වර්ග ආහාරවලට ගන්නවා හොඳයි යනුවෙන් පැවසීය. වෙද මහතා පැවසූ විස්තරය   sugv ටද ඒ මොහොතේ පැවසිය නොහැකි වූයේ එතරන්ම බලාපොරොත්තුවකින් අදාල රෝගියා සිටි බැවිනි. වෙදමහතා පැවසූ දෑ ජයවර්ධන මහතා පවසන්නට ඇත්තේ ද ගමට ගිය පසුව විය හැකිය. 

මේ රෝග විනිශ්චය කළේ කෙසේදැයි පසු අවස්ථාවක වෙදමහතා විමසීමි. ඒව “රහස් මහත්තයො කියමින් කතාව ඇරඹූ වෙදමහතා   දූත ලක්ෂණ, වෙදගෙදරට ඇවිත් මුලින්ම කතා කරපු කොනාගේ හැසිරීම මුලින්ම කතාකරපු වචන වගේ දේවල් ඒ එක්කම තත්කාල ලකුණු, අපේ ගුරුවරුන් කියාදීල පුරුදු කරපු නාඩි ශාස්ත්‍රය යනා දී ශිල්ප ක්‍රමයන් මගින් රෝගය ඉන්තේරුවෙන්ම තෙරමු කළ හැකි  බව මිසක් ඒවා ගැන වෙන යමක් නොඅසන ලෙස ඉ්ල්ලා සිටියේය.  රහස් බෙහෙත් එහෙමත් තියනවද වෙද මහත්තයො ඔව් ඔව් ඒව දන්නෙ වෙදා විතරමයි. අවසානෙටම ගුරු වරං දෙනකං ගෝලයටවත් කියන්නෙ නෑ. ඒත් ඉතින් වෙදමහත්තයට හදිසියේ යමක් වුනොත් ශාස්තරෙත් නැති වෙනව නේද ? ඔව් ඒක එහෙම තමයි. සාස්තරේ වුනත් අනිත්‍යයි නේ. මගේ ගුරුවරුන් උනත් මට වඩා දේවල් දැනං හිටිය. අර ආපු මහත්තුරුන්ට වුනත් ඒ ඇත්තො හිටිය නං වෙදකං කරයි.

sugv :- ඒත් ඉතින් වෙදමහත්තයකුට හදිසියේ යමක් වුනොත් ශාස්තරෙත් නැති වෙනව නේද ?

වෙදමහතා :- ඔව් ඒක එහෙම තමයි. සේරම අනිත්‍යයි නේ. සාස්තරේ වුනත් එහෙමයි. මගේ ගුරුවරුන් උනත් මට වඩා දේවල් දැනං හිටිය. අර ආපු මහත්තුරුන්ට වුනත් ඒ ඇත්තො හිටිය නං වෙදකං කරයි.

sugv :- මේ වෙදකම උගන්නන ගෝලයො හදන්නෙ නැද්ද වෙදමහත්තය ?

වෙදමහතා :- තවම නෑ. මයෙ දුවට උගන්නන්න හිතාගන ඉන්නෙ ඒත් ඒකි තවම පුංචි එක් නෙව.

ඉස්කෝලෙ ගියාට කමක් නෑ දුවට දැන්මම උගන්වන්න පටන් ගන්න වෙද මහත්තයොයි පැවසීමි. sugv ට නිතරම පාහේ ගමෙන් බැහැරව යන්නට සිදුවීමත් කාර්යබහුලත්වයත් නිසා වෙද නිවස තරමක් බැහැරක පිහිටීමත් නිසා සම්බන්ධතාව ඈත්ව තිබිණි.

වෙදමහතාගේ ඇවෑමෙන් දියණිය ජී.බී. ශ්‍රියාණි මහත්මියට  රත්නපුර ආයූර්වේද රෝහලේ පත්වීම ලැබී ඇති බව දක්නට ලැබුණේ මෑතදීය. ඇයට සියලුම වෙදරහස් ලැබී ඇති දැයි නොදනිමි. තාත්තාමෙන්ම මහපට ඇඟිල්ලේ බෙහෙත් බැඳ ඇසේ සුද ඉවත් කිරීමේ ප්‍රතිකාරය කළ හැකිදැයි විමසීමි. වෙදකම දන්නා මුත් තවම තමා අත්දැක නැති බව පැවසීය. නාඩි ශාස්තරේ තාත්තා තරන්ම දන්නේදැයි කළ විමසුමට ලද පිළිතුර වූයේ ඒය පරතෙරට ඉගෙන ගන්න හුරුව ගන්න ඉස්සෙල්ල තාත්තා අන්තරා වුනා යන පිළිතුරය. අපේ තාත්ත තරම්ම හපන්කම් මට කරන්න නම් බෑ යනු වෛද්‍ය ශ්‍රියාණි මහත්මිය සාකච්ඡාව නිම කරමින් දුන් පිළිතුර විය.  පසුගිය ලිපියේ අජිත් ධර්ම හිතවතාණන්ට ඇති වූයේයයි sugv උපකල්පනය කළ ගැටළුවට පිළිතුර මෙහි ඇතැයි සිතයි.

පැරණි රාජධානි සමයේ පැවති විවිධ දැනුම් ශිල්ප ශාස්ත්‍ර ආදියට අත් වූ සහ අත්වෙමින් පවතින අවාසනාවන්ත තත්වයට “ගුරුමුෂ්ටිය” පිළිබඳ සාධකය ද ඉතා ප්‍රබල හේතුවක් වන බවට මේ විස්තරයද උදාහරණයක් වනු ඇත.

මීටත් පුරාණයේ සිටි බව කියවෙන අක්ෂි  වෛද්‍යවරුන් පිළිබඳ පුරාකතා මී ළඟ ලිපියක දී ලියවෙයි

—————————————————————-

[1] වෙදමහතා මේ ලේඛකයාගේ පියාණන්ව ළඟින් ඇසුරු කළ අයෙකු බැවින්  ලේඛකයාට ද  වෙදමහතා  ඇසුරු කරන්නට අවස්ථාව ලැබීම ද අක්ෂි විශේෂ වෛද්‍ය ජී.බී. ශ්‍රියානි මහත්මියගේ සහයෝගයද මේ පෝස්ටුව සඳහා උපකාර වූ බව ස්තුති පූර්වකව සටහන් කරයි