බළන්ගොඩ ප්‍රදේශ නාමයේ ඉතිහාසය
ආරාධනා පත්‍තරේ ගෙනිච්ච ගමන්ම ආනන්ද මෛත්‍රෙය මහනාහිමිපාණන් වහන්සේ සිනහ නගමින් මේකෙ අකුරු වැරදියි නේ. “මෙහෙම නෙවයි, Balangoda කියන එක සිංහලෙන් ලියන්නෙ “බළන්ගොඩ” කියලයි. ‘ල’යන්න වෙනුවට ‘ළ’ යොදන්න. බින්දුව වෙනුවට ‘න්’ යොදන්න. ළමුන්ටත් කියා දෙන්න. “බළන්ගොඩ” කියල ලියන්න. මහනුවර සමයෙ මෙතන බලඇණි නවතා තිබූ තැනක් ඒ කාලෙ ‘බටන්ගොඩ’ කිව්ව එක පස්සෙ කාලෙ බළන්ගොඩ වුනා. සතුරු හමුදා මෙතනින් නැගෙනහිර,උතුර, දකුණ වගේ පැත්තකට යනව නං මේ හමුදාවලට මූණ දීල තමයි යන්න වෙන්නෙ”.
අපේ පාසල බිහිවීම පිළිබඳ තොරතුරු සොයද්දී එහි මුල්ම ලොග් පොතේ හැටියට එය ඒ කාලෙ ඉංගිරිසි පාසලක් බව හෙලි වුනා. මීට අල්ලපු ඉඩමේ ඒ වෙනවිටත් මහනාහිමියන්ගෙ “ශ්‍රී ධර්මානන්ද මහ පිරිවෙන” තිබුණා. ළමුන්ට ඉංගිරිසි ඉගෙන ගන්න තමා මේ පාසල බිහි කරල තියෙන්නෙ. හිමිපාණන් වහන්සේට පූජාකරපු ඉඩමක.
පාසලට 50 වසරක් සම්පූර්ණ වීම වෙනුවෙන් පවත්වන්නට සැළසුම් කරන උත්සවේ වෙනුවෙන් අරන් ගිය ආරාධනා ලිපියෙ අකුරු වැරදියට ලියා ඇති බව පෙන්වා දෙමින් හිමිපාණන් වහන්සේ අපට උපදෙස් දුන්න. ඉතින් එදා ඉඳල අපිත් ඒ විදිහට ලිව්වා, ඉගැන්නුව.
රසවත් හරවත් කතා බහක්
තමා හමුවට එන අය සමග ලෙන්ගතුව සිනහ නගමින් පිළිගන්නා හිමිපාණන් හමුවීම බොහොම රසවත් වගෙම හරවත් අත්දැකීමක් වුනා. මේ එදා ඇති වූ කතා බහ කෙටියෙන්
ඒ 1991 අවුරුද්ද. අපේ පාසලේ පළමුවාරය නිමවුන දවස. අපේ පාසල, ඒ කියන්නෙ බළන්ගොඩ මධ්‍ය මහා විද්‍යාලය බිහි වී අවුරදු 50 පිරෙන්නෙ 1993 ජුලි 5 දිනට. ඒ වෙනුවෙන් උත්සව සැළසුමක් හදන්න විදුහල්පති ආනන්ද සිරිවර්ධනයන් විසින් ස්ටාෆ් මීටින් එක කැඳවනු ලැබුවා. එතනදි අපඅ කවුරුත් ගැඹුරෙන් කතා කළා. පාසල මුලින්ම ආරම්බ කළේ බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන්. තමන් වහන්සේට පූජා කළ ඉඩමක. ඒ නිසා අපේ ඒකමතික තීරණය වුනේ ලොව බොහෝ දෙනකුගේම ප්‍රනාමය ලබන මහා වියතකු වන ඔවුන් විසින් ද “අතිපූජනීය” විශේෂණය යොදා පිළිගන්නා මේ උත්තමයාණන් වහන්සේ හමු වී උපදෙස් ගැනීම අවශ්‍යම බවයි. පුළුවන් වුනොත් ඊට කලින් දිනක පාසලට වැඩමවා මේ මහා වියතාණන් සිසු දරුවන්ට දැක හඳුනා ගැනීමට සැලසීම ද ඉතා වැදගත් බවත් ස්ටාෆ් එකේ හැමෝම කිව්වා. මේ සම්බන්ධව කටයුතු කරන්න ක්‍රියා කාරී කොමිටියක් පත්වුනා. පන්සල් ගමනට යාමට තේරුන කොමිටියට හිමිපාණන් වහන්සේ ළඟින්ම දන්නා ගිහි ගුරුවරන් සමග එවකට පාසලේ බුද්ධ ධර්ම උපදේශකයන් වහන්සේව සිටි පූජ්‍ය බළන්ගොඩ පියනන්ද හිමිපාණන් වහන්සේත්[i] මේ ලේඛකයාත් පත්වී තිබුණා. “හිමිපාණන් වහන්සේ බොහොම කාර්බහුල කෙනෙක් නිසා කලින් දවසක තියා ඒ දවසේ හරි කැඳවාගන්න හැකිවේද දන්නෙ නෑ කියන සැකය තිබුණත් ස්ටාෆ් එකේ අභියෝගය පිළිගන්න වුනා.”
මේ කොමිටියට පුස්තකාලෙ ආරිය[ii] ත් පත්ව සිටියා. ඒ විශේෂයෙන්ම ආරි කුඩා අවදියෙ දි හිමිපාණන් වහන්සේ ළඟින්ම සිටි කෙනෙක් නිසයි. ඉතින් අපි 15 ක විතර පිරිසක් එක්තරා හවසක මස්සැන්නේ නන්දාරම පන්සලට ගියා. මහනායක හාමුදුරුවන්ගෙ පන්සල කිව්වට. ඒක මහා ලොකු ගොඩනැගිල්ලක් නෙමෙයි. බොහොම පුංචි සරළ එකක් නිසා අපේ චකිතය ටිකක් අඩුවුනා. ඒ වෙලාවෙ මහනායක හාමදුරුවො වැඩ හිටියෙ තම කාමරේ ඇඳ උඩ ඇල වෙලා හිඳගෙන මොකද්දෝ ලිය ලියා. ආරි අපත් ඇදගෙනම එතනටම ගියා. ඇඳ ළඟම මේසයකුත් ඒ මත කොම්පියටරයකුත් තිබුණා. ගිය ගමන් අපේ ආරිය “මේක ඇයි ඔබ වහන්සෙට, ඔන්න ඔහේ අපේ ඉස්කෝලෙට දෙන්න” කියාපි. සුන්දර සිනාවකින් මුව සරසා ගත් ව මහනායක හිමියන් “ආරියො උඹට මොකවත් පේන්න බෑ නේද? තව පුංචි වැඩ ටිකක් තියනව ඉවර උනාම අරංපලයං” එසේ පැවසූ හිමිපාණන් වහන්සේ ඒ සුන්ද සිනහවෙන්ම යුතුව අප දෙස බලා “ආරියො[iii] ඒක ගෙනියන්න ද උඹ මේ ඉස්කෝලෙ මහත්තුරුත් පිරිවරාගෙන ආවෙ?”
අපේ ලොකු මහත්තයට තරහ ආව “මොකද්ද එන ගමං කිව්වෙ” අපි ආව කාරනේට ඉඩ දීපං’ රහසින් තරවටු කළා. “හරි හරි මං ඒකට හැරෙන්නංකො” කියල අපිව මහනාහිමියන්ට හඳුන්වා දුන්න. “මහනායක හාමුදුරුවන් වහන්ස මේ 1943 ජලි මාසෙ 05 වන දා ඔබ වහන්සේ ඉස්කෝලෙ පටන් ගද්දි ලොග් පොතේ තිව්ව පළමු සටහන. කියමින් ඒ පැරණි ලොග් පොත පිළිගැන්වුවෙ මගෙ අතින්. බොහොම සුන්දර හිනාවකින් එය අතට ගත් හිමිපාණන් පළමුවම කළේ තමන් අතින් ලියූ අකුරුවල අඩුතැන් ඇති බව කියමින් ඒව හදාපු එක. පසුව “ඉතින් මේ පියනන්ද හාමුදුරුවනුත් අරගෙන ඉස්කොලෙ මහත්තුරු ආවෙ ඇයි කියමුකො” ලොකු මහත්තයා හේතු දක්වමින් 1993 ජුලි මාසෙ 05 වනදා පාසලට වසර 50 පිරනෙ බවත්. ඒ වෙනුවෙන් මහනායක හිමිපාණන් වහන්සේගේ සම්ප්‍රාප්තිය වැදගත් වන නිසා කල්තියා ආරාධනා කරන්නට ආබව පවසමින් ලිපිය පිළිගැන්නුව. ලිපිය අතට ගත් ගමන් සිනහ වෙමින් අකරු දෙස බැලූ හිමිපාණන් වහන්සේ මීට පසුව මේ නම ලියන විට “බළන්ගොඩ” යනුවෙන් ලියන ලෙස දන්වා. ඊට හේතුව පෙන්වා දුන්නෙ මුලින්ම කිව්ව විදිහට.

අතිපූජ්‍ය බළන්ගොඩ ආනන්ද මහානායක හිමිපාණන් වහන්සේ මහිමය සඟරාවට සපයා තිබූ ලියේ උපුටනය – මහිමය – බළන්ගොඩ නගරසභාව – 2001 පළමු කලාපය
අග්ග මහා පණ්ඩිත, අභිධජ මහා රට්ඨගුරු, විද්‍යොදය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති, බුද්ධ දර්ශනය පිළිබඳ මහාචාර්ය, අමරපුර සිරි සද්ධර්මවංශ මහා නිකායේ රාස්සගල පාර්ශවයේ මහානායක ආදි උපාධි ගරු නම්බු රාශියක් හිමිපාණන් වහන්සේට පුදා තිබුණ ද තමන් වහන්සේ “නායක ස්ථවිර” යන පදය පමණක් යොදා ගත්හ. බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහනායක මාහිමියන් වහන්සේ 1991 බළන්ගොඩ නගරසභාවේ සමරු කලාපයට ප්‍රදේශය ගැන පවසමින් බළන්ගොඩ නම ගැන ලියා තිබූ ලිපියක් සපයා තිබිණි. එහි උපුටනයක් නගරසභාවේමප්‍රකාශනයක් වූ මහිමය සඟරාවේ උපුටා දක්වා තිබිණි. එම ලිපියේකොටසක් මෙහි දක්වා ඇත. (හිමිපාණන්වහන්සේ ගේ නම අන්තර්ජාලයේ සෙවූ විගස අනුරූප යටතේ සේයාවන් රාශියක් ලැබෙන බැවින් මෙහි ඇතුළු නාකිරීමට ලේඛකයා කටයුතු නොකළ බව සටහන් කරයි)

අති පූජ්‍ය බළන්ගොඩ ස්ධම්මවංශ මහනාහිමියන් බළන්ගොඩ මහා විද්‍යාලයට 20 වසර සම්පූර්ණ වීම නිමිත්තෙන් සපයා තිබූ ලිපියකිනි
තුඹගොඩ ශ්‍රී සුධර්ශන මහා විහාරයේ එවකට විහාරාධිපතීන් වහන්සේව වැඩ විසූ අති පූජ්‍ය පණ්ඩිත බළන්ගොඩ සුධම්මවංශ මහනාහිමියන් වහන්සේ බළන්ගොඩ මහා විද්‍යාලයේ 20 වැනි වසර සංවත්සරික කලාපයට සපයා තිබූ ලිපියක ද කොටසක් මේ සමග දක්වා ඇත.
———————————————————
[i] වර්තමනායේ තුඹගොඩ ශ්‍රී සුධර්ශණාරාම මහා විහාරයේ විහාරාධිපති අතිපූජ්‍ය බළන්ගොඩ පියනන්ද නායක හිමිපාණණ් වහන්සේ
[ii] ‘ආරිය’ යනුවෙන් වැඩි ලෙන්ගතු කමට අප ඇමතුවේ එවකට පුස්තකාලායාධිපතිව කටයුතු කළ ඊ.ඩබ්. ආරියරත්න ගුරුතුමාට. මේ ගුරතුමා මහවලතැන්නේ සිට පැමිණියෙකි. නිතර මහවලතැන්නට වඩින හිමිපාණන් වහන්සේ ළඟින් ඇසුරු කළ කෙනෙකු වු නිසා
[iii] පුදුමයකි මහ නායක හිමිපාණන් වහන්සේද එයාව ඇමතුවෙ “ආරියො” කියන සුරතල් නමින්මය.
අකුරු වැරදීම් තිබේ. පහත ආකාරයට නිවැරදි විය යුතුව ඇත. 1. පළමු ඡෙදය :- සමයෙ – සමයේ
6.වන ඡෙදය:- මුව සරසා ගත් ව මහනායක හිමියන් – මුව සරසාගත් වනම මහානායක හිමියන්
9. වන ඡෙදය :- මෙහි ඇතුළු නාකිරීමට – මෙහි ඇතුළු නොකිරීමට
කැමතියිකැමතියි
බලකොටුව් අතවම තියනවද බලන්න ? ආනන්ද මෛත්‍රය හාමුදුරුවන්ගේ පොතක මං ළඟ තියනවා. පුනරුත්පත්තිය හරි පටිච්ච සමුප්පාදය හරි මොකක් හරි ගැන ලියපු. හොයන්න කම්මැලියි දැන්. හැමෝම හොන්ඩ අකියන ප්‍රසිද්ධ කම හිසට ගත්තේ නැති නායක හාමුදුර කෙනෙක්.
කැමතියිLiked by 1 person
බළකොටුවේ නටබුන් තවම තිබෙන බව එදා හිමිපාණනන් වහන්සේ පැවසුවා. වර්තමානයේ “කොටුගොඩැල්ල” ලෙස නගරයට තදාසන්න ගමක් නම් කර තිබෙනවා. බළකොටුව තිබෙන්නට ඇත්තේ එහි විය හැකියි. ජනාකීර්ණ වීම නිසා ඒව විනාශවන්නට ඇතැයි අනුමාන කළ හැකියි. මේ කොමෙන්ටව ඇස ගැටුනේ දැන්. ප්‍රති -පිළිතුර පමා වන්නට ඇත්තේ ඒ නිසයි. ස්තුතියි හිතාදරයාණනි.
කැමතියිකැමතියි