සැම දෙනාටම සෙත ශාන්තිය උදා වේවා!

සැම දෙනාගෙම අද පිබිදෙන සිල් ගුණ සුවඳ

සැම දෙනාගෙම අද පිබිදුන  සිල් ගුණය ඉදිරියටත් සුරක්ෂිත වේවා ! යි මේ වෙබ් අවකාශය තුළින් වෙසක් සුබ පැතුම්  පිරිනමයි.

උග්ගල් අලුත්නුවර දැන් සිදුවන්නේ කුමක් ද!  තදාසන්න සෑම පන්සලකම සුපුදරුදු බෞද්ධාමික වතාවතින් හැඩ වී පවතී. එය ගමට සීමා නොවී මුළු රටටම පොදුය. සියලු මාධ්‍යයන් හිද වෙබ් අවකාශය පුරාද එය පැතිර ගොසිනි. අට සිල් නොගත් අය හැකි පමණින් දන්සැල් දාන පිරිනැමීම් කරති. අද සතුනට පවා සිය කරුණාව මෛත්‍රෙය පතුරවති. මේ තත්වය සියල්ලන් තුළ චරිතායනය වන්නේ නම් කෙතරම් අසිරියක් ඇති වේවිද? ගමේ තරුණ දරු කැළ ද විවිධ කටයුතු වල නියැලී සිටිති.

ගමේ තරුණ පෙළ

පසුගිය දිනවල දිවා රාත්‍රී මහවැසි වැටෙද්දී, ආර්ථික දුෂ්කරතා වලින් ජනිත වෙහෙස නිසා  කුසගිනි  අවිලෙද්දී ඒ දුක දරාගනිමින් තරුණ පෙළ කිසිදු හව්හරනක් නැතිව වුනත් පහන් කූඩුවලින් සිය පූජා පරිශ්‍රය ආලෝක කරන්නට වෙහෙස ගනිති. කඩදාසි හිඟය රටට ම බලපා ඇත. ඉතින් කූඩු අලවන්න කොල ? කොල නැතිනම් අපි ඉටිරෙදි අලවනවා. ඔවුහු පැවසූහ. ඔබත් එදාට එන්න. ඔවහු සැම දෙනාටම ඇරයුම් කරති. ගමේ දිදුල තරුණ පිරිසක් මෙලෙස හැඩ ගැසී තිබීම කෙතරම් වාසනාවක් ද?

මේ ‍වෙබ් අවකාශය තුළින් මහත් ආඩම්බයෙන් සඳහන් කරයි.

උග්ගල් අලුත්නුවර ශ්‍රී සුමණ ගිරි විහාර අභිනව චෛත්‍ය රාජයා පසුබිම කොට

ඔස්ට්‍රෙලියාව මෙල්බර්න් නුවර පන්සල

මේ ඉහත  කියවෙන ගමේ තරුණ පෙළ පණගන්වා තිබූ පහන්ආලෝක හැඩ වැඩ. ප්‍රධාන කූඩුවට අමතරව උඩමළුව වටා තවත් පහන්කූඩු 50 ක් ද ප්‍රදරශනය කර තිබිණි. මෙහි ඇත්තේ එම ප්‍රධාන කූඩුවයි. එහි ශිල්ප දැක් වූ පිරිස ද මෙහි වෙති.

2 thoughts on “සැම දෙනාටම සෙත ශාන්තිය උදා වේවා!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.