පහන් මඩුවේ තවත් අරුතක් Posted on 2021 දෙසැම්බර් 31 by mppgunasinghe සුබ අලුත් අවුරුද්දක් වේවා උග්ගල් අලුත්නුවර පහන් මඩු ශාන්ති කර්මයේ තවත් අරුතක් ගම්‍ය වෙයි. ඒ අලුත් අවුරුද්දට සුබ පැතීම ය. එය පහන්මඩු ශාන්ති කර්මයට අමුතුවෙන් එක් වූ සිරිතක් නොවන බව සියුම්ව විමසද්දී පැහැදිලිවම පෙනීයයි. බිනර මාසයේ සිට උඳුවප් මාසය දක්වා කාලය යක්ෂ මාස ලෙස හැඳින් වෙන අතර බල උඳුවප් හෙවත් දළ වශයෙන් දෙසැම්බර් මාසයේ දී යක්ෂයන් පළවා හැර දෙවියන්ගේ දිවැස්ලෑම ලැබෙන්නට මේ ශාන්ති කර්මය කෙරෙන බවත් එහි කවිගායනා මෙන්ම රැඟුම් මගින්ද පැහැදිලි කෙරෙයි. මෙහි දී පත්තිනි අනුහසින් දෙවොල් යකුන් දෙවොල් දෙවියන් බවට පත් කිරීමත්, මරණයට පත්ව සිටි පාලඟ කුමරුන්ට පණ ඉපැද්දීමත් නිරූපණය කෙරෙයි. එය නොමරා දේවත්වයට පත් කිරීමක් හා පණ දී දේවත්වයට පත් කිරීමක් ද වෙයි. මෙහි දී වීදිය පුරා පත්තිනි ආභරණ වැඩම වන අවස්ථාවක් වන අතර එමගින් දෙවියන්ට වැඩීමට වීදි සුද්ද වන බව දැනමුත්තෝ පවසති. සියලු කටයුතු අවසන දී කියවෙන සෙත් කවි ගායනා මගින් මේ ගමටත් අහල ගම් හතටත් රටට හා මුළු් ලොවටත් සෙත් පතා දේව මාස උදවන බවත් සියලු දෙනාට නවවසරක් එළඹෙන බවත් කියවෙයි. ලෝකය එළඹෙන වෙසක් මස දී බුද්ධ මංගල්‍යයට දේව රැකවරණය ලැබෙන බව ද හැඟ වෙයි. සියලු ලෝසතුන්ට සෙත් ශාන්තිය පැතීම අවසන ගමේ සැමටත්, අසළ ගම්වල අයටත්, මුළු රටටත් ලොවටත් සුබ අලුත් අවරුද්දක් වේවායි පද්‍යයෙන් මෙන්ම ගද්‍යයෙන් ද සෙත් ශාන්තිය කරති. මේ ගමේ ඇත්තන් සමග ලේඛකයා ද සුබ වාසනාවන්ත අවුරුද්දක් සැමටම උදා වේවායි ඉත සිතින් පතයි. මෙය බෙදාගන්න:ට්විටර්වි-තැපැල්ලින්ක්ඩ්ඉන්ෆේස්බුක්තවපින්ටරෙස්ට්රෙඩිට්ටම්බ්ලර්පොකට්මෙයට කැමති වන්න:කැමතියි පුරණය වෙමින්... ආශ්රිත ලිපි
සතුට සෞභාග්‍යයෙන් පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා, ගුණසිංහ මහත්මා ඇතුළු පවුලේ සැමට . කැමතියිLiked by 1 person ප්‍රති-පිළිතුරු සැපයීම
ඔබ ඇතුළු පවුලේ සැමටත් සතුට සෞභාග්‍යයෙන් සපිරි සුබ නව වසරක් වේවා! කැමතියිකැමතියි ප්‍රති-පිළිතුරු සැපයීම
සවස 6.00 පමණ ඇරඹී රැය පහන්වන තුරු විවිධ අංග (පාලි) රැසකින් යුතුව පැවැත්වෙන ශාන්ති කරම් අවස්ථාවක් පැයක් පමණ දිගු වන බැවින් වීඩියෝව දිග වුඩි වෙනවා. (ගායනා සහ රැඟුම් නිසා) අවස්ථාවේ හැටියට ඉමේජ් එකක් මෙතනට යොමු කළා පමණයි. පසුව විවිධ කොටස් යූටියුබ් එක මගින් පැමිණේවි. මේ හැර ගමේ නව තරුණ කොටස් එක්ව කණ්ඩායමක් ලෙස කටයුතු කරමින් මේ සම්ප්රදායයන් වීඩියෝ ලෙසත් ඡායාරූප ලෙසත් සංරක්ෂණය කරමින් සිටින සුබ ලකුණු පහළ වී තිබෙනවා. ඔබේ පැමිණීම ඉතාම වටිනවා. ස්තුතියි අජිත් ධර්ම විද්වතාණනි කැමතියිකැමතියි ප්‍රති-පිළිතුරු සැපයීම
සතුට සෞභාග්‍යයෙන් පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා, ගුණසිංහ මහත්මා ඇතුළු පවුලේ සැමට .
කැමතියිLiked by 1 person
ඔබ ඇතුළු පවුලේ සැමටත් සතුට සෞභාග්‍යයෙන් සපිරි සුබ නව වසරක් වේවා!
කැමතියිකැමතියි
වීඩියෝ එක වැඩ කරන්නේ නැහැ නේද? ඒක නිකම් ඉමේජ් එක්ක විතරක්ද?
කැමතියිකැමතියි
සවස 6.00 පමණ ඇරඹී රැය පහන්වන තුරු විවිධ අංග (පාලි) රැසකින් යුතුව පැවැත්වෙන ශාන්ති කරම් අවස්ථාවක් පැයක් පමණ දිගු වන බැවින් වීඩියෝව දිග වුඩි වෙනවා. (ගායනා සහ රැඟුම් නිසා) අවස්ථාවේ හැටියට ඉමේජ් එකක් මෙතනට යොමු කළා පමණයි. පසුව විවිධ කොටස් යූටියුබ් එක මගින් පැමිණේවි. මේ හැර ගමේ නව තරුණ කොටස් එක්ව කණ්ඩායමක් ලෙස කටයුතු කරමින් මේ සම්ප්රදායයන් වීඩියෝ ලෙසත් ඡායාරූප ලෙසත් සංරක්ෂණය කරමින් සිටින සුබ ලකුණු පහළ වී තිබෙනවා. ඔබේ පැමිණීම ඉතාම වටිනවා. ස්තුතියි අජිත් ධර්ම විද්වතාණනි
කැමතියිකැමතියි
සුබ අලුත් අවුරුද්දක් වේවා සර්!!!
කැමතියිLiked by 1 person
ඔබටත් ඔබේ පවුලේ සැමටත් සුබ අලුත් අවුරුද්දක් වේවා පුතණුවනි
කැමතියිකැමතියි
සුබ නව වසරක් !
කැමතියිLiked by 1 person
ඔබට මෙන්ම පවුලේ සැමටත් සුබ නව වසරක් වේවා!
කැමතියිකැමතියි