ලොග් සටහන් උපුටනයක්
(තවත් ප්‍රබන්ධයක් නොවේ. ඉවසිල්ලෙන් කියවන්නකෝ.)
“1958.02.21 – වේලාව 9.30 විය. බාලාංශ පන්තියේ ළමයෙකු, කුඩා ගැහැණු ළමයෙකු හඩනවා ඇසුනි. කාරණය සොයා බැලීමි. ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් ‘බඩගිනි’යයි ඒ කුඩා ගැහැණු ළමයා කීය. පළමුවැනි පන්තියේ සිටින පිරිමි ළමයාත්,තෙවැන්නේ සිටින ගැහැණු ළමයාත් ඇගේ සහෝදරයා සහ සහෝදරිය යි. කනබොන කතා ඇසීම අනවශ්‍ය දෙයක් වුවත් මම ඇසීමි. උදේට ආහාර නොතිබුණ බව කීමෙන් මගේ සිත ඒ සඳහා ක්රියාකරන්නට විය. තුන් සොහොයුරු දරුවෝ හොඳටම මලානිකව වූහ. සංවේගය කෝපය හා ත්‍රාසය බිහි වුනේ ‘කුඩා ළමයින්ට බඩගින්නේ සිටීමට පුහුණු කළ යුතුය’ යන මවගේ වදන් මා කණ වැටීමෙනි. මා කළයුතු කටයුතු පසෙකින් තබා ඔවුන් තිදෙනාට වේලාවට සුදුසු ආහාරයක්, හාමත නිවාගැනීම පිණිස සුදුසු ආහාරයක් පිළියෙල කිරීම සඳහා. සූ වැන්නේ සයිමන් හා ඩිංගිරිමැණිකා යන ළමුන් දෙනො යෙදවීමි. ආහාර ගැනීමට සිටි ළමුන් තිදෙනාත් ආහාර පිළයෙල කිරීම සඳහා යට සටහන් ළමුන් දෙදෙනොත් උදේ 9.40 සිට 10.15 දක්වා පන්තිවල නොසිටියහ.”
පැරණි වැඩිහිටියන් එම මුල්ගුරුවරයා හඳුන්වාදෙයි
මැද බැද්දේ රජ්ජුරුවෝ
- “අපොයි මහත්තයො ඒ උතුම් මනුස්සයා අපේ දෙවියෙක් වගේ” පාසල ආසන්නයේම සිටින ‘මැදබැද්දේ රජ්ජුරුවෝ’ මේ ගුරුවරයා ගැන පැවසුවේ එලෙසිනි. ඒ සමගම “තව විස්තර ඕනිනම් හොඳට අහගන්න කෙනෙක් තමයි සෙංගමාල වෙදමහත්තයා. ට්‍රැක් 28 ඉන්නෙ. පුළුවනිනම් ගිහින්එයාගෙනුත් අහන්නකෝ.” .
එන්දෝරිස් වෙදමහතා
- මම එන්දෝරිස් වෙද මහතා වන සෙංගමාල වෙද මහතා සොයා ගියෙමි. එන්දෝරිස් වෙද මහතාද තමන් සමග (ඒ වෙලාවෙ සිටි තවත් පිරිසක්ද සමගින්) ගුරුවරයාගේ සේවය මහ ඉහළින් අගය කරමින් සැමරුවේ “එයා ළමයින්ට විතරක් නෙවෙයි. දෙමාපියන්ටත් ඉගැන්නුවා. ඔය කිව්ව දවසෙ හවස දෙමාපියන් ඔක්කොටම පාසලට ගෙන්නුවා පන්සලේ හාමුදුරුවොත් රැස්වීමට වැඩමවලා තිබුණා. ඉස්සරින්ම ළමුන්ට කන්න බොන්න දෙන විදිහ ගැන කියා දුන්නා. කාටවත් ප්‍රශ්න හෙම තියනව නං අහන්න කිව්වා. කවුරුත් කතා කළේ නෑ. අර බවලතා නැගිට්ටවලා. විබාග කරෙුවෙ අපිත් ඉස්සරහමයි. ඊට පස්සෙ එයාට බොහොම සැරෙන් දරු පැටවුන්ගෙ අගේ කියලා, උන්ට කන්න බොන්න දෙන හැටිත් කියලා දුන්නා. උන්නැහැ වැඩිහිටියන්ට සැර වුනාට දරුවන්ට බොහොම කරුණාවයි. එකල තිබුණ අගහිකම් ගැන විමසිවෙමි “ඒ කාලෙ විතරක් නෙමයි අද උනත් මේ පැත්තෙ කාටවත් එහෙමට අග හිඟයක් නෑ. ගොවිතැන් බත් ඕන තරම් තියනවා නෙව. වැඩිහිටි අපටත් ගුරුහරුකම් දුන්නා. කවුරුවත් විරුද්ධ උනේ නෑ උදව් කළා මිසක්! ඒ තරම් උත්තමයෙක්”.
“රජ්ජුරුවෝ” කියන නමෙන් ගම්වල සමහර අය හැඳින්වීමේ ප්රවනතාවයක් ඉස්සර තිබුන නේද? අපි පොඩි කාලෙ කහතුඩුව ප්රදේශයෙත් හිටිය
කැමතියිLiked by 1 person
ඔව් විවිධ හේතු මුල් කරගෙන එසේ ව්‍යවහාරයක් තිබුණා. මෙහි රජ්ජුරවෝ නම වගාසංග්රාමය නිසා ඇති වූවක් බව මැදබැද්ද ගැමියන්ගේ ප්‍රකාශවලින් පෙනී ගියා. ඉතින් ප්‍රා.ජේ. පැමිණි බව දැකීම සතුටක් ස්තුතියි.
කැමතියිකැමතියි
මොකද්ද ගුණසිංහ මහත්තයා හිතන්නෙ? ඒ කාලෙ සමහරු හිතාගෙන උන්නද, දරුවන් රූක්ෂ ජීවිතවලට හුරු කරන එක හොඳයි කියලා?
කැමතියිLiked by 1 person
එහෙම තමා හිතන්න වෙන්නෙ නේද ඩ්රැකී. පැමිණියාට ස්තුතියි. ඩ්රැකී, ඒ ගමට 2008 දිනක අප ගියේද දුෂ්කර මගක් ගෙවාගෙන. එවිටත් එය දුෂ්කර පිහිටීමක පැවති පාසලක් වුනත් පසුව පැමිණි විදුහල්පති වරුන් විසින් අනුක්රමයෙන් හොඳ පාසල් පරිසරයක් ඇති කරමින් පැමිණි තැනක් බව පෙනුනා. මිනිස්සු “පුහු පණ්ඩිතයන්” නොවී පාසල් වැඩ පිළිවෙලට හොඳ සහයෝගයක් කවදත් දෙමින් සිටි බව එදා ඇසූ දුටු දේවලිනුත් පෙනී ගියා. ඒ ගැමියන් බොහෝ අහිංසක උදවිය! අප්ලොඩ් කරද්දි ලිපියේ වටිනා කෑල්ලක් මග හැලී ගිහින් තිබෙනවා.
කැමතියිකැමතියි
ගුණසිංහ මහත්තයා ඇත්තටම ඒ කාලේ ඔවුන් ගුරු වෘත්තිය රැකියාවකට පමණක් සීමා නොකොට තමාගේ යුතුකමක් ලෙස සැලකූ බවයි පෙනෙන්නේ. ඔවුන් ඇත්තටම teacher නොවේ educator ලෙස හඳුන්වා දිය යුතුයි යන්න මගේ අදහසයි.
ඔබට ජයවේවා
Myself Hattor
කැමතියිLiked by 1 person
සත්තකින්ම හැට්ටර් මහතාණනි. ඒ තමයි සැබෑ” නිදහස් අධ්‍යාපනය” පැවති කාලය. මෑතක් වෙන තුරුම ඒ ස්වරූපය තිබිලා ක්‍රමයෙන් පිරි හෙමින් තිබෙන බවක් දැනෙනවා. දැන් තියෙන්නෙ මොකද්ද කියල මාත් නිතරම කල්පනා කරනවා. මේ ගැන කතා කරන්න බොහෝ දේවල් තිබෙන නිසා මෙයින් නවතිමි. ඔබේ පැමීණීම වගේම වටිනා අදහසකින් කරන සැරසිල්ල බෙහෙවින්ම අගය කරමි. ඔබේ පැමිණිම ඉතා ආදරෙන් පිළිගනිමි. ස්තුතියි හිතාදරය..!
කැමතියිකැමතියි
මේ පීබී අල්විස් පෙරරා මහතා ගැනද තියෙන්නේ? ප්‍රසිද්ධ කවියෙක් නේද? /ඒ කාලෙ විතරක් නෙමයි අද උනත් මේ පැත්තෙ කාටවත් එහෙමට අග හිඟයක් නෑ. ගොවිතැන් බත් ඕන තරම් තියනවා නෙව// මේ කොයි පැත්තද? මොකද ලෙනාඩ් වුල්ෆ් ගේ පටන් අදත් සමහර පති තියනවා එහෙම ගොවිතැන් බත් කරත් කන්න හිඟ අඩුපාඩු තියන. අර ෆේස්බුක් එකේ ගුරුවරයෙක් ඉන්නවා ළමයින් එක්ක පාසල් වත්තේ ගොවිතැන් පවා කරනවා
කැමතියිLiked by 1 person
නැහැ මේ අල්විස් අප්පුහාමි නම් කෙනෙක් ඔය කතුහලය නිසා මාත් ලොග් පොත පුරා බැලුවා වෙනත් අයගෙනුත් විමසුවා. මේ වෙන කෙනෙක් බවයි දැනගන්ට ලැබුණේ. සෑම සටහනකම තිබුණෙ අල්විස් අප්පුහාමි නම පමණයි.
මේ බළන්ගොඩ සිට කල්තොට දක්වා ගොස් කල්තොට දී වම්පැත්තට යන විට හමුවන ගොව්ජනපද ව්‍යාපාරය යටතේ ඉදිකරන ලද ජනපද පාසලක්. සමහර ගම්මාන අදත් හැඳින්වෙන්නෙ ට්‍රැක් 28, 29,… ආදී අංක වලින්.
ඉඩම් හිඟයක් හෝ ඒ වන 2008 වන විටත් අසාර පසක් නොති බූ බැවින් සියලු දෙනාම පාහේ ගොවි ජනතාවක් වූනා. එබැවින් ආහාර හිඟයක ලකුණක් හෝ තිබුණෙ නැහැ. යහමින් කැලය ද තිබූ බැවින් සතුන් දඩයම් කිරීම හා හේන් ගොවි තැන ද තිබුණා. බාධකයන් වූයේ මාස 6 කට ආසන්න වියලි කාලයක් තිබීමත්( එහෙත් වලවේ වම්ඉවුරු ජලසම්පාදනය නිසා ජල හිඟයක් පැවතියේ නැහැ) මැලේරියා උවදුර නිසා විඳි පීඩාවත් පමණක් බව පෙනුනා.
ඒ දිනවලට තදාසන්නයේ දින ගණනාවක්ම සංචාරයේ යෙදුනත් මට මැලේරියාව වැළඳුනේ නැහැ. එහෙත්.. ගෙදරින් ගෙන ගිය ජලය පාවිච්චි කළත් ඊට ආසන්න කාලයක මට සෙංගමාලය රෝගයේ ලක්ෂණ ආවා. මෙහි කියවෙන වෙදමහතාගේ කසාය දෙකක් සහ නියම කළ කැඳවර්ග දෙකක් පානයෙන් පසුව සම්පූර්ණ සුවය ලැබුණා.
ඔව්! ඔබ පවසන පරිදි ෆේස් බුක් එකේ එවැනි කීප දෙනකුම දැකිය හැකියි. එහි දකිනවාට අමතරව ද මෙවැනි වටිනා මිනිසුන් රාශියක්ම ගුරුවරන් ලෙස නිස්සරණාධ්‍යාසයෙන් දරුවන් වෙනුවෙන් කැප ව සිටින බව පෙනෙනවා. එවැනි අය ගණනාවක්ම මගේ සේවා කාලය තුළ දී හමු වී තිබෙනවා. ඔවුන් පූජනීය මිනිසුන් කියා ලෝභ නැතුව සටහන් කළ හැකියි. පාසල් වත්තේ වගා කළ දැයින් අතිරික්තය දරුවන්ගේම වෙළඳ පොල දිනයක් පැවැත්වීමටත්, අදායම පාසල් අඩුපාඩු පොත් පත් වැනිදෑ සඳහාත් යොදවන: දරුවන්ට කෑම වේල් සම්පාදනය වැනි තත්වයන් දැනුත් හමු වෙනවා. ඔවුන් මහත් සතුටින් පාසල් ප්‍රජාව අතර බැබලෙමින් සිටිනවා. දෙමාපියන් ද ඔවුන් සමග බැඳී සිටිනවා. සෑම පාසලකම පාහේ මෙවැනි කීපදෙනකු හෝ සිටින බව මගේ අත්දැකීමක්. ඉදිරියේදී ටිකක් හෝ සාක්ෂි දැකිවිය හැකි එවන් ගුරුවරුන්ගේ කටයුතු ගැන ලියන්නට සිතා සිටින්නෙමි. විද්වත් හිතාදරය ඔබේ පැමිණිම අදහස් දැක්වීම ලොකු සතුටක් ස්තුතියි.!
කැමතියිකැමතියි
ඔය පැත්තේ ජනපද තිබුණු බවක්වත් දන්නේ නැහැ. ගල්ඔය ව්‍යාපාරය, අනුරාධපුරය, පොලොන්නරුව පැති ගැන විතරයි අහල තිබුනේ . ගුණසිංහ මහත්මයා ඔබේ අත්දැකීම් අලලා පොතක් ලීවොත් කොහොමද? ඔය වගේ පාසැල් වලට ගිය ගමන් සහ එහි ජිවත් වූ ගුරු මහතුන් මෙන්ම අවශේෂී ජනයා අදාල කරලා. ඉතා රසවට්ත් කතාවක් වේවි (ලෙනාඩ් වුල්ෆ් ගේ ගමන් කතා වගේ)
කැමතියිLiked by 2 people
කල්තොට ගොවි ජනපද ව්‍යාපරය යනුවෙන් තමා එය හැඳින් වෙන්නෙ. එහෙත් අර තරම් ප්‍රසිද්ධියක් ලබා නැහැ.
ඇත්තටම මටත් පොතක් ලිව්වොත් හොඳය කියා සිතෙනවා. අත් දැක ඇති බොහෝ දේවලට සාක්ෂි ඉදිරිපත් කිරීම තමා දුෂ්කර වී තියෙන්නෙ. පාසල් කළමනාකරණයෙ දී “එස්5” ක්‍රියාත්මක කරන්නට යාමෙන් පැරණි ලොග් පොත් පවා විනාශයට ලක්ව ඇති බවක් ඒ දිනවලම ආරංචි වුනා. ඒක ලොකු දුබලකාවයක් අජිත් ධර්මයෙනි. ඔබේ යෝජනවා වැදගත් ඊට උත්සාහ කරන්නෙමි.
කැමතියිකැමතියි
ඒක නම් ඇත්ත පොතක් ලියන එකත් හොඳයි. නැත්නම් මේකත් (බ්ලොග්)
පොතක් වගේම තමයි ඉතින්.
දැන් ඉන්නෙ එක්කො මොකක් හරි විභාගෙකට පුහුණුකරුවො එහෙම නැත්නම් තවත් එක රැකියාවක් කරන අය නෙමේද?
කැමතියිකැමතියි