1970 දශකයට පෙර – උග්ගල් අලුත්නුවර පෙරහර
දෙවේලේ පෙරහර විශේෂ දිනය
“අද තමයි මහත්තයො මහ පෙරහරෙ නානුමුර මංගල්ල දිනේ. ඇහැල මහ පෙරහරේ මේ දවස එන්නෙ අවුරුද්දකට එක වරයි.
අද අපි, රාජකාරි කාරයො ඔක්කොම ‘ රෑ පෙරහර ගෙවදුනාට පස්සෙ ගෙවල් වල යන්නෙ නෑ. එළිවෙනකම්ම දේවාලෙ තමයි. රෑ පෙරහරට පස්සෙ පැඬිල්ලීම වගේ ‘දේවකාරි’ ඇත්තෙත් නෑ. නානුුමුර වෙලාව එනකං අපි විවේකෙං. ඉතින් කතා කරන්න වෙලාව තියනව. ඔ්න දෙයක් හරිහැටියට අහකියා ගන්නත් දැකබලාගන්නත් පුළුවං”
භාරතරත්න කපු මහතා පවසයි. නිතර කරදරකාරී ලෙස විමසන sugv ට දේවාශිර්වාදයෙන් සැලසුන අවසිථාවක් බඳුය. අද ඇත්ත බොරු තෝරගන්නට පුවන්. බොහෝ විට එක අයකුගෙන් දැනගත් විස්තර තවත් අයකු විමසූ විට පැවසන්නේ හාත්පසින්ම වෙනස්වය. එය හදාරන්නකුට ගැටළුවකි. එවන් අවස්ථාවල“ඔවුහු බොරු කීමට රුසියෝ වෙති. එද අසුවන ලෙසින් පැවසීම ද සිරිතකි[i]”.- sugvට රොබට් නොක්ස් නිතර සිහිවෙයි. අනෙක් අතට වෙනදා කතා කරනවිට ඔවුනට වෙලාව මදි වෙයි.
sugv නානුමුර මංගල්ල්‍යය ගැන කලින් ද අසා තිබුණත් එය හරි හැටි තේරුම් ගෙන තිබුනේ නැහැ. මේ දෙවේලේ පෙරහරේ අවසන් දිනයයි. මෙදින පෙරහර දෙවැනි වරට වීදි සංචාරය නිම වීමෙන් අනතුරුව, වෙනදා මෙන්ම
මුරුතැන් බායි. ඉන්පසුව රාජකාරි ඇතතන්ට මෙන්ම එදින රාත්‍රී දේවාලයෙම සිටින බව පෙනුන sugv වෙතද පිරිනැමුණි. (1992 සහ 1993 වසර දෙකේම මෙහි අත්දැකීම් ලබාගන්නට හැකිවිය.)
මේ ඇත්තන් සමග විටින් විට බුලත් ද හපමින්, වරින් වර තේ කහට වලින්ද සප්පායම් වෙමින් දේවාලය තුළ රැඳී කතාබහට සවන් දීමටත්, ඔවුනගේ වාද විවාද සවන් දිමටත්, බොහෝ දෑ දැකගන්නටත් ඒ මගින් අපූරු දෑ ඉගෙනීමට අවස්ථව ලැබුණි.
නළුවෙල දේවාල ගමේ සිටින රත්නායක මොහොට්ටාල මෙදින දිග්ගේ මහ පෙට්ටගමේ යතුරුද රැගෙන පැමිණෙයි. මහ පෙට්ටගම විවෘත කරන්නේ මෙදින රාත්‍රියේ දීය. ඒ් තුළ ඇති විවිධ භාණ්ඩ හැමටම දැක විමසා බැලීමට අවස්ථව සලසයි. ඒ් සමගම හෙට දින මහ පෙරහරේ රැගෙන යන විවිධ
භාණ්ඩ රාජකාරි ඇත්තන් වෙත භාර දෙයි. විවිධ භාණ්ඩ වලට අවැසි කරන සුළු අලුත්වැඩියාවන් හා පිරිසිදු කිරීම් නවන් පංගුවේ ඇත්තන් විසින් කරදෙයි. ඒ්වාට වරම් ඇත්තේ ඔවුනට පමණි. ඔවුහු ඒ්වා රැගෙන සුළු සුළු අලුත් වැඩියා වල නිරත වෙති. මේවා අත්තනායක මොහොට්ටාල, සෙසු මොහොට්ටාල වරුන් සහ කපු මහතා ද අන් හැම දෙනාගේම නිරීක්ෂණයට ලක්වෙයි. ඒ් අතර විවිධ සාකච්ඡා සංවාද මගින් මේ බ්ලොග් සාරවත් කර ගැනීමට අවැසි දැනුම ලබාගැනීමට ඉවහල් වූ බව කෘතඤතා පූර්වකව සඳහන් කළයුතුව පවතී.
භාරතරත්න කපු මහතා සිය අත්පිටපත මගින් පෙන්වා දුන් ‘කන්දකුමාර සිරිතේ’ කවි පන්තිය[ii] මගින් දෙවාලයේත් ඒහි විවිධ සිරිත් විරිත් හා කතරගම දෙවියන් පිළිබඳ පුරාවෘතයේත් බොහෝ තෙරතුරු හැඳින ගැනීමට අවස්ථාව සැලසුනි. අත්තනායක මොහොට්ටාල නිලමේ තුමකු ඉදිරිපත් කළ කොමසාරිස් ලේඛනයේ අත් පිටපත[iii] භාරතරත්න කපුමහතා පෙන්වා දුන් පුරාණ දේවාලය ස්ථාපිත කිරීම, දාගැබ හා විහාරය ස්ථාපනය පිළිබඳ විස්තර, රාජකාරි පංගු, හා කරවූ රජතුමා මුල්ම පෙරහර කරවීම ආදී පෙරහර අතීතය පිළිබඳ රසවත් හරවත් විස්තර අන්තර්ගත පුස්කොල පොතේ[iv] අත්පිටපත වෙනුවෙන්ද පැවසූ කතා පුවත් මගින් ඔවුනගේ දැනුම ආකල්ප පිළිබඳ හැඳින ගැනීමටත් ලද අවස්ථාව මහඟු එකකි.
පිරිසිදු කිරීම හා අලුත් වැඩියාවේ විශේෂත්වය
මීට කලින් ද සටහන් කළ පරිදි මේ පුරාණ භාණ්ඩ වලට අත තැබීමට වරම් ඇත්තේ නවම් කරන පංගුවේ ඇත්තන්ටය. ඒ දිනම අවශ්‍ය අලුත් වැඩියාවන් කළ නොහැකි විටක අත්තනායක මොහොට්ටාල ඇතුළු විධයක මණ්ඩලයේද නිර්දේශ මත බස්නායක නිලමේ තුමාට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමෙන් පසුව කළ හැකි බව පැවසිනි. අලුත් වැඩියා කරන ලද භාණඩය ආපසු භාරදීම ප්‍රසිද්ධියේ කළ යුත්තකි. මෙවැනි එක් අවස්ථාවක සෙයා සටහන් ගැනීමට sugv ට අවසර ලැබිණි.
නානු මුර මංගල්‍යය අවස්ථාව
මේ අවස්ථව එළ ඹෙන්නේ පසුදා පහන්දර යාමයට ආසන්න අවස්ථාවේය. එය ‘වෛතාල වෙලාව’ යි පැවසේ. අදාල සුබ මොහොතින් දේවාභරන අහරතලාව ට වැඩමවන අතර ඒහි කටයුතු අදාල ඇතුල් කට්ටලේ අයටත්
සහභාගීවන පිට කට්ටලේ අයටත් සීමා වූ අති රහස්‍ය කටයුත්තකි. ඒ්ව “දේව රහස් මහත්තයො කාටවත් කියන්න ගියොත් කිව්ව කෙනාට වස් වැදෙනව ඇහුව කෙනාට දේවක් කේඩුව හැදෙනව. ඒ් හන්ද අහන්න එපා” ඒ් භාරතරත්න කපු මහතාගේ ප්‍රකාශයකි. නානුමුර මංගල්ලය සිදුවන බව දසත පැතිර යන හේවිසි නාදයෙන් හැඟ වෙනවා පමණි. දේව උදහසට ඇති බිය නිසා සිදුවන කටයුතු කිසිවක් අන් අයට පසු කාලයක හෝ දැන ගැනීමට නොලැබෙයි. සහභාගී වන පිරිස අතර අතතනායක මොහොට්ටාල,
කපුමහත්වරුන් සහ පිට කට්ටලට ගැනෙන මළුවේ පණිවුඩ කාර ඇත්තා, නවන් කරන පංගුවේ ඇත්තා සහ රන්සළු පංගුවේ අදාල රාජකාරි ඇත්තා යන අයට පමණක් සීමාවන බව පැවසුනි. කටයුතු නිමා වන විට මහ පෙරහර දිනට පහන් විය. විස්තර විමසා දැනගැනීමට ඒක දිනක් පමණක් ප්‍රමානවත් නැත. ඊ ළඟ පෙරහරට පැමිණීමට සිතාගනිමින් sugv ද දේවාලයෙන් පිට විය.
(මෙහි පාදක සටහන් තුළ ඇති සාහිත්‍ය විමර්ශන ග්‍රන්ථ සෙවීමට ලේඛකයා දැඩිව පෙළඹීමට 1992 දෙවේලේ පෙරහර අවසන් දින පැවති සාකච්ඡා බෙහෙවින්ම ඉවහල් වූ බව නැවතද කෘතඥතා පූර්වකව සටහන් කරයි.)
ලිපිය තූළ කීපවරක් කියවෙන භාරතරත්න කපුමහතා යනු අපූරු පුද්ගලයෙකු විය. ඔහු පිළිිබඳවත් තවත් විස්තරත් ඉදිරි ලිපිවල….
විශේෂ වදන් හා ව්‍යවහාර
- sugv – ලේඛකයා හැඳින්වීමට යෙදූ වචනය. එය මේ බ්ලොග් එක අදාල සෙවීම් සලකුණය
- අහරතලාව – දේවාලයට පුසු පසින් අඩි දහයක් පමණ උසින් දේව මන්දිරයට යාබදව තුන් පසෙකින් බැඳ ඇති බැම්මකි. විදුලි විසන්ධි විමක් නිවැරදි කිරීම සඳහා භාරතරත්න කපුමහාතගේ අවසරය හා ඉල්ලීම මත එහි පිවිසීමට අවස්ථාව ලැබුවත් ඒ තුළ කිසිවක්ම දැකීමට නොලැබිණි. පෙරහරට කප් සිටුවීමට හා නානුමර මංගල්‍යය කටයුතු සිදු කිරීමට භාවිිත කරන බව පැවසේ.
- දේව රහස් – මෙහි රහස් රාජකාරි යයි කටයුතු රාසියකිි. ඒ්වා කිසිවකුට නොපැවසීම පෙර සිරිතයි කියති.
- දේවකාරි – දෙවියන් ලවා කරවන කාර්යයන් යාතිකා කර යැදීම හා පිහිට වීමට ඉල්ලා සිටිම මෙයින් අදහස් වේ.
- දේවක්කේඩුව – දෙවියක් කෝප වීමෙන් ඇතිවන පිස්සුව වැනි ස්වභාවය
- නවන් කරන පංගුව – දේවාලය සතු භාණ්ඩ පිරිසිදු කිරීම නි්ණය අලු් වැඩියා කිරීම ආදි කටයුතු සඳහා ඇති රාජකාරි පංගුවකි
- නානුමුර මංගල්ලේ – වචනාර්ථය අනුව විමසූ විට එයද පිරිසිදු කිරීම හෝ කරවීම අදහස් කරන කටයුත්ත් බව හැඟේ.
- පැඬිල්ලීම – බැතිමතා පැමිණ කපුමහතා අබියස සිටගෙන වැඩහිටින මාලිගය දෙසට නමස්කාර කරමින් සිටී. බොහෝ විට ඒය කරනු ලබන්නේ මහ දොරටුවට ඉදිරිපස ස්ථාපිත “පඬුරු පෙට්ටියට” කිසියම් මුදලක් දැමීමෙන් පසුවය. කපුමහතා දෙවියන්ට යාතිකා කර බැතිමතා/ බැතිමත්තුන්ගේ නලලත තිලකයක් තබා ආශීර්වාද කරයි. මේ කාර්යයට මෙහි ව්‍යවහාර වන නමයි. එය දේවකාරියයි
- මුරුතැන් බෑම – මෙයම මුළුතැන් බෑම ලෙසද ව්‍යවහාර වෙයි. දෙවියන් උදෙසා ආහාර පිසීම හා පූජා කිරීම මින් අදහස් කෙරේ
- රත්නායක මොහොට්ටාල – දේවාලයේ දිග්ගේ ඇති මහ පෙට්ටගමේ යතුරු භාරකාරත්වය. පෙට්ටගම විවෘත කරන්නේ නම් ඒ් අවස්ථාවේ අත්තනායක මොහොට්ටාල නිලමේ සහ රන්සළු පංගුවේඇත්තන් ද අනෙක් රාකාරි ඇත්තන් ද ඉදිරියේ සිදුවිය යුතු බව පැවසේ.
- රන්සළු පංගුව – දෙවියන්නේ හළු ඇපිල්ලීම(සළු සෝදා පවිත්‍ර කිරීම) දෙවියන්ට හා බුදුන්ට පාවාඩ එළිම, දෙවියන්ට වියන් බැඳිම ආදී කටයුතු භාර රාජකාර පංගුවය
- රාජකාරි – මෙහි දී රාජකාරි යනුවෙන් හැඳින්වෙන්නේ පාරම්පරික හිමිවන ඉඩම් පංගු භුක්ති විඳිමින් ඒ් වෙනුවට දේවාලයේ විවිධ කටයතු ඉටු කිරීමය.
- රෑ පෙරහර – දෙවේලේ පෙරහර හා මහ පෙරහර අවස්ථාවල පළමු පෙරහරට පසුව ගමන් ගන්නා පෙරහරට ව්‍යවහාර වන නමකි.
- වරම් – පාරම්පරිකව හිමිව පවතිින අවසරය
- වස් වැදෙනව – අභාග්‍යයට මුහුණ දීමට සිදුවීම මෙහි බරපතල් කම කෙතරම් ද යත් ඇතැම් විට මරණය ද සිදුවන බව පැවසේ
- වෛතාල වෙලාව – “එළිවෙලත් නෑ රැත් නෙවෙයි” මේ පැරැන්නකු මෙය විස්තර කරදුන් ආකාරයයි
[i] රොබට් නොක්ස් ගේ එදා හෙලදිව – ඩේවිඩ් කරුණාරත්න පරිවර්තනය – ගුණසේන සහ සමාගම – කොළඹ (හිතවතකු ලබාදුන් මේ පිටපතේ ප්‍රකාශිත වසර මැකී ගොස් තිබිණි)
[ii] ප.එ.ප. දැරණියගල( විද්‍යාසූරී ලංකා ජාතික කෞතුකාගාර අධ්‍යක්ෂ) – දේව වර්ණනා කාව්‍යය – ලංකා ජාතික පුස්කොල ග්‍රන්ථමාලා – මානව විද්‍යාව – හතරවැනි කලාපය -1964 සැප්තැම්බර් 10 දින
[iii] 1870 අංක 4 දරණ විහාර දේවාලගම් පිළිබඳ කොමසාරිස් ලේනය – ජාතික ලේඛනාගාරය
[iv] ලංකා ජාතික කෞතුකාගාරයේ සීමා සංකර විනෝදනී පුස්කොල පොතේ අග පිටු අතර මේ ලේඛනයේ පිටපතක් පවතී. එයින් ලබාගත් ඡායාරූප දෙකක් 1993 දී දේවාල බස්නායක නිලමේ අනුග්‍රහයෙන් ගෙනැවිත් තිබුණද ඒය ද අස්ථානගතව ඇති බව මෙවර කාර්යාලය විමසීමේ දි දැන ගන්නට ලැබිණි. ඒ්. එම්. එස්.එම්. කරුණාරත්න බණ්ඩාර ( අභාවප්‍රපාප්ත) අත්තනායක මොහොට්ටාල නිලමේ වරයා ළඟ තිබූ දේවාලයේ පැවති පිටපතේ අත් පිටපතක් ලේඛකයා සතුව පවතී. මෙහිම උපුටනයක් පූජ්‍ය කිරිඇල්ලේඤාණවිමල හිමිපාණන් විසින් සංගෘහිත සපරගමුවේ පැරණි ලියවිලිහිද පවතී. කෞතුකාගාරයේ ඇති පිටපතේ උපුටනයක් මහාචාර්ය පුංචිබණ්ඩාර සන්නස්ගල ශූරීන්ගේ සොරගුණු දේවාල පුවතේද දක්නට හැකියි
අත්තනායක හා රත්නායක නම්වලට දේවාල කාර්යය සම්බන්ධයක් තියනවද?
කැමතියිLiked by 1 person
ඔව් හිතවතාණනි, අත්තනායක යන්න ඇතැමකු අර්ථනායක, ආර්ථික නායක ලෙස විග්‍රහකරන බව අසා තිබෙනවා. අත්තනායක මොහොට්ටාල යනු දේවාලයේ ප්‍රධනම විධයක නිලය බව පෙනෙනවා. ඔහු නොමැතිව දේවාභරණ පිටතට වැඩමවීම කළ නොහැකි බව පැවසෙනවා. 1870 අංක 4 දරණ විහාර දේවාලගම් පනතට අදාල කොමසාරිස් ලේඛනයේ මෙය අංක ඒක දරණ පංගුව ලෙසත් කළයුතු කටයුතු යටතේ දේවාලයට අයවන දේත් ඒමගින් වැය කරන දේත් පිළිබඳ වගකීම මෙන්ම දේවාලයේ සෙසු කටයුතු කරවීම සම්බන්ධව වගකීම පැවරී ඇති බවත් සඳහන් වෙනවා. මේ පිළිබඳ විස්තර ගොඩක්් තිබෙනවා. ඒ්වා වෙනම ලිපිවලින් දැකිවියයුතු තරම් විශාලයි. රත්නායක නිලමේ යනු ද දේවාලයේ විධායක නිලයක් පෙට්ටගමේ භාරකාරත්වය හැරුන විට තවත් කටයුතු රාශියක වගකීම පැවරී තිබෙනවා. ඇතැම් විටක මේ නිලය සන්නකරාල, රත්නක රාල ලෙස ද ව්‍යවහාර වෙනවා. පෙරහර විස්තර අතර මේ නිල සම්බන්ධ කටයුතු මග හැර මේ ලිපිවල පෙරහර පිළිවෙල දැක්වීමට පමණක් සීමා කළා. විස්තර විග්‍රහයන් පසුවට තබා තිබෙනවා. ඔබේ අදහස් දැක්වීම වෙනුවෙන් ස්තුියි හිතාදරය
කැමතියිකැමතියි
බොහොම ස්තූතියි. නාන මුර මංගල්‍යය හා දේවාලයක දිය කැපීම කියන්නේ එකම දෙයක්ද සිරිත් දෙකක්ද?
කැමතියිකැමතියි
මෙතනදි සිරිත් දෙකක් බව පෙනෙනවා. දියකැපීම සිදුවන්නෙ දේවාල බිමෙන් පිටත ස්ථනයක. නානුමුර මංගල්‍යය යනු දේවාල මළුව තුළ දීම සිදුවන කටයුත්තකි. ලිපයේ විස්තර වාර්තාව අනුව පසුු දින සිට ඇරඹෙන මහා පෙරහරට සූදානම් වීමක් බවත් ඒහි දී අනියමින් කෙරෙන වාර්ෂක භාණ්ඩ සමීක්ෂණයක ස්වරූපයක ස්වරූපයකුත් පෙනෙනවා නේද? ලිපිය අනවශ්‍ය තරමින් දිගු වීම වැලකීම පිණිස බොහෝ විස්තර විග්‍රහයන් අඩුකළා විද්වතාණනි. මේ දිනයේ අසිරිමත් බව පසු ලිපියකට තබාගත්තා. පැමිණිම වෙනුවෙන් ස්තුතියි
කැමතියිකැමතියි
ලිපි මාලාව යලිත් ඇරඹීම පිළිබඳ බෙහෙවින්ම ස්තූතිය්! ඉවත් කළ පැරණි ලිපිත් පලකරන්න. ඉතා විශාල සමාජ විද්‍යාත්මක දැනුමක් මින් ගොඩනැගෙනවා
කැමතියිකැමතියි
ලිපි මාලාව යලි ඇරඹීම පිළිබඳ බෙහෙවින්ම ස්තුතිය්! ඉවත් කරන ලද පෙර ලිපිද යළි පල කරනු මැන. ඉතා වටිනා සමාජ විද්‍යාත්මක දැනුමක් මේ තුළින් එක් රැස් වේ.
කැමතියිකැමතියි