දේවාල ගමෙන් අවුරුදු සුබපැතුම්

මේ ගමටත්, අහල ගං හතටත්, දේස දීපංකරේටත්

සුබ අලුත් අවුරුද්දක් වේවා!

උග්ගල් අලුත්නුවර දේවාලයේ අවුරුදු ආරම්බ වෙන්නෙ අමුතුම විදිහකට. ඒ පෙර සිරිත; අවුරුදු ඇරඹෙන විදිහ, ගැන විමසුවාම අහගත්ත  විස්තරය  කෙටිකරන්න ඕන නිසා මෙතන තියෙන්නෙ දැනමුත්තන් දුන්න පිළිතුරු විතරයි¹( sugv ගේ ප්‍රශ්න අයින් කළා).

“අපේ හත්මුතු පරම්පරාවම කිව්වෙ අලුත් අවුරුද්ද ලබනවා කියල. ඒ මිසක් සිංහල දෙමළ කතාවක් ඒ කාලෙ තිබුණෙ නෑ. අවුරුද් උදාවෙන්නෙ මේ ගමටයි  අහලගං හතටයි විතරක් නෙමෙයි; මුළු දේසදීපංකරේට මයි.

pagexyz

දෙයියන්නෙ ගමේ ඇත්තනුත් එකතු කරගෙන sugv ත් සිය නෑ පිරිසත් සමග ඔබ සැමටම සුබ අලුත් අවුරුද්දක් වේවායි පතනවා

 

ඒ කාලෙත් රාජකාරි ඇත්තො නොනගතේ එන්න ඉස්සෙල්ල  දේවාලටෙ එනව. බුදුන් වඳිනව. ඔව් ගමේ අනික් මිනිස්සුත් නොනගතේ දි එනව. නොනගතේ එන්ඩ කිට්ටුව දවුල් බෙර ගහනව.  නමෝ විත්තියෙං හේවිසි මණ්ඩ පේ ඉස්සරහ ලිප් දෙකක් බැඳල හක්කාර පංගු දෙකේ ඇත්තන් කිරි මුට්ටි ලිපේ තියනව. එහෙම කරන්නෙ ගමට රටට කිරි උතුරන්න වගේ හරියන්න ඕන කියල හිතාගන.  කිරිමුට්ටි මුළුතැන් ගේ ඉඳල වැඩමවාගෙන ගෙනල්ල තමයි ලිපේ තියන්න බාර දෙන්නෙ.

කිරි හැලි උතුරා යන්නෙ සූරිය දිවිය රාජය සංගරාන්දි වුන  වෙලාවටයි.  ඒ වෙලාව  ගමට කියන්න ගෙබෝරාල කාලතුවක්කුව පත්තුකරනව.  කිරි උතුරන විදිහ බලල ගමට හොඳක් වෙනවද නරකක් වෙනවද කියල කිව්වෑකි.

ඒ කියන්නෙ දිග්ගෙයි දොරටුව දෙපැත්තට හිටින්න තියන මුට්ටි දෙකෙන් නැගෙනහිරට තියනමුට්ටිය ඉස්සෙල්ල ඉතිරුවොත් ගමට හොඳයි. දෙකම එකපාර ඉතිරුවත් හොඳයි. බට හිරට තියන මුට්ටිය ඉස්සේල ඉතිරුවොත් ඉදිරි අවුරුද්ද ගමට කියන්න තරං හොඳක් නෑ.”

2015 දේවාලයේ පැවති අවුරුදු සිරිත් වීඩියෝව ඇසුරෙන් සකස් කරන ලද්දකි

 

 

 

 

 

 

 

 

 

 

 

මේ වතාවෙත් සංගරාන්දියෙදි කිරි උතුරවාවි ! ගමට රටට සෙත් පතල කිරිමුට්ටි ලිපේ තියාවි !! අනාගතේ ගැන සාස්තරත් කියාවි. !!!

 

පෙර සිරිත රකිමින් සම්ප්‍රදාය රැකගන්නට තවමත් කැපව සිටින මේ අහිංසක පිරිස වෙසෙන පෙදෙසටත් රටටත් ඔබ සැමටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා ! යි sugv ද ප්‍රාර්ථනා කරයි.

 

පසු ලිපිය

“සන්හිඳ ළඟ බාරයට කිරි ඉතිරී                         ම
කෙම්මුර දවස්වල පානින් සැරසී                        ම
වන අතු කඩා ගස් දෙබලක දැවටී                      ම
මා නොකෙරුවත් නොකෙළෙමි එය ගැරහී        ම”

– විමලරත්න කුමාරගමගේ (අයියනායක කවි පන්තිය)

විශේෂ වදන්‍

  • අත්තනායක මොහොට්ටාල – දේවාලයේ පාරම්පරික ප්‍රධානම විධායක නිලය ආසන්න ගම්මාන හත
  • අහල ගංහත – ආසන්න ගම්මාන හත(දේවාලගම ද ඇතුළු කළ විට ගම් අටක් බව  දැනමුත්තන් වෙතින් කියවිිනි. මේ අනුව ගම් අට ඇත්තේ වලල්ලක ආකාරයෙන් විය හැකිය)
  • ගෙබෝරාල – මෙයටම “ගෙබලන පංගුව” යනුවෙන්ද ව්‍යවහාර වේ. දේවාලයේ දිග්ගෙය විවෘත කර රැක බලාගැනීම මීට අයත් ප්‍රධාන රාජකාරියයි. කාලතුවක්කුව භාරව සිටින්නේ ද උදාවන නැකත් ුනාව දල්වනු ලබන්නේ ද මේ රාජකාරි ඇත්තා විසිනි.
  • දේස දීපංකරේ – දේස දීපංකරේ යනුවෙන් අදහස් කළේ මුළු රටම බව ඇතැමෙක් තේරුම් කරති. එහෙත් මේ  “රට” යන සීමාවෙන් ඔබ්බට විහිදෙන තේරුමක් තිබේදැයි තවදුරටත් විමසිය යුතුව ඇත.
  • නමෝ විත්තිය – මුලින්ම
  • හත්මුතු පරම්පරාව – ආතා, මුත්තා, නත්ත, පනත්ත, කිත්ත, කිරිකිත්ත සහ කිරිකෑ මුත්ත දක්වා යෙදෙන පරම්පරාවන් මෙයින් අදහස් කෙරේ. ආතා යනු පියාගේ පියා ලෙසත් මුත්තා යනු ආතාගේ පියා ආදී ලෙසින් පියපාර්ශ්වය සැලකිල්ලට ගෙන පරම්පරා හත විස්තර කෙරේ
  • නොනගතේ – නැකතක් නැති වේලාව හෙවත් සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට යමින් තිබෙන කාල පරතරය
  • සංගරාන්දිය –  සංක්‍රාන්තිය හෙවත් සංක්‍රමණය වන වෙලාව එනම් නොනගය යි ව්‍යවහාර වූයේද  මෙයටම ය.
  • හක්කාර පංගු දෙක – දේවාලයේ තේවා වලදී සක්පිඹිම කරන ප්‍රවේනි රාජකාරි පංගු දෙක(රාජකාරි පංගු පිළිබඳ විස්තර වෙනම ලිපිවල ලියවේ)
  • පෙරසිරිත – උඩරට රාජ්‍යපාලන අවදියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රධාන වශයෙන්ම අලිඛිත එකක් විය. එය “පෙරසිරිත” නමින් හැඳින්වේ. මේ පිළිබඳ සොයා බැලීමට හා ඉගෙනීමට ජෝන් ඩොයිලි මහත් වෙහෙසක් ගෙන  ඇති බව “ඩොයිලිගේ දිනපොත” අනුව පෙනී යයි. එම නීතිය “පෙර සිරිත” නම් වීය. ඒ වන විට  ස්ථාපිතව තිබූ  පුරාණ විහාර දේවාලගම්වල පවතින නීතිරීති සමූහය ද  පෙර සිරිත ලෙස හැඳින්වේ. දේවාල රාජකාරි වලදි පෙරසිරිත රැකීමටත් ඒ අනුව කටයුතු කිරීමටත්  විශේෂයෙන් සැලකිල්ල යොමු වන ආකාරය සෑම විටම දිස්වේ.

 

පාදක සටහන

1.2016 අප්‍රේල් 13 දින ලිපිය ඇසුරෙන් සම්පාදනය කරන ලද්දකි

 

 

 

12 thoughts on “දේවාල ගමෙන් අවුරුදු සුබපැතුම්

  1. කිරි මුට්ටි දෙකක් උතුරන ඒ සිරිතත් දැනගත්තා. අපි නොදන්නා සිරිත් කොපමණ තියෙනවද? දැනගනිමත් සතුටක්. ඇත්තනේ. අලුත් අවුරුදු ලබන්නේ හැමෝටමනේ.

    Liked by 1 person

  2. ගුණසිංහ මහත්මා ඇතුලේ පවුලේ සැමට නිරෝගිමත් යහපත් නව වසරක් වේවා.
    පිංතුරෙන් පේන විදිහට නම් එක ලිපක ගින්දර වැඩි වාගේ (නැගෙනහිර එකද මන්දා)

    Liked by 1 person

  3. ඔබ ඇතුළු පවුලේ සැමටත් සුබම සුබ වාසනාවන්ත නව වසරක් වේවා. ඔව් ඔබ හරි නැගෙනහිර ලිපේ ගින්දර වැඩියි! ඉතින් මුලින්ම ඒක උතුරන්නේ නැතිව තියේවිද?යි මටත් හිතුන. ඒත් ඒක ඇහුව නම් මාව පන්නා දමන්න ඉඩ තිබුණ නිසා ඉවසගෙන හිටිය.

    කැමතියි

  4. ටික දොහකට පස්සේ අදයි ගොඩ වැදෙන්න නිස්කාන්සුවක් හම්බුනේ. මෙදා වරේ උතුරව්වේ කොයි පැත්තේ කිරි මුට්ටියද? ඒකෙන් කියැවෙන්නේ ගමට කොහොමද කියලා විතරයියැ?

    Liked by 1 person

  5. පමා වෙලා හෝ් ගොඩවුන එක කොච්චර දෙයක්ද නිමල් දිසානායකායණනි. ස්තුතියි. මා සිටියේ ලංකාවේ නොවන බැවින් මෙදා පාර මොන පැත්තේ ඉතිරුවාදැයි නොදන්නෙමි. මේ ගැන විමසා බැලීමට සිහිවුනේ ඔබ දැකුමෙනි. ගමේ විවිධ ඇත්තන්ගෙන් විමසා බලා ලියන්නට අවැසිම විස්තරයක්. මතක් කළාට ද ස්තුති වේවා!

    කැමතියි

  6. අවුරුදුතු පහුවෙලා වෙසක් එකේ තමයි ඔබ තුමාව බැහැ දකින්න ආවේ ඔබ නිසාම මේ උගග්ල නුවර දේවාලය බලන්න යන්න හිතෙනා මගේ පියා හිටියානමි කියන පමාව විතරහි එතුමා අපේ රටේ ඉතිහාසයට පුරා විද්‍යාවට ගොඩක් ආදරේ කළා . සමහර වෙලාවට මට බනිනවා එයාට කියලා දෙන්නේ නෑ කියලා මට ඇත්ත්ටම අද හරි කනගාටුවක් හිතට දැනෙනවා ඒවා මතක් වෙනකොට . කෙසේ වෙතත් ඔබතකුමාට තවත් ලිපි ලියන්න දිර්ඝ ආයුෂ පතනවා

    Liked by 1 person

    • අවිවේකය නිසා මෙතනට ගොඩ වෙන්න ලැබුණෙවත් දැන් දියණියනි. වෙසක් සතියේ හෝ පැමිණ තිබිම කොච්චර වටිනවාද? මා රටින් බැහැරව නොගියානම් ඒ අවදියෙදි පියාණන් මෙහි අනිවාර්යයෙන්ම පැමිණීමේ අසාවෙන් සිට් බව මට පවසා තිබුණා. අප දෙදෙනා පුරාණ ටැම්පිිට විහාරයක තිබෙන උඩුවියනේ වඩා පැහැදිලි ඡායා රූපයක් ගැනීමට සැලසුම් කර සිටි අන්දම දුවගේ කොමන්ටුව නිසා නැවත සිහි වුනා. පමා වී හෝ ගොඩ වැදුනාට ස්තුතියි දියණි

      කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.