ඔය පෙන්නගෙන එන්නෙ අපේම හැටි

මහ පෙරහරෙ මහ බඹා

 20 සිට 25 දක්වා උග්ගල් අලුත්නුවර  මහ පෙරහර.  මුලින්ම යන්නෙ මහ බඹා.

එයා වරින් වර කරකැවෙමින් පෙරහර ඉදිරියේම එනවා. වරක් බොහොම රෞද්‍ර යක්ෂ මුහුණක්. ඊ ළඟට ඉතාම සෞම්‍ය  තරුණ  මුහුණක්. සියල්ලන්ට ඉහළින්,  එකම රුවක මුහුණු දෙකක්!. මහ බඹාට මූණු දෙකයි!

 

උග්ගල් අලුත්නුවර මහ පෙරහරෙදි  අද සිට දකින්නට ලැබෙන මෙයාව නොදකින ඇසක් නැහැ.  මුලින්ම සියල්ලන්ටම ඉහළින් මේ මුහණ දකින්න සලස්වනවා. එහෙම නිමැවුමක් අනාදිමත් කාලයක සිට මහ පෙරහරට එක්ව තියෙන්නෙ! ඇයි ඒ…?  සිතාගන්න අමාරු නිසා මේ ගැන පැරැන්නන් විමසුවා. හැමෝගෙන්ම එකම පිළිතුරක් නම් ලැබුණෙ  නෑ. එයින් පිළතුරු තුනක් මෙතන පහළින් තියනවා. 

“ඔය පෙන්නගෙන එන්නෙ අපේම හැටි. මිනිස්සුන්ට මූණු දෙකක් තියනව නේ. පුංචි දරුවන්ට ඇරුනාම අනෙක් හැමොටම මූණු දෙකයි. තාත්ත හරිම සැරයි නේද? වෙලාවකට පේන්නම බෑ නේද? ඒ අපට පෙනෙන මූණ. අපිත් එහෙමයි. ඒ අනෙක් අයට පෙනෙන විදිහ. ඒත් තාත්ත ගේ අනෙක් මූණ දකින්න හම්බ වෙන්නෙ කලාතුරකින්. අනෙක් කා ගැන් එහෙමයි කඩේකට ගිහින් වෙළෙන්දකු දිහා බලන්න කො. කරුණවෙන් පිරුන මූණක්! ගණන් ටිකක් අඩුකරන්න හරි ණයට ගන්න හරි බලන්න කො. එතකොට පේන්නෙ යකාගෙ මූණ.   ඔය පේන්නෙ ලොකු වුනාම මිනිස්සුන්ගෙ හැටි”¹

මහ බඹා කරකැවෙන හැටි තත්පර 30 ක විඩියොවෙන් බලන්නකො.

“අපේ ආත මුත්තල කිව්වෙ මේ විදිහට “ඔතනදි කෙරෙන්නෙ ඇදගැනීම හා විසිකර දැමීම” ඒ කියන්නෙ පෙරහරේ වස් ඇරීම. පෙරහර කරන අයට  බලන්න එන ඇත්තන්ගෙන්  ඇස් වහ, කටවහ වදින්න ඉඩ තියනව. මුලින්ම,  මේ ඉහළින්ම පෙනෙන කුමාර මූනට  හිත ඇදී ගියාම අැති වෙන ඇස්වහ හෝවහ, ඒ එක්කම හැරවෙලා පෙනෙන යක්ෂ මූණ නිසා පිච්චිලා නැතිම වෙලා යනව”²

“ඔය තියෙන්නෙ සීතාවක රාජසිංහ දෙයියන්නෙ සුබාවය කියලත් අපේ මුත්තල කියල තියනව අැහිල තියනව. එතුමා “හොඳට හොඳටම හොඳයි; නරකට නරකටම නරකයි” කියනව නේ. ඉතින් මේ පෙරහරෙදියි, රත්නපුර සමන් දේවාල පෙරහරෙදියි වාගෙම අපේ පළාතෙ බොල්තුඹේ, අම්මඩුවයි, වාගේම සොරගුණේ පෙරහරෙදිත් මේ රූපෙ ඉස්සරහින්ම ගෙනියන එක පුරාණ චාලිත්තරයක්”³

ඔක්තොබර් 20 සිට 25 දියකපාගන එන පෙරහරෙදිත් මහබඹා පෙරමුණේම ඒවි. තව  විස්තර මහ ගොඩක් තිබුණත්  දැනට මේ ඇති. 

————————————————

1.අතපත්තු මොහටේටාල නිලමේ/අත්තනායක මොහොට්ටාල නිලමේ  – ඒ.එම්.එස්.එම්. පුචිබණ්ඩාර මහතා 1991 මහ පෙරහර පළමු දින සිය නිවසේද  සහ අත්තනායක මොහොට්ටාල නිලමේ- ඒ.එම්.එස්.එම් කුලසේකර බණ්ඩාර මහතා1992 දෙවේලේ පෙරහර අවසන් දින රාත්‍රී දේවාලයේදී

2. අත්තනායක මොහොට්ටාල නිලමේ-එ්.එම්. එස්.එම්. කරුණාරත්න බණ්ඩාර මහතා – 2011 ඔක් 12 – දෙවේලේ පෙරහර දිනක සිය නිවසේ දී   සහ කෝලක්කාර පගුවේ/නයියන්ඩිකාර පගුවේ ශිල්පී- එන්.කේ. නන්දෝරිස් මහතා – 2011 අගෝස්තු මස සිය නිවසේ දී

3.ප්‍රධාන කපු නිලය- මංගලනාත බ්‍රාහ්මණගේ භාරතරත්න බණ්ඩාර මහතා-1992 දෙවේලේ පෙරහර අවසන් දින රාත්‍රී දේවාලයේ දී


 

 

6 thoughts on “ඔය පෙන්නගෙන එන්නෙ අපේම හැටි

  1. මම හිතන විදිහට පළමු පැහැදිලි කිරීම වඩා තාර්කිකයි. නමුත් මේ වත්පිළිවෙත් තර්කය එතරම් වැදගත් නොවුනු කාලයක සිට පැවත එන නිසා අනෙක් දේත් අහක දාන්න බැහැ 🙂

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.