යකඩ ගඩොල්

යකඩ වගේ නේ

“මේ බලන්නකො  හරියට යකඩ වගේ! අවට විසිරී තිබුණ ගඩොලක් අතට ගෙන බලමින් විශ්මයට පත් හිතවතා පවසයි, විමසයි.  කොච්චර පරණ ඇද්ද?  මේක හදල තියෙන්නෙ ක්‍රි.ව. 2 – 3 සියවස් කාලයේ කියනව නේ. මේ විදිහේ ගඩොල් හදන්න ඇත්තෙ ඊටත් ඉස්සර වෙන්න ඕන. ඊට හපන් වෙන්න ඕන නේ මේ ගඩොල් බඳින්න ගත්තු බදාමය!” විශ්මයට පත් හිතවතා දිගටම කියවයි. විමසයි. තවත් නිහඬව ඉන්න  sugv ට නොහැකියි.

විශාලත්වය හා පෞරාණිකත්වය

ජේතවනාරාම දාගැබ සිංහල විකි පීඩියාවෙනි

අවුරුදු 1800 කටත් ඉහත ගොඩනැගුණ මේ නිර්මාණයට ගඩොල්  93,300,000 ක් විතර යන්න ඇති කියල  ගණනය කරල තියනව.  ගොඩනැගිල්ලේ උස අඩි 400 ක් වෙනව. අත්තිවාරම අඩි 18 කටත් වඩා ගැඹුරුයි. පිහිටි ගල දක්වා ම ගැඹුරට ගිහින්. ලෝකයේ තියන ගඩොලින් ගොඩනැගූ උසම ස්ථූපය එයයි. මිසරයේ ගීසා පිරමිඩ දෙක හැරුණාම පුරාණයේ ඉදි කර ඇති අනෙක් විශාලතම ගොඩනැගිල්ල  තමා මේ.  මේක  තමයි අනුරාධපුරේ ජේතවනාරාමය කියන්නෙ.[i]

පුදුම සිමෙන්තිය

දැන් අපි පාවිච්චි කරන සිමෙන්ති වල බන්ධන ශක්තිය  වසර 100 කට වඩා තියෙන බව පේන්නෙ නෑ. වසර සියයක් විතර යද්දි ලිහෙන්න ගන්නව. ඒත් ජේතවනාරාමය  හදද්දි  පාවිච්චි කළ සිමෙන්ති බදාමය කොච්චර කාලයක් පැවතුනාද යි හිතා බලන්න,  ජේතවනාරාමය සංරක්ෂණය කරමින් තහවුරු කරද්දි, ඒ කියන්නෙ වසර කීපයකට උඩ දි,  ඒ පැරණි බදාම සාම්පලයක්  අරගෙන එහි සංයුතිය සොයා බලමින් විවිධ පර්යේෂණ කරා.  මේ බදාමයට ගත්තු සිමෙන්තිය පහසුවෙන් නැවත නිපදවිය හැකි දැයි තවමත් සොයමින් ඉන්නව. ඒකට ක්‍රමයක් සොයා ගත්තොත් ඒ අපේ රටට විතරක් නෙමෙයි, මුළු ලෝකයටම කොච්චර යහපතක් සලසාවි ද!   කවුද? කොහේද? කියල  නොලියන්නෙ ඒව කරන අපේ විද්වතුන්ට බාධාවක් නොවෙන්න ඕන නිසයි. මෙහෙමවත් විස්තර කිව්වෙ මේවගෙ දේවල් රැක ගැනීමේ  ප්‍රයෝජනේ මොකද්ද  වැනි පොඩි දරුවකුවත් නොකියන අන්දමේ ලාබාල කොමෙන්ටුවක් බුකියේ(fb එකේ) දකින්ඩ ලැබුණ හන්දයි.

මේ ඒ  පෟරාණික සංස්කෘතික උරුම දායාදයේ ගේ එක ප්‍රයෝජනයක් විතරයි!    ඉතිරි කරල තිව්වොත් මෙවැනි පුරාණ දායාදයන් හි වඩා ප්‍රයෝජන ලබනවා ඇත්තෙ අදටත් වඩා ඉදිරි පරම්පරාවල අය.

“ජේතවනාරාමෙ පොටෝ එකක් අරගෙන වෙනස් කරල විකාරයක් කළා. ඒක ෂෙයා කරා” කියල  මෑතදී facebook එකේ මහ කලබැගෑනියක් ඇතිවුනා. තවමත් ඉවර නෑ. බ්ලොග් වලිනුත් මේ පිළිබඳ හෝ ගාල කතා වෙනව. වීඩියෝත් කියනව. මාත් එකතු වුනේ ඒ කතාවටමයි.  ඒ කලබැගෑනියේ තරම බලන්න හිතෙනව නම් පහත ලින්කු වලින් FB ගිහින්, එහෙදි හම්බ වෙන තවත් FB සටහන් වලින් වගේම  තවත් බ්ලොග් වලටත් ගිහින්   බලන්ඩෝ.

https://c-u-l-t.blogspot.com/2017/04/blog-post_25.html?showComment=1493760847109#c4566605260003287517

https://www.facebook.com/permalink.php?story_fbid=835767309909878&id=100004298505403&pnref=story

http://c-u-l-t.blogspot.com/2017/04/blog-post_25.html

රසිකොලොජි – Rasikology: ජේතවනේ කුණු කන්දල් – Freedom of …

——————————————————————————————–

[i] ජේතවනාරාමය, අනුරාධපුර – විකිපීඩියා
Advertisements

10 thoughts on “යකඩ ගඩොල්

  1. ගොඩකාලෙකට පස්සේ ඔන්න පොස්ට් එකක් දැක්කා.
    ගඩොල් වලට දමපු බාදාමෙට දහයියා කුඩුයි මී පැනියි මිශ‍්‍රණයක් එකතුකලා කියනවා. හරියටම දන්නේ නෑ.
    අපේ ආගමමේ තියෙන අවිහිංසාවාදි ප‍්‍රතිපත්ති හින්දා තමයිි ඔය එක එකා පිස්සු පින්තුර හදලා දාන්නේ. ඔය වාගේ මුස්ලිම් ආගමික ස්ථානයකට අපහාස වෙන අන්දමේ පින්තූරයක් දැම්මානම් අර මුවිඳු බිනෝයි කියන පුද්ගලයාට වෙන්නේ තස්ලිමාට සල්මන් රුෂ්ඩිට වාගේ හැංගිලා ඉන්න.
    සියලුම ආගම් හා ඒවායේ සිද්ධස්ථාන නොව ආගම විනාශකරමින් ඒවටා සිටිමින් ඉන් පොෂණය ලබන අන්තගාමි පූජ්‍යපක්ෂය හා පුද්ගලයින් පමණක් විවේචනය කරමු.

    කැමතියි

    • ගොඩකාලෙකට පස්සෙ ස්තුතියි! මේ වෙලාවෙ නම් කොලොම්පුරේ ජයටම වෙසක් ඇති නේද? මී පැනි දහයියා භාවිත කළ බවකියවෙන පුරා කතාව මාත් අසා තියනවා. කොහොම හරි මේ පරීක්ෂණ සාර්ථක කරගත්තොත් ලොකු දෙයක් නේද? අන්තගාමීන් ගැන කතා කරලා වැඩක් නැති තරම් නේද අසංග

      කැමතියි

      • අභයගිරිය ස්තූපය නැවත සංරක්ෂණය කිරිමේදි මේ තාක්ෂණය යොදාගත්තා කියවෙනවා. අවාසනාවකට මගේ ආයතනයේ සුබසාධක සංගමෙන් සිදු කරපු අභයගිරිය ස්තූපයේ ගඩොල් ඉහලට අරන් යන ශ‍්‍රමදානයට එක්වෙන්න බැරිවුනා. එදා ගියානම් හරියටම දැනගන්න තිබුනා.

        කැමතියි

        • මේව අපේ ජාතික උරුමයන් විතරක් නෙවෙයි කවර බේදයක් හෝ නොමැතිව මුළුමහත් මනුෂ්‍ය ප්‍රජාවටම උරුම සම්පත්! අසිරිමත් සංස්කෘතික නිර්මාණ !! වෙලා ගියොත් හෝ විකෘති කළොත් නැවත පුනරුත්ථාපනය වෙන්නෙ නෑ.දළදා මාලිගයට පිවිසෙන තැන සඳකඩ පහණ විනාශ වුනා. ඒක තිබුණ වාගෙම නැවත හැදුව තමයි; ඒත් එය ඒ පුරාණ වස්තුව නෙවෙයි නේ. බොහොම වටිනා කර්තව්‍යයකට උරදුන් ඔබටත් ඔබේ ආයතනික සුබ සාධන සංගමයටත් නමස්කාර කරන්නෙමි

          කැමතියි

          • ජේතවනය සංරක්ෂණය කිරීම ඔබලා හිතන තරම් ලේසි උනේ නෑ. සංරක්ෂණ මුඋලදර්ම වලට මුල් අමුද්‍රව්‍ය වලට වඩා ශක්තිමත් බවෙන් අඩු අමුද්‍රව්‍ය තමයි යොදාගන්නේ ඊට හේතුව ශකිතිමත් බව වැඩි උනොත් පැරණි අමුද්‍රව්‍ය ඉතා ඉකමනි හායනයට ලක්වන නිසා . මෙම අන්භයගිරිය බැඳීමට යොදාගත් ගඩොල සුවිශේෂී එකක් එහි දිග පළල උස වෙනස් එමෙන්ම මෙය නිර්මාණය කිරීමට පෙර අපේ කම්කරුවන් පිටරට ගොස් පුහුණු වීමක් ලැබුවා මෙම ගඩොල් තාක්ෂනය ගැන ඉන්පසුව අනුරාධපුරයට නුදුරින් මෙම ගඩොල් නිෂ්පාදනය සඳහා වෙනා පෝරණුවක් සාදා එම අනුපාතයන් අනුව මෙම ගඩොල් නිෂ්පාදනය කළා. මෙහි කුස්තූර සඳහා යොදාගත්තේ සිමෙන්ති නොවෙඉ ගඩොල් කුඩු, උළු කුඩු , මකුල් මැටි , දහයියා කුඩු යන මිශ්‍රණයයි . ඒවා කුඩු කරගනීමටස්ද වෙනම ස්ථානයක් සැකසුවා. ය අබ්ඝයගිරියට පහලින් සකස් කර තිබුනා.

            කැමතියි

  2. හිත්වත් ගුණසිංහ මහත්මයාණෙනි,

    හදිසියේ අහම්බයක් මෙන් මුනගැසී, ඔබතුමන්ගේ බ්ලොග් ඩවියට පිවිසියෙමි.
    යූටියුබ් චැනලයද මහත් අභිරුචියෙන් බැලුවෙමි.
    ඔබතුමන් බොහෝ වෙහෙස මහන්සි වී මේ තොරතුරු සම්භාරය එක් රැස් කර ඇති බව ඉතාම හොඳින් පෙනීයයි.
    සැබැවින්ම මගේ හෘදයාංගම ස්තුතිය හා ගෞරවය ඊට පුදකරන්න කැමතියි.
    තව බොහෝ කලක් නිරෝගීව සතුටින් මේ කටයුතු කාරනා ඉදිරියටම කරගෙන යාමටත්
    අපේ දේශීය දැනුම් සම්භාරය අභාවයට යා නොදී චිරව රැකගැනීමට
    ඔබතුමන්ට ශක්තිය ධෛර්යය නොමඳව ලැබේවායි පතමි.

    Liked by 1 person

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )