සුබ නව වසරක් වේවා

 

2017 සියලු දුක්ඛ දෝමනස්සයන් දුරීන්භුතවූ සුබ නව වසරක් වේවා

img_4706abcd 

මේ දිනවල තිබුණ වැඩ කන්දරාව හින්ද බ්ලොග් ලොවට එබී බලන්නට වත් බැරි වුනාට සමාව දෙත්වා.   සාම්ප්‍රදායික රැඟුම් සංරක්ෂණය කරමින් තවමත් රැඟුම් පාන කුඹල්මුල්ල කපු නැටුම් ශිල්පීහු සිය රැඟුම් පාලිවල වල එක් පාලියක මේ ගමටත්, අහල ගං හතකටත්, මුළු රටටත්, දේස දිපංකරයටත්, ලබන නව වසරට සුබ පැතූම් එක් කරති. උඳුවප් මහ නිම වන්නා හාම යකුන් පළායමින් දෙවොල් වැනි තවත් යකුන් කොටසක් පත්තිනි අනුහසින් දේවත්වයට පැමිණ උදාවන බුද්ධ මාස වලින් ඇරඹෙන නව වසරට සෙත් සුව සලසති. සියලු දෙවියන්ට “පස්වාන් දහසකට ආවීම බොහෝවා” යි පතමින් උග්ගල් අලුත්නුවර ගමේ පාන්මඩු වේදී සාම්ප්‍රදායික ශිල්ප ශාස්ත්‍ර රැකගන්නා දැනමුත්තන්  ගමට, රටට හා ලොවටම  සෙත් පතනු ඇසිය, දැකිය හැකියි. එම පෞරාණික යැදීමේ අන්තර් ගතය කැටි කළ විට මෙන්න මෙහෙමයි.

“දහසක් දැන වැරදි දහසක් නොදැන වැරදි තිබුණත් ඒ සියල්ලට සමාව දී වදාරා, මතු බුදුබවට පැමිණෙන මහා බලැති පත්තිනි දේව මෑනියන්, මහා විෂ්ණු දේව, සමන් දේව සහ කතරගම දේව රාජයාණන් වහන්සේලා යන සතර දේවානුභාවයෙන් අපටත් මෙහි සිටින සැමටත් මුළු පළාතටත් මුළු ලංකාවටත් දේස දීපංකරයටත්  සියලු දුක්ඛ දෝමනස්සයන් දුරීභූතව සුබ නව වසරක් වේවා” ¹

sugv ද ඔවුන් හා එක්ව  බ්ලොග් හිත මිතුරන් සැමටත් ලොවේ සැමටත් සුබ නව වසරක් වේවායි පතයි.


1 උග්ගල් අලුත්නුවර වසරක් අවසන් කරන උත්සවය වන පහන් මඩු යාගයේ දී අසන්නට දකින්නට ලැබෙන පාන්මඩු රැඟුම්  ගායන අවස්ථාවේ යාදිනි ඇසුරෙනි.

Advertisements