දුටු නොදුටු මහ පෙරහර අංග

උග්ගල් අලුත්නුවර පුරාණ මහ පෙරහර

මුල්වතාවට ක්‍රි.ව.1583 පැවැත්වූ බව කිව්වත් ඒ කාලෙ පෙරහර දුටු කෙනෙක් අද නෑ. පෙරහර පහලොස්දවසක් කළ බව විතරයි ලේඛන ගතව හමුවෙන්නෙ[i].  1945 විතර දකින්ඩ ලැබුණ පෙරහරේ ඡායාරූප දෙකක් මෙතන තියනව [ii]  

සබරගමු පැරණී ලියවිලි වෙතිනි

සබරගමු පැරණී ලියවිලි වෙතිනි

සබරගමු පැරණී ලියවිලි වෙතිනි

සබරගමු පැරණී ලියවිලි වෙතිනි මෙහි දක්නට ඇත්තේ බස්නායක නිළමේවරයා කැඳවාගෙන යන අවස්ථාවය

ඒව බොහෝ දෙනකුට දකින්නට නොහැකිවුන  උග්ගල් අලුත්නුවර පුරාණ පෙරහර අවස්ථා දෙකක්. ගුණාත්මක බව පහළ වුනත් තොරතුරු ගන්න ප්‍රමාණවත් වේවි නේද ?

devi bas

ඒ එක්කම 2015 පෙරහරේ අවස්ථා දෙකක් සසඳා බලන්න ප්‍රයෝජනවත් නේද ?

 නානුමුර මංගල්ලෙ

දේවාලෙ “ඇතුල් කට්ටලේ” ට සීමා වුන පෙරහර සිරිත් විරිත් ඒවා ඉටු කරන අයට මිස වෙනකාටවත් බලන්න ලැබෙන්නෙ නෑ.  ඒවයෙ විස්තර ඇහුවත් එකිනෙකට වෙනස් තොරතුරු අහන්ට ලැබෙන නිසා  නිවැරදිම  තොරතුරු ලැබෙන්නෙ නැති තරම්. නානුමුර මංගල්ලෙ කියන්නෙ මහ පෙරහර දිනට එළිවෙන්න තිබිය දී කෙරෙන බලවත්ම  රාජකාරියක්.  ඒමේ වෙලාවට එතනට යන්න පිටකට්ටලේ අයගෙන් අවසර ලැබෙන්නෙ රන්සළු පංගුවේ අයකුට සහ නවන් පංගුවේ අයකුට පමණයි. මේ අය එකිනෙකා විමසුවත් අහන්ඩ ලැබෙන්නෙ  “රහස් රාජකාරියක්” කියන වචන දෙක විතරයි. විවිධ අවස්ථාවල ඇතුල් කට්ටලේ  ඇත්තන් සියලු දෙනා විමසීමෙන් පසුවත්   අහ දැනගන්න හැකි වුනේ “දෙයිහාමුදුරුවන් නාවල අලුතෙන් සළු පිළි පලන්දන එක තමයි ඒ වෙලාවෙ සිද්ද වෙන්නෙ” යි කියන විස්තරේ පමණයි. එහි දී සිදු කෙරෙන කටයුතු කිසිවක්ම පවසන්න මේ ඇත්තන් කැමති නෑ. ඒව “අහන්නත් නාකයි. කියන්නත් නාකයි” ඒ ඒව “රහස් රාජකාරි” නිසයි.

උඩ මළුවේ මහපෙරහර

මහ පෙරහර සම්බන්ධ උඩමළුවේ රාජකාරි ආරම්බ වෙන්නෙ හවස් වුනාම. පෙරහර බලන්න එන අයගෙන් උඩමළුවේ සිදුවන පුරාණ පෙරහර සිරිත් රාජකාරි දකින්න ලැබෙන්න‍ෙ ඉතාම සුළු පිරිසකට විතරයි.  එහි දී ඉටු කෙරෙන අපූරු රාජකාරි සිරිත් සහ ව්‍යවහාරවන වදන් ආදියත් අමුතුම අමුතුයි. ඒවායින් කීපයක්  පහතින් දක්වා තියනව.

මුරුතැන් රාලේ රාජකාරියට වරේන්” මේ ඇතුල් කට්ටලේ වට්ටෝරු පංගවේ ඇත්තකු  මහ හඬින් කරන අණ දීමක්. මේක දකින්න නනම් ගබඩා කාමර ඉදිරියේ සිට මැද මිදුල හරහා දිග්ගේ දොරටුව දෙස බලා ඉන්න ඕන.

දියවඩං තේවය” මේ පෙරහර සම්බන්ධ ආරම්භක තේවා වතාව. මෙහිදී මුරුතැන් රාල ඉතාම ගරු සරු ඇතිව  දියෙන් පිරුන රන්කෙන්ඩිය රතු රෙද්දකින් ආවරණය කරගෙන වැඩමවාගෙන ; පයට පාවඩ, උඩට උඩුවියන් ඇතුව දිග්ගෙය මැදින් වැඩහිටින මාලිගයට යනව.

ගං දෙකේ නිලමක්කාරයො ඇවිල්ල ඉන්නව ද? ආලත්ති ඉලංගං වලින් ඇවිල්ල ඉන්නවද ? නීල පන්දම අරන් වරේන් ! රාජකාරියට ලැහැත්ති වෙයල්ල” මේ උස් රළු හඬින් මළුවෙ විදානේ විසින් කෙරෙන අණ දීමෙන් අනතුරුව නීලපන්දම ගෙන එන සැටිත් දෙයියන් වඳින හැටිත්,  පමණක් නොවෙයි දිග්ගෙය තුළ හා විහාර මළුවේ සිදුවෙන තවත් රාජකාරි මහ ගොඩකුත් තියයනව. ඩේටා ටිකක් යාවි තමයි, ඒත් හැකි තරමින් සම්පිණ්ඩනය කළ ඒ අමුතු සිරිත් හඳුන්වා දෙන සටහන් සමග  මේ  වීඩියෝවෙ තියනව. (වීඩියෝ ක්ලිපය විනාඩි 20 ක් කාලය ගන්නා බව සලකන්න)

විශේෂ වදන් විමසුම

  • ඇතුල් කට්ටලේ : දේවාල දිග්ගේ සිට වැඩහිටින මාලිගයට පිවිසෙන මහදොරටුවෙන් ඇතුලත කොටසේ රාජකාර ඇති සීමිත පිරිස
  • රාජකාරිය : මෙයින් අදහස් කරන්නේ වර්තමාන රජයේ සේවාවක් නොව පුරාණ රජතුමා විසින් පවරා ඇති සේවාවන් ඉටුකළ පරම්පරාවෙන් පැවත එන සේවා කරන අයයි. මෙහිදී එය සේවය නොව තේවාව ලෙස හැඳින්වෙයි.
  • රහස් රාජකාරිය : වෙනත් අයට නොපෙනී ඉටු කරන හා නොකියන, ඒ ඒ අයට පමණක් සීමාවන තේවා
  • නාකයි : නරකයි හෙවත් තහංචියි
  • මුළුතැන් රාල : මුළුතැන් ගෙයි රාජකාරි භාර රාජකාරි ඇත්තා
  • දියවඩං තේවය : දෙවියන්ට දිය පූජා කිරීම
  • ගංදෙක : දේවාල ගම් දෙක එනම් අලුත්නුවර හා නළුවෙල ගම්
  • නිලමක්කාරයා : නිලකරු හෙවත්  රාජකාරි කරු
  • ආලත්ති : දෙවියන් ඉදිරියේ (මහදොරටුව ඉදිරියේ) පහන් කරකවමින් ආවඩන කාන්තාවන්
  • ඉලංගං : ආරක්ෂක ආයුධ දරන්නන්
  • නීලපන්දම : දෙවියන් වෙනුවෙන් ගෙන යන නිල පන්දම භාරකුරු

——————————————————————————

[i] M4 – සීමාසංකර විනෝදනී පුස්කොල පොත අග පිටු – ලංකා කෞතුකාගාරය කොළඹ

[ii] සබරගමුවේ පැරණි ලියවිලි- පූජ්‍ය පණ්ඩිත කිරිඇල්ලේ ඤාණවිමල නාහිමි

24 thoughts on “දුටු නොදුටු මහ පෙරහර අංග

  1. මේ මොනවා ලිව්වත්, පෙරහැර කාලේ ගෙදර ඉන්න බැරිවෙච්චි එක ගැනනම්, පුංචි දුකක්වත් හිතේ කොනක ඇති ගුණසිංහ මහත්තයාගේ. ඔන්න බලන්න, නවීන තාක්‍ෂණය පාවිච්චි කරලා webcast එකක් දැම්මානම්, ලෝකයේ කොහේ හිටියත්, සජීවීව බලනවනේ. කවුරුහරි, වගකිවයුත්තන්ට ඒවා පැහැදිලි කරදීම වැදගත්. අපේ ලයනල් මහත්තයා එහෙම ඇවිත් බලන්නේ නැතෑ.

    පාරිභාෂික වචන වලින් ගොඩක් දේවල් දැනගත්තා.

    පින්තූර සහ වීඩියෝ වෙනත් අඩවි වලට වඩා ලොකුවට පෙනෙන එක ගැනනම් දැනෙන්නේ මහා විසාල සතුටක් ගුණසිංහ මහත්තයෝ. මම බලන්නේ අඟල් 24 LCD තිරයකින්. ඒ නිසා හොඳට බලන්න පුළුවන්.

    පොඩි ප්‍රශ්නයක් තියනවා. මේ අඩවිය https://sugv.wordpress.com/ හැටියට, මගේ බ්ලොග් ලයිස්තුවේ දාගෙන හිටියත්, පෙන්වන්නේ ‘දෙයියන්නේ රටේ’ කියන නමින් නෙවෙයි. ඒ ඒ ලිපියට අදාළ මාතෘකාවෙන්. මේක ගැන පොඩ්ඩක් හොයාබලන්න.

    කැමතියි

    • ඇත්තටම ඔබතුමා පවසන්නෙ හැබෑවක් විචාරක තුමා. ඉතා කුඩා කාලයේ සිටම ලංකාවෙ කොහේ හිටියත් පැමිණි පෙරහර උත්සවය මගහැරුනෙ මේ අවුරුද්දෙ. හිතේ පාළුවක් සහ දුකක් තියනවා. පෙරහර සම්බන්ධව ඇතිවන දුරකථන සංවාද සහ පණිවුඩ මේ දිනවල බහුලයි. විද්වතුන් කීප දෙනකුම ගමේ නැති බව නොදැන මා හමු වීම පිණිස ගොස් ඇති බවත් දැන ගන්නට ලැබුණා.මෙවැනි හේතු නිසා ඒ දුක තීව්‍ර වෙනවා.

      ඔව් ඔව් ලයනල් මහත්මා විශ්‍රාම සුවයෙන් ඉන්න බව බ්ලොග් එකේ සඳහන් වුනාට විශාල වගකීම් සහිතව කාර්ය බහුලව ඉන්න තැනැත්තෙක් ඒ කොහොම වුනත්, මොනතරම් වගකීම් තිබුණත් පෙරහරට ඒවි.

      ඔබතුමා පවසන තාක්ෂණ ගැටළුව විසඳා ගත හැක්කෙ කෙසේද කියා මට කොහොමවත්ම හිතාගන්න බෑ. නම නොපෙන්වීම ගැන විද්වතුන් කීප දෙනෙකුම දුරකථනයෙන් කතා කරද්දිත් විමසුවා. විචාරකතුමාට විසදුමක් සොයන්න අපහසු නම් මට කෙසේවත් සොයන්න වෙන එකක් නෑ. මේ තරමින් වෙනත් අයට කියවන්න පහසු මට්ටමකට ගෙනාවෙ ඔබතුමාම නේ . විවේක ඇති විටක මේ ගැන සිතා බලන ලෙස ඉල්ලමි.

      කැමතියි

  2. ගුණේ මහත්තයෝ..කාලෙකට පස්සේ මාත් මේ පැත්තේ ආවා.

    … බ්ලොග්ස් කියවනවා තාමත් පෙර පුරුද්දට. මේකත් හරියට ..තාමත් ගිරව් එනවා පෙර පුරුද්දට වගේ.

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.