අකුරු කරන්ඩ ගිය හැටි

තාවකාලිකව ඉවත් කර ඇති බව සලකන්න

8 thoughts on “අකුරු කරන්ඩ ගිය හැටි

  1. මහා ප්‍රාඥයන්, වෛද්‍ය විශේෂඥයන්, දැන නොසිටිය ඉතා වැදගත් සරල කාරණයක් තියනවා ගුණසිංහ මහත්තයෝ. ඒ තමයි, වැලිපිල්ලේ අකුරු ලියනකොට ඇඟිල්ලේ ස්නායු උත්තේජනයය වීමෙන්, ඇඟිල්ල ඒ ඒ අකුර අනුව චලනය වන රටාව, මනෝ චිත්‍රයක් ලෙස, දරුවාගේ මොලයේ සටහන්වීම. ඒ සමගම අයනු කී අයන්නේ…….ආදී වශයෙන් කියන වාක්‍ය මතකයේ තැන්පත්වීමෙන්, එම චිත්‍රයට අදාළ මතකය වාචික වශයෙන් තහවුරු වෙනවා. පේනවා නේද ඒ වැඩේ තියන වටිනාකම. ඔන්න ඔය නිසා තමා, අදත් ළදරු පාසල්වල වැලිමුල්ලක් පවත්වාගෙන යන්නේ.

    බුදු අම්මෝ………… මම ඉස්කෝලේ ගියහැටි වෙනම ලිපියක් ලියන්ඩ වෙනවා. ලියන්නම්කො දවසක. අම්මයි තාත්තයි ළමයි ටිකයි ඉස්කෝලේ යාම අපේ පවුලේ චාලිත්තරයක් ඒ දවස්වල.

    මොකුත් නොලියා සද්ද නැතුව ඉන්න එකට නෝක්කාඩු කියන්නයි හිතාගෙන හිටියේ. මෙන්න එතකොටම ලියලා. බොහොම හොඳයි.

    කැමතියි

    • ඔබතුමා පවසන කරුණු ඉතාම වැදගත් . දැනටමත් ලංකාවේ ප්‍රාථමික පාසල් වල වැලි පිල්ලේ වැදගත් කම තේරුම් අරන් ක්‍රියාත්මක වෙනවා. ඇමරිකාවෙත් ප්‍රාථමික අවදියේ වැලි වතුර වගේ දේවලින් ලබන අත්දැකීම් වලට දරුවන්ව යොමු කරන බව පෙනී යනවා. වැලිපිල්ල භාවිතයේ පවතින වටිනාකම තවදුරටත් තහවුරු කරදීම වෙනුවෙන් ස්තුතියි විචාරකතුමාට වැඩ අඩු වෙලාවක් තෝරා ගෙන පාසල් ගිය හැටි කියවන්න මග බලා සිටිනවා.

      කැමතියි

  2. අපේ හාන්දුරුවරු ඔය හැම දේම කරලා ගමේ නායකත්වයත් අරගෙන පවුල් කීපෙකුත් රැක්කා… ඉස්සර ගමේ චන්ඩියා තමයි පන්සලේ ළොකු හාමුදුර්වෝ… අපේ පනසලේ නම් බොහෝම පරසිද්ද දෙන්නෙක්ම වැඩ උන්නා. දෙන්නම් උපකුලපතිවරු.. වැලමිටියාවේ කුසළධම්ම හා කඹුරුගමුවේ වජිර… ඒත් පහුගිය කාලේ චන්ඩියා උනේ.. ආචාර්ය මර්වින් සිල්වා.. දැන් ප්‍රසන්න රණවීර…

    කැමතියි

    • මේ අදහස එක් කළාට ස්තුතියි මාතලන්. මේ පැත්තෙ පන්සලක සිටි බළන්ගොඩ ආනන්දමෛත්‍රෙය හිමියන් වැනි ලෝකප්‍රකට වියතකු වියෝ වී ගොස් ඇතත් ඒ ආභාසය මෙහි හිමිවරුන් වෙතින් තවම බැහැරව නැති බව පෙනෙනවා. උසාවි ක්‍රියාමාර්ගයෙන් නිදහස්ව හිමිවූ කූරගල මැදිකරගෙන ගැටුමක් අවුලවන්නට පැමිණි නානසාරලා පිරිවර සහිතව බළන්ගොඩට එන්න ආවා. මේ භූතයන් පලවා හරින්න අභිතව පෙරමුණට පැමිණි හිමිවරුන් කීපනමක්ම විසින් බළන්ගොඩින් බියජනක ලෙස අැවිලෙන්නට ගිය වාර්ගික ගැටළුව වැලකී ගියා. කිසිවකුට ගැති නොවී ආගමික නායකත්වය දෙන; දැනට වයෝවෘද්ධව සිටින මේ මහ වියතුන් නිසා ද කොහෙද බළන්ගොඩින් තවම ප්‍රසිද්ධ නරුමයන් පහල වෙලා නැහැ.

      කැමතියි

  3. මේ පැරැන්නා වගේ සමහර පැරැන්නො තවමත් කියන්නෙ ගුටි කෑමේ යහපත් ප්‍රථිඵල ගැන මෙහෙම දොඩවන්නෙ ඇයිද කියල මටත් තේරුම් ගන්න බැහැ අජිත්. දරුවන්ට තැලීම සහ අමානුෂික දඬුුවම්ක්‍රම උඩරට සමාජයේ පැවති දුෂ්ට ලක්ෂණයන් බව පෙනී යනවා. මේ නිලමේ වරයාගේ අවදිය වනවිට ද දරුවන්ට තලන්න ඕන කියන මතය තදින් මුල් බැස ගොස් තිබුණ බව පෙනීයනවා. ලංකාවේ පාසල් පද්ධතිය තුළටද කාන්දු වී තිබුණ දරුවන්ට තලා පෙලා ඉගැන්වීමට තැත්කිරීම 1970 දශකය දක්වාම ඇබ්බැහියක් ලෙස පැවතුන බව අපේ අත්දැකීම් අනුවද පෙනී ගිය දුර්ගුණයක්

    Liked by 2 people

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )