sugv ටත් සම්මාන

ගංගොඩයට- සම්මාන දෙන්න ?

මේ වෙලාවෙ රටේවත් නැති එකකුට මොන සම්මානෙයද්ද ?  අඩු ගානෙ උත්සව සංවිදායකයො ගැන විතරක් නෙමෙයි ඒක තියන තැනක්වත් දැන හිටිය ද ? රටේ හිටියද්දි වුනත්,  ගිය අවරුද්දෙ තිබිච්ච උත්සවේ දැන දැනත්, ආපු කෙනෙක් වත් නෙමෙයි නේද? කාටවත් පන්දමක් නාල්ල අල්ලසක් නොදී සම්මාන තියා අඩු ගානෙ පිං ඉස්පිරිතාලෙ බෙහෙත් ඩිංගක් වත් ලේසියෙං  ගන්න පුළුවන් කාලයද් ද ? සාමාන්නියෙන් සම්මානයක් ගන්ඩ නං ඔය කිවව වගේ වගේ සුදුසු කං වලිං එක දෙකක් වත් එපා යැ. IMG_0691

“ඔන්න දෙයියන්නෙ රටේත් නිර්දේස වෙලා තියනව. ඒ හන්ද එන්නම වෙනව”. මේ පයින්ඩෙ ලැබුණෙ අනුංගෙ ඊමේල්ලුවක්  මගිං. මං විතරක් නෙමයි, මයෙ ඊ මේල්ලුවත් හිර වෙලා තිබුණ හන්ද මොනව වෙනවද කියල දන්නෙ නැතුව හිටියෙ. ඔය අතරෙ දි තමයි කුරුටු ගෑ ගී පවුරෙ  කොල්ලො කෙල්ලො ටික (කොල්ලො කෙල්ලො කිව්වට උං සෑහෙන්ඩ වැඩ කාරයො) කොහොම හරි පයින්ඩෙ මට ලැබන්ඩ සලස්සල තියෙන්නෙ.

නෙළුම් යාය ලියන අජිත්ල, සංවිධානය කරන අනෙක් අය  කවමදාවත් දැකල නැති වුනත්;  යමක් කරන්න දඟලන  “මිනිස්සු­” බව උං ගෙ බ්ලොග් වලිනුය් ඒවට එන කොමෙන්ටු වලිනුයි  දැන කියාගන හිටිය. ඒ හන්ද මේ පාර උත්සවේ බලන්න නං යන්න ඕන කියල හිතාගන හිටියේ මේ “මිනිස්සු” වැඩි ගානක් එක තැනකදි එකවර දැක ගන්න ලැබෙන වෙලාවක් හන්ද.

නිර්දේස වෙලා තියන බව දැනගත්තම නොයා හිටියොත් ඒ ඇත්තන්ට අපහාස කළා වෙනව නෙව.  ඒ හන්ද මගේ තියන අමාරුව කුරුටු ගාන අයට කියකියා කොමන්ටු කොට කොටා  නෙළුම් යාය කට්ටියට එකතුවුනා. කොච්චර වැඩ තිබුණත් කොහොම හරි ගිහින් විචාරකතුමා  හම්බ වෙලා හරි මට වෙලා තියන අකරතැබ්බය කියල “දුක කියල එන්න” කියල මයෙ කොලුපැටියට යන්න කිව්ව

ඉතිහාස අංසෙ සම්මානෙ ලැබුණය කියල ඇහුව වෙලාවෙ එතෙන්ට ගිය කොලු පැටියට විතරක් නෙමෙයි ඒක අහගත්තු මටත් ඉන්න තැනත්  හිතාගන්න බැරි  තරං සතුටක්! ඉතින් ඔක්කොමලාට පිං දෙන ගමන් මම සම්මානය ඉහ මුදුනින්ම පිළිගන්නව කියල කියන්නයි මේ ලිව්වෙ. බ්ලොග් සම්මාන දීම ගැන මල් පොකුරු ගල්මුල් ගැන කියව කියව හිටිය මිසක් මොනවත් ලියන්න කල්පනාවක් තිබුණෙ නැති හැටි ! ඊයේ පෙරේද බ්ලොග් සම්මාන ගැන  ඇවිද්ද පය ……  ලිව්ව අලුත්ම පෝස්ටුව  දැක්කම ආයෙ කාටවත් ඒගැන ලියන්න දෙයක් ඉතුරු ද මන්ද.

ඉතින් නුදුටු “මිනිසුනේ” මම මේ සම්මානය පිලිගත්තා. සේරමලාට ස්තුතියි.

විශේෂ වදන් (දේවාල ගමේ පැරණි දැනමුත්තන්ගේ ව්‍යවහාරයෙන් උපුටාගත් වදන්) විමසුම

  • පිං ඉස්පිරිතාලෙ – රජයේ රෝහල
  • සාමාන්නිය – සාමාන්‍යය
  • පයින්ඩෙ – පණිවුඩය (මීටම සමාන අර්ථයෙන් “පයිඬ” යන වදන ද  දේවාල කටයුතුවලදී ව්‍යවහාර වේ)
  • දුකකීම – කණගාටුවීම මෙන්ම  කණගාටුව ප්‍රකාශකර  සමාව ඉල්ලීමටද මෙය භාවිතවන බව පෙනේ.

 

14 thoughts on “sugv ටත් සම්මාන

  1. ඔබේ බ්ලොග් එක මට නම් බොහොම වටිනා කියන තැනක්.
    “උග්ගල් අලුත්නුවර ” සිද්ධ වෙන දේවල් අපි වගේ ලංකාවේ පිටත මායිමට ආසන්නව ජීවත් වෙන උන්ට වෙනස්ම නැවුම් ම අත්දැකීමක්.
    කියෝන කියෝන වාරයක් පාසා ඒ වගේ චාරිත්‍ර වාරිත්‍ර බලන්න එන්න ලොකු අසාවක් හිතට එනවා…

    ——————ලබාපු සම්මානෙට මෙන්න මගෙනුත් සුබ පැතුම්..————————

    කැමතියි

  2. හෙහ් හෙහ්, ඔන්න එහෙනම් දෙයියන්නේ රටේටත් සම්මාන ලැබුණා. මමනම් ඇත්තටම හිතන්නේ මේක අපේ ගුණසිංහ මහත්තයා දෙස දෙයියෝ බැලීමක්. එක අරමුණක ඉඳගෙන, වෙහෙසීමෙන්, කැපවීමෙන්, නොකඩවාම යම් උත්සාහයක යෙදෙනවානම්, එයින් සාර්ථක ප්‍රතිඵල ලැබෙන බවට මේක හොඳ සාක්කියක්.

    ජයවේවා!

    කැමතියි

  3. මම කැමතිම බ්ලොග් අඩවි වලින් එකක්… හේතුව මගේ රැකියාවට සම්බන්ධ නිසා… කොමෙන්ට් නොකලට හැම ළිපියම කියවනවා…

    ජයවේවා… කොලු පැටියා හම්බ වෙලා කතා කලා.. කරූටත් පොර දැක්කම ආස හිතුනා.. හැන්ඩි කොලු පැටියා….

    කැමතියි

    • කාලයටයි තාලයටයි ගැලපෙන අපූරු ශෙයිලියකින් ලියන මාතලන් ලිපි වලට කොමෙන්ට නොකළ පාඨක ගොඩට වැටෙන මා පමණක් නොව තවත් මහ විශාල පිරිසක් ඉන්නවා. ගල්මුල් එවන කිසිවකුට මාතලන් ගැන නිවැරදි විනිශ්චයකට එන්න බැරිව දඟලන හැටි බලන්න ඕන නිසාම මාත් හැමදාම මුලින්ම බලන්නෙ මාතලන් ලිව්වෙ මොනවද කියලයි.මෙතනට ඇවිත් කොමෙන්ටුවක් දැම්ම එක මට මහ විශාල ධෛර්යයක් ගොඩාක් ස්තුතියි

      Liked by 1 person

  4. මම ඔය බ්ලොග් සම්මාන උලෙලේ ලිස්ට් එකක් ඉල්ලුවා කීප දෙනෙකුගෙන් එහෙම එකක් ලැබුනේ නෑ…අඩුතරමෙ කවුද සම්මාන ගත්තේ කියලාවත් බලාකියා ගන්න..

    කැමතියි

  5. මුල ඉදලම මම කියවුවානෙ ගුණසිංහ අයියාගේ ලිපි. ඒවා ගොඩාක් වටිනා කියන දේ. වඩාත් වටින්නෙ පැරණි දැණුම අළුත් තාක්ෂණය යෙදාගෙන සමාජ ගත කිරීමට ගන්නා උත්සාහයයි. මේවා වටිනා කියන වැඩ. මගේ කෝණයෙන් බැලුවහාම මෙහි අන්තර් ගතය ආචාර්ය උපාධියක නිබන්ධනයකටත් වඩා ඉහලයි. මම පතනවා මෙම කාර්යට සම්මාන ආචාර්ය උපාධියක් ලැබේන්න ඔනි කියලා. ලැබුන සම්මානයටත්, එය අගය කර දුන් ආයතනයටත් මගේ අප්‍රමාන ස්තූතිය සටහන් කරමි.

    කැමතියි

  6. පින්ග්කිරීම: sugv ටත් සම්මාන – gamewiththi ගමේ විත්ති

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.