ගොඩයෙක් අහසින් යයි 5

 

රයිට් දෙබෑයංගෙ අටමගලෙ

මොකවත් නොදන්න එකෙක් අහසින් යනවා කියන්නෙ බයෙන් සැකෙන්  යන ගමනක්.  දෙයියන්නෙ ගං යායෙ විස්තර ලියනඑක පොඩ්ඩකට නවත්තල ගමට   කොටුවෙලා හිටිය  sugv  මේ පෝස්ටුව දාන්න හිතුවෙ තනියම යන්ඩ ගිහින් ඇතිවුන පුරස්න විසඳා ගත්තු හැටි කියන්ඩයි.  පළමු වරට නං මේ පෝස්ටුවට ආවෙ 1,2,3,4 පෝස්ටු කියවලාම හිටියොත් වැඩිය හොඳයි.    කම්මැලි නැත්නං අගට ගිහින් පැරණි ලිපි කියල තියන තැන ක්ලික් කරන්න.

ගංගොඩය අහසින් ගිය කතන්දරේ ඉවර කරන්ඩ හිතාගන ලිව්ව හන්ද පෝස්ටුව  දිග වැඩි උනාට සමාවෙන්ඩෝ

 

තවම හීත්රෝවෙන් උඩට නැග්ග විතරයි. ඔන්න බලන්ඩකො ලන්ඩන් අහස හරිහැටි පහු කරන්ඩත් ඉස්සෙල්ලම  ඇවිත් තියන උඩ… !  අඩි 34000 කටත් වඩා උඩට ඇවිත්

මගේ සීට් එක ඉස්සරහ රෑප තිරේ දාල තිබුණෙ පිචැර් බලන්න නෙවී ගමන යන හැටි බලන්න

මගේ සීට් එක ඉස්සරහ රූප තිරේ මම හදාගත්තෙ පිචැර් බලන්න නෙවී ගමන යන හැටි බලන්න

 

මදෑ රයිට් දෙබෑයො(ඕවිල් සහ විල්බර්) සෙල්ලමට වගේ උල ගහපු   අටමගලෙන් අනෙක් මිනිස්සු ඇවිස්සිලා දියුණු කරපු තරම ! අවුරුදු සීයක් විතර යද්දිි, මේ දැං යන වේගය පැයට සැතපුම් 519 යි. අපේ කණට මොකක්  හරි  සද්දෙයක් ඇහෙන්ඩ යන ඇසිල්ලටත් වඩා වේගෙන් තමයි මේක දැන් යන්නෙ.

අපි යන පාර තිරයෙ පෙන්නන හැටි

අපි යන පාර තිරයෙ පෙන්නන හැටි

අපි උතුරු ඇමරිකාව දිහාට ගිහින් නිවුපවුන්ඩ් ලන්තෙ හරහා යන්නෙ ඇයි? ඇට්ලන්ටාවට යන ගමනට පැය නවයක් ගන්නෙ මෙහෙම වටයක් ගහන හින්ද නේ.  මේකට හේතුව බාගදා මේ විදිහට යන කොට අත්ලන්තික් මහ සාගරේ මැද්දෙ ගොඩබිමක් නොපෙනී තනියම  යන්න තියන දුර අඩු නිසා යි සිතීම හරි දැයි හිතන එක වැරදි බව අරුණිසපීරෝ සිය කොමෙන්ටුවෙන් පැහැදිලි කරනවා. කුමක්ද හරි කියලා බලන්න කැමති අයට හොඳ ක්‍රියාකාරකමක්; අරුණි එක්කත් කතා කරල මාත් එතනම යෝජනා කළා. ඉගෙන ගන්න දරුවන්ට ඒක කරල බලල තමතමන් දුටුව දේ ලියන්න කියලත් ඉල්ලනවා.(ක්‍රියාකාරකම තියෙන්නෙ අරණි සපීරෝගෙ කොමන්ටුවට දෙන ප්‍රති පිළිතුර විදිහට බව සලකන්ඩ)

එක අතකින්    මේ විදිහට යන කොට  “යකාගෙ මුහුද ” හරියට කිට්ටු වෙන්නෙත් නෑ.2 

මේ මුළුතුන ඇතුලත මුහුද තමා බ්ර්මියුඩා තිරිකෝණය කියන්නෙ

මේ මුළු තුන ඇතුලත මුහුද තමා බ්ර්මියුඩා තිරිකෝණය කියන්නෙ. යකාගෙ මුහුද කිවවෙ මේ හරියට(අන්තර්ජාලයෙන්)

 ඒ ගැන බයෙන් ඉන්න අයටත් මෙහෙම යන එක සැනසීමයි නේ. 

 

මේ සිතියම බලන්ඩකො. ඇට්ලන්ටාවට කෙලින්ම යනව නං පැය අටයි

ඇට්ලන්ටාවට යන විදිහ සිතියමේ පෙන්වන ආකාරය (ගූගල් සිතියම)

 

A3

අහසියන්තරාවෙ තටුවක් තමයි ඔය උඩින් පේන්නෙ බැලුවාම නිකම්ම තියනවා වගෙයි දැනෙන්නෙ

දැන් වලාකුළු වියනටත් උඩින් අපි යන්නෙ. ටිකක් වෙලා යද්දී දන්නෙම නැතුව මට නින්ද ගිහින්.

“අන්න  බිම යස රඟේට පේනවා”   හදිසියෙම්ම අපේ ගුරුහ මූලිකාව කියනවා ඇහුනාමයි ආයෙත් ජනේලයට එබුණෙ. “දෙයියනේ නිවුපවුන්ඩ් ලන්තෙ, ඔය පෙනෙන්නෙ බිම” තමයි. A5

නිවුපවුන්ඩ් ලන්ත ලැබ්‍රඩෝර් ඉම හරහා මිචිගන් විලත් පහු කරගෙන ඇට්ලන්ටාව දිහාට යන අපූරුව බල බලා ගියෙ ගමනාන්ත සිහින දකිමින්.

අහස පැහැදිලියි නිවුපවුන්ඩ් ලන්ත භූමිය පෙනෙන අපුරුව

අහස පැහැදිලියි නිවුපවුන්ඩ් ලන්ත භූමිය පෙනෙන අපුරුව (මගෙ වීඩියෝ වෙන් ගත්තු පොටෝ කෑල්ලක්)

මගේ ආසනේට ඉස්සරහින් අම්මත් එක්ක පොඩි එව්වො දෙන්නෙක්ගෙ කෝලම් කච කචේ, රන්ඩු. ඒව දිහා බල බල එන්නත් පුළුවන් වුනු හින්ද කොච්චර වෙලා ගියත් පාළුවක්නං දැනුනෙ නෑ. මම කැමරා පෙට්ටිය කවුළුව දිහාට එල්ල කරන කොට උනුත් එතන ජනේලෙන් එබෙනවා. පෙනෙන දේවල් ගැන මෑණියන්ගෙන් තොරතෝංචියක් නැතුව අහනවා. ඒ අම්මත් හැම පුරස්නෙටම ඉවසිල්ලේ හෙමීට උත්තර දෙනවා. දරුවො ඒවත් එක්ක උන් මවාගත්තු විස්තරත් එකතු කරනවා.ා ! මේ හන්දම අවට අනෙක් අයත් හොඳට විනෝද  වුනා. දැන් අහසෙ නොපෙනෙන ඉසව්ව ඒ කියන්නෙ සිතිජය පැත්ත රත්පාට වෙන්නෙ  “රෑ වෙන්ඩ එන නිසා”ලු. පහළින් විදුලි එළි යායක් පෙනෙද්දි හදිසියෙම “අමාසිං අට්ලන්ටා” (amazing Atlanta) කියල පුළුවන් තරං හයියෙන් කෑගැහවුව.

පහළින් පෙනෙන "අමාසිං අට්ලන්ටා" කැමරාවේ සටහන් වුනු හැටි

පහළින් පෙනෙන “අමාසිං අට්ලන්ටා” කැමරාවේ සටහන් වුනු හැටි

A9

“අමාසිං අට්ලන්ටා” තවත් රූපයක්

“ළමයි අංක එක – Child First” කතාවටයි බෝඩ් වලටයි  විතරක් වෙන්ඩ ඇති කියලයි මං හිතාගන හිටියේ .ඇයි අපේ රටේ මෙහෙම වෙලාවට පුංචි එව්වන්ගෙ කං අඹරනවා. උන්ට රවනවා ගොරවනවා. එහෙම නොකළොත් අනෙක් මිනිස්සු අම්මලාට බනිනවා.  

අහසියන්තරාව ඇට්ලන්ටාව උඩ කැරකෙද්දි මගේ හිතටත් අමතුම උද්‍යෝගයක්  “අර අපේ දුව ඉන්න නගරය” මයෙ කටිනුත් ඉබේම කියවුනා. ඒ ගමන්ම  දුවගෙ අම්මා දිහා බැලුනේ ඉබේටම. ඇය කිසිවක්ම කිව්වෙ නෑ. ඒත් ඒ දෑස් බබලනවා…! දිලිසෙනවා…!!  ඒවායෙ කඳුළු පිරී උතුරා යද්දි මගේ උගුර හිරවෙන ගතියක් දැනෙන්ඩ උනා…!!! අවරුදු ගණනකින් නොදුටු දියණිය පොටෝ නැතුව හැබහින් දකින්න ලැබෙන මගේ දුව/අපේ දුව. මෙවන් විටක අම්මා කෙනෙකු  විඳින සතුට  කොහොම විස්තර කරන්නද දියණිය මොනතරම් ලොකු මහත්වෙලා දැන උගත්කම් ඇතුව මහ ලොක්කියක් වෙලා හිටියත්  එයා තවමත් අපට කිරිසුවඳ හමන  මොනවත් නොදන්නා සුරතල් දියණිය. ඇයටත් තවමත් සේරම කරන්න ඉස්සෙල්ලා  අවසර ගන්න බලා ඉන්න “අම්මා සහ තාත්තා”. ඒ තමයි අපේ හැදියාවෙ තියන විසේසම ලකුණ.

දරු සෙනෙහෙස  සම විනිවිද ගොස් නහර විනිවිද යයි. නහර විනිද ගොස් මස් විනිවිද යයි. මස් විනිවිද ගොස් ඇටකටු දක්වා යයි. එයින් නොනැවතී ඇටකටු පසාරු කරගන ඇට මිදුළු දක්වාම කිඳා බැහැපු එකක් කියල ශුද්ධෝදන රජ්ජුරුවො බුදුන් හමුවෙ කියල තියෙන්නෙ කොච්චර ඇත්තක් ද ? මා පිය දරු බැඳීම මරණයෙන් හෝ කෙලවර නොවන එකක් ජාති ජාතිත් තියන එකක් කියල බෞද්ද සාහිත්‍යයෙත් කියවෙනව නෙව.  

අපි ඇට්ලන්ටාවෙ බැස්සා සරීර කූඩුව වේවලුම් කද්දි,  මෙතනදිත් චෙක්වෙනවා. ඒත් අපේ අවස්ථාව  එනකං මහ වෙලාවක් බලා ඉන්න වුනේ නෑ. එතන ඉද්දිම අපිව “වරවර ළඟට කැන්දුවේ”  නැත්තෙ මගේ සරීර බාසාව කියාපු දේ ඒ ඇත්තන්ට තේරුන හන්ද වෙන්ඩ ඇති. අපි ළඟට ආපු කෙනා  පුරස්න කළා.  දෙයියනේ අහන ඒවා !  ඒ ඉංගිරිසි තෝරගත්තෙ හරිම අමාරුවෙන්  “වවුල්ස්” ගෙනාවද ? කියල කීප වතාවක්ම අැහැව්වත් ඒ මොකද්ද කියල මට ඒ වෙලාවෙ විතරක් නෙමෙයි දැංවත්  තෝරගන්න බෑ.  අර නිලදාරියට නවත්ත ගන්ඩ බැරුව හිනා..! මටත් හිනා.!  මං කියන එක එයාට තේරෙන් නෑ. එයා කියන එක මට තෙරෙන් නෑ.  ඒ ඇත්තට හිනාව නවත්ත ගන්න බැරුව වෙන්න ඇති. අපිව පරීක්සනෙන්  පාස් කරල බෑග් තියන තැනට යැවුව.

ඔය අස්සෙ තවත් හරිම අබග්ගයක් වෙලා තිබුණෙ අතේ ගෙනිච්ච ටෙලිපෝං එකේ ඇට්ලන්ටාවට  ආවට පස්සෙ රෝමින් වැඩ නෑ. ඉතින් කොහොමද දුව රැඳිල ඉන්න තැන හොයා ගන්නෙ.. ? බහින වෙලාව හීත්රෝවෙදිම දුව  දැනගෙන අපට කිව්ව හන්ද  ඉන්තේරුවෙන්ම අපි ඇවිදින් බැහැල බව එයා දන්නව ඇති.

මිනිස්සු ඇවිදගෙන යන පැත්තට අපේ බඩු පටවගත්තු කරත්තත් තල්ලු කරගෙන ඔහේ ගියා. කායෙංවත් අහන්නැතුව ඒක තමයි කරපු ගොං කම .  දුව එතන නෑ. හීතල ගැන කියල වැඩක් තියනව ද ? අතේ ඇඟිලි ගල්වෙලා වගේ. රෝමිං අරං තිබුණට මෙහට ආවට පස්සෙ ටෙලිපෝන් වැඩ කරන්නෙත් නැතුව ගිහින්. සේරම ආඩම්බරකං  අතෑරල මෙහෙ ඉන්න කෙනෙකුට කතා කරල අංකය කියල  කෝල් එකක් දෙන්න පුළුවන්ද ඇහුව  විතරයි එයාම බොහොම උනන්දුවෙන් කතා කරල දුවට කියන්න ගත්ත. ඊට පස්සෙ මට ටෙලිපොන් එක දුන්න. දුව එකවරටම කිව්වෙ “ඔතනම ඉන්න තාත්ත ඉන්නෙ  අන්තර් ජාතික මගීන්ගෙ දොරටුවෙ  නෙවෙයි රට ඇතුලෙ  මගීන්ගෙ දොරටුවෙ තාත්තල ඔහොම ඉන්නෙ. අපි එනවා ඔහොමම ඉන්න” 

පසු සටහන්

මේ ලින්ක් එකට ගිහින් බර්මියුඩා අබිරහස් ගැන විස්තර සිංහලෙන් කියවන්න පුළුවන් http://www.divaina.com/2013/06/23/diyaga06.html

 

18 thoughts on “ගොඩයෙක් අහසින් යයි 5

  1. ඔන්න දැනුයි දන්නේ, දුව බලන්න නේ ගියේ. මට ඔය දෙයියන්ගේ රටේ විස්තර නම් අල්ලන්නේ නැහැ. මේ වගේ කතාවක් නම් ආසාවෙන් කියවන්න පුළුවන්! 🙂

    කැමතියි

    • දෙයියන්නෙ රටේ හැටි තව කියවලා බලන්ඩකො. එක අවදියක මිනිස්සුංගෙ හද ගැහුන හැටි, පෘතුගීසි, ලන්දේසි විතරක් නෙවෙයි ඉංග්‍රීසි අබාසයනුත් අනෙක් ප්‍රදේශවලට පසුව පැමිණීමට හේතූ වෙච්ච සැඟව තිබුන බිම්කඩක පැරණි ගඳ සුවඳ හොඳ නරක කොටස් තවමත් ඉතිරිව තියනවා.

      කැමතියි

  2. ඇට්ලැන්ටා ගැන මම දන්නෙ………

    1. ශත සාංවත්සරික ඔලිම්පික් උළෙල පැවැත්වූ නගරය

    2. කොකා කෝලා සමාගමේ මූලස්ථානය පිහිටි නගරය

    ගුණසිංහ මහත්මයා….. පුලුවන් වෙලාවට තව විස්තර ලියන්න. ඔබේ ගැමි ඇසින් බලා ලියන විස්තර බොහොම රසවත්…:)

    කැමතියි

  3. පොහ්………මං ටිකක් පරක්කු වෙලා වගේ මේ පැත්තට එන්න. අද පින්තූරයි කතාවයි බොහොම හොඳයි. හැබැයි කතාවේ ඉන්න ‘පාත්‍ර වර්ගයාගේ’ පින්තූරත් එකක් දෙකක්වත් දැම්මානම් තමයි හොඳ. කට කට ගගා ඇට්ලන්ටා ගුවන් තොටුපොළේ වෙවුල වෙවුලා හිටිය හැටි පින්තූරයක් දැම්මනම් බොහොම වටිනවා.

    මේ විදිහට ලියාගෙන යන්න. බොහොම ආසාවෙන් මේ විස්තර කියවන්නේ.

    කැමතියි

    • ඕවර් වෙනකං ගන්න එපා කියන්නෙ ඔය හින්ද නේ. වැඩිවෙන්න ගත්තාම ඇද වැටෙන්නෙ අපි බෝලයක් උඩ ඉන්න හන්ද නේ.
      කුකුලගෙ කොටුවට එබිල බැලුව දෙයියෝ සාක්කි බොහොම පංකාදු නිර්මාණ වුනාට එතනට ගිහින් මොකුත් කියාගන්න ජීමේල් එකට යාගන්න තවමත් බැරුවා

      කැමතියි

  4. //නිවුපවුන්ඩ් ලන්තෙ හරහා යන්නෙ ඇයි? ඇට්ලන්ටාවට යන ගමනට පැය නවයක් ගන්නෙ මෙහෙම වටයක් ගහන හින්ද නේ. මේකට හේතුව බාගදා මේ විදිහට යන කොට අත්ලන්තික් මහ සාගරේ මැද්දෙ ගොඩබිමක් නොපෙනී තනියම යන්න තියන දුර අඩුයි නේ.//

    නැහැ හදිසියකට ගොඩබිමක් අවශ්‍ය වුනොත් කියල නෙමෙයි. අපි ලෝකය දකින්න පුරුදු වෙලා ඉන්නෙ පැතලි සිතියමක් හැටියට. ඒත් ගෝලාකාර ලෝකයේ මහාද්වීප අතර ගමනක දී කෙටිම දුර තමයි ආක්ටික් පැත්තට ගිහින් පල්ලෙහාට එන එක. යුරෝපයේ සිට හෝ ආසියාවේ සිට ඇමෙරිකන් මහාද්වීපයට අත්ලාන්තික් මුහුද මැදින් හෝ පැසිෆික් මුහුද මැදින් කෙළින්ම එන එක දුර වැඩියි. වළාකුළු කපාගෙන උඩින් යන්න පුළුවන් ප්ලේන් ලෝකෙ වටේ යද්දී අක්ෂාංශ සහ දේශාංශ වලින් හැදෙන ආක්ටික් පැත්තෙ ගිහින් එන රවුම් පාරවල් වලින් යන්නෙ ඒ නිසයි.

    කැමතියි

  5. මේ පැහැදිලි කිරීම නිසා ලන්ඩන් සිට ඇට්ලන්ටා දක්වා ගමන් මග මෙහෙම වුනේ ඇයි ද යන ගැටළුවට වෙනත් වැදගත් පිළිතුරක් ලැබී තිබෙනවා. ගංගොඩයා දැක්වූ හේතු පිළි ගැනීම නිසා නොමග යනවා වෙන්නට හැකියි. භූගෝල විද්‍යාත්මකව අරුණි කරන මේ පැහැදිලි කරදීම වෙනුවෙන් අරුණිට බොහොම ස්තුතියි.
    අරුණි විසින් කරනු ලබන පැහැදිලි කිරීම ගැන සැකයක් ඇති නම් ආදර්ශ ලෝක ගෝලයක් අරගෙන නූල් කැබැල්ලක් මගින් ලන්ඩන් හා ඇට්ලන්ටා අතර කෙටි දුර කෙසේ වැටේ දැයි සොයා බැලීය හැකියි. භූගෝල විද්‍යාව හදාරණ සිසු දරුවන්ට හොඳ ක්‍රියාකාරකමක් ලෙස පරීක්ෂා කර බලා ඔබේ නිරීක්ෂණ ද කොමෙන්ටු විදිහට මෙහි සටහන් කරන ලෙස ඉල්ලා සිටිනවා. එය වෙනත් අයටත් ගොඩක් ලොකු සෙතක් වේවි.

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )