ගොඩයෙක් අහසින් යයි 4

 බලන්න එපායැ හීත්‍රෝවෙ ආඩම්බර

මොකවත් නොදන්න එකෙක් අහසින් යනවා කියන්නෙ බයෙන් සැකෙන්  යන ගමනක්.  දෙයියන්නෙ ගං යායෙ විස්තර ලියනඑක පොඩ්ඩකට නවත්තල ගමට  කොටුවෙලා හිටිය  sugv  මේ පෝස්ටුව දාන්න හිතුවෙ තනියම යන්ඩ ගිහින් ඇතිවුන පුරස්න විසඳා ගත්තු හැටි කියන්ඩයි.  පළමු වරට නං මේ පෝස්ටුවට ආවෙ 1,2,3 පෝස්ටු කියවලාම හිටියොත් වැඩිය හොඳයි.    කම්මැලි නැත්නං අගට ගිහින් පැරණි ලිපි කියන තැන ක්ලික් කරන්න.

ඉස්සෙල්ල “පෝස්ටුවෙ හීත්රෝවෙන් බැස්ස” කියල අවසන් කළාම “ගංගොඩය උඩින් ගිය කතාව  ඉවරයි ” කියල  හිතුවද? නෑ! නෑ! ඩිංගක් පරක්කු වෙලා හරි. ඕං ඉතුරු ටික.

අනේ දෙයියනේ ඇස්වහක් කටවහක් ගන්න එපා. ලන්ඩනයේ හීත්‍රෝව(Heathrow airport) කියන්නෙ සුද්දට විතරක් නෙමෙයි මනුස්සයො හැටියට කොයිකාටත් ආඩම්බරයක් වෙන්න කරපු හාස්කමක්.  කටුනායක ගුවන් තොටුපල දිහා බැලුවාම අපි හදල තියෙන්නෙ සෙල්ලම් මඩුවක් ද කියල හිතෙන තරං. එහෙම සන්සන්දනය කරන්න හොඳ නෑ තමයි ඒත් ඒකෙ විසාලත්වයයි, හදල තියන හොඳ කමයි ගැන තෝරල දෙන්න  විදිහකුත් එපායැ.

ඔය පෙනෙන නොපෙනෙන ඉම දක්වාම තියෙන්නෙ හීත්රෝවයි එහි නවතා ඇති අහසියන්තරායි

ඔය පෙනෙන නොපෙනෙ ඉම දක්වාම තියෙන්නෙ හීත්රෝවයි එහි නවතා ඇති අහසියන්තරායි

තරහවෙන්න ඕන නෑ. එතන වැඩ කරන මිනිස්සුන්ගෙ මනුස්සකං හෙමත් ලංකාවෙ  සේවකයන්ට වඩා නං බොහොම ඉහළයි.

කවුරු හරි සේවකයකු ගාවට ගිහිං කරුණාවන්තව කතා කළාම අපේ රටේ ඇත්තො බොහොම වෙලාවට හිතනන්නෙ ඌ  තමන්ට කරදර කරන්න ආපු වහලෙක්,  දීනයෙක් විදිහට.  ඕනකමක් කිව්වොත් පුළුවන් තරං පරක්කු කරල, තමංගෙ රැස්පොට් පෙන්නල තමයි වැඩේකර දෙන්නෙ. එහෙම එකෙක් වග කල්තියා දැනගත්තම යකෙක් වගේ කතා කරන්න ඕන. එහෙම කතා කරපු  වෙලාවට  ඕන දේ කරව ගත්තෑකි.  ඔය ඉතිං මයෙ අත්දැකීම්.

ඕන කම ගැන කිව්ව විතරයි ගේට්ටුවට යන විදිහ කියල දීල ඒ ඇත්තො එතෙන්ට යන තුරුම මග පෙන්නුවෙ බොහොම කාරුණික විදිහට.

කිව්ව විතරයි ගේට්ටුවට යන විදිහ කියල දීල ඒ ඇත්තො එතෙන්ට යන තුරුම මග පෙන්නුවෙ බොහොම කාරුණික විදිහට.

මේ ගමන පුරාවට මං දැක්ක මිනිස්සුංගෙ ලොකුම වෙනස තිබුණෙ මනුස්ස කමේ.  එදා මම හීත්රොවෙන් බහින කොට ඊළඟ එකට නගින්න ඉතිරිවෙලා තිබුණෙ පැය දෙකයි. ඊට ඉස්සෙල්ල කවුන්ටරේට ගිහිං “චෙකින්” වෙන්න;  ගේට්ටුව හොයාගන්න වගේ කොච්චර වැඩ තියනවද. එයාවේස් කවුන්ටරයට දුවගෙන ගිහින් බෝඩිං පාස් එකේ ගේට්ටු අංකය ලකුණු කරව ගත්ත අංකෙ   දැක්කට  පස්සෙ මම අන්දමන්ද වුනා. මෙහෙම හදිස්සියෙ එන්න හිතපු  තැනක් ද, C 54 කිව්වම තව කොච්චර ගේට්ටු ඇද්ද ?  “මට මෙතන පුරුදු තැනක්  නෙමෙයි කරුණාකරල මට C54 ගේට්ටුව හොයාගන්න උදව්වෙන්න” කිව්ව විතරයි එතෙන්ට යන විදිහ කියල දුන්න විතරක් නෙමෙයි. ඒ ඇත්තො  එතෙන්ට යන තුරුම මග පෙන්නුවෙ බොහොම කාරුණික විදිහට.  ගෙට්ටුව   තියෙන්නෙ කොච්චර ඈතක ද කියනව නම් එතෙන්ට යන්ඩ වුනේ කෝච්චියක. ගිය කවුරුවත් ටිකට් ගන්න පාටක් නෑ.නොමිලේ සපයන සේවයක් නිසා කෝච්චියයට ටිකට් ගන්න ඕන නෑ. ගුවන්තොටපල කොච්චර විසාලද කියල ඒකෙන්ම හිතුවෑකි නේද

පොඩ්ඩක් වැස්ස අස්සෙන් c54 ගේට්ටුවට යනතුර හිටපු විවේකාතාරයට පෙනුන තවත් විසිතුරු

c54 ගේට්ටුවට යන තැන තියන විවේකාතාරයට පෙනුන තවත් විසිතුරු

 

ලෝකයේ කාර්ය බහුලම එකක්ය කියනව නේ. වෙලාව මදි වෙයි කියල හිතුවට  මොකද  ගේට්ටුව ළඟට මුලින්ම ගිය දෙන්න අපි ද කොහෙද. වෙලා තියන හින්ද හීත්රෝවෙ විසිතුරු ඩිංගක් බලන්න පුළුවන් උනා.  

පේනව නේද අපි යන අහසියන්තරේ

පේනව නේද අපි යන අහසියන්තරේ

මේ ගුවන් යානයත් හරියටම  වෙලාවට යන්ඩ ගත්ත.

බොහොම වේගයෙන් ගුවනට යන හැටි ජනේලෙන් යස රඟට පෙනුන. බෙල්ට් නොදා හිටියත් කමක් නැති තරම් ! අංගනය ම. ගමන ඇඟට දැනුනෙම නෑ.

බොහොම වේගයෙන් ගුවනට යන හැටි ජනේලෙන් යස රඟට පෙනුන. බෙල්ට් නොදා හිටියත් කමක් නැති තරම් ! අංගනය මත ගමන ඇඟට දැනුනෙම නෑ.

තව විස්තර පොටෝවල බලන්නකො.

වේගයෙන්ම උඩුගුවනට

වේගයෙන්ම උඩුගුවනට

  

මුලදි චුට්ටක් වැහිපොදේ දැන් පායලා ආඩම්බර කාර හීත්රෝව තවමත් පෙනෙනවා.

මුලදි චුට්ටක් වැහිපොදේ දැන් පායලා ආඩම්බර කාර හීත්රෝව කෙටසක් තවමත් පෙනෙනවා.

 

 

6 thoughts on “ගොඩයෙක් අහසින් යයි 4

  1. ඔන්න මම තරහයි. විස්තරේ දිග මදි හොඳටම. පින්තූර වගේම ලෝකේ හැටිත් තව ටිකක් විස්තර කරන්නකෝ ගුණසිංහ මහත්තයෝ. අම්මපා ඔහේදී ලියන්නේ කුලියට ගත්ත කොම්පියුටර් එකකින්ද? ඔච්චර කෙටියෙන් ලියන්නේ? එහෙම නැත්නම් රටතොට බලන්න යන නිසා වෙලාවක් නැද්ද? ඕනේ කෙහෙම්මලක් කියලා ඉස්සෙල්ලාම ගන්න ඔහෙන් හොඳ ලැප්ටොප් එකක්. යන යන තැන අරන් ගියාම, ඔය රටේ ඇති නොමිලේ වයි ෆයි දෙන තැන්. එව්වගේ ඉඳගෙන, උණු උණුවෙම අත්දැකීම් ලියලා පලකරන්න.

    ජයවේවා.!

    කැමතියි

  2. විචාරකත් එක්ක සපුරා එකඟයි. ගුණසිංහ මහත්තයෝ විස්තර මදි..හොඳටම මදි…මම කියවන්න කැමති අලුත්ම අත්දැකීමක් වන මේ ගමන ගැන ඔබතුමා ලියන අව්‍යාජ රසබර තොරතුරු..

    හරි විවේකය අඩු හින්ද කමක් නෑ..අංක පහේ ඉඳල විස්තර ටිකක් විතර වැඩිපුර ලියන්න…:)

    කැමතියි

    • රවිත් ආවා. ගොඩක් සතුටුයි රවී. හරිම වැඩේ වෙලා තියෙන්නෙ. මට බ්ලොග්ස්පොට් ලිපි කියවනවා ඇරෙන්න කොමෙන්ට් කරන්න අපහසු ගතියක් ඇතිවෙලා මගේ ජීමේල් එකවුන්ට් එකට යන්න තවමත් බෑ. විස්තර ලියන්න හැම උත්සාහයක්ම ගන්නවා.

      කැමතියි

  3. අකුරු පොල්ගෙඩි සයිස් එකට පේන්නේ මට විතරද දෙයියනේ. කලින් දෙවනි තුන්වෙනි ලිපි දෙකට කමෙන්ට් කර්න්න බැරි වුනා නමුත් කියෙවුවා, ෆෝන් එකෙන් නිසාද දන්නේ නෑ අකුරු මේ හැටි ලොකු. තව පෝස්ට් එක දිගට අදින්න වෙනො ඔයාට

    කැමතියි

    • අකුරු පොල් ගෙඩි සයිස් වෙච්ච එක මගේ වරැද්දක් මිසක් ඔමාගෙ උපකරණෙ වැරැද්දක් නෙමෙයි. මී ළඟ ලිපියෙ ඉඳල අකරු පුංචි කරනවෝ. මට තවම බේලොග්ස්පොට් ලිපිවලට ඇනෝ සපෝට් එක නැතුව කොමෙන්ට කරන්න බැරි එක මහ අකරතැබ්බයක් වෙලා. කියෙවුවට කොමෙන්ටු බැ. ඔමා ලංකාවෙ අ්‍යාපනය ගැන අපට හිතල බලන්න ලියාපු පෝස්ටුව ආයෙත් කියෙවුවා. ඒකට ආපු කොමෙන්ටුත් නැවතත් කියවාගෙන යද්දි මධුමාධවී ගේ බොහොම සංවේදී නිර්මාණයකට ඉබේම යොමුවෙලා රසවින්දා

      කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )