ගොඩයෙක් අහසින් යයි 3

ලොකූම ලොකු  අහසියන්තරාවක්…?

මොකවත් නොදන්න එකෙක් අහසින් යනවා කියන්නෙ බයෙන් සැකෙන්  යන ගමනක්.  දෙයියන්නෙ ගං යායෙ විස්තර ලියන එක පොඩ්ඩකට නවත්තල ගමට  කොටුවෙලා හිටිය  sugv  මේ පෝස්ටුව දාන්න හිතුවෙ තනියම යන්ඩ ගිහින් ඇතිවුන පුරස්න  විසඳා ගත්තු හැටි කියන්ඩයි.  පළමු වරට නං මේ පෝස්ටුවට ආවෙ 1,2 පෝස්ටු කියවලාම හිටියොත් වැඩිය හොඳයි.    කම්මැලි නැත්නං අගට ගිහින් පැරණි ලිපි කියන තැන ක්ලික් කරන්න.

මේ වෙනකොට මාත්  පණ්ඩිතය වෙලා හිටිය  හින්ද කරදරයක් නැතුවම  මී ළඟ අහසියන්තරාවට  යන්ඩ තියන ගේට්ටුව හොයාගත්ත. ලන්ඩන් බලා ගිය ගමනට පැය 7 ක තරම් දිග වෙලාවක් වුනත් කුතුහලය පිරුන  එකක්.  මග දිගට හම්බවුන විස්තර කියනාට වඩා පොටෝවලින් බලාගන්න එක ලේසියි.

මේ තමයි අපිට යන්ඩ ලැහැත්ති කරන අහසියන්තරාව ගේට්ටවට යන ලොකුම ලොකු ජනෙල් වීදුරුවෙන් පෙනුන හැටි

මේ තමයි අපිට යන්ඩ ලැහැත්ති කරන අහසියන්තරාව  ගේට්ටුවට යන්ඩ රැඳීල හිටපු තැන  ජනෙල් වීදුරුවෙන් පෙනුන හැටි

මේක මහ විසාල යානාවක්. ඇතුලට යන දොරටුව ළඟම උඩ තට්ටුවට යන්න පඩි පෙළකුත්….!   ඒ පළවෙනි පන්තිය වෙන්ඩ ඇති. ඊ ළඟට  තිබුණෙ  වෙළඳ පන්තියේ යන අයට වෙං කරපු පුටු.  එතනත් ඉඩකඩ තියන සැප පහසු කං තියනවා. අපි ගියෙ ඉකොනොමි පන්තියෙ. බුදියනවා නං හොඳට ඉඩ මදිවා මිස වෙන අඩුවක් දැක්කෙ නෑ. අපි ඒ අැත්තංව පහු කරගෙන අපේ සීට් අංක හොයාගන ගියා.

මේ තියෙන්නෙ අපි ගිය යානාවෙ ඉකොනොමි පන්තියෙ පුටු තියන විදිහ. ඩිංගක් ඉඩ මදිව මිසක් වෙන වැරැද්දක් නෑ

මේ තියෙන්නෙ ඉකොනොමි පන්තියෙ පුටු. ඩිංගක් ඉඩ මදිව මිසක් වෙන වැරැද්දක් නෑ

මේක  හරියටම වෙලාවට යන්න ගත්ත එක හොඳයි. පුංචි හෙලවීමක් එක්ක සද්දෙ වෙනස් වීමකට වඩා දෙයක් දැනුනෙ නැති තරං. උඩට නැග්ගුව හැටි ඒතරං සුව පහසුයි.

චුට්ටෙන් චුට්ට උඩට නගින හැටි සටහන් වුන වීඩියෝ කිලිපයෙන් ගත්තු අවස්ථා හතරක්

චුට්ටෙන් චුට්ට උඩට නගින හැටි සටහන් වුන වීඩියෝ කිලිපයෙන් ගත්තු අවස්ථා හතරක්

දොහා ඉඳල යන කොට “මැනමා” නගරෙ කිට්ටු වෙද්දි  අපි හිටියෙ හැතැම්මකට  චුට්ටක් විතර උඩින්. ඕන්න බලන්න ඔය මා ළඟ තියන  රූපවාහිනී තිරයෙ  අපි ඉන්නෙ කොච්චර උඩද කියන එකයි, යන පාරයි පෙන්නා ගෙන යන විදිහ.a10

අපි යන තැනයි තව යන්ඩ තියන පාරයි යස රඟේට ටිකෙන් ටික පෙන්න ගෙනම යනව. හැබැයි රජෝ ඊට පස්සෙ තමයි අහසියන්තරාව ඩිංග ඩිංග තවතව උඩට යන්ඩ ගත්තෙ.

ජනේලෙන් බැලුවට පේන්නෙ වලාකුළු විතරයි. කාටදෝ මෙහම යද්දි වලාකුළු වල ඇවිදින මනුස්සයෙක් පෙනුන වගේ මටත් පේයිද කියල හුඟක් වෙලා හිටිය ඒත් පෙනුනේ නං නෑ

ජනේලෙන් බැලුවට පේන්නෙ වලාකුළු විතරයි. කාටදෝ මෙහම යද්දි වලාකුළු වල ඇවිදින මනුස්සයෙක් පෙනුන වගේ මටත් පේයිද කියල හුඟක් වෙලා හිටිය ඒත් පෙනුනේ නං නෑ

මේක අර සද්දෙ වේගෙටත් වඩා වේගෙන් යන එකක් නේ. කළුමුහුද, යුරෝපා රටවල් හරහා ලන්දේසීන්ගෙ රට පහු කරල ඩෝවර් සමුද්‍රසන්ධිය හරියෙදිත්  අපි හිටියෙ හැතැම්ම 6 කටත් ටිකක්  උඩින්.

මිනිස්සු ඉඳගෙන හිටපු හැටි සමහර ලොකු මිනිස්සුන්ගෙ සරීර බාසාව මොනව කිව්වත් හොඳට බලන්නකො පුංචි එකෙක් බිමට බැහැල දණ ගහගෙන මොනද්දෝ සෙල්ලමක්

මිනිස්සු ඉඳගෙන හිටපු හැටි සමහර ලොකු මිනිස්සුන්ගෙ සරීර බාසාව මොනව කිව්වත් හොඳට බලන්නකො පුංචි එකෙක් බිමට බැහැල දණ ගහගෙන මොකද්දෝ සෙල්ලමක්.

සැරෙන් සැරේ සංග්‍රහයන් හෙමත් ලැබුණ. කවද හම්බ වෙනදේවල් ද හම්බ වෙන හම්බ වෙන දේවල් ගංගොඩයත් කෑව

සැරෙන් සැරේ කෑම බීම ඕන පදං ලැබුණ.පැය හතක් ඇවැමෙන් අපි හීත්‍රෝවට ගොඩ බැස්ස.

 

 

 

Advertisements

8 thoughts on “ගොඩයෙක් අහසින් යයි 3

  1. මමත් ඔයවගේ වළාකුළු තට්ටු වලට උඩින්, පහත තියන පොලොව නොපෙනී ගමන් කරද්දී, මට මතක්වුනේ, ‘වලා තීරයෙන් එහා කොහේද ලෝකයක්’ කියන සින්දුව.

    අර ගුවන්සේවිකාව සමග සෙල්ෆි එකක් ගහන්නනේ තිබුනේ, ගුණසිංහ මහත්මිය මොනවා කිව්වත්.

    අර පොඩිඑකා විතරයි ගමනේ නියම සතුට විඳින්නේ.

    කැමතියි

    • ඔය ගුවන්සේවිකාව නිසා බියපත්ව සිටි මගීන් ගෙ බිය පහවෙන්න ඇති. ඇය අහස්යානය පුරා අැවිද ගියේ ඉතාම ප්‍රසන්න සිනාවකින් මුව සරසාගෙන. අලියන්ට ළමයින්ට නලියන්ටමයි සිත කියනව නේ. ඒ හින්ද අපි දෙන්නට ගමන පුරාම සතුටු සාගරයක් වුනා.

      කැමතියි

  2. කටාර් එයාවේස් තරු පහේ ගුවන්සේවයක්. ලෝකෙම තියෙන්නෙ තරු පහේ එව්වා හත අටක් විතරයි. පහුගිය අවුරුද්දෙ ලෝකෙ හොඳම ගුවන්සේවය විදිහටත් තේරුණා..ඡායාරූප නම් අනර්ඝයි ගුණේ මහත්තයා…:)

    කැමතියි

    • ඇත්තටම ගුවන් ගමනාගමන සේවා ගැන රවි තරම් දේවල් මම දැනං හිටියෙ නෑ. මෙහෙ එන්න ලෑස්ති වුනෙත් හදිසියේම වගේ නිසා නෙට් එකට ගහින් බලන්නවත් වෙලාවක් තිබුණෙ නෑ. රවිට ගොඩක් ස්තුතියි. ඔවුන්ගේ සේවා සැපයීමත් තරු පහට හොඳටම ගැලපෙනවා රවී

      කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )