ගොඩයෙක් අහසින් යයි 2

සුන්දර රටකට උපත දුන්නෙ කාන්තාරයක්……..?

මොකවත් නොදන්න එකෙක් අහසින් යනවා කියන්නෙ බයෙන් සැකෙන්  යන ගමනක්.  දෙයියන්නෙ ගං යායෙ විස්තර ලියන එක පොඩ්ඩකට නවත්තල ගමට ම  කොටුවෙලා හිටිය  sugv  මේ පෝස්ටුව දාන්න හිතුවෙ තනියම යන්ඩ ගිහින් ඇතිවුන පුරස්න  විසඳා ගත්තු හැටි කියන්ඩයි.  පළමු වරට නං මෙතනට ආවෙ මීට කලින් තියන පොස්ටුව කියවලා ඉන්නව නං වැඩිය හොඳ කොයිහැටි උනත් මේ ගමේ ගොඩය කියන දේවල් කේරුම් ගන්න උදව්වක් වේවි.

“මෙහෙන් බැහැල තවත්  රටකට යන්න එපායැ”යි හිත හිතා දොහා වල බැහැල ලබාපු පළවෙනිම අත්දැකීම ගැන කලින් ලිපියෙ කිව්වනේ.  ඕන්න දැං ඊ ළඟට වෙච්ච දේවල්.  අද මෙහෙ නැවතිලාඉඳලා හෙට උදේ ලන්ඩන් වලටයි, එතනින් ඇට්ලන්ටා වලටයි  යන්න ඕන. මේවට පරණ බෝඩිං පාස් හරියන්නෙ නෑ.  අලුතෙන්ම බොඩිංපාස්  ගන්න ඕන. මෙහෙ රැඳිල ඉන්න දවසට වීසා ගන්නත් ඕන.  ඒව සේරම හදල අපේ අතට ගෙනත් දීමත් සැප පහසු තැනක නවාතැනක් ලබා දීමත්  ගුවන් තොටුපලේ  වගකීම බව ඉගෙන ගන්න පුළුවන් වුනේ මේ හින්දයි.අපි ආවෙ පරක්කු වෙලා කියල එතනින් කියනව ඇහුනම  මල පැන්නෙ ඔය ඩිංග නොදැන හිටිය හන්ද නේ. ඕන්න ඉගෙන ගන්න එකේ වටිනා කම දැනිච්ච වෙලාවක්.

 ඉගෙන ගන්නව  කියන්නෙ දැං ඔය ඉස්කෝලෙ ගිහින් සිලබස් එකේ පාඩංවත් ටියුසං පන්තියෙදි සල්ලි දීල ගන්න නෝට් මිටිය කටපාඩං කොරන එක විතරක්වත් නෙමෙයි. කකුල් වතුරෙ ඔබාගෙන නිදිමරාගෙන ඉගෙන ගන්නව කියල කොරන කෙරුවාව වත් නෙමෙයි. කිසිම වැඩකට නැති ගැටළු හදාගන තවකාගෙ හරි හිත් පාරවන්නෙ වත් යටත්වෙලා අනුකම්පාව ඉල්ලන්නෙවත් නැතුව, තමන්ට මූණ දෙන්ඩ සිද්ද වෙන ගැටළු විසඳගන්න  පුළුවං වෙනව නං   ඒක තමයි ඉගෙන ගැනීම කියල මට ඒ වෙලාවෙ හිතුන.මං මේ මොනවද ලියන්නෙ ගමනේ විස්තර කියන්න එපායැ.

දොහා ගුවන්තොටුපල විවේක පිවිසුම් පර්යන්තය

දොහා ගුවන්තොටුපල විවේක පිවිසුම් පර්යන්තය

දොහා වලින් බැස්සට පස්සෙ අපේ  ගෘහ මූලිකයට යාළුවෙකුත් හම්බ වුනා. නම රෝහිණී. එයා අවුරුදු 40 ක ඉඳල  නිව්යෝක්වල ඉන්න කෙනෙක්.  එයත් අපේ හෝටලයට එන්න ගත්තෙ ලාංකික කමේ ආකර්සනේ හන්ද වෙන්න ඇති.

අලුතෙන් හඳුනාගත් යාළුවා රෝහිණි සමග

අලුතෙන් හඳුනාගත් යාළුවා රෝහිණි සමග

ඉතින් අපි තුන්දෙන්වම සැප පහසු වාහනයක නග්ගගන  දොහා නගරෙ තියන තරු හතරෙ හෝටලයකට අරන් ගියා. අපේ වාහනේ යන්නෙ  සහරා කාන්තාර බිමේ හන්ද   බැලූ බැලූ අත  කොන් කිරිට් ගොඩනැගිලි විතරයි තියෙන්ඩ ඇත්තෙ  කියල හෙම හිතන්න එපා !doha roads1

ගොඩනැගලි නැති හැම තැනම ගස්වැල් පිට්ටනි දැක්කම කියන්ඩත් පුදුමයි. ගස්වැල් වවා ගන්නයි රැකගන්නයි මේ මිනිස්සු මොන තරම් කැප කිරීමක් කරනව ඇද්ද ! Horizon හෝටලේට ගිහින් හොඳ හැටියට විවේක අර ගත්ත. හවස් අතේ යමං සපත්තු අරන් දෙන්න කියල අපේ උන්දැ අර යාළුවත් එක්ක  මාව ඇදගෙන ගියා.vlcsnap-2016-02-24-13h47m37s349

මොනව…? සපත්තු නැතුව ද ගමන ආවෙ ?  ඔව් නේ!  ගෙදරින් සපත්තු දාගෙන ආවත් එක  අඩියක්  කටුනායකින් පිටවෙන්ඩත් ඉස්සෙල්ල කැඩුන. ඊට පස්සෙ මේස් දෙක පිටින් අහසියන්තරාවට නගින්න යද්දි  ගේට්ටුව ළඟ තිබුණ කුණු බාලදියට  සපත්තු දෙකම දැම්ම.  (එහෙම සිද්ද වුනේ මගෙ තියන දාංගලේ  හින්ද මිසක් නිස්පාදනේ පරමිතිය නරක හින්ද නෙමෙයි කියලයි මායිය කුටුකුටු ගගා ආවෙ)  අපේ රටේ පාරිබොගිකයො ආරස්සා කරන හොඳ වැඩ පිළිවෙලක් තියන හන්ද මේක වෙන්න ඇත්තෙ මගේම වැරැද්දෙන් වෙන්න ඇති කියල මටත් හිතුන.

මිනිස්සු නැති ටවුමක් ද මන්ද චිත්තරපටි වල දකින බූත නගරයද් ද කියල මට  හිතුන. අපේ මායියගෙ නිව්යෝක් යාළුව කීපවරක් උඩින් ඇවිත් තියන හන්ද  කාරනේ දැනගත්තෙ. මේ දවස්වල හීතල ඇවිත් තියන හින්ද තමයි අපිත් මේ එළියට බැස්සෙ දැන් දැන් තමයි මෙහෙ කට්ටිය සාප්පු එන්ඩ පටන් ගන්නෙ. රෑ වෙන කොට තමයි නගරෙ නැගිටින්නෙ. බලමුකො තව ටිකකින් මොනවද වෙන්නෙ කියල.doha3

දෙයි හාමුදුරුවනේ  මේ දෙන්න රෑ වෙනකං ඉන්න  හිතාගනයි ඇවිත් තියෙන්නෙ. සොපිං යන එක බලවත් පාරුසේට තියන කොමන් ලෙඩක් නෙව. තැනින් තැන බල බල හෙට්ටු කර කර ගිහින් තමයි  සපත්තු දෙකක් අරන් දුන්නෙ. එතකම් ම දොහාවල ඇවිද්දෙ මේස් දෙකයි හෝටලෙන් ඇතුලෙ ඇවිදින්න දීපු සෙරෙප්පු ඇඳ ගෙන. මේ බලවත්තු දෙන්න රෑ වෙනකං ඇවිද්ද මිසක් ඒ හැටි ගත්තු දෙයක් නෑ. මම කෙඳිරිගාන්න උන හන්ද නෙමෙයි නං මේ දෙන්න එන එකක්ම නෑ.

උදේ පාන්දරම අපව ආයෙත් තොටුපලට ගෙනාව. නිව්යෝක්  යන යාළුවගෙන් වෙන් වෙද්දි දෙන්නම අඬල සමුගත්ත.

 

10 thoughts on “ගොඩයෙක් අහසින් යයි 2

  1. හිහ් හිහ් හී……………සපත්තු නැතුව ඇවිදපු හැටි නේ පින්තූරයක් ගහලා දාන්න තිබුණේ. මම හිතෙන් මවාගත්තා ඒ ජවනිකාව. ඔය කොයි රටෙනුත් අපිට ආදර්ශෙට ගන්න දේවල් වගේම නොගතයුතු දේවලුත් හමුවෙනවා. ඔහොම ලියාගෙන යමු දිගටම. අලුත්ම අද්දැකීම් නිසා බොහොම රසවත්.

    මම ඊ මේල් එකක් එව්වා කලබල නොවී හෙමිහිට බලන්නකෝ.

    කැමතියි

    • පොටො එකක් ගනී කියල ඒක නං කරන්න එපා කියල කලින්ම තහංචි දැම්ම ගන්න ඉඩක් දුන්නෙම නෑ විචාරකතුමණි. මේ ලියාපුව දැකලත් දැන් ඉන්නෙ හරහට. මට කලින් කියන්න අමක වුනා විචාරකතුමණිත ඊ මේල් ලිපිනය තාවකාලිකව අවහිර වෙලා. මෙහෙ රෝමිං වැඩ කරන්නෙ නැති නිසා ඒකෙ ආරක්ෂීත කේතය ගන්න විදිහක් නෑ. ආරක්ෂීත කේතය එන පෝන් එක මෙහෙ ගෙනල්ලා හරි දුෂකරතාවකට පත්වෙලා ඉන්නෙ. ඊ මේල් ලිපිනය විදිහට පහත සඳහන් ලිපිනය තාවකාලිකව පාවිච්චි කරන්න. දැනට එවා ඇති ලිපිය මේ ලිපිනයටත් ලැබෙන්න සලසන ලෙස ඉල්ලමි. chandraggg@gmail.com

      කැමතියි

  2. / අපේ වාහනේ යන්නෙ  සහරා කාන්තාර බිමේ හන්ද   ……/

    ඉතා වියලි කාන්තාරයක්ය කියන අදහස දෙන්ට ඔබතුමා සහරා කාන්තාරය කියන යෙදුම භාවිතා කලා වෙන්න ඇති. ඒත් ඇත්තටම සහරා කාන්තාරෙ තියෙන්නෙ උතුරු අප්‍රිකාවෙ.

    ගමන් විස්තරේ නම් බොහොම අපූරුයි….ඇට්ලැන්ටා විස්තර ඊලඟ ලිපියෙන් බලාපොරොත්තු වෙමි…:)

    කැමතියි

    • ඔව් රවි ඔබ වඩාම හරි. මේ අරාබි අර්ධද්වීප ප්‍රදේශයේ තියන කාන්තාර බිම අරාබිකාන්තාරය කියල වෙනම ව්‍යවහාර වෙනව නේ. පුළුල් අර්ථයකින් බැලුවාම මාත් හරි. එහෙම කියන්නෙ උතුරු අප්‍රිකාවෙ සිට අරාබිකරය හරහා විහිදෙන මුළු ප්‍රදේශයම වියලි කාන්තාර ලක්ෂණ සහිත භූගෝලීය කලාපයක් නිසා. කර්කටක නිවර්තනය විහිදෙන බොහෝ ගොඩබිමි ප්‍රදේශ හරහා නිවර්තනය දෙපස ඇත්තේ කාන්තාර බිමි. මිනිසුන් මේවාට විවිධ වෙනත් වෙනත් නම් යෙදුවාට, මේ දේශගුණික ස්වභාවය කර්කටක නිවර්තනය ආශ්‍රතව ඇති විශාලතම බිමික පැතිර ගිය කාන්තාර දේශගුණ කලාපය විදිහට වඩා නිවැරදිව හැඳින්විය හැකියි. සහරාවේ දිගුවක් හෝ පැතිරියාමක් විදිහටත් හැඳින්විය හැකියිත. මකර නිවර්තනාශ්‍රිත ප්‍රදේශත් මේ දේශගුණයම උරුම කරගත්තත් වැඩි ප්‍රදේශයක් ජලය හරහා දාවෙන බැවින් මෙවැනි විශාල පෙදෙස් හසුවන්නෙ නෑහැ. මෙච්චර විස්තර කළේ මේ ලිපි පෙල කියවාගෙන යන තවම පාසල් යන දරුවන් විශාල පිරිසක් සිටින නිසා හොඳේ. මේ අතර
      “සහරාව” සහ “මරු කතර” වගේ වචන කර්කශ වියලි බව හඟවන්න කවීන් භාවිත කරන නිසා ඒ නිසාම එයින් දරුනු වියලි බව ධ්වනිත වන වචනයක් නිසාත් මමත් මෙතනදි එයා යොදාගත්තා.
      අපි දෙන්නාගෙ සංවාදයෙන් මේක කියවන දරුවන්ට වඩා නොමග නොගොස් ඉගෙනිමට අවස්ථාව සැලසෙනවා නේද රවි. රවිගේ අදහස් දැක්වීම ඉතා වටිනා එකක් වුනේ ඒ නිසයි. ඉතින් රවිට ගොඩක් ස්තුතියි ආවාට

      කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )