ගොඩයෙක් අහසින් යයි 1

කතුරු ඔන්චිල්ලාවෙ යනව වගේ ද?

මොකවත් නොදන්න එකෙක් අහසින් යනවා කියන්නෙ බයෙන් සැකෙන්  යන ගමනක්.  දෙයියන්නෙ ගං යායෙ විස්තර ලියන එක පොඩ්ඩකට නවත්තල ගමට ම  කොටුවෙලා හිටිය  sugv  මේ පෝස්ටුව දාන්න හිතුවෙ තනියම යන්ඩ ගිහින් ඇතිවුන පුරස්න  විසඳා ගත්තු හැටි කියන්ඩයි.  මං වගේ කෙනෙක් ඉ්න්නව නං  මේක පුංචි උදව්වක් වේවියයි හිතුනා.

ගුවන් තොටුපලින්, කටුනායකින්  උදේ පාන්දර  4.10 ට ගුවන්යානය පිටත් වෙන බව   ටිකට් එකේ තිබුණ. ඊට පැය තුනකට කලින් ගුවන් තොටුපලට යන්න ඕන. කොයිකටත් කියල අතිනුත් පැයක් ඉස්සරහට දාල  එතනට ගියා. කවද කාපු ටකරං ද ? මම හිටියෙ ටිකක් බයෙන්. එහෙට ගිහින් චෙකින් වෙන්ඩ, බෝඩිං පාස් ගන්ඩ වගේ දේවල් ගොඩක් තියනව නේ.

PIC_7620ඔන්න ලොකුම පුරස්න දෙකක් මොකද්ද මේ චෙකින් වෙනවා කියන්නෙ ? මොනවද මේ බෝඩිංපාස් කියන්නෙ ?  බෝඩිං පාස් එකේ තමයි ගේට්ටු අංකය යයි, අහසියන්තරා වෙ අංකයයි, ආසන අංකයයි  තියෙන්නෙ.  මේව වරද්ද ගත්තොත් මෙනව හරියට කරගන තිබුණත් වැඩක් වෙන්නෙ හෙම නෑ. වැරදි බස් එකක නැග්ග වගේ සෙල්ලමක් හෙම නෙවෙයි.

මට යන්ඩ නියම වෙලා තිබුණ   කටාර් ගුවන් සේවා  කවුළුවට. එතෙන්ට  ටිකට් එකයි පාස්පෝට් එකයි ඉදිරිපත් කරල  තමයි බෝඩිංපාස් ගන්න වෙන්නෙ. අහ කියාගත්තු විදිහට ඒ එක්කම ගමන් මළු චෙක් කරන්න දෙන්න ඕන. එතකොට  චෙකින් වෙනව. එතන බලදාරියෙ  අහන පුරස්නවලට උත්තර දෙන්ඩ ඕන. අමාරුවෙන් එතන පහු කරගත්තෙ පෝම් එකකුත් පුරෝල දීල.

කෙනෙකුට ගෙනියන්ඩ ඉඩ දෙන බරට වඩා චුට්ටක් අඩුවෙං ගෙනියන එක වැඩිය හොඳයි කියල හිතල ඒ විදිහටයි ගියෙ. ඒකෙන් රස්තියාදු වෙන එක වලක්ක ගන්ඩ පහසු වුනා.  නීති විරෝධී දේවල් ගෙනයන්න ගියොත් කෙල වෙන්න පුළුවන් බව අහලෙන තිබුණ හින්ද බොහොම පරෙස්සම් වුනා.  දැන් ඉතින් බෝඩිං පාස් එකේ තියන ගේට්ටු අංකය බලල ඒ ගේට්ටුවට යන්න ඕන. එහෙම නියමිත ගේට්ටුවට ගියාම කෙලින්ම යැවෙන්නෙ තමන් යන්න ඕන අහස්යානා දොරටුවට. ප්ලේන් එකේ අංකය එතනින් අහල හරි දැනගන්නව නම් තවත් හිතට පිට් හින්ද මම එහෙම ඇහුවාම, හිනාවෙලා ඔව් ඔව් කියල මාව ඇතුලට අරං ඉකොනොමි පන්තියෙ මට වෙංකරල තිබ්බ පුටුවට යන්ඩ කිව්ව.

පුටු එකක වත් අංකයක් තිබ්බෙ නෑ. අංක තියෙන්නෙ ආසනවලට උඩින් තියන ලොකර් qutar2වල.  මයෙ අතේ ගෙනියන බෑග් එක ඒකට දාල ආසනේ වාඩි වුනා. තව ටිකකින් මම අහසෙ! කවද නැග්ග අහසක් ද? මීට කලින් චුට්ටකට හරි මම උඩින් ගිහින් තියෙන්නෙ කාලෙකට ඉස්සර මහ පෙරහරට හයිකරන කතුරු ඔන්චිල්ලාවෙ පදින කොට විතරයි 

ගුවන් යානෙ බලධාරී ගොල්ල කියන කං ඉන්නෙ නැතුව ආසන පටි දාගත්ත. ඔන්න ඉතින් අහස්යන්තරාව බර කරත්තයක් වගේ අංගනය දිගේ යන්ඩ පටන් ගත්ත. හොරෙන් වට පිට බැලුව. අනෙක් අය බය වෙලාද නැද්ද කියල හිතාගන්න බෑ. මාත් ඔහේ හිතෙන් විතරක් දෙයියන්ට කිය කියා හිටිය. සීට් එක ඉස්සරහ රූපවාහිනී තිරයෙ යන ගමන් මාර්ගය දැනගන්න සිතියම දාගන්න පුළුවන්. ඕන්න ඒක දැම්ම. යන වෙලාව 4.10 කිව්වට හැබෑවට යන්ඩ පිටත් උනේ 5.00 ත් පහුවෙලා.

මම හිතුවෙ වෙලාවට නොයන්නෙ බස් කෝච්චි විතරයි කියල. අනේ මන්ද වෙන රටවල මිනිස්සුන්ට වත් වෙලාවට වැඩක් කරගන්න බැරි හැටි ! මම කල්පනා කරා.  ඔන්න දැං චුට්ට චුට්ට ගැස්සි ගැස්සි උඩට යනව. අහල තිබ්බ විදිහට  හිතාගන හිටි තරං  බයක් දැනුනෙ නෑ. අහසියන්තරේ  ඔන්න උඩට නැග්ගා. ඩිංගිත්තකින්, ගුවන් සේවිකාවො  ගානක් වත් නැතුව ඇවිදගන ඇවිත් අපට සංග්‍රහයක් කළා. මේක හරි ජොලි වැඩක් PIC_7642නේ. කවුලු වෙන් බැලුවම ගුවන් යානෙ නිකංම තියනව මිසක් යන බවක් පේන්නෙ නෑ. උඩට යනකොට පීඩනේ වෙනස් වෙන හන්ද වරින් වර කෙල ගිලින්න කියල මට උගන්නල තිබුණ හන්ද එහෙම කළා. ගුවන් සේවිකාවො යනවනං මට බැරි ඇයි? මමත් නැගිටල චුට්ටක් එහා මෙහා ගියා. පැය තුනකින් විතර ඔන්න අපි දොහා නගරෙ කටාර් ගුවන්තොටේ බැස්ස.

දෙයි හාමුදුරුවනේ…..!  අපේ ගුවන් යානෙ පරක්කු වෙලාලු, මෙතෙන්ට බාල තියෙන්නෙ. ඊ ළඟට යන්ඩ තිබුණ ලන්ඩන් යන යානය ගිහින්ලු. දැං ඉතින් හෙට උදේ එන්න කියල එතන හිටපු සේවිකාවක් කිව්ව. දැන් මොකද්ද කරන්නෙ. සේරම මතක නැතිවෙලා මට ටිකක් තරහක් ආව.

පරක්කු වුනේ අපේ වැරැද්දකින් නෙවී නේ. අනෙක් පැත්තට අපට මෙහෙ ඉන්න වීසා ඇත්තෙත් නෑ.  හොඳින් බලද්දි මට උපදෙස් දුන්න කෙනාගෙ මූණ ටිකක් පුරුදුයි වගේ.  එතනට තවත් කෙනෙක් ආව.  “මෙහෙම වෙලාවට නැවතිලා ඉන්න පහසුකම් ඔක්කොම නොමිලේම දෙනව. මෙයා මේ විහිළුවක් කරල තියෙන්නෙ. හොඳට බලන්නකො. එයායි මායි දෙන්නම ලංකාවෙ. දෙවියනේ ! සිංහල හඬක් ඇහුනාම ඇතිවෙච්ච සතුට !

මී ළඟ ලිපිය බලන්න කෝ.

10 thoughts on “ගොඩයෙක් අහසින් යයි 1

  1. හඃ හඃ හා………………..මට මතක්වුනේ ගුණදාස ලියනගේ ගේ ‘ගුවනින් ගිය ගොඩයා’ කතාව. අම්මපා ගුණසිංහ මහත්තයෝ කවදා කාපු ටකරංද මේ අපිට. හමුදාවට පින්සිද්ද වෙන්න, මෙහේදී ඔය හැලිකොප්පර් වල, ප්ලේන් වල ගිය නිසා, විදේශ ගමනේදී එච්චරම කරදරක් මටනම් දැනුණේ නැහැ.

    දැන් ඉතින් ඔහේ ඉඳගෙන අලුත්ම ලිපි මාලාවක් ලියන්න. එහෙම නැත්නම් මෙහෙ ඇවිත් ලිපි ලියන්න පුළුවන් තරම් තොරතුරු එකතුකරගන්න.

    ජයවේවා!

    Liked by 1 person

  2. මටත් එක පාරට මතක් වුනේ ගුවනින් ගිය ගොඩයා කතාව. ඒ පොතේ තියෙන්නෙ 1957 මහ ගංවතුරෙං යට වෙච්ච ගල් ඔය ව්‍යාපාරය බලන්ට එයා සිලෝන් අහස්යානයකින් ගුණදාස ලියනගේ මහත්මයා ගිය ගමනක් ගැන. බොහොම රසවත් පොතක්.

    ෂෙහ් දෝහා වල කොච්චර වෙලා හිටියද?

    දෙයියන්නෙ රටේ අපූරු නම බ්ලොග් එකට. එහෙනං දෙයියන්නෙ රටේ ඉඳල සුද්දන්ගෙ රටට ගිය විස්තර ලියන්නකො අපි බොහොම ආසාවෙන් බලාගෙන ඉන්නවා…:)

    කැමතියි

    • ස්තුතියි රවි.ඔය දේයියන්නෙ රටේ කියන නම තිව්වෙ නිර්මාණය කර හෙඩර් එක සකස් කරදෙමින් නම කියන්න තහනම් කරමින් උදව් කළ හිතවතා. අපි දොහාවල හිටියෙ දවල් භාගයකුයි එක රැයකුයි විතරයි රවි. ගුලි ගෙ පොත නෙට් එකේවත් තියනව ද කියල හෙව්වා. ඒක නැහැ. ඒ වගේ පිරුණු මාධ්‍යවේදියො ලංකාවෙ දැන් බොහොම හිඟයි .

      ඔබේ ලිපිය කියෙව්වත් මේ දවස්වල ජීමෙල් එකට යාගන්න විදිහක් නැතුව ගූගල් බ්ලොග් බැලුවට කොමෙන්ටු දාන්න විදිහක් නෑ. වර්ඩ් ප්‍රෙස්වලින් එතනට යන්න බෑ. ගූගල් හරහා අගනා බ්ලාග් සටහන් ලියන හිතවතුන් ඉවසා වදාරන සේක්වා

      කැමතියි

  3. මාත් මෙදා දෝහා පාරෙන් තම්‍යි යන්නේ. හම්මේ ලoකාවෙන් ආවා වගේ නෙමේ ,මේ රටේ ඉදන් ආපහු යද්දි ආයෙ කවදාවත් පයතියන්න හිතෙන්නේ නැතිවෙන්නම චෙකින් කරෝලා තම්‍යි එවන්නේ. ලැප් එක වෙනම පෙට්ටියක දාලා එවුවා චාජරේ වෙනම ෆ්ලයිට් එකක දැම්මා. හම්මේ 😦

    මම නම් ෆ්ලයිට් තෝරද්දි ට්‍රාන්ස්සිට් වල පැය 3 කට වඩා වෙලාව තියෙන ඒවා තම්‍යි තෝරගන්නේ. අපෝ එයාපෝර්ට්වල එච්චර ඉන්න බෑ කියලා පැයක් දෙකක් වෙනසක් තියෙන ෆ්ලයිට් මම නම් තෝරගන්නේ නෑ. නෙට් එකට ගිහින් අපිම ෆ්ලයිට් එක තෝරගන්න එක ලේසී. ඒ වගේම රෑ ෆ්ලයිට් බුක් කරන එකත් මo කරනවා හිතාමතාම.
    ඔබේ කතාව රසවත්. දෙවනි කොටස කියවන්න බලන් ඉන්නවා.

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )