උග්ගල් අලුත්නුවර කියන්නේ ඇයි ? 2

තාවකාලිකව ඉවත් කර ඇති බව සලකන්න

8 thoughts on “උග්ගල් අලුත්නුවර කියන්නේ ඇයි ? 2

  1. ඔබතුමාට භූ රූපන විස්තර කිරීමේ හැකියාව හොඳින්ම තිබෙන බව පෙනෙනවා. මෙවැනි ඓතිහාසික කරුණු විස්තර කිරීම සඳහා, අදාළ භූ රූපන විග්‍රහයත්, එම විශ්ලේෂණය අදාළ ඉතිහාස කතාවට සමපාත කිරීමත්, අති දක්ෂ ලෙස ඉටුකොට තිබෙනවා.

    හොඳ විස්තරයක්. අනාගත පරපුර වෙනුවෙන් රැකෙන අගනා දායාදයක්.

    Liked by 1 person

    • ඔව් අනුෂාල් දැඩිමුණ්ඩ දෙවියන් සහ කෑගල්ලේ පින්නවල අලුත්නුවර දේවාලය සමග උග්ගල් අලුත්නුවර දේවාලය අතර සම්බන්ධය ගැන කතා පුවත් මටත් හමුව තිබෙනවා. තවමත් මේ ගැන සොයමින් ඉන්නෙ. ස්තුතියි අනුෂාල් පුතාගෙ පැමිණීමට. මෙහි දැක්වෙන පිහිටීම මාවනැල්ල හිඟුල හන්දියෙන් හැරී ගියවිට හමුවන අලුත්නුවර ලෙස නිවැරදි විය යුතුයි

      කැමතියි

  2. විචාරක තුමා නිවැරදියි. මට වැරදීමක් වෙලා තියෙන්නෙ. මා පවසන්නට උත්සාහ කර තියෙන්නෙ මාවනැල්ල හිඟුල හන්දියෙන් හැරී ගිය විට හමුවන අලුත්නුවර ගැනමයි. මෙහෙත් එහෙත් සම්බන්ධ කතා පුවත් පැරැන්නන් පවසනවා. වැඩිදුර ඉගෙනීම පිණීස එහි යාමට සිතා ගෙන සිටිනවා.මගේ ප්‍රති පිළිතුරේ පින්නවල ගැන සඳහන් වි තියෙන්නෙ බරපල් වැරදීමක් නිසයි.! මා නිවැරදි කිරීම වෙනුවෙන් ඔබතුමාට ගොඩක් ස්තුතියි

    කැමතියි

  3. උග්ගල් අලුත් නුවර දේවාලය සහ කතරගම මහා දේවාලය සමග ලොකු සම්බන්ධ කමක් තියෙනවා නේද? කතරගම දේවාලයේ පාලනයට අයත් ඉඩකඩම් බොහොමයක් කතරගම සිට මොනරාගල තෙක් තියෙනවා. මේ ඉඩම් වල එක කොටසක් සබරගමුව පළාතෙන් පටන් ගෙන ඌව පළාතේ බදුල්ල දක්වා විසිර තිබෙනවා. මේ බදුල්ල දක්වා ඇති කොටසේ ආදායම් එකතු කරන පරම්පරාවට “අලුත් දෙවියන්” නමින් හඳුන්වන කතරගම දේව මණ්ඩලයේ සාමාජික දෙවියෙක් ගැන රසවත් කතා තිබෙනවා. මා කුඩා කල අලුත් දෙවියන්ගේ දේවාලයේ පැවති ශාන්ති කර්මයකට සහභාගිවී තිබෙනවා . මාඑහිදී ඇසු තොරතුරු අනුව මේ අලුත් දෙවියන්,උග්ගල් අලුත් නුවර දෙවියන් සහ මාවනැල්ලේ හිඟුල අලුත් නුවර සිටින දෙවියන් සහ ඒ දෙවියන්ගේ තේවාව කරන අය අතර නෑ සම්බන්ධයක් වැනි දෙයක් තිබී තිබෙනවා.

    සමරසේකර

    Liked by 1 person

    • මේ ගැන මට තියන විස්තර අඩුයි සමරෙ රුහුණු කතරගම දේවාලය ගැන මෙහෙ කවි කීපයක කියවෙනවා. රුහුණු කතරගම දේවාලය කියන්නෙ තමන්ගෙ මහ දේවාලය ලෙස මේ ඇත්තන්ගේ සැලකිල්ල යොමුවන තැනක්. අලුත්නුවර ඇත්තන් තමන්ගෙ මැණික් පතල්වලින් වාසි වුනාම මෙහෙ දේවලයේ පුද පූජා පවත්වනවා වගේම රුහූණු කතරගම ගොස් පුද ූජා තැබීම කිරීම අනිවාර්ය ලක්ෂණයක්. මැණික් වෙන්දේසියෙද් කතරගම යාම සඳහා මුදල් කොටසක් වෙන් කිරීම වැදගත් සිරිතක් ලෙස අනුගමනය කරනවා.
      ඔබට මේ දේවාල දෙක අතර තියන සම්බන්ධතාවය ගැන මටත් වඩා බොහොම වටිනා තොරතුරු තියන බව පෙනෙනවා. ඒ විස්තර කියන ලෙස සමරෙට ආයාචනා කරනවා.

      කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.