සුබ අලුත් අවරුද්දක් වේවා

31 දිනට පහන්වන්නට තිබියදී පහන්මඩුව තුළින් ගමට පළාතට හා මුළු රටටම එක් කළ සුබ පැතුම

2015 .12. 31 දිනට පහන්වන්නට තිබියදී පහන්මඩුව නටමින් ගමට, පළාතට හා මුළු රටටම එක් කළ සුබ පැතුම

 

මේ දිනවල අතොරක් නැතුව පැටවී තිබුණ දහසක් වැඩ කන්දරාව හින්ද බ්ලොග් ලොවට එබී බලන්නට වත් බැරි වුනාට සමාව දෙත්වා. කොපමණ වැඩ තිබුණත් ඊයේ රෑ පුරාම තිබුණ “පහන්මඩුව” බලන්නට නං යන්නටම වුනා.  සාම්ප්‍රදායික රැඟුම් සංරක්ෂණය කරමින් තවමත් රැඟුම් පාන කුඹල්මුල්ල කපු නැටුම් ශිල්පීහු එක් අවස්ථාවක අහල ගං හතකටත් මුළු රටටත් දේස දිපංකරයටත් ලබන නව වසරට සුබ පැතූහ. උදුවප් මහ නිම වන්නා හාම යකුන් පළායමින් දෙවොල් වැනි තවත් යකුන් කොටසක් පත්තිනි අනුහසින් දේවත්වයට පැමිණ උදාවන බුද්ධ මාස වලින් ඇරඹෙන නව වසරට සෙත් සුව සලසති. සියලු දෙවියන්ට “පස්වාන් දහසකට ආවීම බොහෝවා” යි පතමින් මේ ඇත්තන් ගමට රටට ලොවට කළ සෙත් පැතීමේ ගායන අන්තර් ගතය කැටි කළ විට මෙන්න මෙහෙමයි.

දහසක් දැන වැරදි දහසක් නොදැන වැරදි තිබුණත් ඒ සියල්ලට සමාව දී වදාරා, මතු බුදුබවට පැමිණෙන මහා බලැති පත්තිනි දේව මෑනියන්, මහා විෂ්ණු දේව, සමන් දේව සහ කතරගම දේව රාජයාණන් වහන්සේලා යන සතර දේවානුභාවයෙන් අපටත් ඔබ සැමටත් මුළු පළාතටත් මුළු ලංකාවටත් දේස දීපංකරයටත් යනුවෙන් සඳහන් කරමින් ඔවුහු නව වසරට සෙත් පැතූහ.

මුළු හිතින් ඔවුන් හා එක්ව sugv ද ඔබ සැමට; හැම අතින්ම ජීවිතය සරුසාර වේවායි සුබපතයි.

විශේෂ වදන්

  • අහල ගංහත : ආසන්න ගම්මාන හත(දේවාලගම ඇතුළු කළ විට ගම් අටක් දැනමුත්තන්ගේ අදහසයි. මේ අනුව ගම් අට ඇත්තේ වලල්ලක ආකාරයෙන් විය හැකිය)
  • උඳුවප් මහ සහ බුද්ධ මාස : මෙතන ක්ලික් කර අදාල විස්තර බලන්න
  • දේස දීපංකරය: මෙයින් අදහස් කර ඇත්තේ මුළු ලෝකයම බව පෙනියයි

 

11 thoughts on “සුබ අලුත් අවරුද්දක් වේවා

  1. ගුණසිංහ පවුලටම ආවඩා ආයිබෝවේවා! මම අද ලයනල් මහත්තයටත් කතා කළා. 2016 දී ඔබතුමාත්, ලයනල් මහත්තයාත් බලන්න එන්න හිතාගෙන ඉන්නවා.

    කැමතියි

  2. ඉඳලා හිටල හරි ඔබේ සටහන් කියවන්න ඒම සතුටක්. මම හිතාන හිටියේ දැන් දේවාලභූමිය පාළුවට ගිහින් කියලා. කලින් දවසක අහම්බෙන් ගොඩ වැදුනම අර ඉස්සර වගේ කිසිම සෞභා‍යත්මක බවක් පෙනුනේ නෑ. සමහරවිටෞත්සව කාලෙක නොවෙන්න පුළුවන්.

    කැමතියි

  3. සෙනසුරාදා බදාදා වගේ කෙම්මුර දින හැරුනාම බොහෝවිට දේවාල භූමිය පාළුවේ වගේ පෙනෙනවා. ඔබ පැමිණෙන්න ඇත්තෙ ඒවගේ දිනයක නොවෙන්න හැකියි. දේවාල සීමාව ආසන්න නිවසක මරණයක් සිදු වූ විටත් දේවාලය වසා දමනවා. පැමිණ අදහස් දැක්වීම මට ධෛර්යයක් ගෙන එනවා. ඒ වෙනුවෙන් ස්තුතියි

    කැමතියි

  4. ගොඩක් කාලෙකින් මේ බ්ලොගය පැත්තේ එන්න බැරි වුන. මේ වගේ පහන් මඩු මංගල්ල තවමත් රැකගෙන කරනවා කියන එක ගැන අහන්නත් සතුටුයි. ඔබට හා පවුලේ සියලුම් අයටත් සුභ නව වසරක් වේවා .

    කැමතියි

  5. ස්තුතියි අජිත් ඔබෙන් සිදුවන මෙහෙය සුළු පටු එකක් නොවෙයි. අවිවේකය මැද්දේ හෝ ඔබ පැමිණීම මට මහත් සතුටක් ඔබටත් ඔබේ ආදරනීයයන් සැමටත් සුබ නව වසරකට සුබ පතන්නෙමි

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )