“මේ ගමටත් අහලගං හතටත්……..”

සංස්කරණය පිණිස තාවකාලිකව ඉවත් කර ඇති බව සලකන්න

6 thoughts on ““මේ ගමටත් අහලගං හතටත්……..”

  1. මුලින්ම ස්තුතිවන්ත වනවා වෘත්තීයමය කැමරා ශිල්පියකු සහ තාක්ෂණික ශිල්පීන් යොදාගෙන කලයුතු වීඩියෝ පටිගතකිරීමක්, සීමිත ආලෝක තත්වයන් යටතේ සහ සීමිත ශබ්ද පාලන තත්වයන් යටතේ, පටිගත කිරීම පිළිබඳව. පසුගිය දිනවල තිබුණු වැසි සහිත කාලගුණය මධ්‍යයේ මෙවැන්නක් කිරීම දුෂ්කර කටයුත්තක්. දවල් කාලයේ ස්වභාවික ආලෝකයෙන්, නිශ්ශබ්ද එළිමහනක, මෙය මීට වඩා සාර්ථකව කරන්න තිබුණා. නමුත් දවල් කාලයේදී මේ පිරිස එක්රැස් කරගැනීමට ගැටළු ඇතැයි සිතනවා.

    කැකුණ තෙල් පමණක් නොවෙයි ඖෂධීය තෙල් වර්ග සහ බිතු සිතුවම් ඇඳීමට ගන්නා දොරණ තෙල් වැනි තෙල් වර්ග ගැන මෙතෙක් ලංකා විද්‍යාත්මක සහ කාර්මික මණ්ඩලයෙන් හෝ වෙනත් ආයතනයකින් පර්යේෂණ කර ඇද්දැයි මා දන්නේ නැහැ. මෙවැනි තෙල් වර්ග සිඳීමේ ශිල්පයද අභාවයට යමින් පවතිනවා. නමුත් මේ තෙල් පදනම් කරගත් පිටරටින් ගෙන්වන ඖෂධ සහ/හෝ තෙල් වර්ග අද අපි පාවිච්චි කරනවාට සැකයක් නැහැ.

    පෞද්ගලික තරහ මරහ, මති මතාන්තර, ජාති, කුල, ආගම්, භේද මොනවා වුනත්, මෙවැනි සෙත් ශාන්තියකදී, ගමට රටට, සකල සත්වයාට, සෙත් පැතීමේ ශික්ෂණය, අපට අපේ ආගම් වලින් ලැබුණු, යහපත් මිනිස් ගුණාංගයක් බව පෙනෙනවා.

    මේ අභිචාර විධි පිළිබඳව, පර්යේෂණාත්මක මට්ටමෙන් මෙලෙස වාර්තා සකසා, සංරක්ෂණය කිරීම වෙනුවෙන්, ඔබතුමාට ගෞරව ආචාර්ය උපාධියක් ප්‍රදානය වටිනවා, මේ පුස්සන්ටත් ආචාරිය පට්ටම් දෙන කලියුග කාලේ.

    කැමතියි

  2. ඔබතුමාට ගොඩක් ස්තුතියි විචාරක තුමා. අපේ අවශ්‍යතාව මත මේ අය ලවා ඒම සාම්ප්‍රදායික ගායනයන් හෝ රැඟුම් ඒ ආකාරයෙන්ම හැදෑරීමට අවස්ථා ලබාගැනීම තරමක දුෂ්කර කීප වරක්ම අත්දකින්නට ලැබුණා. මේ ගැන හැදෑරීම පිණිස (මුදල් ගෙවා හෝ) මේ ශිල්පීන් එක් රැස් කළොත් දකින්නට ලැබෙන්නේ ස්වාභාවිකව තිබුණ ශිල්පීය සම්ප්‍රදාය අධිතාත්විකත්වයට හා අතිශයෝක්තියට නංවා විකෘතික කළ ස්වරූපයක් බවයි.එහි දී ඔවුන් අප වඩා කැමතිවේයයි සිතා විකෘති කළ රැඟුම් හා ගැයුම් ටිකක් ඉදිරිපත් කළ බව පෙනුනා. වරක් පාසලක සංවිධානය කළ සබරගමු දහ අට සන්නි රංගනයේ වගේම සබරගමු වෙහෙරෙගොඩ තොවිල් කාර ශිල්පීන් ලවා කරන්නට උත්සාහ කළ රැඟුම් සන්දර්ශනයක දී (සබරගමුව විවි රංගශාලාව2003 පමණ) සාම්ප්‍රදායික පොල්මටුලළු පන්දම් සහ දුම්මල වෙනුවට භූමිතෙල් යොදා සකස් කළ පන්දම් භාවිත කරමින් විකෘති වී තිබුණා. නියමිත සම්ප්‍රදායය දකින්නට ලැබෙන්නේ සාම්ප්‍රදායික ප්‍රධානීන් යටතේ සිරිත් චාරිත්‍ර ඉටු කිරීම පිණිස හෝ රෝගාබාධයක් දුරු කර ගැනීම පිණිස අවශ්‍යයි ඔවුන්ම තීරණය කර සංවිධානය කරගන්නා ශාන්ති කර්ම අවස්ථාවල පමණක් බව පෙනී යනවා.වරක් කොළඹ විවි සංවිධානය කළ පහන්මඩු ශාන්තිකර්මයක් කිරීමෙන් පසුව මේ ශිල්පීන්ම මා සමග පවසද්දී අදාල විස්තර විමසීමේදී ද තේරුම් ගියේ ඉදිරිපත් වී ඇත්තේ විකෘති වූ පාන්මඩුවක් බවයි. මේ වීඩියෝ සටහන් ඔවුන්ගේ සැබෑ භක්තිය තුළින් රඟ දැක් වූ අවස්ථාවක; 2009 උග්ගල් අලුත්නුවර පාන්මඩුවේදී ලබාගන්නා ලද වීඩියෝ සටහන් . ඔබතුමාගේ අදහස් දැක්වීම මට මහත් ධෛර්යයක් විචාරකතුමණි.

    කැමතියි

    • මෙවැනි සංස්කෘතිකාංග වාර්තා කිරීමේදී, යථාර්ථය සහ ව්‍යාජය පිළිබඳව පුළුල් අවබෝධයකින් ඔබතුමා ක්‍රියාකරන බව දැනගන්නට ලැබීම සතුටක්. ඔබ විශාල වගකීමකින් මෙය කරනු ලැබීමෙන් එහි වටිනාකම වැඩිවෙනවා. මෙම සංස්කෘතිකාංග වල යථා ස්වරූපී බව පටිගත කරගන්නට අධි තාක්ෂණික ක්‍රම භාවිත කලයුතු බව පෙනෙනවා. මෙය ඔබට තනිව කළහැක්කක් නොවේ. විශාල ධනයක්, ශ්‍රමයක්, නවීන උපකරණ සහ ශිල්පීන් යොදවා කලයුත්තක්. නමුත් ඒ ගැන නොසිතන්න. මේ කරගෙන යන විදිහටම, හැකි සෑමවිටම ගුණාත්මක භාවය රැකගනිමින් දිගටම කරගෙන යන්න. කවදා හෝ අදාළ අයගේ අවධානය ඔබවෙත යොමුවනු ඇති.

      Liked by 1 person

  3. අම්මඩුව දේවාලයේ ගරුබස්නායක නිලමේ තුමා වන උදය ඇමටියගොඩ බණ්ඩාර මහත්මාණන් ස්වල්ප වේලාවකට පෙර දුරකථනයෙන් සම්බන්ධ වෙමින් පැවසූ තොරතුරු අතර මෙහි දැක්වෙන ඖෂධීය තෙල් වර්ග සහ ඒවායේ ඇති වටිනාකම් පිළිබඳ කදිම විස්තර රාශියක් ලබාදුන්නා එතුමාට ස්තුතිය පුදමි. දොරණ තෙල් ගැනද සිහිපත් කරමින් විචාරකතුමා ද පෙන්වා දෙන මේ සාම්ප්‍රදායික තෙල්වර්ග පිළිබඳ නූතන පර්යේෂණාත්මක ඇස ඉතා කඩිනමින්ම යොමු වේවා යන්න මගේද පැතුමයි

    කැමතියි

  4. හරිම වටිනවා ගුණසිංහ මහත්තයා….. මේ තරම් දැනුමක් අපි ලබා ගත්තෙත් මේ බ්ලොගයෙන්…ඔබතුමාගේ මහන්සිය ප්‍රයෝජනවත් දෙයක්…. හරිම සතුටුයි…..

    කැමතියි

  5. උඩ මළුවේ පොල්ගහ සිටුවා ඇති ස්ථානයේ පවතින පාෂාණ තහඩු මත ඇති කැටයම් අනාවරණය කරමින් මුල්වතාවට පෙන්වා දුනේනේ කුරුටු ගෑගී පවුරේ සිටින අපේ W.T. වීරසිංහයන් විසින්. ඒ පිළබඳ මගේද ඇස් හැරුනේ එතනින් යයි සිතෙනවා. එතුමා වැනි වියතුන්ගේ ද දායකත්වයෙන් පණ ගැන්වී එක්රැස්ව සිටින ඔබ වැනි තරුණ වියතුන් ගමට මෙන්ම රටටත් වාසනාවක්. මූණු පොතේද තම ගම්මානයේ සාඩම්බර උරුමය ගැන මහත් අභිමානයෙන් තැබෙන සටහන් දැකීමට ලැබීම මහත් සතුටක්. ඒ සමගම විශාල ධෛර්යයකින් අධ්‍යාපනයට යොමු වුන නව දරු කැලක් ද ගම තුළින් බිහිවෙමින් තිබෙන බව පෙනනවා. මේ සියල්ල නිහඬව පවසන්නේ ගමේ අනාගතය වඩා වාසනාවන්ත වන බවයි. මා ලියන දෑ සම්බන්ධව ඔබටද එකතු කළහැකි දැනුම් කොටස් එකතු කරන ලෙස ඉල්ලා සිටිනවා. ඔබේ පැමිණිම හා දිරිගැන්වීම මහත් සතුටක් කුරුටු ඔබට ජයවේවා !

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )