ඉල්ලො හැදෙන මාසය

තාවකාලිකව ඉවත් කර ඇත.

10 thoughts on “ඉල්ලො හැදෙන මාසය

  1. ඉල්ලෝ නටන කතාව නම් ඇහුවේ අදමයි. මා හිතනවා පැරැන්නන් තුල යම් යම් විද්‍යාත්මක දේ ගැන දැනුමක් තිබුණු අතර ඔවුන් ඒවා ප්‍රකාශ කලේ ඔවුන්ටම ආවේනිකවූ භාෂා විලාශයකින්. අප එය හරියට තේරුම්ගෙන නැතැයි සිතෙන අවස්ථා තිබෙනවා.

    මට දෙයියන්නේ ලෙඩ හැදුනේ අවුරුදු 12 ක් විතර වයසේදී. ඔය චාරිත්‍ර ඔක්කොම අපේ අම්මා අනුගමනය කළා මට හොඳට මතකයි. පාන්දර හීතලේ නාලා කිසිම ලෙඩක් හැදුනේ නැති එකත් පුදුමයි.

    පාරිභාෂික යෙදුම් පැහැදිළි කිරීම ඉතා වැදගත් පියවරක් ලෙස දකිනවා.

    කැමතියි

  2. වෛරස් රෝග බෝවීම පාලනයටත්, තම නිවාසයේ බෝවන රෝගයක් ඇති බවට කෙරෙන සන්නිවේදනයත් ඒ හා බැඳුන අනෙකුත් චාරිත්‍රවාරිත්‍රත් ඉතාම වටිනා අන්දමට සකස් වී තිබුණ බව පෙනෙනවා ඔබතුමාගේ අත්දැකීම මටත් තිබෙනවා. මට වයස 10 දී පමණ පැපොල රෝගය වැළඳුන අවස්ථාවේ උපස්ථාන කළේ කිරි අම්මා පමණයි. ඒ කාමරයට වෙන කිසිවකුට පැමිණීමට ඉඩ දුන්නේ නෑ. ඇඟ දැවිල්ල ගත් අවස්ථාවල පිරිත් කියමින් මා සැනසූ අයුරු නින්දට යනතුරු දෙයියන්නේ ලෙඩ පිලිබඳ කතා, විවිධ විනෝදාත්මක කතා, දේව කතා කියමින් සනසන්න උත්සාහ කළ ආකාරය දැනුත් මතකයේ තියනවා.
    ඉල්මාසය සහ ඒ හා ඒ සම්බන්ධව ඔවුන්ගේ තිබූ බිය ගැන ඉගැන්වීමට කිරිඅම්මා අනුගමනය කළ ඉගැන්වීම් ක්‍රමවේදය නූතන සාර්ථක ගුරුභූමිකාව සිහිපත් කරනවා.

    කැමතියි

  3. හරිම වටිනා ලිපියක්…………… මේ සමාජයීය දැනුම දැන් පරම්පරාවන්ගෙන් ක්‍රමයෙන් අෑත් වෙමින් පැවතීම කණගාටුවට කරුණක් තමයි… මේ විස්තර වැඩිහිටියන්ගෙන් අැහුවා ම තවත් රස කතා සාගරයක් ගැන අහගන්න ලැබුණා…… මේ දැනුම මේ විදිහට හරි ඒකතු වෙන ඒකනම් ඉතාවටිනා දෙයක්……

    කැමතියි

  4. කුරටු එැවැනි වටිනා සිරිත් විරිත් සම්බන්ධ රසවත්, හරවත් කතා රාශියක්ම මේ ඇත්තන් අතර තියනවා. කිසියම් ක්‍රමයකින් ලියන ලෙස හෝ මා දැනුවත් කරන ලෙස ඇරයුම් කරමි.

    කැමතියි

  5. මේවා සටහන් තැබීම ගැන ස්තූතියි. ‘වටිනා’, ‘දැනුම’, ‘විද්‍යාත්මක’ යන වචන වලින් නෙමෙයි මම මේ සටහන අගයන්නෙ. පරම්පරාවක් දෙකක් ඉහතක දී එහෙම හිතන්න හුරුවෙච්ච සමාජයක් අද එන්නත් වලින් දෙවියන්නෙ ලෙඩ කොපමණ ගණනාවක් වැළඳීම වළක්වා ගන්නට කටයුතු කරනවා දකින පුදුමයෙන්!!!!

    කැමතියි

    • මා දකින්නේ අතීත විස්තර සහ වර්තමාන විස්තර එකිනෙක වශයෙන් වෙන්ව ගෙන “වඩා දියුණුයි, වඩා වටිනවා“ හෝ “වඩා විද්‍යාත්මකයි“ යනුවෙන් කිරා මැන බැලීම වෙනම ම කාර්යයක් විදිහටයි.
      ආනන්දමෛත්‍රෙය හිමිපාණන්ගේ දෙනෙත් එක්සත් රාජධානියේ දී ශල්‍යකර්මයකට භාජනය කර සුවපත් කරන්නට ගත් උත්සාහයෙන් පසුව ලංකාවට පැමිණ උන්වහන්සේගේ මෑණියන්ගේ ගමේ (උග්ගල් අලුත්නුවර) සිටි මැණික් අප්පු නමැති ගැමි වෛද්‍යවරයා සුවපත් කළ ආකාරය මගේ අත්දැකීම් ගොනුවේ නොමැකෙන ආකාරයෙන් සටහන් වී තිබෙනවා. මේ වෙද මහතාම ජෝ අබේවික්‍රමයන්ට (ප්‍රකට නළුවෙක්) තිබූ ඇස්රෝගය හඳුනාගන නූතන ක්‍රම මගින් හදුනගෙන නිගමනය කළ ආකාරයටම නිවැරදිව හඳුනාගත්තේ හිතාගන්නටවත් නොහැකි සාම්ප්‍රදායික දැනුම ඇසුරු කර ගනිමින් බව මගේ මතකයේ පවතිනවා. මේ නිසා අතීතයේ සිටියවුන් සිතා ගන්නට නොහැකි ක්‍රමවලින් නිපදවා සම්මත කරගත් දැනුම වුව මිනිසාට යම් තරමකින් හෝ සෙත සලසන අයුරින් හැඩ ගැසී පැවති ආකාරය මා ආශ්වාදනය කරන්නේත් සිහිපත් කරන්නේ විශ්මයෙන්. ඔබේ අදහස් දැක්වීම මටමහත් දිරියක්.

      Liked by 1 person

  6. පින්ග්කිරීම: “මේ ගමටත් අහලගං හතටත්……..” | sugv

  7. පින්ග්කිරීම: රජය ඉක්මවා අනාගතය දිහා බලන්න | අරුණි ශපීරෝ‍ වෙතින්

  8. ගුණසිංහ මහත්මයානනි ඔබගේ ලිපියේ මාතෘකාව පමණයි පෙනෙන්නේ. ඊට යටින් වෙළද දැන්විමක් ප‍්‍රචාරයවනවා පමණයි ලිපිය නෑ. මෙය මෙසේ වන්නේ මට පමණක්ද දන්නේ නෑ. මෙයට පෙර පලවු ලිපියද එසේවුවා. පොඩ්ඩක් සොයා බලන්න.

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )