උග්ගල් අලුත්නුවර ඇසළ උළෙල 2015

2015 උග්ගල් අලුත්නුවර ඇහැල මහ පෙරහර

ලේඛනගත විස්තර ගෙන එන දේවාල ලේකම් මිටියේ ඇති, මහනුවර සමයේ භාෂා ලක්ෂණ ඇති පුස්කොල ලේඛනයේ සහ කෞතුකාගාරයේ “සීමාසංකර විනෝදනී” පුස්කොල  පොතේ අග දැක්වෙන පිටුවල සඳහන් පිටපත  අනුව මේ පෙරහර ඇරඹියේ ක්‍රි.ව. 1582 දීය. ඒ අනුව මේ සැරසෙන්නේ 433 වන පෙරහර උත්සවය පැවැත්වීමට  බව නිගමනය කළ හැකිය.පෙරහර දැන්වීම

මෙහි 14 සිට 22 දක්වා පැවැත්වෙන බව කියවෙන  මළුවේ පෙරහර සහ දෙවේලේ පෙරරහර යන අවස්ථාවන් හි මේ දක්වා සුරක්ෂිත ඓතිහාසික උරුමය විදහා දක්වන අංග පැහැදිලිව දැක ගැනීම හා සවන් දීම  වඩා පහසුවෙයි.  මහා පෙරහර තුළද ඒ සෑම සාම්ප්‍රදායික අංගයක්ම  පවතී. එහෙත් වැඩි අවධානයක් පිටතින් ගෙන්වා සරසන නවාංගයන් විසින් ආකර්ශනය කිරීම නිසා ශාස්ත්‍රීය අධ්‍යයනයක දී දුෂ්කරතා මතු කරයි. එනමුදු මහා පෙරහරේ පමණක් පවතින සාම්ප්‍රදායික අංග විශේෂයක් ඇති හෙයින් ශාස්ත්‍රීය අධ්‍යයනයක නියැලෙන විද්වතකුට මේ දින පහලොවම ගත කිරීමට සිදුවේ. මෙහි මළුවේ පෙරහර යනු සාම්ප්‍රදායික රාජකාරි ඇත්තන් පවසන කුඹල් පෙරහර වන අතර දෙවොලේ පෙරහර යනුවෙන් දක්වා ඇත්තේ  දෙවේලේ පෙරහරම බව සිතිය හැකිය.

විශේෂ වදන්

  • කුඹල් පෙරහර :- දේවාල උඩමළුවේ දේවාලය වටා දක්ෂිනාවර්තව ගමන් ගන්න‍ෙමෙය පුන්කලස් පෙරටු කොට ගමන් ගන්නා පෙරහරකි.  පොල්මල් වලින් පුරවන ලද පුන්කලස සශ්‍රීකත්වය හඟවන පාරිශුද්ධ මංගල වස්තූන් සේ පිළිගැනීමක් උඩරට සමාජ උරුමයේ පවතී. මේ කලස් ගෙන යනු ලබන්නේ  සුදු පිරුවටයකින් ආවරණය කරමිනි.  “බඩහැල පංගුවේ රාජකාරි” ඇත්තන්   මේ කාර්යයේ දෙදෙනකු නිරතවෙති.
  • දෙවේලේ පෙරහර :- වචනාර්ථයෙන්ම පෙනී යන පරිදි මේ දිනකට දෙවේලක් ගමන් ගන්නා පෙරහරකි. එකක් දවල් පෙරහර යනුවෙන් ව්‍යවහාර වන අතර අනෙක රාත්‍රී පෙරහර යනුවෙන් ව්‍යවහාර වේ. දවල් පෙරහර යනුවෙන් පැවසුවද එය දහවල් කාලයේ ගමන්ගන්නා පෙරහරක් නොව රාත්‍රිය එළඹුන පසුව වේලාසනින් ගමන් ගන්නා පෙරහරය. (මෙහි සංකේතාර්ථ කුමක්ද යන්න උග්ගල් අලුත්නුවර දේවපුරාණය සම්බන්ධ ලියවෙන මීළඟ ලිපිවල විස්තර වනු ඇත.)

5 thoughts on “උග්ගල් අලුත්නුවර ඇසළ උළෙල 2015

  1. හෙහ් හෙහ්, ඔක්කොටම කලින් තරුණ ගුණසිංහ මහතා අදහස් දක්වලා තියෙන්නේ. බොහොම අගෙයි, බොහොම අගෙයි.

    පෙරහැර නම් ලස්සනට අති. මෙව්වා දැක්කම බලන්න එන්නත් අස්සයි. නමුත් මේ දිනවල පොඩි පොඩි කරදර ටිකක් තියනවා.

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )