දේව විශ්වාසය හා අලුත්නුවර ඇත්තෝ 5

තාවකාලිකව ඉවත් කර ඇත

10 thoughts on “දේව විශ්වාසය හා අලුත්නුවර ඇත්තෝ 5

  1. වැදගත් කරුණු ගොඩක් සඳහන් වෙලා තියනවා. දෙවියන් වෙත පූජා කරන ආහාරවල සුවඳ දෙවියන්ගේ ආහාරය වන බව. මෙන්න මෙතැනදී බෞද්ධ දර්ශනයේ එන දේව යන්න නිර්වචනය කර ඇති ආකාරය සමග හොඳින් ගැලපෙනවා. දිව්‍ය ලෝක පිලිබඳ විග්‍රහයෙදීත් කියවෙන කරුණු මතක්වෙනවා. සියල්ලට පළමු බුදු දහම සරණ ගොස් දෙවියන්ගේ කටයුතු කිරීම අනාදිමත් කාලයක සිට පැවතෙන නිවැරදි ක්‍රමය බව පෙනෙනවා. අද බුදු සසුනට කෙලින්ම හින්දු සංකල්ප රිංගවන්නට තැත්කළත්, එයට අහුවෙන්නේ අඥානයන් පමණයි.

    ගුණසිංහ මහත්මයා, අර හමුදාවෙන් වෙඩි තැබීමේ සිද්ධිය, කරුණාකර තව ටිකක් විස්තර කරන්න.

    කැමතියි

    • උග්ගල් අලුත්නුවර දේවාලය යනු මේ දක්වා මුදල් සෙවීමේ පරමාර්ථයෙන් කටයුතු කළ තැනක් නොවන බව පෙන්වා දිය හැකියි. කපටි පිරිසකට හොඳ ලාභ ලබන ව්‍යාපාරයක් බවට පත් කරගත හැකි කටයුත්තක් බවට පත් කරගත හැකි වුවද, අනාගත තත්ත්වය කෙසේ වර්ධනය විය හැකි දැයි පුරෝකථනයක යෙදිය නොහැකි වුවද, මේ දක්වා වෙළඳ පරමාර්ථයකින් සාම්ප්‍රදායික රාජකාරි මණ්ඩලය කටයුතු කළ බවක් පෙනී නොாයාම විශේෂත්වයකි.
      රාජකාරි ඇත්තෝ අද පවා දේවාලයෙන් හම්බ කිරීම ඉතා පහත් ක්‍රියාවක් හා නරක ප්‍රතිවිපාක ලැබෙන කටයුත්තක් ලෙස සලකති. එය හෙලා දැකීමට පුරුදුව සිටිති. රාජකාරි ඇත්තන් අතර එකිනෙකා අතර නින්දා අපහාස කරගැනීමකදී ‘තෝ කරන්නේ දෙයියන්ගේ දේ හොරකං කරන එක නේ‘ යී කිසිවකු පැවසුනොත් එය ඉතා බලවත් සේ බැණ අඬගහගන්නා කෝලහාලයකට මුල පිරීමක් වන අවස්ථා දැක ඇත්තෙමි. රාජකාරි ඇත්තකුට කිසියම් කරදරයක් පැමිණුන අවස්ථාවක ඔහු සමග තරහෙන් සිටින ඔවුන් අතරම සිටින ඇතැමි කෙනෙකු රහසින් සාකච්ඡාවෙමින් පවසන සුලභ හේතුවක් වන්නේ ‘ඔය දෙයියන්ගෙ දේ කාපුවාම වෙන දේ තමයි‘ යන්නය.
      ඔබතුමා පවසන සිද්ධියට අදාල විස්තරය නුදුරේදි ම ලියන්නට තීරණය කරමි.

      Liked by 1 person

  2. ඔව් කුරුටු මේ ලිපිය සකස් කරද්දී එම කෘතියේ ආභාසය ලබාගත් බව පාදක සටහනතුළ පවතිනවා. මා මිලදී ගෙන තිබූ කුලසිංහ මහතාගෙ එම කෘතිය සරසවි ශීෂ්‍යෙයක් අරන් ගියා. තවම ගෙනාවෙ නෑ. එහි එතුමාගේ පෞද්ගලික අත් දැකීම් ලෙස පෙන්වා දෙන උදාහරණ ඇතුළුව වටිනා උදාහරණ ගණනාවක්ම ඇති බව මගේ මතකයේත් තිබෙනවා. කුරුටු ගාන නිර්මාණාත්මක පිරිසට තියන කලාත්මක හැකියාව මට නැහැ. යම් යම් ස්ථාන වල හා සිද්ධී ඇසුරේ තවම රැකී ඇති අතීත උරුමයේ සුන්දරත්වය කවියට නගන්න: අල්මඩිත්ත ගැන ලිව්ව වගේ කවි සංකල්පනා මතුවේවායි පතනවා

    කැමතියි

  3. මම ගොඩක් ආසකරන මාතෘකාවක් ගැන තමයි ලියලා තියෙන්නෙ.පලමු වතාවට ගොඩ වුනේ මේ බ්ලෝග් එකට.මුල් ලිපි 4 ත් හිමිහිට කියවන්න බලාපොරොත්තු වෙනවා.
    —————————————————————————–
    https://pivithurusithuvili.wordpress.com

    කැමතියි

  4. ස්තුතියි සඳරුවන් මම මුලින්ම කළේ ඔබේ බ්ලොග් සටහන් වෙත යාම.ගොඩක් වටිනා අපේ තරුණයෙක් විදිහට ඔබේ පිවිතුරුසිතිවිලි තුළින් හඳුනාගත්තා.

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.