දේව විශ්වාසය හා අලුත්නුවර ඇත්තෝ 4

තාවකාලිකව ඉවත් කර ඇත

4 thoughts on “දේව විශ්වාසය හා අලුත්නුවර ඇත්තෝ 4

  1. මේ කවි රචනා කිරීමේදී ගණ පිහිටුවීම ගැන ඉතා විශේෂ සැලකිල්ලක් තබා ඇති බව පැහැදිලිවම පෙනෙනවා. ඒ ඒ අවස්ථාවට උචිත හා ඒ ඒ කාර්යයෙන් බලාපොරොත්තුවන් ප්‍රතිඵලය ලබාගැනීම පරමාර්ථ කරගනිමින් එම කවි රචනා ගණ පිහිටුවීම් කර ඇති බවත් පෙනෙනවා. මේවා ගායනා කරන අවස්ථා වීඩියෝ පටිගත කර තිබේද? මහනුවර යුගයේ දී හෝ කතරගම දේවාලයේදී ආලත්ති බෑමේදී ආලත්ති අම්මලා උඩුකය නිරුවත්ව සිටීමක් සිදුවී තිබේද?

    ඔබේ බ්ලොග් අඩවියේ backup එකක් අරගෙන නැත්නම දැන් එහෙම කරන්න කාලය හරි බවත් මතක් කරනවා.

    කැමතියි

  2. ඔබතුමා හොඳ සිංහල දැනුමකින් ද යුතු බව පෙනීයාම විශාල සතුටක්. ගණ පිහිටුවීම පිළිබඳ අසා ඇතත් ඒ කුමක් දැයි වැටහීමක් නැහැ. ඔබතුමාට හැකි වෙලාවක මේ සම්බන්ධලිපියක්ද පළකෙරනු ඇතැයි මග බලා සිටිමි. වීඩියෝ ගත කර තිබෙනවා. විචාරක තුමණි. ආලත්ති බෑමේ දී හො දිග්ගේ නැටුමේ දී උඩුකය නිරුවත්ව තිබූ බවක් උග්ගල් අලුත්නුවර දේවාලය සම්බන්ධ පුරාවෘත ව හෝ “කන්ද කුමාර සිරිතේ“ හෝ දකින්නට නැහැ.එහි විස්තර වන ලෙසට දෑතේ වළලු පැළඳ රැලි සැට්ට ඇඟලාගෙන කළ නැටුමක් බව කියවෙනවා.
    උඩුකය නිරුවත්ව නැටීම දේව දාසී නැටුම් ලෙස විස්තර වෙනවා. මේවා පැවත ඇත්තේ දකූණු ඉන්දියවේ බව ප්‍රකට වන අතර බොහෝ අය සිතා ඇත්තේ ලංකාවේ දේවාල වල පැවතියේද දේවදාසී නැටුම් වල ආභාසයෙන් පහත් යයි සම්මතකුළවල ස්ත්‍රීන් ඉදිරිපත් කළ නැටුම් බවයි. පහත් කුල ස්ත්‍රීන් යයි සම්මතව සිටි අය ඇතැම් විටක වලව්වක මහ නිළමේ ඉදිරිපිට නැටූ බවක් පැවසෙනවා. එවන් අවස්ථාවල උඩුකය නිරුවත්ව නැටූවා විය හැකියි. දේවාල සම්ප්‍රදායේ මේ නැටුම් ඉදිරිපත් කර ඇත්තේ “මානික්ක මහගෙලා “ නමින් හැඳින් වූ පිරිසකි. රන්මැණිකේ, හීන්මැණිකේ, වැනි නම් ඔවුනට පැවතීම නිසා ඔවුන් දාසියන් විශේෂයක් ලෙස සැලකූ බව පෙනී නොයයි. දේවාල සම්ප්‍රදාය අනුව කාන්තා නැටුම් ඉදිරිපත් කළේ වැඩහිටින මාලිගයේ මහ දොරටුව අබියසය. පහත් යයි සම්මතව සිටි අයට වැඩහිටින මාලිගයේ මහ දොරටුව අබියසට තබා දිග්ගෙයට යාමට හෝ අවසර තිබී නැහැ. සබරගමුව මහසමන් දේවාලය බොල්තුඹය සොරගුණය යන පුරාණ දේවාල තුනේම මේ නැටුම නටන්නෙ මාණික්ක මහගෙලා යනුවෙන් හැඳි්න් වෙන පිරිසක් බව 1870 විහාර දේවාලගම් ආඥාපනතට අදාල කොමසාරිස් ලේඛනයේ විස්තර අනුව තහවුරු වෙනවා. 1922 උග්ගල් අලුත්නුවරට පැමිණි සබරගමුවේ සුදු දිසාපති එච්.වේස් තැබූ දින සටහනක ද ආලත්ති තේවය හා එම කාන්තාවන් ගැන පවසතත් උඩුකය නිරුවත්ව සනැටූ බවක් කියවෙන්නෙ නැහැ විචාරක තුමණි. මෙය දේව දාසි නැටුමක් යයි ඇතැමකු පවසතත් ඉහත සාක්ෂී අනුව එය තතු හරිහැටි විමසා පැමිණි නිගමනයක් නොවන බව සිතිය හැකියි. ආලත්ති තේවය සම්බන්ධව 2013 මහපෙරහර අවස්ථාවක ගත් කෙටි වීඩියෝ ක්ලිපයක් http://www.youtube.com/watch?v=wwW3dKjvyIA හි උඩුගන්වා ඇත. හැම විටම ධෛර්යයමත් කරන ඔබතුමාට පින්.

    කැමතියි

  3. ඉහත සඳහන් කෝලම් නැටුම ට අදාල ගායනයේ පදමාලාව 2013 මහ පෙරහර අවස්ථාවක ලබාගත්තකි. මේ සාම්ප්‍රදායික නැටුම් මෙන්ම ගායනයන් ද සීග්‍රයෙන් අභාවයට යන ආකාරයට වීඩියෝ සාක්ෂියක් http://www.youtube.com/watch?v=0DGyNxsQ4bc දැක්විය හැකියි. 2012 වන විට වයස 85 ක් ඉක්මවා සිටි මේ ශිල්පියා ඉදිරපත් කළ ගායනය හා වන්නමද දවුල් පදය ද මෙහි දැක්වේ.

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )