දේව විශ්වාසය හා අලුත්නුවර ඇත්තෝ 3

තාවකාලිකව ඉවත් කර ඇති බව සලකන්න

Advertisements

6 thoughts on “දේව විශ්වාසය හා අලුත්නුවර ඇත්තෝ 3

  1. ගුණසිංහ මහත්මයා. මේ මාතෘකාව ඉතා පුළුල් ලෙස සංවාදයට භාජනය වියයුතුයයි මා සිතනවා. ඇත්තටම මේ සිද්ධියේ සඳහන් පැරැන්නන් ගෙන් අද ඉතිරිව සිටින අය සහභාගී කරගෙන, සංවාදයක් පවත්වා එය වීඩියෝ පටිගතකර අන්තර්ජාලයේ පලකරන්නට් වටිනවා. නමුත් අවාසනාවකට පැරණි ජනශ්‍රුතිය සහ අභිචාර විධි පිළිබඳව අද රූපවාහිනී මාධ්‍යයේ පවා සංවාද කෙරෙන්නේ නැති තරම්.

    විමලරත්න කුමාරගම මහතාණන්ගේ කවියෙහි එක පදයකින් ඔහු එදා සහ අද වෙනස මනාව පිළිබිඹු කරනවා. ‘මොලයෙන් තමා ලෝකේ සුවය වැනසුනේ’ (ඒ කවිය ලිවීමේදී ලොම් තුඩකට කියන වචනය ලොම් කුඩකට කියා ලියවී තිබෙනවා. හැකිනම් එය නිවැරදි කරන මෙන් ඉල්ලනවා)

    1968 දශකයේ අග භාගයේදී මගේ අයියා රත්නපුර රෝහලේ සේවය කළා. එමෙන්ම මගේ මිත්‍රයකු රත්නපුර පොලීසියේ සේවය කළා. මේ කාලයේදී මා ඉඩ ලද සෑමවිටම රත්නපුරේ ගියා. රත්නපුර රෝහල පිහිටි මහ කන්දේ පසුපස බෑවුමේ අයියත්, ඔහුගේ සගයිනුත්, මමත් හොරෙන් මැණික් ගරා, සාමාන්‍ය තරමේ ගල් හොයාගත්තා. නමුත් එයින් මහ විසාල ආදායමක් ලැබුනේ නැහැ. ධන තන්හාවට කල දෙයක් පමණයි.

    එදත් අදත් මා පැහැදිලිව දකින දෙයක් තිබෙනවා, මැණික් ගරන මිනිස්සු කවදාවත් දියුණු වෙන්නේ නැහැ. පතල් මුදලාලිලාගෙන් 10% පමණ තමයි දියුණු වෙන්නේ. සියල්ල ගසාකන, මැණික් ගැනීම විකිණීම පමණක් කරන අතරමැදියන් තමයි, දියුණුවෙන්නේ.

    අප නොදන්නා බලවේග මෙලොව තිබිය හැකි බවත්, ඒවා නැතැයි කීම සඳහා ප්‍රත්‍යක්‍ෂ සාක්ෂි නැතිව, ඒවාට ගැරහීම, අඥානබව පෙන්වීමේ ලක්ෂණයක් බවත්, බොහෝ දෙනා දන්නේ නැහැ.

    කැමතියි

  2. නිවැරදි කළා විචාරක තුමණි. මා කීපවරක් බැලුවත් මේ වරද අහු වුනේ නැහැ.
    මෙහි පැවසෙන අන්දමේ අැදහිය නොහැකි කතා පුවත් රාශියක් මේ ඇත්තන් පවසනවා. වර්තමානිකයන් ඇතැමෙක් අදහන “විද්‍යාව” යනු නොනිමි කතන්දරයක්. එය අන්ධ භක්තියෙන් අදහන පිරිසක් පෙරදිග රටවල ඉන්නවා. ඒ නිසාම වසර දහස් ගණනක් තිස්සේ සංවර්ධනය වූ පෙරදිග දැනුම නැවත විමසීමක් නොකරම ඉවත දැමීම බොහෝ විටක සිරිතක් වෙලා. ඔවුන් නවීකරණය වන බව පවසමින් සිදුවෙන්නෙ බටහිරකරණය වීමදැයි සිතෙනවා. අනෙක් අතට පෙරදිගකරණය වන විශාල පිරිසක් බටහිර රටවල සිටින බව පෙනෙනවා. අචාර්ය ජුලී (බ්‍රිතාන්‍ය පුරාවිද්‍යාඥවරියක්) 1990 ගණන් වල සිට අද දක්වාම වසර දහස් ගණනක් තිස්සේ මෙහි පැවතී 20 වන සියවසේ මුල්භාගයේදී අභාවයට ගොස් ඇති යකඩ නිෂ්පාදනය පිළිබඳ දැනුම ගවේෂණය කරමින් සිටිනවා. එතුමිය නිරිත දිගින් මේ ප්‍රදේශය හරහා ජුලි අගොස්තු අතර හමායන සුළඟේ ආධාරයෙන් සාම්ප්‍රදායික උඳුනක යපස් උනු කළ හැකි බව පෙන්වා තිබෙනවා. මෙසේ උග්ගල් අලුත්නුවර දේවාල ගම්මාන පෙදෙසේ උස්බිමක බටහිර බෑවුමේ යපස් මගින් යකඩ නිස්සාරණය කර ගන්ට විදේශීය විද්වතකු තැත් කරද්දී මෙහෙ විද්වතුන් මෙතෙක් කලක් කළේ කුමක් දැයි සිතන විට විශාල කණගාටුවක් ඇති වෙන්නෙ. ඇය එය පසුගිය වසරේ දෙවන වතාවටත් අත්හදා බලා ප්‍රත්‍යක්ෂ කර ගත්තා. ඒ අවස්ථාව වීඩියෝ ක්ලිපයක් ලෙස youtube sabaragamuva youtube හි පවතින මේ ලින්කුව බලන්න http://www.youtube.com/watch?v=SSniwMB6qkc මේ ලින්කුවත් ප්‍රොයෝජනවත් වේවි http://www.youtube.com/watch?v=7HJUs-qml34
    සුළඟ නොමැති කාලවල යපස් මගින් යකඩ සකස් කරීමට යොදාගන ඇත්තේ “තාලිමානය” නමැති උපකරණයක ආධාරයෙන් ලබාගත් සුළං ධාරාවක්. එහෙත් අද ගැමියන් කිසිවකු තාලිමානය සකස් කරන හැටි පවසන්නට හෝ දන්නෙ නැහැ. එ් ගැන දැන සිටි එලියස්, රන්නයිදේ, රන්හවඩියා වගේ අය වයසට ගිහින් මියැදුනේ මේ මෑතදී. ඒ දැනුම ජුලිටවත් ලබාගන්න බැරි වුනා. මෙහෙ නිස්සාරණය කරගන්නා යකඩ වල ගෙන්දගම්(sulphur) අනුපාතය ඉතාම පහළ මට්ටමක පවතින හෙයින් ගුණාත්මක බවින් මේ තරම් ඉස්තරම් යකඩ හා එමගින් නිෂ්පාදනය කරන වානේ ලොව වෙනත් තැනක නැති බවත් ආනන්ද කුමාරස්වාමි පවසනවා. සබරගමුව විශ්ව විද්‍යාලය තියෙන්නෙත් උග්ගල් අලුත්නුවර පෙදෙසෙමයි. පසුගිය වසරේ ජුලී මැතිනිය පැමිණ නැවතත් නිරිත දිග සුළඟේ ආධාරයෙන් යකඩ නිස්සාරණය කරද්දී අපේ විශ්ව විද්‍යාලය කර ඇත්තේ කුමක්ද ? විශ්විද්‍යාලවල පාඨමාලා සහ පරියේෂණ කාලයට හා දේශයට ගලපා ගන්න වෙලා තියන බව පෙනෙනවා නේද විචාරක තුමණි.
    ගතව ගිය ජීවිත කාලය තුළ මේ ගම්මානයේ ජීවත් වෙමින් ඔවුන් භාවිත කළ පාරම්පරික දැනුම යන්තමින් අත්විඳින්නට අවස්ථාව ලද හැම විටම මට ඇති වුනේ විශාල දුකක් පසුතැවිල්ලක් ! මේ දැනුම් නිධානය තවමත් ඉවත දමා ඇත්තේ ඇයි ? ඉවත දමමින් නිග්‍රහයට පත් කරමින් ඉන්නේ ඇයි ? විමලරත්න කුමාරගමයන්ට පසුව, මා දුටු එවැනිම තවත් කියමනක් ඔබේ කොමෙන්ටුවෙන් අසුලා ගත්තා. //අප නොදන්නා බලවේග මෙලොව තිබිය හැකි බවත්, ඒවා නැතැයි කීම සඳහා ප්‍රත්‍යක්‍ෂ සාක්ෂි නැතිව, ඒවාට ගැරහීම, අඥානබව පෙන්වීමේ ලක්ෂණයක් බවත්, බොහෝ දෙනා දන්නේ නැහැ.//
    පතල් කපන මැණික් ගරණ මිනිස්සු කවදාවත් දියුණු වෙලා ඉන්නව දකින්න නැති තරම් බව ඔබ තුමා පවසන ලෙසම පෙනීයනවා. දියුණු වෙලා ඉන්නව නම් බොහෝ විටම මැණික් වෙළෙන්දො පමණයි වගේ. ඒ තත්ත්වය අලුත්නුවර පමණක් නෙවෙයි මැණික් පතල් ඇති සෑම ගමකම වගේ දක්නට හැකියි.

    කැමතියි

  3. නැවතත් අගේට ලිය තිබෙනවා. මම නම් සාමාන්‍ය යෙන් දේව විශ්වාසය නැති කෙනෙක්. මගේ බ්ලොගයට ගියොත් ඒක තේරේවි. මම හිතනවා ඔබ අවසානයට කිව දෙය හරි කියා. දෙවියන් ගැන කියල හරි මිනිසුන් ව හරි මගට ගන්න පුලුවන්නම් කියන එක. ආගම වලින් එන සංස්කෘතික බල පෑම අහක දාන්න අමාරුයි. මේ වගේ කතා දැනගන්න මමත් හරිම කැමතියි. සමාජයේ නොයෙකුත් වෙනස් වීම හැල හැප්පීම් හඳුනා ගන්න පුළුවන්.
    මම ඔබේ බ්ලොගය http://www.blogpower.info එකට දමන්න උත්සාහ කලා. මෙහි සත්‍ය නම sugv.wordpress.com නොවේ කියා error එකක් එනවා.

    කැමතියි

  4. ස්තුතියි ඔබට. ඔබ පවසන අන්දමේ ලිහා ගන්න අමාරු අවුලක් wordpress වල හිටපු ගමන ඇතිවෙන බව මාත් අත්දැක තිබෙනවා. ඔබේ අදහස හරි මෙහිදී වැදගත් වන්නේ දෙවියන් විශ්වාස කිරීමට හෝ නොකිරිමට උත්සාහ කරනවාට වඩා නිර්මාණය වී ඇති දේව විශ්වාසය හා මිනිසුන් අතර ඇති සම්බන්ධය දැකීමයි. https://sugv.wordpress.com ලෙස ටයිප් කළ විට ලින්ක් එක ඒවි දැයි බලන ලෙස ඉල්ලා සිටිනවා.

    කැමතියි

  5. සර්, ෙම් වෙෙග් විශ්වාසවල තිෙයන්ෙන මානව විද්‍යාත්මක වටිනාකමක්. එ්ව සටහන් කරන එක කිය ෙනාහැකි තරම් වටිනව. මම සර්ෙග ලිපිවලට අාදරය කරන්ෙන පටන් අරන්, ෙගාඩක් දවසක්. සුබ පැතම් ඉලන්දාරි හිතට.

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )