දේව විශ්වාසය හා අලුත්නුවර ඇත්තෝ 1

තාවකාලිකව ඉවත් කර ඇත.

13 thoughts on “දේව විශ්වාසය හා අලුත්නුවර ඇත්තෝ 1

  1. ස්තුතියි සමන් , සමහර ඒව ලියන්න ගිහින් ඇතැම් කෙනෙක් මට දුරකථනයෙන් අමතමින් ගැඹුරු වැඩි බවත් දිග වැඩි බවත් පවසන්නට වුන නිසා ( ඒ අය සානුකම්පිකව කතා කළා මිස කොමෙන්ටු දමමින් මාව අධෛර්ය කළේ නම් නැහැ) කෙටි ලිපි විදිහට ලියන්න උත්සාහ ගත්තා. ලියන ශෛලිය ගැන පැවසූ ඔබේ කොමන්ටුව නිසා මට ගොඩක් සතුටුයි.

    කැමතියි

    • මට එක වරටම Gold fish කිව්ව දේ තේරුම් ගන්න බැරිව ගියා. කීබෝඩ් එක විතරක් නෙවෙයි ප්‍රොසෙසරයේ පමාවකුත් තිබෙනවා වගේ. කෙලවරක් නැතුව සාරාංශ කරන එකයි, සංස්කරණය කරන්න වෙන එකයි නවත්ත ගන්න බෑ. ඔක්කොම කරල අප්ලොඩ් කරල බලපුවා අකුරු වැරදි ගොඩයි.වයසෙ වැරැද්ද නිසා වෙන්න ඇති නේද ?

      කැමතියි

  2. ගුණසිංහ මහත්තයා මොකද නිස්සද්ද කියලා අහන්න හදනකොටම, මෙන්න ලිපියක් දාලා. හරිම සතුටුයි.

    ඇත්තටම දේව ඇදහිල්ල/විශ්වාසය/අභිචාර විධි/ මානව ශිෂ්ඨාචාරයේ ආරම්භයේ සිටම සිදුවෙනවා නේද? බෞද්ධ දර්ශණය පැහැදිලිව සහ පිරිසිදුව වෙනම තිබුනත්, බුද්ධාගමට දේව සංකල්ප ඇතුළුවීම නම් ඔබතුමා මෙහි දක්වා ඇති ආකාරයට සිදුවී ඇතිබව පෙනෙනවා. බෞද්ධයන්, දේව ඇදහිලි සහ අභිචාර විධි සමග, සහයෝගයෙන්/පිළිගැනීමෙන්/ගරුකිරීමෙන්/ඉවසීමෙන්/ අනාදිමත් කාලයක් ක්‍රියා කර තිබෙනවා.

    කෙසේවෙතත්, ඇදහිල්ලේ සහ විශ්වාසයේ සීමාවන් අවබෝධ කර නොගත්තොත්, මිනිසා ඉච්ඡා භංගත්වයට පත්වෙනවා.

    Liked by 1 person

  3. //ඇදහිල්ලේ සහ විශ්වාසයේ සීමාවන් අවබෝධ කර නොගත්තොත්, මිනිසා ඉච්ඡා භංගත්වයට පත්වෙනවා.// හරියටම හරි විචාරක තුමා.
    මෙසේ සීමාවන් අවබෝධකර නොගැනීමෙන් ඇතිවන විශ්වාසභංගත්වය පුද්ගලයාට හානිදායක ප්‍රතිඵල ලබා දෙනවා. පුද්ගලයා සමාජයේ කිසියම් තනතුරක් දැරුවේ නම් එම හානිදායක බව ඔහුට සම්බන්ධව සිටි පිරිස දක්වාම බෝවී යාමෙන් විනාශය පැතිරෙනවා. ‘අන්ධ භක්තිය‘ හා ‘ශ්‍රද්ධාව‘ යන වදන් දෙකේ අර්ථ පැහැදිලි කරගැනීම පිණිස පැවති සාකච්ඡාවකදී අපේ ප්‍රධාන විද්වතා වෙතින් මේ මතය පලවුන බව මගේ මතකයේ තිබෙනවා.

    කැමතියි

  4. මට මේ wordpress බ්ලොග්වල කමෙන්ට් කිරීමට මොකක්දෝ නොහැකියාවක් තිබිලා තියෙනවා. මා විවිධ තැන්වල යෙදූ කමෙන්ටු කිහිපයක්ම පළ වී නෑ.

    මේ උත්සාහ කරන්නේ Google+ ගිනුම හරහායි.

    බලමු!

    කැමතියි

  5. මා ඊයේ යෙදූ ප්‍රතිචාරය මේ වගේ එකක්.

    දෙවියන්, භූතයින් වැනි බලවේග ගැන විශ්වාස කරන්නේ මනසින් දුරවල අය බවයි මගේ හැඟීම. එවැනි බලවේග හිතේ මවාගෙන ඒවායින් පිහිට පතන්නේ ඊටවත් වඩා රෝගී තත්වයක් ඇති අයයි. නමුත් ඔවුන් සමහර දෙනෙකුට හෝ ඒ රෝගී තත්වයට එසේ පිහිට පැතීම සහනයක් ගෙන දෙනවා ඇති!

    කැමතියි

    • මා ද සිතන විදිහ අනුව ඔබේ නිගමනය වැරදි නැහැ.රසික. මේ උපසංස්කෘතිය තුළ ඇති සමාජ කණ්ඩායම් චර්යාවේ මා අත්දුටු විශ්වාසයන් මේ නිගමන ඉක්මවා යන අවස්ථා තියන බවක් පෙනි ගොස් තිබෙනවා. ඉදිරි ලිපි කීපය සමග ද රැදීසිටින්න කො.

      කැමතියි

  6. දෙවියෝ අදහන්න මිනිස්සු පෙළඹෙන්නේ ඇයි කියලත් ලිව්වා නම්. මේ කතරගම දෙයියෝ වඩිනවා කියල දුවල ගිය මිනිස්සු හරියටම දෙයියෝ ආවද නැත්ද කියල දැන ගත්තේ කොහොමද?
    ලිපි පෙළ යන්නේ හොඳ මාතෘකාවකට.

    කැමතියි

    • රසිකොලොජ්ස්ට් ඊට හේතුව සාරාංශ කරල කොමෙන්ටුවක් විදිහට එක් කර තිබෙනවා. මම ලියන්නට උත්සාහ කමින් ඉන්නෙ මෙහෙ පවතින සාම්ප්‍රදායික ඇදහිලිවල ස්වරූපය බව ඔබට About me කවුද මේ කියන පිටුව කියෙව්වාම දැන ගන්නට හැකියි හිතවත.
      ඔබට මතකද පසුගිය කාලයේ ශාස්ත්‍ර කාරයෙක් පැවසූ අනාවැකියක් තිබුණා දෙවියන් ජීවමානව දකින්න එන බවක්. අපෙ ජනමාධ්‍ය වලට පින් සිද්ද වෙන්න ඒක සාමාන්‍ය මිනිස්සුන්ට ඒත්තු යන විදිහට හිත්ජවලට ගිහින් තිබුණා.
      ඒ හින්දයි එදා දහස්ගණනක් කතරගම ගියා.දෙයියො ඇවිත් නෑ. මිනිස්සු ශාස්තර කාරයට බැන බැන ආපහු ආවා මිසක් දේව විශ්වාසය නැති කරගත්තේ නැති බව දැනුත් කියන කරන දේවලින් පෙනෙනවා නේද ?
      උග්ගල් අලුත්නුවර මිනිස්සු දෙයියො එන හැටි බලන්න කතරගම ගිය බවක් නෑ. ඒත් මේ අයගෙන් සමහර කොටසක් දේවාලයට ගිය බව ආරංචි වුනා. උග්ගල් අලුත්නුවර දේවාලෙ කපුමහත්තය කියල තිබුණෙ “දෙයියො එහෙම මිනිස්සු අතරට එන් නෑ මිනිස්සු ගඳයි“ කියලයි සමහරු දේවාලෙ රැඳී හිටියලු. අවාසනවාට මට දේවාලෙ පැත්තෙ යන්න බැරි උනා. ඔබ මේ පෝසට්වට ආවට ආවාට ගොඩක් ස්තුතියි

      කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )