“මේ අවුරුද්ද ගමට හොදයි…”

Advertisements

4 thoughts on ““මේ අවුරුද්ද ගමට හොදයි…”

  1. මා හිතනවා ඔය නැකත් සෑදීමේ පැරණි ගණිත ක්‍රමය ගුරුමුෂ්ටි තබාගැනීම නිසා තරමක් විනාශ වෙලා ඇති කියලා. නිසි පරිදි ලේඛන ගතකිරීමකින් තොරව, මුද්‍රිත හෝ විද්‍යුත් මාධ්‍ය මගින් රැකගන්නේ නැතිකොට, ඒවා පිරිහෙනවා.

    කැමතියි

  2. ලංකාව වගේ දිගු ඉතිහාසයක් සහිත රටක පැරණී දැනුම අතරමග බාධාවන් රහිතව මේ දක්වා විකාශනය වුනා නම් ! කාලානුරූපව හැඩගැසීම මගහැරී සතුරු බලවේග වලට නතුව තිබූ අවස්ථාවන් රාශියකි. පසුගිය අවුරුදු 500 කට පමණ කාලය මෙහි දී විශේෂිතය. ඒකාලයේ සිදුව ඇති හානියේ බරපතල් බව වෙනත් මූලාශ්‍ර තුළින් පමණක් නොව පැරැන්නන් සමග කරන සාකච්ඡාවලදී ද මනාව පැහැදිලි වෙනවා. මෙවර අවුරුදු උදාව අතරතුර මා දේවාලයට ගියේ 1950 දශකයේ තිබුණ පැරණි චාරිත්‍ර තවමත් ඉතිරිව ඇද්දැයි දකින රිසියෙනි. භෞතික පරිසරය හා රාජකාරි පරම්පරාවල කලින් දුටු පුද්ගලයන් වෙනස්ව නවකයන් පැමිණ තිබුණත් පෙරසිරිත් සම්ප්‍රදායය වෙනසකට බඳුන්වී තිබුණෙ නැහැ. අදාල ලිප් සඳහා සඳුන් දර වෙනුවට සඳුන් දර කැබැලි කීපයක් හෝ යොදවා ගැනීමට ඔවුන් උත්සාහ කර තිබුණා.

    පැරණී ගණිත ක්‍රමය අභාවයට ගොස් තිබීම ඇත්තෙන්ම ඛේදවාචකයක්. එය කිසියම් තරමකින් ප්‍රගුණ කර සිටි පෙර ලිපියක සිටින අල්විස් මහතා මා මුණ ගැසෙනද්දී පැරණි ගණිත ක්‍රමය අතහැර ඈපා පංචාංග ලිතට පැමිණ සිටියේ දැඩි වෙහෙසක් දරන්ට සිදුවන නිසා බව අසන්ට ලැබුණා. එතුමා සතුව තිබු දැනුමේ ඉතිරි වී ඇති කොටස් හෝ නැවත පණ ගන්වන්නට කළ ඉල්ලීම මත ගත් උත්සාහය වැලකී ගියා. අල්විස් මහත්මා වයසට යාම සමගම ඇති වූ ශ්‍රවණ දුබලතාව මහත් බාධාවක් වුනා. එතුමා මිය ගිහින් වසරක් ඉක්ම ගොස් තිබෙනවා. ඔහුගේ පුතාට හෝ ඒ පැරණි ශාස්ත්‍රය පිළිබද නිවැරදි අවබෝධයක් ලැබී නැති බව පෙනී ගොස් තිබෙනවා. පුරාණ මැටි කර්මාන්තය, පුරාණ යකඩ වානේ කර්මාන්තය, පුරණ සටන් ශිල්පය හා මෙවලම්, ආවේනික නැටුම් ගැයුම් වැයුම් වැනි විවිධ කලා ශිල්ප ප්‍රදේශයට ආවේනික පාරම්පරික වෛද්‍ය ශාස්ත්‍රය මුහුණ පා ඇත්තේද ඒ තත්වයටමයි. මේවා පුනර්ජීවනය පිණිස ගන්නා ලද කිසියම් වෑයමක් තිබුණා නමි එය 1950 දශකය දක්වායි. ඉන් පසුව එවැනි උත්සාහයන් පිළිබඳ කිසිවකුගේ අවධානය යොමුවූ බවක් තවමත් පෙනී යන්නේ නැහැ. ඔබතුමා වැනි විද්වතුන් රාශියක් මේ ගැන සංවේදී වන බව පෙනීයාම වාසනාවක්! එහෙත්……….. මේ ප්‍රතිපිළිතුර නවතා ගන්නට බැරිතරම් විචාරක තුමණි.

    කැමතියි

  3. මේ බ්ලොග් එකට කීප විටක්ම මම පැමිණ ඇත්තෙමි.
    අපිට වැඩිය හුරුපුරුදු නැති නමුත් අපි අතරම පැවතින සිරිත් විරිත් සම්ප්‍රදායන් ඇදහිලි ගැන විස්ටහ්ර කරන නිසාම මේ බ්ලොග් එකේ ඇවිදින්න කරන්න බොහොම කුතුහලයක් තියෙන බව නොකිව්වොත් මම වැරදියි.

    ඔබේ මේ පොස්ට් එක හෝ මීට කලින් ලියා ඇති පොස්ට් ගැන කමෙන්ට් කරන්න මට හැකියාවක් නැත්තේ ඔබ කතා කරන මාතෘකා ව ගැන අල්ප හෝ දැනුමක් මට නැති නිසාවෙනි. සමහරවිට මම බෞද්ධ නොවන නිසා සහ වෙනත් සම්ප්‍රදායක් තුල හැදී වැදුණු නිසා එහෙම වෙනවා වෙන්න පුළුවන. ඒ නිසාම මේ දේවල් දැනගැනීමේ නොසංසිඳෙන ආශාවකින් මා පෙළෙනවා වෙන්න්න පුළුවන.

    රැල්ලෙන් එපිට මාතෘකාවක බ්ලොග් එකක් කරන ඔබව මහත්සේ අගය කරමි.

    විස්තර අපි සමග බෙදා ගැනීම ගැන බොහොම ස්තුතියි.

    කැමතියි

    • ස්තුතියි විභීෂණ ඔබේ කොමෙන්ටුව මට ලොකු ධෛර්යයක්. මේ සිරිත් විරිත් සම්ප්‍රදායයන් මටත් විශමයක්. මා ඉපදුනේ මෙහෙ වුනාට ඉගෙනුම ලැබුවේ බැහැර ආයතනවල. කුඩාම අවදියෙන් පසු කර පාසල් යන අවදියේ උත්සව දිනවල වරින් වර ගමට ආවා පමණයි. පස්සේ මගේ වෘතෟතයි කටයුතු නිසා ගමේ හිටියත් නොහිටියා වගේ වුනා. ඒ හින්ද කොහෙද් තාමත් මා පවා පිටස්තරයෙක් විදහටයි ගමේ ඇතැම් සලකන්නෙ. ඒ අය මට යම්යම් දේ කියා දෙන්න තැත් කරනවා. මාත් ඉවසිල්ලේ ඒවාට සවන් දෙනවා. බොහෝ වෙලාවට අමුතු දැනුමක් වගේම විනෝදයකුත් ලබනවා. ඒ එක්කම කුඩා අවදියේ පැවති මිහිරි මතකයන් සමග මේ සිරිත් විරිත් දකින විට ලැබෙන්නෙ අමුතුම වින්දනයක්

      කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )