“ඉවෝක් ” බල මහිමයක් වුනාද ?

Glory of the Evoke 2015

 දවස් තුනක් Evoke 2015 ! ඇත්තටම ඉවෝක මගින් ඵලදායී යමක් වුනාද ? මේ ගැන අහපුවාම සෘණාත්මක පිළිතුරු නොලැබුණාම නොවේ.  එහෙත් වැඩියෙන්ම ලැබුණෙ ධනාත්මක පිළිතුරු, පාසල් දරුවන්ගේ පිළිතුරු හැම එකක්ම ධනාත්මක වුනා.  මේ පොස්ටුව මොකද්ද කියල අලුත් කියවන්නකුට තේරෙන්නෙ   මෙතැන ක්ලික් කර ලැබෙන  ලිපිය පළමුව කියවා හිටියොත් විතරයි. අපේ අරීබා  ලිපිය කියෙව්වොත් තවත් වටිනවා. ළමයි ඉන්නේ අපට වඩා කොච්චර පරිණත ආකල්ප වලද කියල තේරුම්  ගන්න හැකියි.

හිටපු කොට්ඨාස භාර අධ්‍යාපන අධ්‍යක්ෂ ආනන්ද ජයරත්න මහතා: ඇත්තටම ළමයි පුදුම දේවල් කරල තිබුණා. වැස්ස නොතිබුණානම් හුඟක් සාර්ථක වේවි. මම ගියා අර විදුලි බලාගාරෙ ගොඩක් වටිනා වැඩක්. අමාරුවෙන් දරුවන්ට කියාදෙන පාඩම් ඒක දිහා බලල ඉගෙන ගන්න අනෙක් ළමුන්ට හැකි වුනා.

ඇත්තටම ළමයි පුදුම දේවල් කරල තිබුණා. වැස්ස නොතිබුණානම් හුඟක් සාර්ථක වේවි. මම අවසන් දවසෙ ගියා. අර විදුලි බලාගාරෙ ගොඩක් වටිනා වැඩක්. අමාරුවෙන් දරුවන්ට කියාදෙන පාඩම් ඒක දිහා බලල ඉගෙන ගන්න අනෙක් ළමුන්ට හැකි වුනා.-බළන්ගොඩ හිටපු කොට්ඨාස භාර අධ්‍යාපන අධ්‍යක්ෂ ආනන්ද ජයරත්න මහතා

පාසලක තරම් මතභේද තියන තැනක්  වෙන කොතනකවත් හමුවෙයිද කියන්න බෑ. පාසලේ, විශේෂයෙන් ගුරුවරු තමන්ගේ කරේ තියන  හණමිටිය  අහකට ගන්න  හරිම අකැමැතිවීම  අපේ රටේ විතරක් නොවයි මුළු ලෝකයේම හැටි කියල කවුදෝ කියල තියනවා.

මේ හින්ද ඉවොක් වැඩ පිළවෙලේදි කරන්නෙ මොකද්ද ? කොහොමද  ? ඇයි මෙහෙම දෙයක් කරන්නෙ ? පාලනය කරගන්නේ කොහාමද? වගේ  ගැටළු  සිසු දරුවන්ට  විතරක් නෙවෙයි විදුහල්පති සිට සියලුම ගුරුවරුන් හා පාසලේ අතිරේක කාර්ය මණ්ඩලය දක්වාම තියෙන්ට ඇති.

වැල්වටාරම් නවත්තලා ඉවෝක් ගැන විමසූ  විට අහගන්ඩ ලැබුණ දේවල් බලමු. 

  • ආනන්දමෛත්‍රෙය ජාතික පාසලේ සිසුන්: ඉවෝක් හොඳයි කියල හිතෙන අය විතරක් අත උස්සන්න කිව්වම අපි සේරම අත ඉස්සුව. ඇත්තටම නං අපට ඕන දේ ඒ විදිහටම කරගන්න බැරිවුනත් ඉවෝක්  හොඳයි ආයෙත් තිබුණොත් අපි මීට වඩා මොනමොනවා හරි හොඳට කරල පෙන්නනව.
  • වෙනත් පාසලක සිසුන් : අපි බලන්න ගියා. ගොඩක් වටිනවා. ඒත් ජාතික පසලේ ළමයි නං එච්චර වටිනා දේවල් කරල තිබුණෙ නෑ. අර අහස්යාත්‍රිවයි විදුලි බලාගාරෙයි කැන්ටිමයි නං ටිකක් හොඳයි.  අපේ ඉස්කෝලෙ තිබුණොත් අපි හොඳ හොද දේවල් කරල පෙන්නනවා. “අපේ අරීබා“ පෙන්නපු එක නේද  අහන්නෙ අපේ ඉස්කෝලෙත් හොඳ දස්කම් පෙන්නන්න පුළුවන් අය ඉන්නවා අපට ඉවෝක් තිබුණොත් අපිත් ඒ අය ඉස්සරහට ගේනවා.
  • ජාතික පාසලේ විදුහල්පතිතුමා : ඔබ විශ්වාස නොකළත් කරන්න දෙයක් නෑ. මේ දින තුනේ කිසිම පැමිණිල්ලක් මට ආව නෑ.  විනය ගැටළුවක් ගැන සිතන්නටවත් ඕන වෙලා තිබුණෙ නෑ. විදුහල්පති හැටියට මෙහෙම සැහැල්ලුවෙන් ඉන්න ලැබෙයි කියල ඇත්තටම කලින් හිතුවෙ නෑ. අර තරුණ ගුරුවරු දෙන්න හොඳ කැපවීමකින් මහන්සියකින් වැඩකළා. අනෙක් අයත් තමන්ට හැකි හැම සහායක්ම දුන්න ඇත්තෙන්ම අපි සාර්ථක වුනා
  • නියෝජ්‍ය විදුහලපතිනිය: ඇත්තෙන්ම හරිම සතුටකින් අපි හිටියෙ
  • අදාල ජයනාත් සර් හා ජීවන සර් ඔවුන් අපේකෂා නොකළ තරම් තෘප්තියකින් සිටිය බව පැහැදිලිවුනා.
  •  මුල් දිනවල විමතියෙන් සිටි ඇතැම්  ගුරුවරුන් පසුව ඉවොක් ගැන කතා කළේ මහත් ආඩම්බරයකින්
  • අනේ අපේ ළමයි  මහන්සි වෙලා තිබ්බ තරමක් ! හයේ පන්තියෙ ළමයි ක්ලේවලින් රෝසමල් හදල තිබ්බ. තව ළමයි කට්ටියක් රිමෝට් එකකින් ගුවන්යානයක් හදල ඇරිය. තවත් එක තැනක සුළං බලෙන් වැඩකරන  විදුලි බලා ගාරයක් හදල තිබුණ. කොච්චර දේවල් අපේ ළමයි හදල තිබුණද ? ඒත් හරි කණගාටුවෙන් කියන්නෙ ගුරුවරු කිප දෙනෙක් නං ළමයින්ට උදව් කළේ නෑ කියල ළමයි කොටසක් කිව්ව. ගුරුවරුන්ගෙ වැරදි කියන්න එන්න එපා කියල අපි ළමයින්ට සැර කළා. මේ තමන්ගේ නම නොලියන ලෙස ඉල්ලා සිටි දෙමාපියන් කීප දෙනකුගේ ප්‍රකාශයකි.

අපේ කැබිනට් මණ්ඩලයේ ආදර්ශය (සාමූහිකව වගකියන විදිහ)ගුරුවරු ඉගෙන ගත්තොත් නම් ඒක ඒ අයටත් අනෙක් අයටත් දරුවන්ටත් පාසලටත් හොඳම නෑ.

දරුවන්ගේ ක්‍රියාකාරිත්වය බලන්න තැත් කළ අමුත්තන්ට එය කදිම අධ්‍යාපන අවස්ථා උදාකර දීමක් බව පැහිදිලිවම පෙනීය ගියා.  එ්ත් මෙවැනි අලුත්වැඩක් සඳහා ආරම්භක ශක්තිය ලබා ගැනීම හා සංවිධානය ලෙහෙසි පහසු එකක් නම් නෙවෙයි.

අනෙක් අයට නුහුරු අලුත් දෙයක් කරන්න ගියාම ක්‍රියාත්මක කරන අය මුහුණ දෙන අවස්ථා මෙහෙමයි කියල  ගාන්ධිතුමා  පෙන්නල තියනවලු.  එහෙම වැඩක දී පහතින් දක්වන  විදිහේ අවස්ථා පසු කළයුතු බව කියා තිබෙනවාලු. ඒ අවස්ථාවල ලැබෙන ප්‍රතිචාරවලට ප්‍රති පිළීතුරු හෝ ප්‍රති ප්‍රතිචාර නොදී තමන්ගෙ වැඩේ නතර නොකර කරගෙන ගියාම අවසානයේ ජය ගන්නවාලු. 

1 ඒ වැඩේ  නොසලකා හැර ගණනකට නොගෙන සිටීම –  නිහඬවම වැඩේ දුවනව නම්

2.  එය උපහාසයට ලක් කර අධෛර්ය කිරීමට තැත්කිරීම – එ්ත් වැඩේ අතනොහැර දිගටම යානම්

3 එය කරන අයව තර්ජන ගර්ජනවලට ලක්කිරීම හා ප්‍රසිද්ධ විරෝධතා ඇතැම්විට පහරදීම් පවා ඇතිවීම  -ඒත් වැඩේ දිගටම යනව නම්

4. එ් අයව පිළිගැනීම හා ප්‍රශංසාවට ලක් කරන්නට වීම

Advertisements

13 thoughts on ““ඉවෝක් ” බල මහිමයක් වුනාද ?

  1. වැඩේ සාර්ථක බව ඇසීමත් සතුටක්. මේ නිසා තවත් මේවගේ වැඩපිළිවෙල වෙත යන්න ළමයින්ගේ ආත්ම ශක්තිය වර්ධනය වෙනවා. රූපවාහිනී නාලිකාවක් මගින් ප්‍රදර්ශනය ගැන පොඩි වැඩසටහනක් කලානම් හරියට වටිනවා.

    කැමතියි

  2. සර්,
    ඔබ දන්නෙ නැතිව ඇති මම මගේ කාමරයේ, ඔබ අවසානයේ සදහන් කර තිබූ ගාන්ධි වාක්‍ය සටහන් කර තබ‍ා තිබෙන වග. එම වාක්‍ය මගේ ආදර්ශ පාඨයක්. ඔබ හරි, වැඩසටහන ගැන, අපේ අව්‍යාජ අරමුණු ගැන නිසි වැටහීමක් නොතිබුණු බොහෝ දෙනෙක් අපේ වැඩපිළිවෙළ දිහැ අපහාසාත්මකව බැලුවා විතරක් නොවේ, එය නවතා දමන්නත් උත්සාහ කළා. එහෙත් අපි විතරක් නෙවෙයි, අපේ ප්‍රධාන ශිෂ්‍ය නායක සතිර ප්‍රමුඛ ශිෂ්‍ය නායක දරු දැරියො ඒවයින් තවත් ශක්තිමත් වුණි විනා අධෛර්යමත් වුනේ නැහැ. මට දුක කිරිඇල්ලේ සිට දිනපතා පාසලට එන ජීවන් සර්ට සහ ඇහැලියගොඩ සිට පැමිණෙන මට මේ දරුවො ගැන තිබෙන කැක්කුම ඇතැම් බළන්ගොඩ ඉපදී මෙම පාසලේම අධ්‍යාපනය ලැබ පාසලේ ආචාර්ය මණ්ඩලයට ඇතුළත් වූ ගුරුවරුන්ට නොතිබීමයි. ඔබ දන්නවා ඇති ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කරුණාරත්න පරණවිතාන මහතා මගේ හිතෛශියෙක් වග. එතුමාගේ සහ දුනේෂ් ගන්කන්ද නියෝජ්‍ය අමාත්‍යතුමන්ලාගේත් ප්‍රධානත්වයෙන් මාර්තු 29 සිට අප්‍රේල් 01 දක්වා ගන්කන්ද මධ්‍ය මහා විද්‍යාලයේත් ප්‍රදර්ශණයක් පැවැත්වූවා. එතුමා අපගේ ප්‍රදර්ශණය අවසන් වී දින කිහිපයකට පසුව පවුද්ගලිකව මා අමතා අපගේ ප්‍රදර්ශණය ගැන මහ ඉහළින් ඇගයීමක් කළා. එය ගන්කන්ද විද්‍යාලයේ පැවැත්වූ ප්‍රදර්ශණයට වඩා විශාල සාර්ථකත්වයක් ලැබ තිබූ බවට පුන පුනා ප්‍රකාශ කළා. ඒ වගේම තවත් දෙයක් මෙහිලා කිව යුතුයි. අපේ සාර්ථකත්වය පිටුපස සිටියේ බළන්ගොඩ නාමය කවදා හෝ වඩාත් ඉහළට ඔසවා තබන්න හැකියාව ඇති ශිෂ්‍ය නායකයො පිරිසක් අප විද්‍යාලයට දායක වී තිබීම නිසයි. දවස් ගණනාවක් රෑ එළි වෙනකම් වැඩ කළත් ඔවුන් පාළනය අපට අපහසුවක් වුනේ නැහැ. ඒ තරමටම ඔවුන්, ඔවුන් විසින්ම හික්මවාගෙන තිබුනා. ඒක මහ පුදුම දෙයක්. ශ්‍රී ලංකාව තුළ වෙනත් කිසිම පාසලක දැකිය නොහැකි දෙයක්. බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය ජාතික පාසලේ දරුවන්ගේම පමණක් පවතින දෙයක්. ඒ වගේම තවත් දෙයක් කියන්න ඕනි, මේ අපේ දරුවන්ගේ උපරිමය නොවන වග… මම හිතන්නේ උපරිමයෙන් 20% ක් පමණ වගේ. ගොඩාත් රාමු, පවුරු, සීමා මායිම් තුළ තමයි දරුවන්ට මේ තරම් දෙයක් කරන්න පුළුවන් වුනේ. එසේ නම් හිතාගන්න උපරිමය, මුළු විද්‍යාලයේම සහාය ලැබුණ නම් දරුවෝ මේ පාසල කොතැනට ඔසවා තබයිද කියලා… ඔබටත් ආඩම්බර වෙන්න පුළුවන් හදවතින්ම…. මේ වගේ නායකයෝ, දරුවෝ…. බළන්ගොඩට අනාගතයේදී සේවයක් කරාවිනේ කියලා…. ඇත්තටම ඔවුන් හරිම දක්ෂයි….. හරිම හොදයි…. මට කියන්න තියෙන්නේ එච්චරයි……..
    ස්තුතියි!!!
    මීට,
    ජයනාත් සර්

    කැමතියි

    • //ඔබටත් ආඩම්බර වෙන්න පුළුවන් හදවතින්ම…. මේ වගේ නායකයෝ, දරුවෝ…. බළන්ගොඩට අනාගතයේදී සේවයක් කරාවිනේ කියලා…. ඇත්තටම ඔවුන් හරිම දක්ෂයි….. හරිම හොදයි…. මට කියන්න තියෙන්නේ එච්චරයි……..//
      මේ වැකි කීපය දැක සිතට දැනුන සතුට මා නෙත් කඳුලින් තෙත් කළා. රටට, මනුෂ්‍ය සංහතියට වටිනා මිනිසුන් දායාද කරන්නට හවුල් වූ අය වශයෙන් ඔබ අනාගතයේ දිනක අපටත් වඩා සතුටු වන අයෙකු වේවි.

      කැමතියි

  3. ඔබ දෙදෙනා රටට පහළ වූ අප්‍රමාණ සම්පත් බව සටහන් කරන්නෙමි. ! ඉහත විචාරක Wicharaka ගේ යෝජනාව සම්බන්ධව කළ හැක්කේ කුමක් දැයි සිතාබලන ලෙසත් සුදුසු අයගේ අවධානයට එම අදහස යොමු කරන ලෙසත් ඉල්ලමි.

    කැමතියි

  4. // දවස් ගණනාවක් රෑ එළි වෙනකම් වැඩ කළත් ඔවුන් පාළනය අපට අපහසුවක් වුනේ නැහැ. ඒ තරමටම ඔවුන්, ඔවුන් විසින්ම හික්මවාගෙන තිබුනා. ඒක මහ පුදුම දෙයක්. //
    Actual Discipline අධ්‍යාපනයෙන් ගොඩනැගෙන්නේ මෙවැනි විනයක් නම් ඒ තමා සැබෑ අධ්‍යාපනය සොයුර ඇත්තෙන්ම මෙහෙම තත්ත්වයක් ඇතිවුනා නම් ඔබ කර ඇත්තේ හාස්කමක්. අනෙක් පාසල් සහ සෙසු ගුරවරුන්ටත් ආදර්ශයක් ! අහුමුළු වල සිදුවන මෙවැනි හාස්කම් ගැන බලධාරීන්ගේ ඇස් යොමුවේවා !

    කැමතියි

  5. මුලින්ම ගොඩක් ස්තූති වන්ත වෙනවා සර් ට,,,,
    මුලදි කට්ටිය හිතුවෙ මේක හරියන එකක් නෙවෙයි කියල,,,EVOKE එක ලන් වෙනකන්ම ගොඩක් අයද දැනගෙන හිටියෙ නැහැ මොකක්ද මෙ කියල,,,අපිට උදව් කරන්න හිටපුඅ අයට වඩා ගොඩක් හිටියෙ අපිව නවත්තන්න හදපු අය,,,,කවුරු අපිව නවත්තන්න හැදුවත් අපි අපිට පුලුවන් උපරිමයෙන් කලා,,,,specially අපේ ජයනාත් සර් ටයි ජීවන සර්ටයි ගොඩක් ස්තූතියි,,,,මොකද කිව්වොත් ඒදෙන්න තමයි මේකෙ බර කරට අරන් වැඩ කලේ,,,,අපේ head prefect සතිර දිසානයක ගොඩක් මහන්සි උනා මේ වැඩේට,,,,ඒ වගේම අපිත් එක්ක හිටපු 7,8 දෙනා EVOKE එක මේතරම් හරි හොඳට කරන්න ගොඩක් මහන්සි උනා,,,,අන්තිමේට නම දාගන්න නම් ගොඩක් අය හිටියා,,,,අපිට හිතෙනව අපි අපේ පාසලට යම්කිසි දෙයක් කලා කියලා,,,ගොඩක් අය කිව්වා EVOKE එක හොඳට තිබුනා කියලා,,,,ඒ ගැන ගොඩක් සතුටුයි වගේම පොඩි ආඩම්බරෙකුත් තියෙනවා,,,EVOKE බලන්න ආව අය වගේම EVOKE ගැන හොඳ නරක කියපු හැමෝටම ස්තූත්යි කරන්න මේක අවස්තාවක් කරගන්නවා,,,,2017 දිත් EVOKE එක කරයි කියලා තමයි අපේ නම් බලාපොරොත්තුව,,,,අපිට HELP කරපු හමොටම අපේ හද පිරි ස්තූතිය,,,,

    W.H.M.VISION WICKRAMASINGHE
    ANANDA MAITHREYA CENTRAL COLLEGE
    (EVOKE ORGANIZING COMMITTEE)

    කැමතියි

  6. ලෝක ඉතිහාසය පුරාම අලුත් දේවල් කරපු මිනිස්සු මුලදී මුහුණ දුන් වේදානත්මක අත්දැකීම්වලටම තමා ඔබ මුහුණ දුන්නෙත්. ඒ තමයි ජීවිතය ! ඔබ එයින් ජීවිතයේ වටිනා පැතිකඩ කීපයක් ගැන හොඳටම ඉගෙන ගත්තා.!! ඔබ අලුත් අලුත් දෑ; ජාතිය මෙන්ම ලෝකය වෙනුවෙන් නිමවා දායාද කළහැකි අපූර්ව ප්‍රතිභාවක් සහිත දරු පිරිසක් !!! ඒ නිසා කිසිවිටක අධෛර්ය වන්න අවශ්‍ය නෑ. අන්හැම දේම පසෙක තබා ඔබ හැමගේ ඉලක්කයට යාමේ උත්සාහයට මුල් තැනම දෙන්න. ඔබ පා තබා ඇවිද යන්නෙ. පාසලේ සුන්දර දිවිය ගත කරන්නෙ, මෑත කාලයේ අප දුටු අග්‍රගණ්‍ය වියතාණන් ජාතියේ දූ දරු පිරිස වෙනුවෙන් පරිත්‍යාග කළ පුණ්‍ය භූමියක. එයත් ඔබ හැමගේ අනාගතය ජයගන්න මහා ආශීර්වාදයක් වන බව නිසැකයි. අනෙක් සිසු සොයුරු කැලත් ඔබේ ගමනට එක් කරගන්නට නායකත්වය දෙන්න. ඔබ හැමටම සුබපතනවා
    ” අලුත් අලුත් දෑ නොතනන ජාතිය යලි නොනගී- කිසිවක් කර බැරි වූ තැන ලගී ගයා මර ගී ” කුමාරණතුංග මුණිදාසයන්ගේ කියමනක්
    ( කොමෙන්ටුව දැම්මෙ චමරි මිස් විය හැකියි. ඔබතුමියට ස්තුතියි. ඔබේ දරු පිරිස වෙනුවෙන් තමයි මගේ ප්‍රතිපිළිතුර ලියවී තියෙන්නෙ.)

    කැමතියි

    • ස්තුතියි අජිත්. මේ ඈත පිටිසර පිහිටි පාසලේ තරුණ ගුරුවරුන් කීප දෙනෙක් සිය විදුහල්පතිතුමා ඇතුළු කළමනාකරමණ්ඩලයේ විශ්වාසය දිනා ගනිමින් දරුවන්ට අත හිත දෙන්න ගත් වටිනා උත්සාහයක් දක්නට ලැබුණා. එය දුටු විගසම මේ උත්සාහය ගැන ඇතිවුන සතුට උතුරා ගියා. මා මෙතෙක් දිනක් ලියමින් සිටි තේමාවෙන් පවා මදකට හෝ ඈත්වෙලා මේ අය දිරි ගැන්වීම පිණිස යමක් කළයුතුයයි සිතුනා. ඔබේ සටහන පවා මේ අපූරුවැඩ කරන පිරිසට සවියක් ගෙනේවි. නැවතත් ස්තුතියි

      කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )