අපේ අරීබා !

ඉවෝක් අද  Today Evoke 2015

‘හදවතේ ඇති දේ තාක්ෂණිකව මතුකර පෙන්වීම’ බොහොම බර සාර නිර්වචනයක් ! ඉදිරිපත් කළේ තොරතුරු තාක්ෂණ සංගමයේ සාමාජිකයෙක්, ශිෂ්‍ය නායකයෙක්. Evoke 2015 ඒ අයගෙ වැඩක් නේ. ඊයේ වගේ නෙවෙයි අද. මේ අය මා එක්ක අමුතු සුහදකමක් ඇති කරගෙන්  ! “අද සෑහෙන්න ජයයි  ! යමු සර් බලන්න ” ඊයෙ එනවට අකමැතිවෙච්ච දරුවො අද බලෙන් එක්ක යන්න වගෙයි සූදානම. (මේ සටහන උඩුගන්වන්න ඊයෙ බැරිවුනා මෙහි අද කියන්නෙ 2015.04.03 දා)

මේ අපේ අරීබාගෙ වැඩ. පන්තියෙ අපි ඔක්කොම හිතුවෙ හිතුවෙ ඔක්කොම එකතුවෙලා අපේ අරීබා ගෙ දස්කම් කරන්න පුළුවන් වැඩ පෙන්වන්න. වර්ගබේද ජාති කුල මල බේද තියෙන්නෙ පිට ඒ කියන්නෙ, අපි වගේ වැඩිහිටියො ළඟ. උන් සේරම සහෝදරත්වයෙන් බැඳිල එක බත්පත බෙදාගෙන කන්නෙ. උඹල කවද හරි අපේ රට හදයි පුතේ ......!!!!!!!!!

මේ අපේ අරීබාගෙ වැඩ. පන්තියෙ අපි ඔක්කොම කතා වුනේ අපේ අරීබා ගෙ දස්කම් පෙන්වන එක තමයි වෙලාවෙ හැටියට කරන්න තියන හොඳම දේ කියල. එයා මේකට කැමති කරගත්තේ ටිකක් අමාරුවෙන් . (වර්ගබේද ජාති කුල මල බේද තියෙන්නෙ වර්තමාන දරුපරපුරේ අපට නෙවෙයි. “මේ සටහන තියන ඔබ වගේ වැඩිහිටියො ළඟ“ බව උන් වචන වලින් නොකියා අපට දෙන පණිවුඩය වුනා )  දරුවො සේරම සහෝදරත්වයෙන් බැඳිල නැතිනම් මෙහෙම වේවීද ? උන් එක බත්පත බෙදාගෙන කන්නෙ. උඹල කවද හරි අපේ රට හදයි පුතේ ……!!!!!!!!!

මොකද ටිකක් සැකෙන් වගේ ඉන්නෙ ! යමහල් විදාරණය වන බව පෙන්වන්න මේ වෙලාවෙ බැරිවුනත්, ගිනිකන්දක් හැදුව නේ. දුක්වෙන්න එපා සතුටුවෙන්න දරුවනේ

මොකද ටිකක් සැකෙන් වගේ ඉන්නෙ ! යමහල් විදාරණය වන බව පෙන්වන්න මේ වෙලාවෙ බැරිවුනත්, ගිනිකන්දක් හැදුව නේ. දුක්වෙන්න එපා සතුටුවෙන්න. නැවත නැවතත් උත්සාහ කරන්න දරුවනේ කවදම හරි දිනනවා

මේ අය කිව්වත් කරන්න හදන්නෙ මොකද්ද කියල ඇත්තටම මට තේරුනේ නෑ. ඒත දරඅවො මොනව හරි කරන්න උත්සාහ කරනවා.

මේ අය කරන්න හදන්නෙ මොකද්ද කියල ඇත්තටම මට තේරුනේ නෑ. ඒත් ඒ අය මොනව හරි බරපතල් දෙයක් කරන්න උත්සාහ කරනවා.

නානුමුර මංගල්ලෙ නටන්නයි අපි ලෑස්ති වෙන්නෙ. මේ තියෙන්නෙ නානුමුර වට්ටිය

නානුමුර මංගල්ලෙ නටන්නයි අපි ලෑස්ති වෙන්නෙ. මේ තියෙන්නෙ නානුමුර වට්ටිය

ඕනැම අභියෝගයක් ජයගන්න මම සූදානම් ! බාලදක්ෂ මානවිකාවිය තරුෂි. විමසන තුරු බලා හිඳී.

ඕනැම අභියෝගයක් ජයගන්න මම සූදානම් ! බාලදක්ෂ මානවිකාවිය තරුෂි. විමසන තුරු බලා හිඳී.

http://www.youtube.com/watch?v=KZtgtyaCwsA http://www.youtube.com/watch?v=IFh3JrBUp3U

පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව දුන්න විශාල උදව්වක් බළන්ගොඩ කලාප කෘෂිකර්ම අධ්‍යක්ෂතුමාට ස්තුතියි

පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව දුන්න විශාල උදව්වක් බළන්ගොඩ කලාප කෘෂිකර්ම අධ්‍යක්ෂතුමාට ස්තුතියි

IMG_0828

විවිධ කලා නිර්මාණ නැටුම් ගැයුම් වැයුම් පමණක් නෙවෙයි විද්වතුන්ගේ දේශනත් ශිෂ්‍යනායක සංසදය සමග තොරතුරු තාක්ෂණ සංගමයේ දරුවන් විසින් සංවිධානය කරල තිබුණා. 10 ,11 පොඩි අයගේ දස්කම් විස්කම් බලන තුරු උන්ගේ අත්අඩංගුවෙ හිටිය නිසා, බළන්ගොඩ ආන්දමෛත්‍රෙය ජාතික පාසලේ, අර ප්‍රතාපවත් ගොඩනැගිල්ල, රංග ශාලවෙන්; ඇසෙන කරුණාරත්න පරණ විතානයන්ගේ හරබර දේශනයට සවන් යොමු කරන්න උනේ යමින් එමින්.

නැවත නැවතත් පවසන්න ඕන; මේක අපූරු තැනක් ! එහෙම වුනේ දරුවන් විසින් දරුවන් උදෙසා දරුවන්ම ක්‍රියාත්මක කරන දරුවන්ගේ වැඩසටහනක් වීම නිසා වෙන්න ඇති.  වැඩිහිටි අපට කළ යුතුව, කළ හැකිව තිබුණේ ඔවුන්ට බාධා නොකර අවශ්‍ය තැනකදී උදව් වීම හා අගය කිරීම පමණයි. ඔවුන් ඊයේ සහ අද  සුවඳ හමන මල් බවට පත්වුනේ ඒ හින්ද ද? 

සැබෑ  අධ්‍යාපනයට දොරටු විවරවන්නේ මේ වගේ අවස්ථාවලින් ද ? හැබෑටම පාසල් මගින් “අධ්‍යාපනය” දෙනවා කියන්නේ මොකද්ද ? මෙතෙක් කල් අපි බොහෝ දෙනකුට කොතනක හෝ වැරදුනා වත් ද? මේ ඔස්සේ මම නැවතත් සිතන්නෙමි. ඔබට  සිතන්නට ද  ඇරයුම් කරන්නෙමි.

5 thoughts on “අපේ අරීබා !

  1. බොහොම ඉහළයි. බොහොම ඉහළයි. මම රූපවාහිනී ප්‍රවෘත්ති විකාශනයකත් දැක්කා මේ ප්‍රදර්ශනය ගැන විස්තරයක් පෙන්වනවා. කාලයේ තාලයට ළමයි හැඩගැස්වීම මහඟු පිනක්. ළමුන් තුළ සැඟවී ඇති දක්ෂතා මේ විදිහට එළිදැක්වීම නිසා අපේ රටේ අනාගත විද්වතුන් මතුවෙනවා මැණික් කැට වගේ.

    කැමතියි

  2. ඔබතුමාගේ මේ සටහන සිසු දරුවන්ගේ ඉදිරි ගමණට මහත් රුකුලකි. විදුහල්පති ඇතුළු ගුරුමණ්ඩලය ලද ඉතා වටිනා ප්‍රශංසාත්මක දිරිගැන්වීමකි. ඒ අය වෙනුවෙන් විචාරක තුමාට මගේ ද පුණ්‍යානුමෝදනා ස්තුතිය පිරිනමි.

    කැමතියි

  3. පින්ග්කිරීම: “ඉවෝක් ” බල මහිමයක් වුනාද ? | sugv

  4. දරුවන් විසින් දරුවන් උදෙසා දරුවන්ම ක්‍රියාත්මක කරන දරුවන්ගේ වැඩසටහනක් වීම නිසා! ඒ අත්දැකීම අපූර්ව වෙන්නෙ ඒ නිසාම තමයි.

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.