ඉවෝක් බලන්න එනව ද ? EVOKE

2015 ඉවොක් EVOKE 2015

අපේ ඉස්කෝලෙ මේ පාර විභාගෙ ඉවර වුන දවසට පස්සෙන්ද ඉ‍වෝක් තියනව. මාසෙකට විතර ඉස්සෙල්ල පොඩි දුව කිව්වෙ තරමක උජාරුවකින් ! ඔය ගොල්ල මොනවද  කරන්නෙ ? මොනව හරි පන්තියෙන් කරයි. මාත්  එකතු වෙනව.

26

දරුවන් සමගම මම ද ප්‍රතාපවත්ව පෙනෙන ගොඩනැගිල්ල දෙස බැලීමි. ශබ්දවාහිනී යන්ත්‍ර හඬ රැසවම සංවිධානය කරනු ඇසේ. ඉවෝක් බලන්නට ඇවිද ගියෙමි.

දරුවන් සමගම මම ද ප්‍රතාපවත්ව පෙනෙන ගොඩනැගිල්ල දෙස බැලීමි. ශබ්දවාහිනී යන්ත්‍ර හඬ රැස්වම සංවිධානය කරනු ඇසේ. ඉවෝක් බලන්නට ඇවිද ගියෙමි.

කෝ ඉවෝක් ? මේ අය ඇවිද යනනෙ ඇයි ? නිකං ඉබාගාතේ යනවා නෙවෙයි. ඒ අය යන්නෙ මොක්ද්‍ෝ හොයාගන

කෝ ඉවෝක් ? මේ අය ඇවිද යනනෙ ඇයි ? නිකං ඉබාගාතේ යනවා නෙවෙයි. ඒ අය යන්නෙ මොකද්දෝ හොයාගන

මේ ඉවෝක් ද දුව ? ඔව්් මේ ඉවා්ක්. මේ වෙරළු දෝසි. විකුණනවා. කැඩේට් සංවර්ධන අරමුදලට ලාභය යොදවනවා. ඉවොක් කියන්නෙ වෙළඳාම ඉගෙනීම ද?

මේ ඉවෝක් ද දුව ? ඔව් මේත් ඉවා්ක් ! මේ වෙරළු දෝසි. විකුණනවා. ලැබෙන ලාභයෙන් අපේ කැඩේට් එකට  අඩුපාඩු හදනවා. “ඉවොක් කියන්නෙ වෙළඳාම ඉගෙනීම ද !….” එහෙමත් නෑ. !!

නියමුවා තෘතප්තිමත් සිනහ පිරුණූ මුහුණින් ඉවෝක් බලගැන්වූ තරුණ ගුරු දෙපළ, සංවිධානය කරන නියෝජ්‍ය විදුහල්පතිනිය හඳුන්වා දෙමින්

නියමුවා, විදුහල්පති තුමා ; තෘතප්තිමත් සිනහ පිරුණූ මුහුණින්, ඉවෝක් බලගැන්වූ තරුණ ගුරු දෙපළ, වැඩ පිළිවෙල දියත් කරන කරන නියෝජ්‍ය විදුහල්පතිනිය හඳුන්වා දෙමින්

"මේ ජීවන් සර්. එයා එක්ක මේ වගේම ඉන්න ජයනාත් සර් දෙන්න මේ වෙනුවෙන් පුදුම කැපකිරීමක් මහන්සියක් දැරුවා" විදුහල්පතිතුමා අනුමත කරමින් කඳුළු පිරුණු දෑසින් නියොජ්‍ය විපතිනි නිශාන්ති මිය හඳුන්ව දුනි.

“මේ ජීවන් සර්. එයා එක්ක මේ වගේම ඉන්න ජයනාත් සර්  යන දෙන්න මේ වෙනුවෙන් පුදුම කැපකිරීමක් කළා. විශාල මහන්සියක් දැරුවා”  සතුටු කඳුළු පිරුණු දෑසින් නියොජ්‍ය විපතිනි නිශාන්ති මිය විසින් හඳුන්ව දෙයි.

මේ විදිහට පොඩිදුව හිටපු ගමන් “ඉවෝක්” එකක් ගැන කියනව ! මොකද්ද පුතේ ඉවෝක් කියන්නෙ ? “මට දැන් හරියටම ඉංග්‍රිසි වචන මතක නෑ පස්සෙ කියන්නම්.  අපිට විතරක්  නෙවෙයි. තවත් අයටත්. එක එක දේවල් හදල ප්‍රදර්ශණයට තියන්න පුළුවන්”.  ඒ මොනවද ? අපේ හිත් ඇතුලෙන් එන ඕන දෙයක් නිර්මාණය කරන්න  පුළුවන්ලු !. මොනවයින්ද ? ඕන දේකින් පුළුවන්

සිනහවතින් මුවසරසා විදුබිම පුරා ඇවිද යමින් දිරිගන්වන නියෝජ්‍ය විදුහල්පතිනිය

සිනහවතින් මුවසරසා විදුබිම පුරා ඇවිද යමින් දිරිගන්වන නියෝජ්‍ය විදුහල්පතිනිය

ඕන්නං තනියෙනුත් හදන්න පුළුවන්. කට්ටිය එකතු වෙලාත් කරන්න පුළුවන්. ඒක දවස් තුනක් තියනව.”

මෙ කවුද හැබෑටම. නෑ! නෑ!! මම හිතන අය නෙවෙයි. උඩරට වලව්වක නිළාම කෙනෙකුයි මැණිකෙයි. ඒ එක්කම වලව්වෙ පාවිච්චි කරපු නොයෙක් සාම්ප්‍රදායික මෙවලම් !  පන්තිකාමරේ අනෙක් පැත්ත බලන්න ‍මට ඉඩ දෙන් නෑ. ඇයි මේ ? තව ඒක හදනවා. ඊයෙ වෙනකං විභාගෙ නේ. අපි මේ උදේ ඉඳල හදනවා. මොකද්ද ඒ පැත්තෙ ? ඒ පැත්තෙ නවීන පන්නයේ ගෙදරක මිනිස්සුයි භාණ්ඩයි. ක්ෂණිකව ක්‍රියාත්මක වෙමින් "සියල්ල අතරේ සියල්ල කර ගැනීම" ට දරන ප්‍රයත්නයක්

මෙ කවුද හැබෑටම. නෑ! නෑ!! මම හිතන අය නෙවෙයි. උඩරට වලව්වක නිළමෙ කෙනෙකුයි මැණිකෙයි. ඒ එක්කම වලව්වෙ පාවිච්චි කරපු අපේ සාම්ප්‍රදායික මෙවලම් ! පන්තිකාමරේ අනෙක් පැත්ත බලන්න ‍මට ඉඩ දෙන් නෑ. ඇයි මේ ? තව ඒක හදනවා. “ඊයෙ වෙනකං විභාගෙ නේ. අපි මේ උදේ ඉඳල හදනවා.“ මොකද්ද ඒ පැත්තෙ ?  “ඒ පැත්තෙ නවීන පන්නයේ ගෙදරක මිනිස්සුයි භාණ්ඩයි“.  හදිසියේ ක්‍රියාත්මක වන දරුවෝ “සියල්ල අතරේ සියල්ල කර ගැනීම” ට  වෑයම් කරති.

9 8 5 4

වලව්වේ මෙවලම්

වලව්වේ මෙවලම්

6

පළාත් සභාවෙන් පිරුණු අත්දැකීම්

පළාත් සභාවෙන් පිරුණු අත්දැකීම්

පළාත්සභාකුටියේ අන්තර්ගතය

පළාත්සභාකුටියේ අන්තර්ගතය

ටෙලිකොම් ප්‍රදර්ශන කුටියක්

ටෙලිකොම් ප්‍රදර්ශන කුටියක්

පිටිය දෙවනත් කරන තවත් පිරිසක්

පිටිය දෙවනත් කරන තවත් පිරිසක්

හරි වැඩේ අමුත්තො කෙලවරක් නැතුව එනව මොනව හරි කරල පෙන්නන්න වෙනව හෙට තවත් වැඩි වෙයි

හරි වැඩේ අමුත්තො කෙලවරක් නැතුව එනව මොනව හරි කරල පෙන්නන්න වෙනව හෙට තවත් වැඩි වෙයි

මේ ගැන ගුරුවරුන් ගෙන් ඇහුවත් ලැබු‍‍‍ණෙ ඔය උත්තරේමයි.  විදුහල්පති තුමාත් හදිස්සියෙ හමුවුන වෙලාවක “ඉවෝක්” එකට එන්න  කිව්ව මිසක්, මොකද්ද කියල කිව්වෙ නෑ.

විද්වතුන් හඳුන්වා දුන් හැටි

  • විෂය බාහිර ක්‍රියාකාරකම් ලෙස Evoke 2015 වැනි ප්‍රදර්ශන වලින් ලැබෙන මග පෙන්වීම අතිමහත්ය.  -කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ,  බළන්ගොඩ

  • නූතන සමාජයට ගැලපෙන සැබෑ පුරවැසියකු බිහිකිරීම විද්‍යාලයීය විෂය සමගාමී සහ විෂය බාහිර සෑම ක්‍රියාකලාපයකම මුලික අරමුණ වී ඇත. – විදුහල්පති, ආනන්දමෛත්‍රෙයජාතික පාසල

  • පාසලක ජීව ගුණය රඳාපවතින්නේ පාසල තුළ අධ්‍යාපනය ලබන සජීවී දරුවන් මතයි. Evoke අධ්‍යාපනික ප්‍රදර්ශනය තුළින් අප බලාපොරොත්තු වන්නේ දරුවන්ගේ අනාගත ඉලක්ක සාර්ථක කර ගැනීමට අවශ්‍ය දැනුම, කුසලතා සහ ආකල්ප ලබා දීමයි. -නි‍යෝජ්‍ය විදුහල්පතිනිය, ආනන්දමෛත්‍රෙය ජාතික පාසල

 

 වාර විභගය නිම වී ලැබෙන දින කීපය දරුවන් අයාලේ යන දින බවට පත්ව තිබීම කතා නොකළ ප්‍රසිද්ධ රහසකි. එය සිසු ජීවිත යහපත් තැනකට ගෙන යන නැතහොත් විනාශයට ගෙන යන දින බවට පත්වීමට තිබූ සම්භාවිතාව 50 : 50 කි.

  දරුවන්ට යමක් සිතන්නට අවස්ථාව සැලසීම, යමක් කර පෙන්වන්නට යොමු කිරීම,   අත්දැකීම් හුවමාරු කරගන්නට අවස්ථාව ලබා දීම, විවිධ දෑ අත්හදා බලන්නට, සාර්ථක හෝ අසාර්ථක වන්නටත්; විවිධ අභියෝගවලට මුහුණ දෙන්නටත් හුරු වීම, යමක් ජයග්‍රහණය කර ගන්නට හෝ ආසාර්ථකවන්නට හේතු අධ්‍යයනය කරන්නට  අවස්ථාව සලසා දීම,  මේ වැඩපිළිවෙලේ දක්නට හැකි වූ විශේෂත්වයයි. සෑම විටකම දරුවන් යමක් වැරදෙමින් හෝ කරන්නට තැත්කළහ. සමහරෙක් තමන්ට කාලය මඳ වූ බවක් පවසන්නට වෙති. “මීට වඩා හොඳට කරන්න තිබුණා අහවල් දේ ගෙනාවනං“ මේ තවත් තැනක කියවුනකි.

අද කරන්ට් එක ගිහින් නේ අපි හදාපු පරිගණක  මෘදුකාංගයක් තියනව දුව වල පෙන්නන්න විදිහක් නෑ.“ ඒ තවත් තැනක දරුවන්ට පාලනය කරගන්නට නොහැකි වූ ගැටළුවක්

(සමහරවිට විදුලි බලමණ්ඩලය අද විදුලිය කපා හරින්න ඇත්තෙ බලශක්ති ගැටළුවට විසඳුම්  සොයාගන්න  අවස්ථාව දෙන්න වෙන්න ඇති.)

මොනව වුනත් ඉවොක් තිබුණා. මිනිස්සු එනවා හැම තැනම අමුත්තො ඇවිදිනවා. මොනවත් හදාගන්න බැරිවෙච්ච අයයි හරියට නිමකරගන්න බැරිවුන අයයි ලජ්ජාවෙ ඇඹරෙනවා.  අදට වඩා හෙට හොඳයි කියලයි දරුවන්ගෙ අදහස.

  • 39

මෙන්න ඉවෝක් ! Evoke 2015 හෙටත් තියනවා. හෙට ඉඳල තමයි ජය වෙන්නෙ. “අපි අභියෝගය ජයගන්නවා ! හෙටත් එන්න” මේ ජාතික පාසල් දරුවන් හැමගේ නිහඬ ඉල්ලීමයි.

බළන්ගොඩ ආනන්දමෛත්‍රෙය මහ සමිඳුන් දරුවන්ට දෙන ඔවදන් ආදි සිසුවකු ගලේ ලියු ලිපියක් ලෙසින් ස්ථාපිත පුවරුව

බළන්ගොඩ ආනන්දමෛත්‍රෙය මහ සමිඳුන් දරුවන්ට දෙන ඔවදන් ආදි සිසුවකු විසින් ගලේ ලියු ලිපියක් ලෙසින්

11 thoughts on “ඉවෝක් බලන්න එනව ද ? EVOKE

  1. මා බදුල්ල, බණ්ඩාරවෙල, දියතලාව, ප්‍රදේශවල සේවයේ යෙදීසිටි කාලයේ බලංගොඩ පසුකර යනවිට මේ පාසල දැකලා තියනවා වගේ මතකයි. බොහොම අලංකාර පරිසරයක පිහිටි පාසලක් බව පෙනෙනවා. ඡායාරූප සහ විස්තරය අනුව හොඳ උසස් මට්ටමකින් පාසල පවත්වාගෙන යන බවත් පෙනෙනවා. මගෙන් සුබ පැතුම්.

    අනේ ගුණසිංහ මහත්තයෝ පින්තූර ගන්නකොට ආලෝකය ගැන හිතන්න. විදුහල්පතිතුමාගේ පින්තූරය සහ නියෝජ්‍ය විදුහල්පතිනියගේ පින්තූරය අඳුරුවී තිබෙන්නේ සෙවනැල්ලක් තුළ ඒ ඡායාරූප ගැනීම නිසා. ජීවන් සර් ගේ පින්තූරය තමයි නිවැරදි ක්‍රමය.

    කැමතියි

  2. අනේ විචාරක තුමා ඊයෙ තිබුණ කලබලේ හැටියට තත්ත්වය පාලනය කරගන්න හරිම අමාරු වුනා. ඡායාරූප ගන්නවුනේ හදිස්සියේන අයි පෝන් එකකින්. කාලයකට පසුව ගියාම කතාකරන අයගෙන් බේරිල්ලක් නෑ. මා වැඩ කරන අවදියේ මෙහි ඉගෙනුම ලැබු අය විශාල ගණනක් මෙහිම ගුරවරු. විදුහල්පතිතුමත් ඒ අවදියේ සිටි ශිෂ්‍යයෙක් ඒ වෙලාවෙ පැමිණ සිටි පළාත් අධ්‍යාපන ඇමතිතුමත් මෙහිම ඉගෙනුම ලැබුවෙක්. ඉතිං වැඩ ගොඩක් වුනා. ඡායාරූප දුබල වෙන්න මේ කලබලත් හේතුවෙන්න ඇති.

    කැමතියි

  3. ඔබගේ බ්ලොග් අඩවිය අප වෙනුවෙන් දැක් වූ සහයෝගයට බෙහෙවින්ම ස්තුතියි…. මෙම කාර්යය අති විශිෂ්ටයි….

    ජයනාත් සර්, ජීවන් සර් සමගින් සියළුම ශිෂ්‍ය නායක මණ්ඩලයේ දරු දැරියන්….

    කැමතියි

    • Evoke වෙනුවෙන් ඔබ හැම එක්ව කළ කැපකිරීම්, කාර්යයන් සියල්ල වෙනුවෙන් ඔබ හැම දෙනාටමත් ස්තුතියි. ඇත්තෙන්ම විශාල සතුටකින් මේ ප්‍රතිපිළිතුර සපයන්නෙ. මට මුලම දවසෙම තේරුම් ගියේ ඔබ හැම එක්ව වැඩිහිටි අපට පාඩමක් උගන්වන්න සූදානම් වනවා වගෙයි . දෙවන දවස වන විට ඔබ එය ඔප්පුකරන්නත් සමත්ව තිබුණා. මගේ උපකල්පනය නිවැරදි වීම නිසා මෙච්චර සතුටක් ලැබුණා නම් වැඩසටහනේ තනි අයිතිය ඇති ඔබ කෙතරම් සතුටක් විඳිනවා ඇතිද ?
      ඔබට පෙනෙනවා ඇති මා අතින් ලියවෙන මේ බ්ලොග් සටහන් පෙළේ මූලික තේමාව පිටපැන යමින් හදිසියේ ඔබේ Evoke ගැන ලියන්න ගෙන ඇති බව. ඊට හේතුව වුනේ එදා ඇතිවුන විශ්වාසය, සතුට හා උද්දාමය යි. ඔබ සාර්ථක වුනා ! වටිනා වැඩක් කළා !!විශාල ආදර්ශයක් අධ්‍යාපන සැලසුම් කරුවන්ට හා අධ්‍යාපනය ගැන සැලකිලිමත්වන ආයතනයන්ටත් දුන්නා!!!
      තාරුණ්‍ය ය තුළින් මතුවන මෙවැනි වටිනා නවමු අදහස් ක්‍රියාත්මක කරන්නට, අත්දැකීම් ලබන්නට සහ අත්හදා බලන්නට අවස්ථාව සලසා දුන් සහ පහසුකම් සලසා දුන් ඔබේ විදුහල්පති තුමා ඇතුළු සියල්ලන්ට මගේත් නමස්කාරය පිරිනමන්නෙමි.මීට පසුදා තිබූ කරුණාරත්න පරනවිතානයන් ගේ වටිනා දේශනයට සවන් දීමේ දැඩි වුවමනාව නිසා බොහෝ ප්‍රදර්ශන ස්ථානවලට යාමට අවස්ථාව ලැබුණේ නැහැ. වෙනත් නොවැලැක්විය හැකි කාරණයක් නිසා හදිසියේ ආපසු ඒමට සිදුවුනා. එහෙත් කෙටිකාලයක් තුළ මා ලැබූ අත්දැකීම් වලින් පිබිදුන අදහස් දෙවන ලිපියේ අන්තර්ගත වෙනවා. ඔබ හැමගේ අනාගතය හැම අතකින්ම සාර්ථක වේවා

      කැමතියි

  4. මට පහතින් සඳහන් ඔබේ වාක්‍ය කියුවූ විට ගොඩාක්ම ගොඩාක් සිනහ පහළ විය…… කදිම නිර්වචනයක් ……..
    “හදිසියේ ක්‍රියාත්මක වන දරුවෝ “සියල්ල අතරේ සියල්ල කර ගැනීම” ට වෑයම් කරති.“
    මීට,
    ජයනාත් සර්…..

    කැමතියි

    • ඇත්තෙන්ම බොහෝ දරුවන් අභියෝගය ජයගන්නට උත්සාහ කළා වගේම ජයගැනීමට සමත් වුනා නේද ජයනාත් ! මේ වතාවෙ බැරිවුන අය මී ළඟ වතාවකදි ජය ගන්න සිතා ගන්න ඇති. සියල්ලටම වඩා වටින්නෙ ඔවුන් ලද ජීවිත අත්දැකීමයි. ඒ බව දරුවන්ගේ ශරීර භෘෂාවෙන් (body language) කියවුනා. එය ඉතා කදිම අධ්‍යාපන අවස්ථාවක්. ඔබ සමග අත්වැල් බැඳගත් අනෙක් සහෘදයාත් ඊට උදව් දුන්, දිරිය දුන් විදුහල්පති ඇතුළු සියලු දෙනාත් ඉතා ඉහළින්ම ස්තුති ප්‍රනාම ලැබිය යුත්තෝ වෙති.

      කැමතියි

  5. පින්ග්කිරීම: “ඉවෝක් ” බල මහිමයක් වුනාද ? | sugv

  6. හොඳ වැඩක්. මේ වගේ වැඩක් කරන් එක හොඳයි. දැං ගොඩක් ගෙවල් වලට වෙසක් එකට කූඩු පවා ගේන්නෙ කඩෙන්. ඒවත් ප්ලාස්ටික් කූඩු.යවන සරුංගලයත් කඩෙන්.ආදායම චීනෙට. ඒනිසා ළමයින්ගෙ නිර්මාණශීලීත්වය නැති වෙනවා. උණ පතුරු ටිකක් කපලා කූඩුවක් හදන්න ළමයෙකුට පුලුවන් වෙන්න ඕනි. තව ටික කාලෙකින් ඒවටත් අමතර පංති දාන්න වේවි නැත්නම්.ඉවෝක් 2015 සුභ පතනවා!

    කැමතියි

    • සහතික ඇත්ත. ඔබේ යෝජනාව ඇස් හරවන්නක්. ළමයින් ගිරවුන් බවට පත්කරීම හා ගුරුවරුන් හා සැළසුම් කරුවන් විසින් කලින් සකස් කරන ලද ගැටළුවලට පිළිතුරු ලිවීමට හුරු කිරීම තමයි අපේ වර්තමාන අධ්‍යාපන රටාවේ දකින්ට තියන ප්‍රධානම ලක්ෂණය නේද රොහාන්. ඒක ද අධ්‍යාපනය කියන්නෙ ? බලධාරීන්ගේ සැලකිල්ල යොමුවිය යුතු වටිනා අදහසක් ඔබ ඉදිරිපත් කර තියනවා. ගොඩක්ම ස්තුතියි

      කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )