ඇයි අපි ගැන ලිව්වෙ නැත්තෙ.

බොල්තුඹෙන් අම්මඩුවෙන් දොස්

උදය ඇමටියගොඩ බණ්ඩාර නිළමේතුමාට ස්තුතියි

කරල් මංගල්‍යයට පෙර දිනයේ හුණුවල උයන්වත්ත ඉදිකර ඇති තාවකාලික දේව මන්දිරයට ආභරණ වැඩමවන පෙරහර අවස්ථාවක්

උදය ඇමටියගොඩ බණ්ඩාර නිළමේතුමාට ස්තුතියි

කරල් මංගල්‍යයට පෙර දිනයේ හුණුවල උයන්වත්ත ඉදිකර ඇති තාවකාලික දේව මන්දිරයට ආභරණ වැඩමවන පෙරහර අවස්ථාවක්

උදය ඇමටියගොඩ බණ්ඩාර නිළමේතුමාට ස්තුතියි

දේවකාරියට ගොස් පිහිටපතන බැතිමතුන්

උදය ඇමටියගොඩ බණ්ඩාර නිළමේතුමාට ස්තුතියි

දේවකාරියට ගොස් පිහිටපතන බැතිමතුන්

උදය ඇමටියගොඩ බණ්ඩාර නිළමේතුමාට ස්තුතියි

දේවකාරියට ගොස් පිහිටපතන බැතිමතුන්

උදය ඇමටියගොඩ බණ්ඩාර නිළමේතුමාට ස්තුතියි

දේවමන්දිරයේ සාම්ප්‍රදායික ආරක්ෂක සේනා “හෙවනැන්නැහැවරු“ හා සෙසු රාජකාරි ඇත්තෝ

උදය ඇමටියගොඩ බණ්ඩාර නිළමේතුමාට ස්තුතියි

කරල් මංගල්‍යයට පෙර දිනයේ හුණුවල උයන්වත්ත ඉදිකර ඇති තාවකාලික දේව මන්දිරයට ආභරණ වැඩමවන පෙරහර අවස්ථාවක්

උදය ඇමටියගොඩ බණ්ඩාර නිළමේතුමාට ස්තුතියි

කරල් මංගල්‍යයට පෙර දිනයේ හුණුවල උයන්වත්ත ඉදිකර ඇති තාවකාලික දේව මන්දිරයට ආභරණ වැඩමවන පෙරහර අවස්ථාවක්

“ඇයි අපි ගැන ලිව්වෙ නැත්තෙ ? අපිත් වැස්සට අහු වුනේ නෑ.”මේ ලිපිය කියවල බලාපු බොල්තුඹේ දැනමුත්තකුට  මාත් එක්ක ඩෝං ගිහින්  “අම්මඩුව ඇත්තන්ගේ මංගල්ලේ තිබුණෙ ඊට පස්සෙන්ද එදා ඒ ඇත්තන් යන මගත් වැහැල නෑ.”. මුල්වරට කියවන කෙනෙක් නම් ඉහත ලිපිය කියවා ඉන්න එක වටිනවා.

“ඇයි ඒව ගැන ලියන් නැත්තෙ. මහත්තයත් අලුත්නුවර නේ. අලුත්නුවර ඇත්තන් ඉස්සරත් කළේ පිටගංකාරයො කියල පිටින් ආපු අයත් එක්ක පොරාල්ලන එක නේ. ඒක නෙව දැං අලුත්නුවර කරල් මංගල්ලෙ කරන්න හුණුවල දෙයියන්නේ වෙලට එන්නෙනැතුව වෙන තැනක් තෝරගෙන තියෙන්නෙ. හුණුවල ඇවිදිල්ලත් රන්ඩු කරන්න ඇති.” 

විචාරක තුමාගේ මේ ලිපිය කියෙව්වම  මට මේ ලිපි ලියන්න තවත් පෙළඹීමක් වුනා. අම්මඩුව බොල්තුඹය දේවාල දෙකේම මේ ඓතිහාසික උත්සව වලටත් කාලගුණයෙන් අවහිරයක් බාදාවක්  නෑ. sugv ට ඒ ඇත්තොත්, ඒ ඇත්තන් අප්‍රමාණ භක්තියෙන් තේවාවේ යෙදෙන දෙවියනුත් සමාව දෙන්න ඕන. ඔන්න අම්මඩුවෙන් ලැබුණ ඒ ඡායාරූප. බොල්තුඹයෙන් ලැබුණොත් ඒ රූපත් දානවා. ඔය වටිනා කියන දවසේ මට එන්න බැරි උනාට සමාව ඉල්ලනවා. බොල්තුඹේ යාමට ඊමට ගමන කිලෝ මීටර් 42 ක් පා ගමණින් ! 

උදය ඇමටියගොඩ බණ්ඩාර නිළමේතුමාට ස්තුතියි

කරල් කැපීමට එළඹෙන සුබ මොහොතට සූදානම්වන ප්‍රධාන කපු මහතා සහ සහකාර කපු මහතා “මහබත්තන නිලය‘ සහ “කුඩාබත්තන නිලය“ ව්‍යවහාරවන්නේ මේ නිලයන්ය

උදය ඇමටියගොඩ බණ්ඩාර නිළමේතුමාට ස්තුතියි

කරල් කැපීම සුබ මොහොතින් නිමව ඇත. වෙනත් අයට කළ හැකිකේ ඈතින් මසිට බලා සිටීම පමණි. වෙනත් ඕනෑම අයකුට මේ අසලටවත් නොයාම පෙරසිරිතයි.

උදය ඇමටියගොඩ බණ්ඩාර නිළමේතුමාට ස්තුතියි

වැහිවලාකුලේ සෙවන ලබමින් මග දිගට පිරිනැමෙන දන්සැල් පිළිගනිමින් ඔවුහු කිලෝ මීටර් 16 කට ආසන්න දුරක් පාගමණින්ම යති. පස්වරු 1.00 ට පමණ පිටවන පෙරහර දේවාලයට  ගෙවදින තුරුම (ළඟාවනතුරු) වැස්සකට හසුවී නැති බව මෙවරද වාර්තාවේ.

උදය ඇමටියගොඩ බණ්ඩාර නිළමේතුමාට ස්තුතියි

උදය ඇමටියගොඩ බණ්ඩාර නිළමේතුමාට ස්තුතියි වැහිවලාකුලේ සෙවන ලබමින් මග දිගට පිරිනැමෙන දන්සැල් පිළිගනිමින් ඔවුහු කිලෝ මීටර් 16 කට ආසන්න දුරක් පාගමණින්ම යති. පස්වරු 1.00 ට පමණ පිටවන පෙරහර දේවාලයට ගෙවදින තුරුම (දේවාලයට ළඟාවනතුරු) වැස්සකට හසුවී නැති බව මෙවරද වාර්තාවේ.

අම්මඩුව දේවාලයේ  ගරු බස්නායක නිළමේ තුමා වන උදය ඇමටියගොඩ බණ්ඩාරයන් මේ පෞරාණික සම්ප්‍රදායයන් සංරක්ෂණය ගැන මහත් සේ සැලකිලිමත්ය. ඓතිහාසික අලුත් සහල් මංගල්‍යෙයක ඉතාම දුර්ලභ අවස්ථාවන් පිළිබඳව ලබාගත් ඡායාරූප  පලකරන්නත් අවසර දුන්නා. ඒ වායේ සම්පූර්ණ අයිතිය එතුමා සතුයි.

මොන හේතුවක් නිසා හරි තමන්ගේ හිත්පතුලත කාවැදිල තියන හැඟිම් නැති කරගන්න මිනිස්සු කැමති නෑ. මේකට හේතු සහ එහි ප්‍රතිපල සරළ ලෙස විග්‍රහකර ගැනීම අපහසු තරම් !

මේක දිග වැඩිවන නිසා ඒ විස්තරය මී ළඟ ලිපිවල ලියවෙන බව සලකන්න.

විශේෂ වදන්

  • පොරාල්ලනවා – අරගල කරනවා. වාදවිවාද වලට එනවා. නොසලකා හරිනවා යන තේරුම් සහිත සුළු ආරවුල් ඇතිකර ගැනීම
  • පිටගංකාරයා – ආගන්තුක සත්කාරයට ඉතා කැමැත්තනේ ඉදිරිපත්වන ගුණය අතිතයේ සිටම(රොබට් නොක්ස් කියවන්න) මේ මිනිසුන් තුළ තවමත් පවතී.  ඒසේ වුවද තම ගමේ සමාජකටයුතු වල අභ්‍යන්තරයට ඇඟිලි ගසනවාට කිසිවකු කැමති නොවෙති. අමුත්තකු කිසිවකු දෙස නොබලා ගම මැදින්යාම  නොරුස්සති. (මේ ගුණය ගැන රැල්ප් පීර්ස්ගේ සිංහල සමාජ සංවිධානය කියවන්න) අලුත්නුවර ඇත්තන්ගේ මේ පිටගංකාරයන් සම්බන්ධ පිළිවෙත් ඇබ්බැහිය කෙතරම් බලවත්ව තිබී ඇද්ද යන්න අම්මඩුව හා සොරගුණය වෙනුවෙන් වෙන වෙනම දේවාල ඉදිකරගන්නට සිදුවූ බව කියවෙන පුරාකතා අනුව පැහැදිලි වෙයි. වරක් සොරගුණයට ගොස් අලුත්නුවර ඇත්තන් කර ඇති හානියක් පිළිබඳ මහනුවර සමයේ ලේඛන ගත සාක්ෂිද ලැබේ. මෙතැන ක්ලික් කර ලැබෙන ලිපිය බලන්න මේ වටිනා පුස්කොල ලේඛනය  උඩුගැන්වීමට අවසරය ලැබී ඇත එය ඉදිරියට තබන්නෙමි

4 thoughts on “ඇයි අපි ගැන ලිව්වෙ නැත්තෙ.

  1. එහෙනම් දැන් sugv අඩවිය අපි මෙතෙක් නොහිතපු උදවියත් බලනවා. ඒක තමයි වෙන්න ඕනේ. තොරතුරු තාක්‍ෂණය කියන්නේ, යකෙක් රාක්ෂයෙක් කියලා හිතාගෙන හිටිය අයගෙන්, ඒ අදහස් ඉවත්වෙමින් තිබීම, විශාල ජයග්‍රහණයක්. මේ තුළ ඇති ස්වයං නිදහස වටහාගත්විට, වැඩිහිටි පරපුරත් මේ තාක්‍ෂණය භාවිත කරන්නට ඇදී එනු ඇති.

    ලෝකයේ ඕනෑම රටක විවිධ අභිචාර විධි දකින්නට ලැබෙනවා. අපි සිංහල අවුරුදු කාලෙට කරන චාරිත්‍ර තමයි හොඳම උදාහරණය. කතෝලික ආගමේ අයත් සමහර සිංහල අවුරුදු චාරිත්‍ර කරනවා. මා මගේ ලිපියෙන් අදහස් කළේ, අන්ධානුකරණය සහ, ප්‍රත්‍යක්ෂව වටහානොගත් දේ, පරම සත්‍යයයැයි සිතා, එහිම එල්බගෙන සිටීම, කොතරම් අමනොඥ ද කියා පෙන්වීමයි.

    කැමතියි

  2. ඔව් විචාරක තුමා දැනමුත්තාගෙන් නෝක්කාඩු බැණුම් අහපු දුරකතන පණිවුඩයෙන් මටත් ඉහවහා ගිය සතුටක් ඇතිවුනා වැඩිහිටියොත් බ්ලොග් කියවන බව දැනිලා. බළන්ගොඩ කලාපයේ ඊ විලේජ් එකක් ඇතිවෙන විදිහට දාමහන පාසල සංවර්ධනය කරන්නට අපටත් ඒකාලේ දායක වෙන්නට වාසනාව ලැබුණා. දාමහන කියන්නේ එළවළු නිෂ්පාදන ගොවි ගම්මානයක්. දැන් දිනපතා වෙළඳ පොල මිල ගණන් බලන්න, පත්තර බලන්න වගේ දේවලට වැඩිහිටියොත් දිනපතාම පාසලටත් ඇවිත් අන්තර්ජාලයට යාම පුරුද්දක් වෙලා බව මෑතදී පාළාත් අධ්‍යාපන අධ්‍යක්ෂතුමාගේ කතාවක දි කියවුනා. මිනිස්සු අන්දවන්න පුළුවන් කියල හිතාගන ඇතැම් අය කටයුතු කළාට වැඩක් නෑ. මිනිස්සු බුද්ධිමත්. ඇත්තෙන්ම සාමාන්‍ය වැඩිහිටියොත් උපකල්පනය කරගෙන ඉන්නවාට වඩා වඩා දුයුණුයි. තොරතුරු තාක්ෂණ සාක්ෂරතාව හිතනවාට වඩා තැනක තියනවා වගේ නේද

    ඔබතුමාගේ ඒ වටිනා ලිපියට මගේ ආචාරත්මක සතුට පළකරන්නෙමි. sugv ලිපි පෙළ පුරා යිටින් දිවෙන අරුතක් හා අරමුණක් වන්නෙ ඔබ පවසන දේමයි. එය මතුපිට කැපී පෙනෙනවාට බියයි. ලිපි කියවන වැඩිහිටියො ගෙදරට ඇවිත් පවා ප්‍රතිචාර දක්වනවා. sugv පරෙස්සම් වෙන්න ඕනි. මාළුවාට වතුර නැතුව ඉන්න බෑ වගේ sugv ට ඔවුන්ගේ විශවාසය නැතිවුන දිනට ඉගෙනීම නතර කරන්න වෙනවා. ගමේ ඉගෙන ගන්නා බුද්ධිමත් දරුවන් භක්තියෙන් තම උරුමය ද හදාරමින් ඉන්න බව දැනී යනවා. එය අන්ධභක්තියම නොවන බව පෙනීයාම විශේෂත්වයක්. සම්ප්‍රදායේ අසිරිය රැකගන්න දිරිදෙන හැටි අලුත්නුවර අම්මඩුව ප්‍රෙද්ශ දෙකේම ලැබූ සහභාගී නිරීක්ෂණ පැහැදිලි කර දෙනවා.ඔබතුමාගේ ලිපිත් ඔය අය කියවනවා ඇති. මටත් හිතාගන්න බෑරි තරම් ඒත් ඉගෙනීමේ යෙදෙන තරුණ දූපුතුන් කීප දෙනකුම ඔබතුමාගේ ඇතැම් ලිපි කියවූ ඒ අය භක්තියෙන් සතුටින් ඒවා වැළඳගන සිටින බව පවසන්නේ අවංකවම බව කිවයුතුව තිබෙනවා. ගමේ පුංචි පාසලත් තොරතුරු තාක්ෂණයට සම්බන්ධ වෙන්න විශාල වෑයමක් දරනවා. හොඳ වටිනා පාසල් පරිසරයක් ඇතිකරගන්න විදුහල්පති ඇතුළු ආචාර්ය මණ්ඩලයේ වටිනා කැපකිරීම සමත් වී තිබෙනවා. වසර කීපයක සිටම ප්‍රතිඵල වඩ වඩා දියුණු වෙමින් එනවා. මම ඒ සියල්ලන්ටම හැකි අයුරෙන් දිරිදෙමින් අගය කරමින් “කමෝන්“ කියමින් අහිංසක සතුටක් වින්දනයක් ලබමින් ඉන්නවා. මේ පාසල පිළිබඳ මුහුණු පොතේ පිටුවක් පවා තියනවා. සාම්ප්‍රදායික රජකාරි වැසියන්ගේ දරුවො බොහොම අඩු පහසුකම් යටතේ වුනත් හොඳ ප්‍රතිඵල විවිධ අංශවලින් පෙන්වනවා. විභාග පමණක් නෙවෙයි ගායන රංගන වැනි අංශවලින් පවා.

    කැමතියි

  3. ඕන්න. දකින්න යන්න හිතාගෙන හිටියත් බැරිවුන අලුත් සහල් මංගල්‍ය පොටෝ බැලුව. ස්තුති සර්. ඊ ලගවතාවෙ නම් කොහොම හරි යනව කියල හිතාගෙන ඉන්නෙ.

    කැමතියි

    • ඔව් සමන් උත්සාහ කරමු. කරල් පෙරහර තමන්ගේ දේවාලය බලා පිටත්වන දින උදේ 5.30 ට ඉස්සර යන්න වෙනව චාරිත්‍ර මුල සිටම දකින්න. එතරවාකෝරලේ ඇත්තෙක් මේ ප්‍රතිචාරය කියෙව්වොත් කියාවි “ඊ ළඟ වතාවෙත් ඔය මහත්තුරුන්ට එන්න හම්බවෙන්න පුළුවන් ද කියල අපට හැකයි ඇයි කටවරද්දා ගත්තා“ යි කියාවි. මේ අය බලමු කියනවා මිස සහතික කර යමක් පවසන්නෙ නෑ. සහතික කරල පැවසුවොත් ඒ පවසන්නේ බොරුවක්. මා, ඔබ සහ රොබට් නොක්ස් යන තුන් දෙනාටම විවිධ අවස්ථාවල මේ අය බොරු කියන පිරිසක් විදිහට පෙනෙනවා නේද ? ඒත් මේ අයගෙ පැත්තෙන් බැලුවාම එහෙම සහතික කර කියන්නෙ නොකෙරෙන දේවල් හැටියට සම්මත දේවල් බව මට තේරුනේ බොහෝම කාලයකට පස්සෙ. කිසියම් අවස්ථාවක “ඉන්තේරුවෙන් සහතික කරල කියවුන වෙලාව” නරක වෙලාවක් කියලයි මේ ඇත්තන්ගේ මතය. ඒ හින්ද බලනවාමිසක් එනබවක් හෝ කරන බවක් කියන්නෙ නෑ. අසන්නාගේ බලකිරීමෙන් බේරෙන්න බැරිව ගොස් එය කරන බවක් සහතික කරල කිව්වොත් නම් ඒක කරන්නෙ නෑ.ඒ බලකරපු කොනාට පේන විදිහ. ඒ අය හා සාකච්ඡා කළොත් ඒ අය හේතුව විදිහට දක්වන්නෙ “තමන් ලවා ඒ ඇත්තා කටවරද්දාගත්තා” යනුවෙනුයි. එදා අවුරුද්ද පහුවෙලා කරමු කිව්වට තවමත් ඒ අයට අවුරුදු නිමවෙලා නෑ. වගේ ! ඒ නිසා හටන්පල ගිහින් අප එදා කතා කරගත් දේවල් නිවැරදිවම කරවා ගන්න තවත් මහන්සිවෙන්න වෙනවා වගේ. මේ සමාජයේ පවතින අපූරු මතවාද තෝරගන්න ලේසි පහසු උත්සාහයකින් හෝ කෙටිකාලයක අධ්‍යයනයකින් බෑ සමන්.

      කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )