ඓතිහාසික අලුත්සහල් මංගල්‍යය 2015

තාවකාලිකව ඉවත් කර ඇති බව සලකන්න

6 thoughts on “ඓතිහාසික අලුත්සහල් මංගල්‍යය 2015

  1. මේ ගැන හැකිතාක් කලින් ලියන්නට විශාල උත්සාහයක් ගත්තා. ඒත් නිශ්චිවම දිනය හා කාලරාමුව දැනගන්ට හැකි වුනේ ඊයේ පෙ.ව. 10 ත් පහුවෙලා. දැනගන්නට ගත් උත්සාහයේ දි ලද අත්දැකීම, උඩරට සමාජ සම්ප්‍රදායේ පැවති පෙරසිරිත තුළ දක්නට ලැබෙන තවත් අපූරු ලක්ෂණයක් බව නැවතත් අවබෝධ කරගන්නට සිදුවුනා. දැනට සති දෙකකට උඩදී පැමිණි පේරාදෙනියේ දර්ශනපති උපාධියට සූදානම්ව මහත් පරිශ්‍රමයක් දරන විද්‍යාර්ථි හිතවතකුට මේ අවස්ථාව සහභාගී නිරීක්ෂණයක යෙදෙන්නට ලොකු අවශ්‍යතාවයක් තිබුණා.
    ඔහුට උද්වි පිණිසත් මෙවර අලුත් සහල්මංගල්‍යය දිනයන් ගැන විමසන්නට වුනේ පෙබරවාරි මාසය ලැබීම සමගමයි. “තියනවා“යි පවසනවා මිස “නිශ්චිත දින සහිත කාලරාමුවක්“ ඊයේ වනතුරුම සොයන්න බැරිවුනා. අදාල ආරාධනාපත් සහ ලිපි ලද විගසම මා තැත් කළේ මෙි විස්තරය ඔහුට දන්වන්නයි අන්තර්ජාල ගත කරන්නයි විචාරක තුමණි. අදාල හිතවතාටත් ඒ වනවිට ඇරයුම්පත් ගොස් තිබුණා.
    විමසීම් කළ ඇතැම් විටෙක ලැබුණ පිළිතුරක් වුයේ “අපි නං ලැහැත්තියි අනෙක් අය කොහොමද දන්නෑ” යන්නයි. බස්නායක නිළමේතුමා වුව අවසාන මොහොතවනතුරුම නිවැරදිව කියන්නට නොදනී. නැකත් කරු දන්නවා ඇතැයි සිතා එම රාජකාරි ඇත්තා විමසූ අවස්ථාවක ලද පිළිතුර “තවම විදානෙ කිව්වෙ නෑ. ඒක හින්ද ගණන්බලල නෑ“ යනුවෙනි. අත්තනායක මොහොට්ටාල නිලමේ සහ කපුමහතා දුන් පිළිතුර තමා ඉහළින් ඇත්තේ. රොබට් නොක්ස් ඇතුළු පිරිස රජදැක්මට අවස්ථාව එනතුරු මග බලා සිටි බවත් ඉවසිල්ල නිම වී ආපසු යන්නට හැරෙනවිට රජු පැමිණෙන පෙරහර එන්නට වූ බවත් එම සටහන් අතර දක්නට හැකිය. ඒ උඩරට සම්ප්‍රදායේ සාමාන්‍ය ස්වභාවය දැයි සිතන්නට සිදුවේද ? මෙවැනි සාම්ප්‍රදායික උත්සව අවස්ථාවක් බලය යොදවා ඉටුකරවා ගන්න ට තැත් කළ අවස්ථාවන් දැක ඇත්තෙමි. එවැනි හැම විටම බලධාරීන් අසාර්ථක වූ බව මගේ අත්දැකීම් ය. ඔවහු දොස් කියන්නටත් මගහරින්නටත් ඇදකුද පෙන්වමින් වාද විවාද කරන්නටත් සැරසෙනවා මිස බලය හමුවේ අවනතව කටයුතු කරන බවක් පෙනී ගොස් නැත. බේරෙන්නටම බැරි විටක බලධාරියා රවටා ඔහු මෝඩයා බවට පත්කරනු මිස කටයුත්ත ඉටු නොකරති.

    Liked by 1 person

  2. පින්ග්කිරීම: කෝ වැස්සෙ නෑ නේ | sugv

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.