ආයාචනය Request

පූජනීය  කොත් කඳු මුදුන රැකගනිමු

සේයාසටහන  අන්තර්ජාලයෙන්

සේයාසටහන අන්තර්ජාලයෙන්

සිරිපා නමදින්ට යන අවදිය සිහි කරන්න. ඒ කරා ඇදෙන ජන ගංගාව ඈතින් සිට දකින විට  පුංචි කුහුඹු රැලක්  වංගු ගැසුන මගක ගමන් කරන්නාක් බඳුව දිස්වෙයි. මේ  අසිරිමත් දසුන අනාදිමත් කාලයක සිටම දක්නට ලැබුණකි. සෑම වසරකම දෙසැම්බර් පසලොස්වක පෝය දිනෙන්(උඳුවප් පසලොස්වක) ඇරඹි මැයි මස(වෙසක් පසලොස්වක) දක්වා කාලයේ මේ කඳු මුදුනට ඇදී ආ ලොකු කුඩා අයගෙන් සැදි මිනිස් ගංගාවන්, හැම ආගමකටම අයත් බැතිමතුන්, ඒ වෙත ඇදී ආවේ අපරිමිත බැතියෙනි.  කුතුහලය හා විනෝදය උදෙසා ද පැමිණි සංචාරකයන් පිළිබඳ විස්තර ද සෑම අවදියක ම ලැබේ.

ග්‍රීසියේ ඇලෙක්සැන්ඩර්, ඉබන්බතූතා, වැනි ඈතම, ඈත අතීතයේ පැමිණි අය  දැන් මිය ගොසිනි. පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි ආදී සෑම වර්ගයකින්ම  පැමිණි මිනිසුන් ද  මියැදී ගොසිනි.  මහාවංශය ඇතුළු වංශ කතා කරුවෝ ද, නිශ්ශංකමල්ල රජු මෙන්ම මහවිජයබාහු රජු ද 1930/40  මේ පියස ගවේශනය කළ කිරිඇල්ලේ ඤාණවිමල හිමියන් ද දිවංගතව  ඇත. එකල ගැමියන් හා එක් ව සිරි පා පියස සංරක්ෂණයටට වෙහෙසුන සිඩ්නි එල්ලාවලයන් ද මිය ගොසිනි. ඒ සමග ඇදී ආ සෙනග සේනාවන්ද මියැදී ගොසිනි. දැන් ඇදී එන මිනිසුන් මෙන්ම මේ සටහන තබන sugv ද නියත වශයෙන් ම මිය යනු ඇත.

Thanks google

Thanks google

එහෙත් සමනළ පියස තවම තිබේ. ඉදිරියටත් පවතිනු ඇත. එදා තරම්ම නැතත් ස්වල්පයක් වුවද.  සමනල්ලුන් ද වන්දනාවේ යති.  ඉදිරියටත් යනු ඇත. එහෙයින් මේ අප්‍රමාණ දායාදය අනාගතයටත් රැකී තිබිය යුතුය.

අන්තර් ජාලයෙනි

අන්තර් ජාලයෙනි

“සබරගමුවේ සිටි උප ඒජන්තවරයකු 1886 මාර්තු 17 දින රත්නපුරයෙන් පිටත්ව ගිලීමලය ඔස්සේ සිරිපා ගමන යමින් තැබූ සටහන් පෙළ ඉතාම රසවත් වූවකි. මාර්තු 18 ගිලීමලෙන් පෙ.ව. 5.45 ට පිටත්ව 7.45 ට පලාබත්ගලට යමින් හමු වූ පන්සල් ගැන පවසන ඔහු උදේ 9.30 ට ලිහිනි හෙලට ළඟා වූ අයුරුත් විස්තර කරයි. මෙහි දී නගින බහින බොහෝ සැදැහවතුන් හමු වූ විස්තර පවසමින් බෑනසමනළ දිස්වෙද්දී අම්බලමක නවා තැන් ගනී. වන්දනාකරුවන් නගන හඬ නිසා නින්ද අහිමිව සිටි හෙතෙම හැරමිටි පානෙන් රාත්‍රී 11.00 ට පිටත්වෙයි. ආඬියාමල තැන්නට රාත්‍රී 11.55 ට ළඟාවෙමින් මාර්ගයේ පවතින බියකරු බව හා දුෂ්කරතාව ගැන සටහන් තබයි. රාත්‍රී 12.00 ට ආඬියාමල තැන්නෙන් පිටත්ව දරුනු නැග්මක් පසුකරමින් ප.ව. 1.00 ට මුදුනට ළඟාවී ඇත. හිරු උදාව පිළිබඳ  චමත්කාර දසුනෙන් වශී වෙයි”.(බ්‍රෝහියර් දුටු ලංකාවෙන් ගත් උපුටනයකි.)¹

තවත් අනාදිමත් කාලයක් යනතුරු මෙවැනි මිනිස් ගංගාවන් අපරිමිත බැති සිතින්  වැඳ පුදා ගැනීමට පැමිණෙනු ඇත.උඳුවප් පෝය උදාවීම සමග “සිරී පාදෙට සමන් දෙයියො වැඩමවන පෙරහර” ට පැල්මඩුල්ලේ සිට මග දෙපස සරසා බැනර් දමා වන්දනා කිරීමට සැරසී සිටිනු ඇත. එ දින මහමග දෙපස මහසෙනග පේලි සැදී යානවාහන වලට අවහිර ද කරමින්  දෙවියන් වඩම්මන පෙරහර ඇත්තන්ට දන්සැල් දෙමින් පුද පූජා තැබීමට පුලපුලා බලාසිටිනු ඇත. වාහනවල යන ඇත්තන්ද නෙත් දල්වා මේ මහ සෙනග දෙස සතුටින් බලා සිටිනු මිස  අසතුටු නොවෙති.

ඉන් පසුව එළඹෙන දිනයන්හි භාරහාර වී, භාර ඔප්පු කරනු වස් දෙනෝ දහසක් වන්දනාවේ එන්නට පටන් ගනිති. අහිංසක වන්දනා කරුවන් හැමකෙක්ම පාහේ  ලීහිනි හෙල ප්‍රපාතය අසළින් පහළ බලා “ලිහිනි අක්කේ…..” යි හඬ නගනු ඇත. ස්වල්ප වෙලාවකින් “ලීනි අක්කේ… කියක්කේ….අක්කේ….ක්කේ…” ලෙසින් ඒ දෝංකාර හඬ ද ප්‍රබලව නැගී ක්‍රමයෙන් අඩුවෙමින් ඇසෙනු ඇත. මේ හඬ පිළිබඳව ගෙතුනු ප්‍රබන්ධ කතාව පැරණි දැනමුත්තන්  දරුවන්ට කියා දෙනු ඇත.

සේයා සටහන අන්තර්ජාලයෙනි

සේයා සටහන අන්තර්ජාලයෙනි

මේ සියල්ල සඳහා සිරි පා පියස නොකිලිටි ව රැකිය යුතු ය.

ආයාචනය

එය මේ පුංචි දිවයින මධ්‍ය කඳුකරයේ පිහිටි පුංචි කොත්කඳු මුදුනක් වුවද ඓතිහාසික අගය අති විශාලය ! හැම ආගමිකයන්ටම එහි පවතින පූනීයත්වය අතිමහත්ය !! සංචාරකයන්ට එහි පවතින සුන්දරත්වය අප්‍රමාණය. !!! විවිධ විද්වතුන්ට එහි වටිනාකම අමිලය.!!!! ජෛව විවිධත්වයෙන් අනූන වන ජීවීන්ට රජ දහක්ය !!!!

සමනළ කඳු පියසේ ජෛව විවිධත්වය දකිනු, හදාරනු පිණිස පැමිණෙන දෙස් විදෙස් විදුවතුනට, පුරාතතු ගවේශනයේ යෙදෙන විද්‍යාර්ථීන්ට ද කුතුහලයෙන් පිරීගිය දහසක් දෙනාටද පැමිණිමට මේ කොත් කඳුමුදුන ද ඒ කමනීය වන පියසද සිරිපදලස සිසිලස ද රැකිය යුතුය.

වර්තමානයේ සිදුවන  සංවර්ධන කටයුතු පිළිබඳ ජනමාධ්‍ය මගින් පළවන වාර්තාවන් හා විවිධ විචාරයන් මගින් දන්නා දේ හැරෙන්නට වෙන කිසිත්  sugv නොදනී. 1976 ගියාට පසුව  නැවත යාමට අවකාශයක් නොලැබිණි.

සංචාරකයන්ගේ අනවබෝධය වටහා දීමෙන් හෝ පොලීසය යෙදවීමෙන් පාලනය කළ හැකිය. එහෙත් වැටත් නියරත් ගොයම්කානම් ! සියල්ල තමන් දන්නා බව සිතන්නේ නම් එවැනි බලධාරීන්ට වටහා දිය නොහැකිය. පොලීසියට කරන්නට දෙයක් ද ඇත්තේම නැත.

ජනමාධ්‍ය හරහා පෙනෙන ඇසෙන ඇතැම් දැයකින් sugv ද සසල වෙයි.  ඒවා අසත්‍ය ප්‍රචාර විය හැකිය. නැතහොත් අර්ධ සත්‍යයන් විය හැකිය. එය කෙසේ වුවද එහි සංවර්ධන කාර්යයන්ට පෙරාතුව පරිසර සංරක්ෂණය, පුරාවස්තු සංරක්ෂණය ගැන දැඩිව  අවධානය යොමු විය යුතුය.  එහි චිර පැවැත්ම සහතික කළයුතුය.  බලය තිබූ පමණින් හිතුවක්කාර නොවී ඒ වෙනුවෙන් දැඩිව සංවේදීවීම වීම අවශ්‍ය ය.

sripada4

Thanks google

වැඩිදුර විමසුමට

…………………………………………………………

1.අභය හේවාවසම්-බ්‍රොහියර් දුටු ලංකාව- සූරිය ප්‍රකාශනය 2002

 

Advertisements

6 thoughts on “ආයාචනය Request

  1. සංරක්‍ෂණය කරනවා කියන්නේ ඔතන ගොඩනැගිලි වලින් පුරවන එක නෙවෙයි. මට විශාල බයක් තියනවා නිර්මල වනය කපා, ඔතනට වාහන හැකිතරම් ආසන්නයට ගෙනයන පාරක් හදයිද කියලා. දැනටමත් ශ්‍රීපාදස්ථානයෙහි තිබෙන ගොඩනැගිලි ප්‍රමාණය හොඳටම ඇති. ශ්‍රීපාදස්ථානය කියන්නේ සැප විඳලා එන්න යන තැනක් නෙවෙයිනේ. පිදුරුතලාගල කඳු වැටියේ මුදුන් කොටසේ තිබෙන රූපවාහිණී/ගුවන්විදුලි/පණිවිඩ හුවමාරු/ සංඥා කුළුණුවල ආරක්ෂාවට ඉන්න ය සහ එහි සේවය කරන අය වෙනුවෙන් ගොඩනැගිලි හැදුවට කමක් නැහැ. වටිනාකම මෙතෙකැයි කියන්න බැරි නිර්මල වනය කපා මහා කොන්ක්‍රීට් පාරක් හැදුවා පිදුරුතලාගලට දැනට දශක දෙකකට උඩදී. මට බලයක් තියනවානම් අද ඒ පාර වහලා නැවත වනය රෝපණය කරලා, ඒ කාලේ ජපන්නු ඒ කනුදු මුඳුනට යන්න හදලා තිබුණු ආකාරයේ ගුවන් කම්බි වාහන ක්‍රමයක් හදනවා.

    ශ්‍රිපදස්ථානයේ ඉතිහාසය ගැන පොත්වල තිබෙන කරුණුවලින් පමණක් සෑහෙන්නේ නැතිව ඉතා ඉහල මට්ටමේ පුරාවිද්‍යාත්මක ගවේෂණයක් කලයුතුයි. නමුත් අපේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඉන්නේ මර ඇඳට වැටිලා. සල්ලි නෑ, මිනිස්සු නෑ, වාහන නෑ, පහසුකම් නෑ, හරිහමන් ඇමති කෙනෙක් නෑ, අනේ මන්දා ගුණසිංහ මහත්තයෝ.

    Liked by 1 person

    • සියයට සියයක්ම එකඟයි විචාරක තුමණි. මිනිසුන් ඇස් හරින්නේ නම් පුරාවස්තු පුරාවස්තු ලෙස රැකගැනීම ස්වාභාවික පරිසරයට ඇතිවනන හානිය අවම තත්වයට ගෙන ඒමට තැත් කරාවි. පුරාවස්තුවලට පසුගිය අවදිය නරකදසාවක්ව තිබූ බව මාධ්‍ය හරහා පළවුනා. අලුත් වාතාවරණය යටතේ හෝ ඇස් හැරී සුදුසු දේ කරාවිදැය බලාසිටීම හැර කුමක් කරන්න ද විචාරකතුමණි

      කැමතියි

    • ස්තුතියි කුරුටු ගෑ ගී පවුරේ සහෘද කැලට මෙවැනි සම්පත් නැති වුනොත් නැති වුනාමයි. ඔබට මතක නැතිව ඇති සමහර විට අලුත්නුවර පරිශ්‍ර යේ පැවති ඔසු උයන ගැන එය 1970 දශකයේත් තිබුණා. මෑණිවරුන් රංචු පිටින් පැමිණ පළාවර්ග නෙලාගත් එය හැඳින්වුනේ තෝරගොල්ල යනුවෙන්. පෙරහර පසු වී එන වැස්සෙන් අනතුරුව මාස දෙකක් පමණ යද්දී ඈත පළාත්වල සිංහල වෙදමහත්වරුන් කීප දෙනකුම වගේ පැමිණ විවිධ ඔසු වර්ග සොයා පැමිණ නෙලාගත් බව මතකයේ තිබෙනවා. වැඩිහිටියන් විමසා බලන්න. අද දුර්ලභව ඇති සියලුම බෙහෙත් පැළෑටි සහ පලාවර්ග එහි තිබුණා. අද ඇත්තේ එහි මතකයන් පමණයි. කුරුටු ගෑ ගීපවුරේ සංවේදී බව අනෙක් හැමටත් බෝවේවා !

      කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )