මේ සිරීපාදෙ කාලෙ

සිරිපා වඳින්න කරුණාකරන හැටි

මේ දවස්වල රටේ පවතින සමාජ දේශපාලන වාතාවරණය අමතක කර දැමූ ඇතැමෙක්  පැරැ්නන් සිරීපාදෙ ගිය අන්දම වගේම මෑත කාලීන විස්තර විමසනවා. ඒ අයට පහත දැක්වෙන දෑ  ප්‍රයෝජනවත්  විය හැකියි. පැරැන්නන් සිය උරුමය රැක ගැනීමට දැක්වූ උනන්දුව හා කැපවීම වර්තමානිකයන්ට වැදගත් පාඩම් කියා දෙන බව ඒ ලිපි නැවත විමසූ sugv ටත්  පෙනෙන්ට උනා. එම ලිපිවල අක්ෂර දෝෂ  භාෂා ව්‍යවහාරයේ අවියත් බව නැවත කියවන විට පෙනී ගියත් තේරුම් ගැනීමට එතරම් බාධාවක් නැති නිසාත් ඉක්මණින් උඩුගැන්විය යුතුව පැවති නිසාත්   සංස්කරණය නොකරන ලද බව සලකන්න.

උඳුවප් පුර පසලොස්වක පෝය දිනයෙන් ඇරඹුන මේ සමය ගමේ බැතිමතුන් හඳුන්වන්නෙ සිරීපාද කාලෙ ලෙසයි. බුද්ධං සරණේ සිරස දරාගෙන ලිපිය 1930 සිට 1960 පමණ කාලයේ පැවති සිරිපානැමදීමට යාමේ සිරිත් විරිත් සමුදාය පවසනවා.   ඒ අවදියේ අප්‍රේල් මාසය  හැඳින්වූයේ කොළඹ ඇත්තන් සිරිපාදෙයන කාලය ලෙසයි. “කොළඹ ඇත්තන් යන කාලෙට යක්කු ගියා වගේ ” යනුවෙන් කරන ප්‍රකාශයේ සැඟව ඇත්තේ විරෝධයකි.

1933 සිට 1965 දක්වා බස්නායක නිළමේව සිටිමින් සම්ප්‍රදාය පුනරුත්ථාපනයට වෙහෙසගත් බස්නායක නිළමේ තුමා වන සිඩ්නි එල්ලාවල දිසාවතුමා

1933 සිට 1965 දක්වා උග්ගල් අලුත්නුවර බස්නායක නිළමේව සිටිමින් සිරිපා පියසද ගැමියන්ගේ සහායයෙන් සංරක්ණයට වෙහෙසගත් බව පැවසෙන සිඩ්නි එල්ලාවල දිසාව තුමා ගේ සොයාගත හැකි වූ එකම සේයා රුව

1930 පමණ වන විටත් සිරිපා පියස අයිතිය සම්බන්ධ පැවති බව කියන ආරවුල හරිහැටි විසඳී තිබී නැහැ. ඒ නිසා සිරිපා

එම්.ජී.ප්‍රේමදාස මැතිනිය

සපරගමුවේ පැරණි ලියවිලි කෘතිය ප්‍රදර්ශනය කරමින් නෑදැ කමින් සිය මුත්තණුවන් වූ අතිපූජ්‍ය කිරිඇල්ලේ ඤාණවිමල හිමිපාණන්වහන්සේගේ විස්තර පවසන එම්.ජී.ප්‍රේමදාස මැතිනිය

කරුණාකරන්නට යන අය ජීවිතය පරදුවට තබා ගිය ගමන adventure trip එකක්ව තිබී ඇත. “ඒ කාලෙ අපේ මුතුන් මිත්තො සිරීපාදෙ ගියෙ තමන් සන්තකයේ තිබුණ ගම්බිම් දරුමල්ලන්ට ලියා දීල.  ආපහු එන එකේ විස්වාසයක් තිබුණෙ නෑ” යනුවෙන් පැවසීමෙන්ම පැහැදිලි වෙනවා.  බියජනක ගමණක් වුවත් වසට ගිය ඇත්තන්ද සිරිපා කරුණාකරන්නට යාම මේ ජීවිතයට නැති නම් එතනින් මතු ජීවිතයට හෝ වැදගත් වන බව කල්පනා කරන්නට ඇති.

මේ අවදියේ එහි ගිහි භාරකාරත්වය සිඩ්නි එල්ලාවලයන්ට පැවරී තිබෙනවා. උග්ගල් අලුත්නුවර දේවාල ගම්මානයට නායකත්වය දෙමින් එහි සදාදරනීය නායකයා බවට පත්ව සිටි සිඩ්නි එල්ලාවලයන් පරිසරය රැක ගනිමින් ගමන්මග හා මළුව අලුත්වැඩියා කළ අන්දම උග්ගල් අලුත්නුවර ඇත්තන් පවසන විස්තර වලින් වගේම සපරගමුවේ පැරණි ලියවිලි කෘතියේ ඇති විස්තරවලින් තහවුරුවෙනවා.පහත ඇති ලිපි මගින්ද මේ සම්බන්ධ විස්තර රාශියක් කියවිය හැකියි.

ඒ අවදියේ සිරීපාදේ වැඩට ගිය පැරැන්නන් උග්ගල් අලුත්නුවර  තවමත් ජීවත්ව සිටිති. මෑත දී හමුවුන තවත් පැරැන්නෙක් සිය පියාණන් ඇතුළු ගමේ ඇත්තන් සිරීපාද මග අලුත්වැඩියා කළ අන්දම ගැන පවසන්නේ ඒ සම්බන්ධ පැතිරෙන මුසාවාද ගැන කිසියම් සිත් වේදනාවකින්ද යුතුවයි. මේ කෙටි වීඩියෝ සටහන ඊට කදිම ඉඟියකි.

 

 

Advertisements

6 thoughts on “මේ සිරීපාදෙ කාලෙ

  1. සිඩ්නි එල්ලාවල මැතිතුමා ගැන අපේ තාත්තා කියනවා මට මතකයි. තාත්තා එතුමාගේ මිතුරෙක්. මිතුරුකම ඇතිවී තිබෙන්නේ තාත්තා රත්නපුර පැත්තේ පාසලක වැඩ කල කාලයෙදීලු.

    අනේ ගුණසිංහ මහත්තයෝ, පුලුවන්නම් අර සබරගමුවේ පැරණි ලියවිලි පොතේ ස්කෑන් පිටු කීපයක් එක්ක ලිපියක් ලියන්නකො. හරිම ආසයි ඒ පොතේ තියන දේවල් දැනගන්න. ලිපි කීපයක් වුනත් කමක් නැහැ.

    මම පළමු වතාවට ශ්‍රී පාද වන්දනාවේ ගියේ 1968 දී. ‘කිරි කෝඩු’ වතාවත් සියල්ල මා ලවා කෙරෙව්වා අදටත් මතකයි. අද ඉන්න කිරිකෝඩු ලා සමහරක් නම් යන්නේ ‘දෙකක් දාගෙන’ නේ.

    කැමතියි

    • සිරීපාදෙ පරන විදිහටම යන්න ආසාකරන පිරිසක් එහි වත්පිළිවෙත් ගැන අහනවා ඒ නිසා පැරණි ලිපිවලට නැවත අවධානය යොමු කෙරව්වා විචාරක තුමණි. මා සිතා සිටියේ බ්‍රෝහියර් ගේ ලිපි ලියන්නයි එහෙත් ඔබතුමාගේ යෝජනාව අනුව සපරගමුවේ පැරණි ලියවිලි කෘතියේ ස්කෑන් පිටු සමග මී ළඟ ලිපි කීපය ලියන්නට සිතාගත්තා.

      කැමතියි

    • සිඩ්නි එල්ලාවලයන් ගැන පැරැන්නන් පවසන විස්තර අනුව වර්තමාන නායක කාරකාදීන්ට වඩා ගවු ගණනක් ඉදිරියෙන් එතුමා සිටි බව පෙනෙනවා. ශ්‍රී පාද භාරකාරත්ව වගකීම් දැරූ අවදියේ ස්විට්සර්ලන්ත කණ්ඩායමක් පැමිණ කළුපහණ ප්‍රදේශයේ සිට විවිධ කඳු පන්ති අතරින් සමනළ මුදුන දක්වා කේබල් කාර් සේවයක් යොදන්නට යෝජනා කර ඊට උදව් කරන බව ද පවසා තිබෙනවා. ඊට එතුමාගේ ප්‍රතිචාරය වී ඇත්තේ ඊ ළඟ යෝජනාව හෝටලයක් හා ලැගුම් හලක් ඉදිකිරීම විය හැකි බවත් එ් ආකාරයට සංවර්ධනය කරන්නට ගියොත් ශ්‍රී පාදස්ථානයේ පෞරාණික වටිනාකම කෙලෙසී සමනළ කඳු ආශ්‍රිත ස්වාභාවික පරිසරය සමගම බැඳුන මානව උරුමය ලංකාවට පමණක් නොව මනුෂ්‍ය සංහතියටම අහිමි වී යාම බව පවසමින් “ඔය තියන අමාරුකම් ඔහොමම තිබුණා දෙන්“ යනුවෙන් විරුද්ධත්වය ප්‍රකාශ කිරීම බව මෝහාන් සාලිය එල්ලාවලයන් (හිටපු සබරගමු පළාත් ප්‍රධාන අමාත්‍ය හා සබරගමු පළාත් ආණ්ඩුකාරතුමා) sugv සමග සාකච්ඡාවකදී පැවසූ අයුරු මතකයේ තිබෙනවා. එතුමාගේ අදහස සෝල්බරිසාමි පවා අගය කළ හෙයින් කේබල්කාර් යෝජනාව නැවතී ගිය බව ද මෝහාන් එල්ලාවලයන් පවසන ලද්දකි. උග්ගල් අලුත්නුවර පැරැන්නන් අනුව එතුමා “ස්පර්ශ උරුමයන්” සේම “අස්පර්ශ උරුමයන්” ද සංරක්ෂණය කිරීමට මහත් උනන්දුවෙන් කැපවීමෙන් කටයුතු කළ බව පෙනී යනවා. තමා සතු පෞද්ගලික ධනය මෙවැනි දෑ වෙනුවෙන්ම වියදම් කර දැමූ බවට සාක්ෂි රාශියක්ම තිබෙනවා.

      කැමතියි

  2. පින්ග්කිරීම: “කන්ද කෙරෙහි ඇති ආකර්ශනය” | sugv

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )