මහ පෙරහර මහ දහවලේ උග්ගල් අලුත්නුවර

මහ පෙරහර  දහවලේ දුටු පරිසරය 2

මීට පළමු සටහන සමගම උඩුගැන්විය යුතු සටහන පමා වුනාට  සියලු දෙනාගේම සමාව ලැබේ යයි සිතනවා. කොහොමවත්  වලක්වා ගත නොහැකි හේතුවක් නිසා සේරම බ්ලොග් ලිපි යමින් එමින් සිටියදී ඇහැ ගැටුනා විතරයි. මේ තියෙන්නෙ ඉතිරි කොටස  2014 .10. 08 මහ දහවලේ ගත් සේයා සහ විස්තර

මේ මොකද ඇස් පියාගෙන, කන් සොලවන්නෙත් නෑ ? නින්ද ගිහින්. ඇත්පාලකවරයා කියා දුන්නේ එහෙමයි.   “අලි රාලහාමිට නින්ද ගිහින්“ කුමරණතුංග ශූරීන් ලිව්වනම් එහෙම ලියාවි.

මේ මොකද ඇස් පියාගෙන, කන් සොලවන්නෙත් නෑ ? නින්ද ගිහින්. ඇත්පාලකවරයා කියා දුන්නේ එහෙමයි. “අලි රාලහාමිට නින්ද ගිහින්“ කුමරණතුංග ශූරීන් ලිව්වනම් එහෙම ලියාවි.

“අලියන්ට ළමයින්ට නලියන්ටමයි හිත“ කාට නින්ද ගියත් මට නින්ද යන්නෙ නෑ. මෙයා තමයි පෙරහරෙ යනගමන් ආපහු හැරිල sugv ඇඟටම ආව කෙනා ?

“අලියන්ට ළමයින්ට නලියන්ටමයි හිත“ කාට නින්ද ගියත් මට නින්ද යන්නෙ නෑ. මෙයා තමයි පෙරහරෙ යනගමන් ආපහු හැරිල sugv ඇඟටම ආව කෙනා ?

දේවාලය ඉදිරිපසින් තිබූ  පිවිසුම් මාවත “පුරාණ රජමාවත“ යයි පැවසෙන පාරේ දොලපාරට ඉහළින් ලී පාලමක් තිබිණි. දැනට ඒ පාලම ඇත්තේ අඩි 18 ක් පමණ වෙල්යාය යටින්. පතල්කැනීමකදී හමුවූ මෙවැනි පාලම් ගේඩර හයකින් දෙකක් ගොඩට ගත්තේ 1980 දි තරම. එකක් පහළ තිබී දිරා ගියා අනෙක දිරායාම වැලැක්වීම පිණිස යකඩ වළලු යොදවා දේවාලයේ බටහිර දෙසින් ඇති පීල මතට ගෙන එන්නට පියවර ගැනුනේ සුනිල් වීරසේකර බස්නායක නිලමේතුමාගේ අවදියේ බව පැවසෙනවා. මේ දැව කඳ අඩි 40 ක් තරම් දිගයි. මේ ගස කෙසේ තිබෙන්න ඇද්ද ?

දේවාලය ඉදිරිපසින් තිබූ පිවිසුම් මාවත “පුරාණ රජමාවත“ යයි පැවසෙන පාරේ දොලපාරට ඉහළින් ලී පාලමක් තිබිණි. දැනට ඒ පාලම ඇත්තේ අඩි 18 ක් පමණ වෙල්යාය යටින්. පතල්කැනීමකදී හමුවූ මෙවැනි පාලම් ගේඩර හයකින් දෙකක් ගොඩට ගත්තේ 1980 දි තරම. එකක් පහළ තිබී දිරා ගියා අනෙක දිරායාම වැලැක්වීම පිණිස යකඩ වළලු යොදවා දේවාලයේ බටහිර දෙසින් ඇති පීල මතට ගෙන එන්නට පියවර ගැනුනේ සුනිල් වීරසේකර බස්නායක නිලමේතුමාගේ අවදියේ බව පැවසෙනවා. මේ දැව කඳ අඩි 40 ක් තරම් දිගයි. මේ ගස කෙසේ තිබෙන්න ඇද්ද ?

කඩවර කෝවිල

මේ තියෙන්නෙ කඩවර කෝවිල. දේවාලයේ ඉදිරි පසින් ගිණිකොණ දෙසින් ඇති කොහොඹ ගහ කඩවර සූනියන් වැනි අය වාසය කරන තැනක් බව විශ්වාස කෙරෙනවා. ඇයි මෙතන පාළුට ගිහින් ? “අද පෝය ! ඒ මදිවාට බ්‍රහස්පතින්දා දිනයක් !! හෙට තමයි ඔතෙන්ට මිනිස්සු එන්නෙ“ ඒ ඇයි ? “ඔතෙන්ට නේ අවලාද පූජා තියන්නෙ,කියන්නෙ. අද කාටවත් නපුරක් හිතන්න හොඳ නෑ. පව්.“ මේ ජනප්‍රිය ගැමි බුද්ධාගමේ තවත් විදිහක්ද?

“දිග්ගෙයි දොරකඩ මල්වැඩ දාලා සියලු සතුන්ගේ රුව ඇඳලා.............“ මේ පුරාන කවියා දුට් දිග්ගෙයි දොරටුව. වෙලාව  දහවල්11.00 පහුවෙලා මෙතනින් ඇතුළුන බැතිමතුන් සමග ඔවුනට නොදැනී කැමරාවත් ගියා.

“දිග්ගෙයි දොරකඩ මල්වැඩ දාලා සියලු සතුන්ගේ රුව ඇඳලා………….“ මේ පුරාන කවියා දුට් දිග්ගෙයි දොරටුව. වෙලාව දහවල්11.00 පහුවෙලා මෙතනින් ඇතුළුන බැතිමතුන් සමග ඔවුනට නොදැනී කැමරාවත් ගියා.

බැතිමතුන් කවුරුවත් පඬුල්ලන බවක් පෙනේනෙ නෑ. ඇයි ඒ ? “දැන් මුරුතැන් බෑව නේ. මේ ඉන්නේ පාවඩේ මුරුතැන් බත් ගන්න“

බැතිමතුන් කවුරුවත් පඬුල්ලන බවක් පෙනේනෙ නෑ. ඇයි ඒ ? “දැන් මුරුතැන් බෑව නේ. මේ ඉන්නේ පාවඩේ මුරුතැන් බත් ගන්න“

මුරුතැන්බත් මුළුතැන්ගෙයිනුත් ලැබෙනවා.

මුරුතැන්බත් මුළුතැන්ගෙයිනුත් ලැබෙනවා.

මුරුතැන්බත් ගන්න මහ සෙනගක් මුළුතැන්ගේ ළඟ

මුරුතැන්බත් ගන්න මහ සෙනගක් මුළුතැන්ගේ ළඟ රැස්වෙලා.! පිරිසිදුව පේවෙලා එන කාටවුනත් රසයි !! ගුණයි !!! අසනීප වි සිටි අයටත් දරුවන්ට වුනත් බෙහොම ආශීර්වාදයක්.යි මේ ඇත්තන් කාගේත් විශ්වාසය.

මහ පෙරහර දවසක් නේ. ඒ හින්ද අද තියෙන්නෙ පැනිමුරුතැන්බත් ! හේවිසි වාදන ශිල්පී ටියුඩර් මහතා “අසනීප කාරයකුට“ මුරුතැන් බත් ගෙන දෙමින් උදව්වෙයි.

අද මහ පෙරහර දවසක් නේ. ඒ හින්ද අද තියෙන්නෙ පැනිමුරුතැන්බත් ! හේවිසි වාදන ශිල්පී ටියුඩර් මහතා “අසනීප කාරයකුට“ මුරුතැන් බත් ගෙන දෙමින් උදව්වෙයි.

14 thoughts on “මහ පෙරහර මහ දහවලේ උග්ගල් අලුත්නුවර

    • වීදිය ආසන්නයේ සිටින ගෙවල් වල ඇත්තන්ට රෑට දොර වැසූ විට පෙරහරේ දවුල් සද්ද හැබෑවටම ඇහෙන බවක් පැවසෙනවා. .නින්දත් නොනින්දත් අතරදි අපටත් පෙරහරේ හඬ දෝංකාර දෙන බවක් දැනෙන්නෙ මේ පාළුව නිසා වෙන්න ඇති.

      කැමතියි

      • ඒක වෙන්න ඇති අලුත්නුවර උදවිය පාලුවක් දැනුනම ‘පෙරහැර දියකැපුවා වාගේ‘ කියලා කියන්නේ…..

        පෙරහැර කියන්නේ රෑට බලන ටික විතරක් නෙමෙයිනේ… දවල් වරුවෙම වීදියේ ඇවිද ඇවිද අලි බලන්නයි. දේවාලයට යන්නයි. හවසට විහාරයට යන්නයි. හය හය හමාර වෙන කොට ලයිට් දාලා හැඩ වුණ වීදිය බලන්නයි. කඩවල් ගානේ ඇවිද ඇවිද සුන්දරත්වය විදින්නයි තියෙන්න ඕනේ. ඒත් පෙරහැර දිය කැපුවා ම ඒ සියල්ල එක දවසින් නැති වෙලා යනවා… ආයේ අවුරුද්දක් බලාන ඉන්න වෙනවා ඒ සුන්දර කාලය දකින්න…

        Liked by 1 person

    • ඔය පස්බැමි ගොඩ ගැසී ඇත්තේ පුරාණ මැදගම දේවාල සීමා පවුර වසාගනිමින් පස් ගොඩට යටින් ඒ පුරාණ සීමා පවුරෙ පදනම් තවමත් තිබෙනවා. පස්බැමි නිසා ඒවාට රැකවරණයක් ලැබී තිබෙනවා. පස් ගොඩ කර ඇත්තේ එැවනි පරමාර්ථයකින් නූනත් ඉබේම සිදුවී ඇත්තේ වටිනා මෙහෙවරක් . “ගලුත් කඩා කටු කණුමුල් උදුරා සීමා පවුරකි මැද මාලේ……….යයි පුරාණ කවියක කියවෙනවා. 1978 දීත් මේ සීමා පවුරේ ගල් බැමි පැහැදිලිව දකින්නට තිබූණා. ඒ නැගෙනහිර සීමා පවුර. එහි පදනම බව සැක නැතිව හඳුනාගත හැකිවූ ගල්වැටි වැසී ගියේ ඔය පස්ගොඩෙන්. පස්ගොඩ කර ඇත්තේ කඩබිම් සඳහා ඉඩ ගැනීමට විය හැකියි චන්දන

      කැමතියි

    • ඇත්තටම ඔව් අරූගෙ අඩවිය . ඔබ වැනි හිතවතුන් පැමිනේවත් දැයි ඒ දිනවල ආසාවෙන් බලාගෙන හිටියෙත් ඔය කුරුටු ගෑ ගී පවුරෙ විද්වත් තරුණ පිරිස පවසන්නා වගේ පෙරහර සුන්දරත්වයේ මිහිරියාව විඳින්න. ඒ අය කියනවා වගේ පෙරහර යන අවස්ථාව පමණක් නෙවෙයි දවාලෙත් මිනිස්සු ඉන්නෙ පෙරහර නිසා ඇති වුන අමුතු හැඟිමකින් අවේස වෙලා වගේ. ඒ දකින එකත් අපට විශාල සතුටක් ගෙන දෙනවා. මේ පාරත් මිනිස්සු තමන්ගේ වත්තේ ඇති කිතුල් ගහක් හෝ අලින්ට පරිත්‍යාග කරන්න බලා ගෙන සිටි බව පෙනුනා. දවාලට ගම පුරාම අලිත් සමග ඇත්ගොව්වන් ඇවිදිනතුරු දරුවන් බොහොම ආසාවෙන් බලාගෙන හිටි බව ඔවුන් අතර ඇතිවන කතාබහ තුළින් පෙනී ගියා. තවත් බොහෝ කතාබහ සාකච්ඡා විග්‍රහයන් තැනෙන් තැන ඇතිවුනේ පෙරහර කේන්ද්‍රකරගනිමින්.මෙවැනි තත්ත්වයක් යටතේ මේ ගමේම උපන් ගැමියකු වන මට කුමක් වන්න ඇද්දැයි අනුමාන නකළ හැකියි නේද ?

      කැමතියි

  1. ප්‍රිය ඇඩ්මින් වෙ
    ඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින්ඩියට එක්කර ගන්න. (Blog Syndicator)
    Blogger සහ WordPress බ්ලොග් අඩවි සදහා එම අඩවියේ URL එක සහ බ්ලොග් එකෙහි නම ලබාදුන් සැනින් ස්වයංක්‍රියව සින්ඩිය හා ඇමුණුම සිදුවේ.
    බ්ලොග් නොවන නමුත් Feeds සක්‍රිය වෙබ් අඩවි වුවද සින්ඩිය හා ඇමිණිය හැකිය.
    විකසිත සින්ඩිය :- http://syndi.wikasitha.com/

    මිට හිතාදර
    ඇඩ්මින් – විකසිත සින්ඩිය. (info@vweb.lk)

    කැමතියි

  2. හොඳ පිතූර ටිකක්. හොඳ විස්තරයක්. පෙරහැර බලන්න නොලැබුනාට දුකයි. රූපවාහිණී සජීව විකාශයක් කරන්න හොයලා බලන්න කියන්න බස්නායක නිලමේතුමාට. මුරුතැන් බත් දැක්කම ආසා හිතුනා කාලා බලන්න.

    කැමතියි

    • ඔබතුමාටත් පැමිණීමට විවේකයක් තිබුණා නම් මුරුතැන් බත්වල රස ගුණ බලන්න තිබුණා. මේ මුරුතැන්බත් තවමත් පිසින්නේ පුරාණ පරම්පරාවලින් පැවත එන ඇත්තන්මයි. මෑතදී බිහි වූ දේවාලයන්ට වඩා දක්නට හැකි විශේෂත්වය හා සිත්ගන්නා සුළුබව ඇත්තේ මෙහිදී මෙන්ම අනෙක් සම්ප්‍රදායික රාජකාරිවලදීත් ඒවාට අදාල ශිල්පීය රහස් දන්නේ අදාල පවුලේ රාජකාරිය කරන්නට නියමව සිටින තැනැත්තා පමණක්ම වීමයි.
      කණාගාටුවට කරුණක්ව ඇත්තේ අදාල පරම්පරාවේ පැවැත්ම, රාජකාරිය පැවරිය හැකි පිරිමියකු/කාන්තාවක සිටීද යන්න මත රඳා පැවතීමයි. එසේ නොවන විටක එය මළපාළු පංගුවක් බවට පත්ව අහෝසි වි යයි. එයින් ශිල්පීය සම්ප්‍රදාය පවා අහෝසිවී යයි. එසේ අනතුරුදායක ඉරනමකට මුහුණ දී ඇති රාජකාරි සම්ප්‍රදායයන් කීපයක්ම ඇති බව මෑත විමසීම් වලදී ද පෙනි ගොස් තිබෙනවා. හොරණෑ නාදමාලාව පසුගිය වසරේ සිට අහෝසි ව ගියා. හේවිසි වාදන සම්ප්‍රදායයන් ද තව වසර දෙක තුනකින් නැතිව යන ලකුණු පෙනෙමින් තිබෙනවා.විචාරකතුමණි. රූපවාහිනී සජීව විකාශයක දී පෞරාණික රාජකාරි සම්ප්‍රදාය යටපත් නොවී ඒවා දිරිගැන්වෙන අනදමින් සංවිධානය කිරීම පිළිබඳ අවධානය දී කළ හැකි නම් එය ඉතාම වැදගත් මෙහෙවරක් වෙිවි.

      කැමතියි

      • හොරණෑ නාදමාලා, භේරි වාදන, ඉගැන්වීම සෞන්දර්ය විශ්ව විද්‍යාලයට කරන්න බැරිද? කාලයට අනුගත නොවුනොත්, සියල්ල වැනසෙනවා. පෙරහැර කාලයට ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වන පිරිසක් හෝ වැටුපට වැඩ කරන පිරිසක් හෝ හොයාගන්න වෙනවා. සියල්ල දිගටම පවත්වාගෙන යාමයි වැදගත්. මේ ගැන මීට වඩා පුළුල්ව සහ අර්ථාන්විතව සාකච්ඡා කලයුතුයි. මේ පරම්පරාවෙන් පසු දේවාලයත් වැනසී යනවා බලන්නද කැමති කියලා පපුවට තට්ටු කරලා අහන්න ඕනෙ. මටනම් තරහක් එන්නේ සමහර අයගේ හණමිටි අදහස් දිහා බලපුවාම. පරම්පරා ගැටුම සමථයකට පත්කිරීමේ බරපතල වගකීමෙන් මිදෙන්න බස්නායක නිලමේතුමාට බැහැ. එතුමාට සිද්ධවෙනවා මුලින්ම තමන් ප්‍රශ්නයට බැහැලා අනික් අයවත් ඇදලා ගන්න. ඔබතුමාට බැරිද ඔය මණ්ඩලයකට කොතනින් හෝ රිංගාගන්න.

        කැමතියි

        • යෝජනාව ඉතාම වැදගත් එකක් විචාරකතුමණි.2000 වසරෙන් පසුව පෙරහර සංවිධාන කටයුතුවලින් ඈත්ව සිටීම, දේවාල සම්ප්‍රදායයන්ට කාලීනව ඇති වූ ආර්ථික සමාජයීය හා සංස්කෘතික වෙනස්වීම් වල බලපෑම් සහ ඒ නිසා මතුව පවතින පාලනය කර ගැනීමට අපහසු හේතු නිසා මහත් දුෂ්කරතාවන් පවතින බවක් පෙනෙනවා.මේ අදහස් ගැන බලධාරීන්ගේ අවධානය යොමුවීම ප්‍රමුඛ අවශ්‍යතාව බව ඔබතුමාට සේම මටත් තදින් වැටහී ගොස් තිබෙනවා.
          ඔබතුමා අදහස් කරන ආකාරයට පුරාණ සම්ප්‍රදාය සංරක්ෂණය කිරීම හා සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක වන මණ්ඩලයක් හෝ උපදේශක කමිටුවක් වැන්නක් පිහිටුවීමේ කටයුතු තවම පමා වෙමින් පවතිනවා. ඊට වඩා ප්‍රමුඛතාව දියයුතුව ඇති දුෂ්කර ගැටළු රාශියකට වර්තමාන බස්නායක නිලමේතුමා මැදිව සිටින බව පෙනී යනවා.

          කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.