2014 උග්ගල් අලුත්නුවර මහ පෙරහර වප්පුර පසලොස්වක දිනය

මහ පෙරහර  දහවලේ දුටු පරිසරය 1

මේ උදේකාලයේ  පෙරහර පරිසරය දිස්වුනේ මෙහෙමයි.  අද (ඔක්තෝබර් 8) මහපෙරහර සිව්වන දිනය මිනිස්සු නිදිවැරූ නිසා දෝ වැඩි දෙනෙක් පේන්න හිටියේ නැහැ.

 

පිවිසෙන පඩිපෙළ ඉදිරියේ “හඳගල“ මැදිවනසේ ඉදි කර තියෙන තොරණට තකියන්නෙ “අරංගුව“ කියල. අරංගුව බෞද්ධ කොඩි හැරුනාම පොල්වලු එල්ලා වේවැල් හා ගොක්කොළ සැරසිලි තිබෙනවා මීට අමතරව යම් මල් විශේෂයක් ද තැනින් තැන තිබෙනවා. මේවට කියන්නෙ  “දෝතළු මල්“

පිවිසෙන පඩිපෙළ ඉදිරියේ “හඳගල“ මැදිවනසේ ඉදි කර තියෙන තොරණට තකියන්නෙ “අරංගුව“ කියල. අරංගුව බෞද්ධ කොඩි හැරුනාම පොල්වලු එල්ලා පොල් මල් සමග වේවැල් හා ගොක්කොළ සැරසිලි තිබෙනවා මීට අමතරව යම් මල් විශේෂයක් ද තැනින් තැන තිබෙනවා. මේවට කියන්නෙ “දෝතළු මල්“

 

මේවා ගෙන එන්නෙ එගොඩවලබඩ “අලංකාරපංගුවෙ“ ඇත්තන් විසින්. දැන් බොහොම හිඟයි ලු. සිරීපාද හිමේ කිට්ටුවට යන්න ඕනලු කපා ගන්න. 1998 විතර අරංගුව වගේම රථයේ කණු පවා දොතළු මලින් සැරසී තිබුණා. ඒත් දැන් බොහොම හිඟයි.

මේවා ගෙන එන්නෙ එගොඩවලබඩ “අලංකාරපංගුවෙ“ ඇත්තන් විසින්. දැන් බොහොම හිඟයි ලු. සිරීපාද හිමේ කිට්ටුවට යන්න ඕනලු කපා ගන්න. 1998 විතර අරංගුව වගේම රථයේ කණු පවා දොතළු මලින් සැරසී තිබුණා. ඒත් දැන් බොහොම හිඟයි.

 

මේ රථය සෑදුවාය කියන්නෙ සිඩ්නි එල්ලාවල යුගයෙ. පරණ එක දිරාපත්ව තිබුණ නිසාලු. පෙරසිරිතේ හැටියට රථයේ මුදුන සරසා කොත පළඳවන්නෙ මීත්‍රී ගෙ පංග්වෙන්. වටේ සුදු රෙදි ඇද සරසන්නෙ සුද්දහළු පංගුවෙන් ආචාරිපංගුවෙන් තමයි රථයේ සුළු අලුත්වැඩියාවක් අවශ්‍යනම් කරන්නෙ. රථය ඇදගෙන යන්නෙත් ආචාරිපංගුවෙන්. මේ විදිහට රථයේ කටයුතු රාජකාරි පංගු කීපයකින්ම ඉටුවෙනවා.

මේ රථය සෑදුවාය කියන්නෙ සිඩ්නි එල්ලාවල යුගයෙ. පරණ එක දිරාපත්ව තිබුණ නිසාලු. පෙරසිරිතේ හැටියට රථයේ මුදුන සරසා කොත පළඳවන්නෙ මීත්‍රී ගෙ පංග්වෙන්. වටේ සුදු රෙදි ඇද සරසන්නෙ සුද්දහළු පංගුවෙන් ආචාරිපංගුවෙන් තමයි රථයේ සුළු අලුත්වැඩියාවක් අවශ්‍යනම් කරන්නෙ. රථය ඇදගෙන යන්නෙත් ආචාරිපංගුවෙන්. මේ විදිහට රථයේ කටයුතු රාජකාරි පංගු කීපයකින්ම ඉටුවෙනවා.

 

පත්තිනි දේාවලය ඉදිරියේත් අරංගුවක් බැඳලා. වල්ලි දේවාලය ඉදිරියේ “අතුපන්දලම“ ඒක සෙවිලිකරල තියෙන්නෙ අඹ අතු

පත්තිනි දේාවලය ඉදිරියේත් අරංගුවක් බැඳලා. වල්ලි දේවාලය ඉදිරියේ “අතුපන්දලම“ ඒක සෙවිලිකරල තියෙන්නෙ අඹ අතු

 

ඉදිරියෙන්ම බොහොම ප්‍රෞඪ ලෙස මා දෙස බලන දළපූට්ටුවා. එහායින් ඉන්න දළ ඇතා සංහරාජා ලු. තවත් අලිඇතුන් රාශියක්ම මේ සිටින්නෙ මැදගම දේවාලය ඉදිව පැවති ඉසව්වෙ. දැන් ඊට කියන්නෙ මැදවත්ත කියලයි

ඉදිරියෙන්ම බොහොම ප්‍රෞඪ ලෙස මා දෙස බලන දළපූට්ටුවා. එහායින් ඉන්න දළ ඇතා සංහරාජා ලු. තවත් අලිඇතුන් රාශියක්ම මේ සිටින්නෙ මැදගම දේවාලය ඉදිව පැවති ඉසව්වෙ. දැන් ඊට කියන්නෙ මැදවත්ත කියලයි. අනෙක් ඇතයි තවත් අලියකුයි අතර තියෙන්නෙ මැදගම දේවාලටෙ අයත්ව තිබූ බෝධීන් වහන්සේ බව පැවසෙනව. දළපූට්ටුවාගේ වම්පසින් මැදගම දේවාලය තිබුණ කොටසේ අත්තිවාරම දැනුත් හඳුන ගන්න පුළුවන් ඉදිරියෙදි පුරාවිද්‍යා කැණිම් මගින් මේ පුවත තහවුරුවේවි

 

 

 

වල්ලි දේවාල වීදිය හා නැගෙනහිර දෙසින් දික්වීදිය

වල්ලි දේවාල වීදිය හා නැගෙනහිර දෙසින් දික්වීදිය

බෝධින් වහන්සේ හා චෛත්‍යය

බෝධින් වහන්සේ හා චෛත්‍යය මල් පහන් පුදා බැතිමත්තු විහාර ගෙය අසළ බුද්ධ පූජාවට සැරසෙති

වප්පුර පසලොස්වක මහපෙරහර උනත් අද වප්පුර පසලොස්වක දහවල් බුද්ධ පුජාවට සහභාගීවූ ගමේ බැතිමතුන් කොටසක්

වප්පුර පසලොස්වක මහපෙරහර උනත් අද වප්පුර පසලොස්වක දහවල් බුද්ධ පුජාවට සහභාගීවූ ගමේ බැතිමතුන් කොටසක්

විහාරාධිපතීන් වහන්සේ වන අතිපූජ්‍ය අළුත්නුවර ධම්මරත්න හිමිපාණන්වහන්සේ විසින් බුද්ධපූජාව මෙහෙයති

විහාරාධිපතීන් වහන්සේ වන අතිපූජ්‍ය අළුත්නුවර ධම්මරත්න හිමිපාණන්වහන්සේ විසින් බුද්ධපූජාව මෙහෙයති

12 thoughts on “2014 උග්ගල් අලුත්නුවර මහ පෙරහර වප්පුර පසලොස්වක දිනය

  1. බොහොම ලස්සන පින්තූර ටිකක්. මේවා පරිස්සම් කරලා (සී ඩී තැටියකටවත් දාලා) තියාගන්න. අර පොතට මේවා ඕනෙ. දෝතළු කියන්නේ අර පුවක් වගේ ජාතිය නේද? අපි පුංචි කාලේ පුවක් වගේ කනවා. අම්මලා බනිනවා මත් වෙයි කියලා.

    පෙරහැර බලන්ඩ එන්ඩ බැරිවීම ගැන දුකයි. මේ දිනවල දහ අතේ දුවනවා අපේ පන්සලේ කටිනෙට. දේවාලයේ පරිසරය ඉතා අලංකාරව මේ පින්තූරවල තියනවා. අපි දවසක ගම්මුකො තවත් පින්තූර ටිකක්.

    Liked by 1 person

    • මෙහෙත් කටින පින්කම් නිසා පන්සල්වල සෑහෙන කාර්ය බහුලතාවයක් තියනවා. දැන් කාටවත් පෙරහර මතක නැති තරම්. නුදුරු දිනයක ඔබතුමා හමුවන්නට ලැබේවි නේ. දෝතළු මල්ගැන වටිනා විස්තරයක් ටිකක් පහළින් ඇති අරූගෙ කොමෙන්ටුවේ පෙන්වන ලින්ක් එකේ තියනවා විචාරක තුමණි

      කැමතියි

  2. “දෝතළු මල්“ දැක්කෙත් අදමයි. පෙරහැරේ දි දැක්කත් හිතන්නෙ සායම් මිශ්‍රණයක් මගින් පාට කරල කියල නෙ. අපි නම් දෝතළු කියන්නෙ පුංචි පුවක් වර්ගයකට. ඒවයෙ මල් නම් අනෙක් පුවක් මල් පාටම නෙ. කටු කිතුල් මල් ද දන්නෑ ??

    කොහොම වුනත් අගනා පින්තූර ටිකක් පල කලාට ස්තුතියි !

    කැමතියි

  3. පෙරහැර සිරි වින්දෙමු. හරිම සුන්දර අත්දැකීමක්. කොහොමත් පෙරහැර අතහැර ගැනීමට කිසිදා අපහට සිත් නොදේ…. එය ජීවිතයේ කොටසක් වී හමාරයි. පෙරහැරේ හැඩ අපි අමුතුවෙන් කිසිවක් නොකියන්නේ එයට ඔබ ඉතා ම සුදුස්සා වන නිසාය….

    කෙසේ වෙතත් ඔබ ඡායාරූප ගනිමින් සිටින විට තානායම ඉදිරියේ දී අර කුඩා ඇත් පැටවා ඔබ දෙසට හැරීම ගැනත් පොඩි සටහනක් කට්ටියට කියනවානම් හොදයි නේද?????

    කැමතියි

  4. sir,issara api podikale sirge th justin mamaeth gemburu katahadin nvedna ahagena innawa thawamath purudui e katahanda………mepara perahera balann beriuna palamu wathawata……..samaja ratwath ekka ape gam…..e minusunge sithuwili…apith wenaswela………eth sir …dakinawita e atita semarum newatha sihiwenawa………ewa rakinna ganna wehesa isa………

    කැමතියි

  5. විහාරාධිපති වහන්සේ තරුන වයසේ වගේ. සෑහෙන ලොකු වගකීමක් නේද කරන්නේ.
    දෝතළු පුවක් හිඟ කාලෙට බුලත් විටට කෑවා. මමත් කාලා තියෙනවා. අවිස්සාවේල්ල, හංවැල්ල පැත්තේ කැලෑවට හැදුනා.

    මෙන්න දෝතළු ගැන පොඩි විස්තරයක්.

    කැමතියි

    • උග්ගල් අලුත්නුවර විහාර සංකීර්ණයට කොට්ටිඹුල්වල හා කරගස්තලාව යන පුරාණ විහාර දෙකේම ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ගෙන් බෞද්ධ වත්පිළිවෙත් ආශ්‍රිතව හා අනුශාසනාමය වශයෙනුත් වැදගත්මෙහෙවරක් සැලසෙනවා. මේ මොහොතේ වැඩ සිටින්නේ පෙනුමෙන් තරුණ වුවත් සෑහන්න පරිනත හිමිපාණන් වහන්සෙ නමක්. දෝතළු මල් දැන් බොහොම හිඟ බව අලංකාරපංගුවේ ඇත්තන් කම්පාවෙමින් පැවසුවේ කැළෑ විනාශයට දෙස් තබමින්.

      කැමතියි

    • ඔබ පෙන්වා දුන් ලින්ක් එක හරිම වැදගත්. මා දුටුවේ එවේලේ තමයි. රන්දෝතළු මලක් සේ ලින්කුවේ පෙන්වන මලට සමානම එකක් අරංගුවේ ඉහළින් දිස්වුනා. මගේ තියන නොසැලකිල්ල ! දැන් ඉතින් ඊට සමාන මලක් කැමරාවට ළඟින් ගන්න ආයෙත් පෙරහරක් එනතුරුම ඉන්න වේවි !!? අරූට ගොඩක් පින්

      Liked by 1 person

  6. පින්ග්කිරීම: “අරංගුව” ගැන අහලා තියනවද ? | sugv

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )