අනගාරික ධර්මපාල තුමා දිවිමගෙන් සමුගත් වසර

දේවාලයේ හා ගම්මානයේ පුනරුදය

අනගාරික ධර්මපාල තුමා දිවි මගෙන් සමුගත් වසර 1933 ය. එතුමා තමන් ගැන නොසිතූ අපූරු දේශීය නායකයෙක් විය. තමන්ගේ මුල් නම පවා වෙනස් කර ගත්තෙකි. එතුමාගේ අභීත ව්‍යාපාරයෙන් ජාතික දේහයේ නැවුම් උණුසුමක් පැතිරයන්නට විය.  තමන් ගැන අඩුවෙන් සිතන දේශීය නායකයන් බිහිවීමට තෝතැන්නක් වන්නට ඇත්තේ මේ නවමු ආකල්ප බෝ වී යාම ද හේතු වීමෙන් විය හැකිය.1

දේවාලය ඉදිරිපසින් ගරා වැටෙමින් තිබී ඇත. පිවිසීම පිණිස කළුගලින් පඩි පෙළ බදවා ඉදිරපසින් යෙදූ කළු ගල් බැමි පෞරාණික ස්මාරකයන්ට යෙදූ කදිම රැකවරණයක්ව ඇත. 1940 -50 අතර නිමවන ලද බව පැවසේ

දේවාලය ඉදිරිපසින් ගරා වැටෙමින් තිබී ඇත. පිවිසීම පිණිස කළුගලින් පඩි පෙළ බදවා ඉදිරපසින් යෙදූ කළු ගල් බැමි පෞරාණික ස්මාරකයන්ට යෙදූ කදිම රැකවරණයක්ව ඇත. 1940 -50 අතර නිමවන ලද බව පැවසේ. එකල දේවාලයේ ආදායම් ඇණහිට තිබුණ බැවින් සිඩ්නි එල්ලාවලයන් සිය පෞද්ගලික වියදමින් හා මිතුරන්ගේ උදව් ඇතුව බොහෝ දෑ කරවා ඇති බව කියති.

එම වසරේ දීම අලුත් බස්නායක නිලමේ තුමකු   ලැබිණි.  නමින් සිඩ්නි

“තානායම“ ලෙස ගමේ ඇත්තන් හඳුන්වන බස්නායක නිල නිවස සිඩ්නි එල්ලාවලයන් 1933 පැමිණි විගස ඉදිකරන ලද බවත් ඒවන විට පැවති පිදුරු සෙවිලිකර කටුමැටි බිත්ති බැඳ සාදා තිබූ නිල නිවස දිරාපත්ව තිබුණ බවත් පැරැන්නෝ පවසති. එකල දේවාලයේ ආදායම් ලැබීම ඇණහිටි තිබුණ බැවින් සිඩ්නි එල්ලාවලයන් සිය පෞද්ගිලක වියදමින් කරවා ඇති බව කියති. කරං යොද් නිමවා තිබූ මෙය පැරණි වලව්වක දළ ආකෘතියට සමාන විය පිටුපසින් මැද මිදුලක් සහිත කුස්සාය හා ගබඩා ගෙවල් වලින්ද සමන්විත විය. මේ 1991 ගන්නා ලද සේයා සටහනකි.

“තානායම“ ලෙස ගමේ ඇත්තන් හඳුන්වන බස්නායක නිල නිවස සිඩ්නි එල්ලාවලයන් 1933 පැමිණි විගස ඉදිකරන ලද්දක් බවත් ඒවන විට පැවති පිදුරු සෙවිලිකර කටුමැටි බිත්ති බැඳ ගරාවැටී තිබූ ගොඩනැගිල්ලක් බව පැරැන්නෝ පවසති. ටකරං යොදවා නිමවා තිබූ මෙය පැරණි වලව්වක දළ ආකෘතියට සමාන විය පිටුපසින් මැද මිදුලක් සහිත මුළුතැන් ගෙයක් හා ගබඩා ගෙවල් වලින්ද සමන්විතව තිබිණි. මේ 1991 ගන්නා ලද සේයා සටහනකි.

රථය 1940 ත් 50 ත් අතර සකස්කරවා ඇත්තකි

දේවාභරණ වැඩමවන රථය 1940 ත් 50 ත් අතර සකස්කරවා ඇත්තකි

1940 ත් 50ත් අතර අලුතෙන් ගොඩනගන ලද රථය ගාල්කර තබන “රථ ගෙය“

ශ්‍රී පාදස්ථානයට ජලවිදුලිය ලැබීම සමග සෝල්බරිසාමි විසින් සිඩ්නි එල්ලාවලයන් භාරයට පත් කළ විදුලි ජනක යන්ත්‍රය දේාවලයට ජලවිදුලිය දෙනතුරු උග්ගල් අලුත්නුවර ක්‍රියාත්මක විය. මේ කෞතුක වස්තුව දැනුදු සක්‍රිය මට්ටමේ පවතී.

ශ්‍රී පාදස්ථානයට ජලවිදුලිය ලැබීම සමග සෝල්බරිසාමි විසින් සිඩ්නි එල්ලාවලයන් භාරයට පත් කළ විදුලි ජනක යන්ත්‍රය දේාවලයට ජලවිදුලිය දෙනතුරු උග්ගල් අලුත්නුවර ක්‍රියාත්මක විය. මේ කෞතුක වස්තුව දැනුදු සක්‍රිය මට්ටමේ පවතී.

විදුලි ජනක යන්ත්‍රය සවි කර තැබීමට එකල ඉදි කර ඇති ගරාජය

එම විදුලි ජනක යන්ත්‍රය සවි කර තැබීමට එකල ඉදි කර ඇති ගරාජය අද දිස්වන ආකාරය

එල්ලාවල වන එතුමා දැනුදු මෙහි පැරැන්නන් හඳුන්වන්නේ “බණ්ඩහමුදුරුවෝ” නැතහොත් “අපේ බණ්ඩහමුදුරුවෝ” යනුවෙන් විශේෂණයක් ද සහිතව ආදරය හා භක්තිය උතුරා ගිය ගෞරව නාමයක් ද සහිතවය. එතුමා පැමිණිම සමග දේවාලයේ මෙන්ම ජනජීවිතයේද පුනරුත්ථාපනය ඇරඹිණි. ඒ නිසා 1933 වසර උග්ගල් අලුත්නුවර ඉතිහාසයට එක්වන්නේ සිඩ්නි එල්ලාවලයන්ගේ ආගමනයෙන් ඇති වන්නට වූ නැවුම් ප්‍රබෝධයක් එක් කළ වසරක් ලෙසය.

එවකට ගම්මානය  වල් බිහිවෙමින් පැවතී  බවත් රාජකාරි ඇත්තන් සීසීකඩ යමින් සිටි බවත්, ගමට පැමිණීමට අඩිපාරක් මිස  නිසි පුළුල් මාර්ගයක් නොවූ බවත් පෙනී යයි. සිඩ්නිඑල්ලාවලයන් වල් කොටාගෙන අලුතෙන් මාර්ගයක් සකසමින් ගමට පැමිණි ආකාරය විසිතුරු කතන්දර  ලෙස පැරැන්නන් වෙතින් අසාගන්නට පුළුවන්. ඒ වනවිට දේවාලය රු 17 ක් ආණ්ඩුවට ණය වී තිබූ බවක් පැරැන්නෝ පවසති. (මේ ණයවීමේ කතාව පිළිබඳ විස්තර ද ඉහත ලින්ක් එකේ) 2 මෙහි ඇත්තේ එතුමා විසින් ගොඩනැගූ නිර්මාණ වලින් කොටසක සේයා සටහන් කීපයක් පමණි.

1818 සහ 1848 මහා ජන සංහාර දෙකකින් පසුව වුනත්   අවනත නොවූ අය මේ රටේ සිටීම එංගලන්ත මහ රජ්ජුරුවන්ට විශාල හිසරදයක් වෙන්න ඇති.   කුමණ උපාය උපක්‍රම නිසාවත් උග්ගල් අලුත්නුවර වැනි විහාර දේවාල ගම්වල ඇත්තන්ව යටත්විජිත ග්‍රහණයට ගන්නට හැකි වී නැහැ. ඒ ඇත්තන්ගේ ගතිගුණ සාරධර්ම  මෑතක්

ගම්වැසි දරුවන්ගේ කලා කුසලතා පුහුණුව පිණිසත් හස්තකර්මාන්ත පුහුණව පිණිසත් සිඩ්නි එල්ලාවලයන්ගේ පෞද්ගලික වියදමින් ඉදි කර ඇති “සිඩ්නි ශාලාව“

දේවාල ගම්වැසි දරුවන්ගේ කලා කුසලතා පුහුණුව පිණිසත් හස්තකර්මාන්ත පුහුණව පිණිසත් සිඩ්නි එල්ලාවලයන්ගේ පෞද්ගලික වියදමින් ඉදි කර ඇති “සිඩ්නි ශාලාව“ 1950 වසර

1950 රෝපණය කර ලද බව පැවසෙන අඹ වෘක්ෂය වටා තාප්පයේ 1950 යනුවෙන් සටහන් කර තිබිණි

1950 රෝපණය කර ලද බව පැවසෙන අඹ වෘක්ෂය වටා තාප්පයේ 1950 යනුවෙන් සටහන් කර තිබිණි. මෙය පිහිටුවා ඇත්තේ තානයමත් සිඩ්නි ශාලාවත් අතරිනි. එය දැඩි නියංසමයේ පැවැතේවෙන පෙරහර සමයේ සාමාන්‍ය බැතිමතුන් ගිමන් නිවන කදිම අසපුවක්ව තිබිණි.

වනතුරුම පුරාණ රාජ යුගය සිහිගන්වන

ජන ජීවිතය සාරවත් කිරීමට කැපවීමේ කතා පුවත් සනාථ කෙරෙන ලේඛනගත සාක්ෂියකි

ජන ජීවිතය සාරවත් කිරීමට කැපවීමේ කතා පුවත් සනාථ කෙරෙන ලේඛනගත සාක්ෂියකි. දැන්වීම විමසිල්ලෙන් නිරීක්ෂණය කරනවිට මේ 1951 අප්‍රේල් 21 බව නිගමනය කළහැකිය.

බව දක්නට ලැබුණා. එසේ වුවත් පුරාණ රාජ අනුග්‍රහය නැතිව යාමෙන් ගම්මාන මුහුණ දී තිබුණේ දැඩි කම්පනයකටය. 1883 දී විහාරය හැරෙන විට එයින් පිටත තිබී ඇත්තේ නටබුන් ගොඩක් පමණක් බව සබගරමුවේ ඉංග්‍රීසි පාලන සමයේ මෙහි පැමිණ ඇති දිසාපතිවරයකු වූ එච්. වේස් ගේ දින සටහන් අනාවරණය කර තිබෙනවා.3 ආනන්ද කුමාරස්සවාමි මධ්‍යකාලීන සිංහල කලා කෘතිය(1908 ප්‍රකාශිත) ලියද්දී ගවේශනයට ලක්වූ  උග්ගල් අලුත්නුවර දී දැක ඇත්තේ විහාරය හා බෝධිය පමණි. විහාරය මිස දේවාලය ගැන සඳහනක් එම කෘතියේ දක්නට  නැහැ.

1906 දී උග්ගල් අලුත්නුවර ඇතුළුව  බළන්ගොඩ අවට පැවති  තත්වය පිළිබඳ  ජාත්‍යන්තර  සම්මානනයට පත් මහ වියතකු සිය අත්දැකීම් පාදක කොට පවසන විස්තර අතර කියවෙන මේ කොටස බලන්න.
පිටරට සුදු කම්පනි මඟින් තේ වැවිල්ල අරඹන්නට පෙර ඒ ඉඩම් වැඩිහරියක්ම සිංහල මිනිසුන්ගේ ගව පාලනයට ද, හේන් ගොවිතැනට ද ඇරුණු පෙදෙස්ය. ඉහළ නිලතල දැරූ සිංහල ලොකු ලොක්කෝ ඒ ඉඩම් බුත්ති වින්ද අයට රුපියල් පහක් වැනි සුළු මුදලක් දී ඔවුනට මතු ලොකු ආදායම් මඟක් සලසන බව කියා ඔවුන් රවටා තමනට ඒවා ලබා

පසු බිමේ දැක්වෙන ගබඩා ගෙවල් හා මුළුතැන් ගෙයද තාවකාලික ගොඩනැගිලි සේ පැවති හෙයින් ස්ථිර ගොඩැගිලි බවට පත්කර ඇත්තේද 1933 -50 අවදියේ බව පැවසෙයි

මෙහි පසු බිමේ දැක්වෙන ගබඩා ගෙවල් හා මුළුතැන් ගෙයද තාවකාලික ගොඩනැගිලි සේ පැවති හෙයින් ස්ථිර ගොඩැගිලි බවට පත්කර ඇත්තේද 1933 -50 අවදියේ බව පැවසෙයි

ගෙන සුද්දන්ට පැවරූහ. අනුන් යටතේ කුළී වැඩ කරන්නට එදා සිටි සිංහලයන් කැමති නැති නියාව දැනගත් සුද්දෝ සිය දහස් ගණන් දුප්පත් දෙමළ ජනයන් දකුණු ඉන්දියාවේ නොසරු පෙදෙස් වලින් වතුවල වැඩට ගෙනාහ.” මේ කොටස

දැනට දිස්වන ඉදිරිපස ආලින්ද කොටස ද තාවකාලිකව තිබී ස්ථිරව සකස් කරන ලද්දකි. එය  ආවරණය වන ලෙස දොරටු යොදවා ඇතුළත මකර තොරණ සකස් කරවා ඇත්තේ ද සිඩ්නි එල්ලාවල අවදියේ බව පැවසේ

එසේ ස්ථිර රැකවරණ සැලසීමෙන් පසුව දිග්ගෙයට ඇතුළුවන දොරටුව දෙපස මකර තොරණ සකස් කරවා ඇත්තේ ද සිඩ්නි එල්ලාවල අවදියේමය.

1950 දිග්ගෙට පිවිසුම් දොරටුවට යාබදව ඇති මකර තොරණ 1950 කරවන ලද්දකි.

දේවාල ආලනිදයේ සිට දිග්ගෙට පිවිසුම් දොරටුවට යාබදව ඇති මකර තොරණ 1950 දශකයේ කරවන ලද්දකි.

උපුටා ගත්  මේ ලිපියේ තව විස්තර ගොඩක් තිබෙනවා.4

විසිවන සියවසේ මුල් කාර්තුවෙ  උග්ගල් අලුත්නුවරට පැමිණි බස්නායක නිලමේ වරුන්ට  ගම මුහුණ දී තිබූ කම්පාවෙන් බේරාගන්නට හැකි වී නැහැ. දේවාලය පමණක් නොව ජන ජීවිතයේ සියලු අංශයන් බිඳ වැටෙමින් පැවතිනි.5

ශාස්ත්‍රාලංකාර විද්‍යාලය

ගමේ දරුවන්ට සාමාන්‍ය අධ්‍යාපනය සඳහා පාසලක් නොවීමෙන් උදා වී තිබුණේ අඳුරු කලදසාවකි. පාසලක්  සකස් කර ගැනීමට ගමේ දැනමුතු ඇත්තන් උත්සාහ කර තිබෙනවා.  මෙහි දී ගම දෙකට බෙදී දෙගොල්ලක් අතර ඇති වූ තරගයෙන් තාවකාලික ගොඩනැගිලි දෙකක්ම තැනුනත් තරගය අහිතකර එකක් බවට පත්වීම නිසා දෝ ගොඩනැගිලි ගිනිබත් වූ සැටි අසන්ට ලැබෙන්නේ ද විසිතුරු කතා ලෙසිනි. ගොඩනැගිල්ල ගිනිබත් වන විටත් ස්වේච්ඡා ගුරුවරුන් සහිතව දරුවන් පැමිණෙම්න් පාසල සක්‍රිය තැනක්ව පැවතිනි. ඒ නිසා තාවකාලිකව පාසල පැවැත්වීමට තැනක් හදිසියේ අවශ්‍ය විය. ඒ සඳහා දේවාල බිමේ ඉදිකර තිබූ  කඩපේලි යොදා ගැනීමට අවස්ථාව සලසා ඇත්තේ බස්නායක නිලමේ තුමා විසිනි. ඒ පමණක් නොව පාසල සඳහා ස්ථිර ගොඩනැගිල්ලක් සෑදවීමට පෙරමුණ ගෙන කටයතු කර ඇත්තේද එතිමාගේ මගපෙන්වීමෙන් සහ අනුග්‍රහයෙන් බව පැහැදිලි වේ. ශාස්ත්‍රාලංකාරය යනුවෙන් නම් කළ පාසල සඳහා  ඉදි කළ නව ගොඩනැගිල්ල විවෘත කරමින් පළමු ලොග් සටහන තබා ඇත්තේ සිඩ්නිඑල්ලාවලයන් වීමෙන් එය සාක්ෂි සහිතව ඔප්පු වෙනවා.  එය ගම්මානයට ආලෝකය දුන් පහණක් බවට පත් විය. අද එය එම මුල්ම ගොඩනැගිල්ල ද සමග තවත් අතිරේක ගොඩනැගිලි ද ඉදි වී  බළන්ගොඩ කලාපයේ බැබලෙන විදු පියසක්ව පවතින පූජනීය ස්ථානයක් බවට පත්ව ඇත්තේ අනාගත පරපුරේ වාසනාවට මෙනි.

දේවාලයේ භෞතික පුරාවස්තු මෙන්ම කිසිදු පොතක තවම ලියවී නැති සාම්ප්‍රදායික දැනුම් සම්භාරය, පුරාණ ශිල්පීය සම්ප්‍රදායයන් සහ චිරාගත සිරිත් සම්ප්‍රදායයන් ද යන සියලු අංශ විධිමත්ව නගා සිටුවීමට නම් තම දිනූ බිමේ ඓතිහාසික උරුමයන්ට ආදරය කරන  කැප වුන නායකයකුගේ දැවැන්ත වෑයමක් අවශ්‍යව  තිබිණි. තමන් ගැන පමණක් නොසිතන නායකයකු අවශ්‍යව තිබිණි. ඒ අඩුව පිරවී ඇත්තේ සිඩ්නි එල්ලාවල ආගමනයෙනි.

පුරාවිද්‍යා අඥාපනතෙන් විධි විධාන මගින් ඉහත බොහොමයක් ඉදි කිරීම් වලට රැකවරණයක් නොලැබෙයි. 1940 අංක 09 දරණ පුරාවිද්‍යා ආඥා පනත මගින් පුරාවිද්යා. දෙපාර්තමේන්තුව ස්ථාපිත වෙලා තියෙන්නේ. එය 1998 අංක 24 දරණ පුරාවස්තු සංශෝධන පනත මගින් සංශෝධනයට ලක් කළා. 1815 මාර්තු මස දෙවනදාට වඩා පැරණි චංචල නිශ්චල දේපළ  පමණක් පුරාවස්තු ගණයට වැටෙනවා.  වසර සියයක් පැරණි දෙයක් වෙතොත් විෂයභාර අමාත්‍යවරයාට එය පුරාවස්තුවක් සේ නම්කළ හැකියි. ඊට වඩා මෑත දැයක් සම්බන්ධව එවැනි බලයක්වත් ලැබෙනේනේ නැතිබව නීතිමය ප්‍රතිපාදන අනුව පෙනී යනවා.

එහෙයින් සිඩ්නි එල්ලාවල මෙහෙවරට  ගරු කරනු කැමැත්තන් සහ ඉංග්‍රීසි පාලන යුගයේ අවසන් භාගයේ ගොඩනැගිලි  සම්ප්‍රදායයන් පිළිබඳ සලකා මේ සංකේත ඉතිරි කරතොත් මිස  අනාගතයේ තවදුරටත් පවතිනු ඇතැයි  සිතිය නොහැකියි.

විශේෂ සටහන්

1. දිවයින පුවත් පත 2014 සැප්තැම්බර් 09  – මේ ලිපිය අනගාරික ධර්මපාල ශ්‍රී නාමය සිහිකරන්න

2 . බලන්න සිඩ්නි එල්ලාවල යුගයට ප්‍රසංශා කරමින් පූජ්‍ය රාජකීය පණ්ඩිත කිරිඇල්ලේ ඤාණවිමල හිමිපාණන් වහන්සේ පවසන දෑ- 1942 ප්‍රකාශිත  සබරගමුවේ පැරණි ලියවිලි උග්ගල් අලුත්නුවර විස්තර

3. සුදු දිසාපතිවරන් දුටු අසිරිමත් සබරගමුව – සබරගමුවේ සිටි සුදු දිසාපතිවරුන්ගේ දින සටහන් -සිසිර මලලසේකර පරිවර්තනය – තාරක ප්‍රකාශකයෝ- බළන්ගොඩ 2006

4.පහත සඳහන් ලිපි වෙත යාමෙන් 1906 වනවිට බළන්ගොඩ අවට ඇතිවෙමින් පැවති සමාජ ව්‍යසනය ගැන ගොඩක් විස්තර  කියවිය හැකියි.

  1. මහ පොළවේ දරුවෝ 1
  2. මහ පොළවේ දරුවෝ 2 
  3. මහ පොළවේ දරුවෝ 3 

5.පහත දැක්වෙන ලිපි වෙත යාම වඩා  පැහිදිලි කරගත හැකියි

  1. චන්ඩි ඇවිත් අපේ ඇත්තන්ට බොහොම හිරිහැර කළා 
  2. තැබෑරුං හන්දියට වෙච්ච දේ


4 thoughts on “අනගාරික ධර්මපාල තුමා දිවිමගෙන් සමුගත් වසර

  1. ඉස්සරවෙලාම බැලුවේ පින්තූර ටික. බොහොම ඇගේ ඇති පින්තූර. ඊට පස්සේ තමයි කතාව කියෙව්වේ. එල්ලාවල මහතාව මගේ පියා පෞද්ගලිකව දන්නා බව මා කුඩා කාලයේදී දැනසිටියා. මා හිතන්නේ රත්නපුර පැත්තේ පාසලක මගේ පියා සේවය කල කාලයේ දැන හඳුනාගැනීමක් වෙන්න ඇති.

    මේ පින්තූර ගත්තෙත් වීඩියෝ කැමරාවෙන්මද? පින්තූර සංස්කරණය කළානම් අගය කියා නිමකරන්න බැහැ.

    මේ සියලු තොරතුරු අස්සේ යටින් යන කතාවත් මට තේරුණා. මොනවා කරන්නද කලියුගය කලියුගය වෙන මොකවත් නෙවෙයි කලියුගය.

    දේවාලය වෙනුවෙන් කෞතුකාගාරයක් සෑදිය යුතුයි කියන යෝජනාව ගෙනෙන්න ක්‍රමයක් නැද්ද?

    Liked by 1 person

  2. මෙහි 2.4,6.7, යනු පරන කළුසුදු ඡායාරූප හා 8 ස්කෑන් කර ලබාගත් සටහන්. අඹගස ජංගම දුරකථනයක උපකාරයෙන් 2010 ගත් එකක්. අනෙක්වා වීඩියෝ snapshots විචාරකතුමණි. කෞතුකාගාරයක් සෑදීමේ යෝජනාව විවිධ අංශ මගිනුත් ඉදිරිපත් වෙලා තියෙන්නෙ. ඔය කලියුගයේ හැටි ! මෙනෙහි කිරීම සිතට සැනසුමක් ගෙනෙනවා.
    සිඩ්නි එල්ලාවලයන් මගේ පියාත් ඇසුරු කළ බව අසා තිබෙනවා. එතුමාට තිබී ඇත්තේ අනගාරික ධර්මපාල තුමාගේ වදන් වල මතුපිටින් පෙනෙන රළු බවම බව පියා ඇත්ළු ඇත්තන් කළ විස්තර අනුව පෙනෙනවා. වර්තමානයේ ඊට සමාන ස්වරයක් පූජ්‍ය වටද්දර ඤාණීස්සර හිමිපාණන් වහන්සේට සවන් දෙන්නකුට දැකිය හැකියි. ඒ නිසා බොහෝ දෙනෙක් උන්වහන්සේට කිට්ටුවීමට බියෙන් සිටිනවා. එහෙත් නොබියව ළංව සාකච්ඡා කරන විට ඉතා පැහැදිලිව පෙනී යන්නේ සහ අවබෝධවන්නේ ඉතාම අහිංසක චරිතයක්. කරුණාවෙන් පිරී ඉතිරෙන හදවතක්. බනිමින් කරුණු පෙන්වා දීම පැරණි සිංහල වෙදමහත්වරුන් සහ ඒ අයගෙන් පැවත එන වෛද්‍යවරුන් තුළ අදත් දක්නට හැකියි. මෙයත් උඩරට සමාජ සංවිධානයේ දකින්ට හැකි වූ විශේෂ සංස්කෘතික ලක්ෂණයක් දැයි සොයන්නට වටිනවා.

    කැමතියි

  3. අදහස් දැක්වීම අගයමි. අනගාර්ක ධර්මපාල ගැන කර ඇති සඳහන ගැන මතභේද මතුවෙනවා. මේ අනගාරික ධර්මපාල වසර ලෙස හඳුන්වා දී තිබෙන බව අසන්නට ලැබී තිබෙනවා. මේ නිසා එම චරිතය පිළිබද විවිධ දෘෂ්ටි කෝණ අනුව කෙරෙන විග්‍රහයන් කාලීන අවශ්‍යතාවක් බව පෙන්වයි.

    Liked by 1 person

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )