මොකද්ද මේ පොල්ගහ ?

6 thoughts on “මොකද්ද මේ පොල්ගහ ?

  1. සාමාන්‍යයෙන් ඔය පැත්තේ භූගත ජලය හොඳට තියනවද ගුණසිංහ මහත්මයා? ගෙවල්වල තියන ළිං කොච්චර විතර ගැඹුරුද? ප්‍රදේශයේ අනෙක් ස්ථාන හා සසඳනවිට දේවාලය පිහිටි භූමියේ උන්නතාංශය වැඩිද? පායන කාලේදී කොහොමද ගමේ ළිං වල වතුර තත්වය සහ දේවාල ළිඳේ වතුර තත්වය?

    කැමතියි

  2. දේවාල මළුවට නැගෙන හිර දෙසින් පෙරහර මග සීමාවේ පවතින ළිං තුනක ගැඹුර අඩි 40 සිට අඩි 60 දක්වා වන අතර මළුවට බටහිර දෙසින් ඇති ළිඳක් අඩි 10 සිට අඩි 30 පමණ දක්වා ගැඹුරුය. දේවාලයට දකුණට බර නිරිත දෙසින් ඇති කුඹුරුයාය උල්පත් ජලයෙන් වගා කරන ලද්දකි. (මෑතක් වනතුරුම මේ කුඹුරු දෙකන්නයම වගා කළත් ජල හිඟය නිසා වර්තමානයේ වගා කෙරෙන්නේ මහකන්නය පමණකි.)
    දේවාලයට නැගෙන හිර හා උතුරු දෙස සමග සසඳන විට දේවාලය පිහිටි උස්බිමේ උන්නතාංශය අඩු බව පෙනෙනවා. පායන කාලයන්හි ගමේ ළිං බොහොමයක් සිඳී යනවා. ප්‍රාදේශීය ජලසම්පාදන ක්‍රමය සිඩ්නි එල්ලාවල ජලසම්පාදන යෝජනා ක්‍රමය නමින් ඇති ප්‍රාදේශීය ජල සම්පාදන ක්‍රමය මගින් මෙයින් ද ගමට ජලය සැපයෙන්නේ දිනකට හෝ දෙකකට වරකි. පෙරහර දිනයන්හි ඇති වන උග්‍ර ජල හිඟය මගහරවා ගැනීමට නගරසභාව සහ ප්‍රාදේශිය සභාවේ වාහන යොදවා තාවකාලික ටැංකි වලට සැපයෙනවා. දේවාලයට නැගෙන හිර දෙසින් මීටර් 500 ක පමණ දුරින් පිහිටි නිවසක ජලය සපාය ගැනේනනේ අඩි 60 සිට 70 දක්වා ගැඹුරට කණින ළිඳකින්. පාසල උදෙසා පැවති ළිඳ වසරක් පමණ ගතවෙද්දී සිඳීයාම නිසා ඒ ආසන්නයේ නළ ළිඳක් සැකසුවා. එයද අසාර්ථක වීමෙන් පසුව ඉහත යෝජනා ක්‍රමයේ නළ මගින් ජලය ලබා ගන්නවා. මෙහි පැවසූ පරිදි ළිං කීපයක් හැරෙනවිට අනෙක් සෑම නිවසකටම ජලය සපායා ගැනෙන්නේ යෝජනා ක්‍රමයේ නළ මගිනි. ඉහත කී දේවාලයට නැගෙනහිර දෙසින් ඇති දියකපන පොකුණේ ජලය මතුපිට දක්වා තිබෙනවා. එය පිහිටියේ විශාල උස්බිමක් පාමුල. ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ පවතින ළිඳ (අඩි 40 )ද පායන කාලයේ සිඳී යනවා භූගත ජලතලය හා මට්ටමේ පවතින විෂමතාවය ගැන මේ විස්තර අනුව දළ අනුමානයකට පැමිණය හැකියි නේද විචාරක තුමණි

    කැමතියි

  3. ඔබතුමා කරනු ලබන විමසීම් ඉතාම වැදගත් වන්නේ කියවන පාඨකයන්ට වැරදි වැටහීම් ඇතිවිම වැලකෙන හෙයිනි.! මෙවැනි විමසීම් නිරන්තරව ප්‍රාර්ථනා කරන්නේද ඒ හේතුවෙන් බව දන්වා සිටින්නේ මහත් සේ කෘතඥතා පූර්වකවය.
    මේ ලිපි පෙළ තුළ පැරැන්නන් පවසන බොහෝ දෑ ගැඹුරට දැඩිව විමසීමට නොගොස් තිබීම සාමාන්‍ය ලක්ෂණයක් බව පෙනී යනවා නේද විචාරකතුමණි.
    ඊට හේතුව වී ඇත්තේ උඩරට සාම්ප්‍රදායික පරපුරුවල ඇත්තන්, වර්තමාන ආකෘතියේ පාසලකින් ලබා නොගත් අධ්‍යාපනයේ ස්වභාවය සොයා බැලීම සහ කෝට්ටේ සිට මහනුවර සමයේ අවසන තෙක් පැවති දැනුම කුසලතා සහ ආකල්ප සහ ඒවායේ ඵලදායී බව, දැනුම් කොටස් ප්‍රතිනිර්මාණය වී තිබු ආකාරය සහ අලුත් පරපුරට සම්ප්‍රේෂණය වූ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රමවේදයන් කෙසේද යන්න සෙවීමේ අරමුණක් පැවතීමය.

    කැමතියි

  4. ඊයේ පෙරේදා ප්‍රවෘත්තියක් කියෙව්වා කැනඩාවට ඇවිත් ඉන්න ශ්‍රී ලාංකිකයන්ගේ උවමනා අනුව ඔටාවා නගරයේ ගෙවල් ඉදිවෙන හැටි ගැන. ඒකෙ තිබුන ඒ සංක්‍රමණිකයන් දෙන්නා නැගෙනහිර පැත්තට මුහුණ ලා මුළුතැන්ගෙය ඉදිකිරීම නිසා ආහාර රස වෙන බවත් ගුණදායක වෙන බවත් යන සාම්ප්‍රදායික මතය ගෙය ඉදිකරද්දී සැලකිල්ලෙන් බැහැර කිරීමක් ගැන.

    මේක කියෙව්වමත් පෙනෙන්නෙ ළිඳකට වුනත් හොඳම දිසාව උතුර නැගෙනහිර අතර බව.

    කැමතියි

  5. පින්ග්කිරීම: පුරාණ උමං මාර්ග පද්ධතියක විවරයක්……! ? | sugv

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )