නාගර දේවි

4 thoughts on “නාගර දේවි

  1. නා ගසක් විශාලව වැඩුන විට එහි කිසියම් ගුප්ත අපූර්ව බවක් තිබෙනවා. මගේ බිරිඳගේ ගම් පළාත වන කෑගල්ල දිස්ත්‍රික්කයේ දැදිගම ප්‍රදේශයේ තිබෙන ‘හොලොම්බුව’ නමැති ගමේ තිබෙනවා මහ විශාල නාගස් කීපයක් සහිත පත්තිනි දේවාලයක්. එහි ඇති අඳුරු ගුප්ත බව මට හොඳට මතකයි.

    1960 දශකයේ මැද භාගයේදී පවා මා දැනසිටියා, රත්නපුර දිස්ත්‍රික්කයේ මැණික් පතල් හාරන විවිධ ස්ථාන වලින් යම් යම් දේ හමුවී ඇති බවත්, නමුත් ඒ තොරතුරු සඟවා එසේ පොලොව යටින් හමුවන දේවල් රහසිගතව විනාශ කරන බවත්. එයට හේතුව වන්නේ එම ඉඩම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තහනම් කරනු ඇතැයි යන සැකයයි.

    පරණ කාසි ගැන ටිකක් කරුණු හොයලා බලන්න මෙන්න මෙතනින් පුළුවන්.

    http://www.ceyloncoins.com/ancient_ceylon.php

    කැමතියි

  2. ඒ නාගස පමණක් නොව තවත් එවැනි ගස් විශාල ප්‍රමාණයක් මේ ප්‍රදේශයටත් අහිමි වුනා. එය විශාල අපරාධයක් බව පැරැන්නන් පවා බොහෝම වෙදනාවෙන් පැවසුවා.එහෙත් කිසිවකුට ඒවා වලක්වාගන්න හැකි වී නැහැ. ඔබතුමා පෙන්වා දුන් ලින්ක් එකේ අන්තර්ගත කාසි වලට සමාන වර්ග මෙන්ම ඊට බොහෝ සෙයින් වෙනස් කාසිවර්ග පවා ඒ අතර තිබුණ බව මතකයි. නමුත් එකල ලබාගෙත් දුර්වල ඡායාරූපයේ ඒ කාසිවල විශේෂත්වයන් පැහැදිලිව සටහන් වී නැහැ. කාසි වර්ග කර හඳුනා ගැනීම පිණිස නානක විද්‍යඥයකුගේ සහාය ලබා දීමට ඒ කාලයේ පැමිණ දේවාල කාසි පරීක්ෂා කර බැලූ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ශිරාන් දැරණියගලයන්ගේ අවධානය යොමු වී(1990 දශකය) කටයුතු කරමින් සිටි බව බව මතකයි.නානක විද්‍යාඥයකුගේ සහාය ලබා ගෙන ඉදිරි කටයුතු කිරීමට පෙර එකල සිටි බස්නායක නිළමේ හරිශ්චන්ද්‍රෙතන්නකෝන් මහතාණන්ගේ සේවා කාලය අවසන් වුනා. මහාචාර්ය දැරණියගලයන් මෙන්ම ඉතා වයෝවෘද්ධ අවදියේ සිටින හරිශ්චන්ද්‍ර බණ්ඩාර මහත්මාණන්ද තවමත් සිටිනවා.

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )