හාස්කමක් වූ ඓතිහාසික ළිඳ

12 thoughts on “හාස්කමක් වූ ඓතිහාසික ළිඳ

  1. ඔන්න අද තමා එන්න ලැබුණේ. හොඳ විස්තරයක්. මොනවා හැන්ගුවත් ලිඳේ ගැඹුර හංගන්න බැහැ. එය විද්‍යුත් තරංගයකින් 100% ක් නිවැරදිව මැනීමට උපකරණ තියනවා.

    කාන්තාව ලිඳට වැටීමත් අහම්බයක්. ඇය මේ ප්‍රදේශයට අලුත්, ඇය ලිදේ ගැඹුර, ජලය ගන්නා ආකාරය දැන සිටියේ නැහැ.

    ලිඳ ඉදිකිරීම නම් බොහොම සූක්ෂ්ම වැඩක්. නමුත්, දේවාලයේ ඉතිහාසය සමග සසඳා බලා, ලිඳ කොයි කාලේද ඉදිකළේ කියලා හොයන්න පුළුවන්. ඒ වගේම ඒ කාලයේ ලංකාවේ තවත් මෙවැනි ළිං ඉදිකලාද, ඒ කොහෙද, ඒ තාක්ෂණය කුමක්ද, යන්නත් හොයන්න පුළුවන්.

    ගුණසිංහ මහත්මයා, පින්තූර ගැනීමේදී ආලෝක පාලනය ගැන සැලකිලිමත් වන්න. අපේ ඇසින් බැලුවම ආලෝකය ප්‍රමාණවත් කියලා හිතෙන ස්ථාන, කැමරාවට වැටෙන්නේ අඳුරු වෙලයි. ඒ නිසයි ඔබ මෙහි දක්වා ඇති සමහර පින්තූර අඳුරුවී තිබෙන්නේ. ක්ෂණිකාලෝකය පාවිච්චි කරන්න අමතක කරන්න එපා. එහෙම නැතිවුනොත් ඡායාරූප සංස්කරණය කරන මෘදුකාංගයකින් ආලෝකය හදන්න පුළුවන්. මම ඒ ගැන සබැඳියාවක් දුන්නා නේද?

    කැමතියි

    • ළිඳේ ගැඹුර වගේම තවත් වාස්තු විද්‍යාත්මක ලක්ෂණ බොහොමයක් සම්බන්ධව නිවැරදි විනිශ්චයන් ගැනීම පිණිස ඔබතුමා පෙන්වන උපකරණය වැනි තාක්ෂණික උපකරණ වල සහාය ගතයුතුව තිබෙනවා. කාලනිර්ණයන් සම්බන්ධවත් වෙනත් ක්‍රියා පිළිවෙලකට යායුතුයි.
      දැනට ප්‍රමුඛතාව දී ඇත්තේ සාම්ප්‍රදායික ජනතා සිතුම් පැතුම් ආකල්ප පිළිබඳව විස්තර ලබා ගැනීම හා ඉදිරිපත් කිරීම පමණක් බව ඔබතුමාට පෙනි යනවා ඇති. එවැනි සීමාවකට කොටු වී ඇත්තේ මෙහි පවසා නැති හේතු කීපයක් නිසයි. ඉක්මණින් වියැකී යාමට ඉඩ ඇති හා නැවත සොයාගැනිමට නොහැකි අයුරින් අහිමිවී යන සාම්ප්‍රදායික ඥානය සම්බන්ධ හා විස්තර සොයා බැලීමේ අරමුණට යාම මේ ක්‍රියාත්මක කටයුතු වල සිමාව වී ඇත. ඔබතුමා පෙන්වා දෙන පරිදි නිවැරදි මිණුම් ගැනීම සංරක්ෂණය වැනි දේ සඳහා වැඩපිළිවෙල කීපයක් අවශ්‍යයි. එයින් යම් යම් කොටස් දියත් වෙමින් පවතිනවා. හමුවූ විටෙක වටිනා විස්තර සාකච්ඡාවකට හොඳ පසුබිමක් ඔබතුමාගේ උපදෙස්වලින් සකස් වී තිබනෙවා.
      මා සතුව දැනට තිබෙන්නේ වීඩියෝ කැමරාවක්. එහි ක්ෂණිකාලෝක ක්‍රමයක් ඇත්තෙත් නැහැ. එහි වීඩියෝ ක්ලිප වලින් snapshots ලෙස පෙරා ගන්නා සේයා සටහන් තමා මෙහි වැඩියෙන්ම පවතින්නෙ. මීට පෙර ද ඔබතුමා පෙන්වාදුන් ආකාරයට හොඳ කැමරාවක් ලබා ගැණීමට උත්සාහයක් තිබෙනවා. ඔබතුමාගේ විචාරාක්ෂිය හා උපදෙස් හැම විටම ගෙන දෙන්නේ මහත් සවියකි,වාසනාවකි.

      කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )