මුළුතැන්බත්

Advertisements

22 thoughts on “මුළුතැන්බත්

  1. 😀 ආරම්භය කියෙව්වම හිනා ගියා. රඹුටන් වාරයේ රඹුටන් කෑම අගුණයි වගේ ඒ ඒ කාලයට වැවෙන ඒ ඒ දේවල් කන එක කොතරම් නරක දැයි පතුරුවා හරින ආකාරය ගැන ඊයේ අන්තර්ජාලයෙන් ලංකාවේ රේඩියෝ නාලිකාවක බැසිල් රාජපක්ෂ කියනවා ඇහුණ. එහෙම කරන්නෙ කවුදෝ කට්ටියක් වෙළඳපොල තමන්ට ඕනෑ විදියට හසුරැවන්නලු.

    කැමතියි

    • කාලයක් රසකාරක වර්ණකාරක ඩී සී ඩී ගැන මහා හයියෙන් කෑ ගහපු එක හදිසියේම නැවතිලා කාටවත් එහෙම එකක් ගැන මතකයක් නැති තරම් නිෂ්ශබ්දයි.! විවෘතව නිර්භයව වටිනා අදහස් එක් කරන අරුණිට මේ ස්වභාවය පේන්නේ කොහොම ද ?

      කැමතියි

  2. මම නුවර කලාවියට අයත් ප්‍රදේශවල රාජකාරි කරද්දී ඒ පළාතේ දේව ඇදහිලි ආශ්‍රිතව සකස් කෙරෙන මෙවැනි බත් කාලා තියනවා. බත්, මුංඇට, වියලි මිදී, මීපැණි, ආදිය මිශ්‍ර ඒ බත උයන්නෙත් පිරිමි අය පමණයි. මහා විශාල උත්සවයක් පවත්වනවා ඒ වෙනුවෙන්. පදවිය වැව අසල ඇති දේවාලයේ උත්සවය බොහොම විචිත්‍රයි.

    කැමතියි

    • ඔබතුමාගේ අත්දැකීම මටත් තියනවා. සාපේකෂ වශයෙන් උග්ගල් අලුත්නුවර සම්ප්‍රදායේ වඩා විධිමත් බවක් පිසීමේදි හා පිළිගැන්වීමේ දී ද ඇති වෙනස්කම් පේනවා. ඉදිරි ලිපිවල විස්තර ගෙන ඒමට අදහස්කර සිටින්නෙමි විචාරකතුමණි

      කැමතියි

  3. රචනාව ගැන නම් අගය කළ යුතුයි. උග්ගල් අලුත්නුවර ආශ්‍රිත සමාජමය වටිනාකම් සහ උරුමයන් ගැන ඔබ විසින් ගොණුකරන්නා වූ දැනුම සම්බන්ධයෙන් අප එදා මෙන් ම අදද අගය කිරීමට අමතක නොකරමු….

    මුරුතැන් ගැන ද කතා කිරීම ඉතා වැදගත්. මෙය දේවාල භූමියේ සිදුවන තවත් එක් වැදගත් කාර්යයක් බව දනිමු. පසුගිය සතියේද මුරුතැන් ගොට්ටක් රස බැලීමට පමණක් නොව මුරුතැන් සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ද ලබා දීමට හැකිවිය. හැකි සෑම අවස්ථාවක දී ම දේවාලයට යෑම සහ එහි දියුණුව වෙනුවෙන් හැකි ආකාරයකින් පරිත්‍යාගයන් කිරීමට හැකිවීම අප ලද භාග්‍යයක් කොට සලකන්නෙමු…….

    මුරුතැන් බත් වල ඇති අමුතුම රස ගැනනම් ඔබ කියන්නා සේම කතා නොකර බැරිය. ඇත්තට ම ව්‍යංජන දෙකක් හෝ ස්වල්පයක් සමග ඇති මේ බත්පතෙහි රස නම් කියා නිමකිරීමට බැරිය. එයට එයට ම ආවේණික සුවිශේෂී රසයක් ඇත. එබැවින් ලද සෑම විටකම මුරුතැන් බත් පතක රස බැලීමට අප අමතක නොකරමු……………

    ඉතින් ඔබ විසින් ගොඩනගමින් පවතින්නා වූ අතිශ්‍ය වටිනා දැනුම වෙනුවෙන් අපගේ ස්තූතිය……………………………………

    කැමතියි

    • ස්තුතියි අපේ කුරුටු ගෑ ගී පවුරට තවමත් ඔබ කවුද යන්න පෞදගලිකව හඳුනාගත නොහැකිවීම වේදනාවක් වෙලා තිබෙනවා. මෙහි ලියවෙන දෑ තහවුරු වීමට ඔබේ අදහස් දැක්වීම විශාල රුකුලක් ! ඉතාම වටිනවා.!! ස්තුතියි අපේ කුරුටු ගෑ ගීපවුරට

      කැමතියි

      • අපි වෙලාවක හමුවෙමු… ඔබ කවුරුද කියලා හොදින් ම අප දන්නවා. ඔබත් අප කවුරුද කියලා හොදින් ම දන්නවා නිසැකයි.. ඒත් මෙහෙම හදුනා ගත් නිසා මෙහෙම අදහස් හුවමාරු කර ගැනීම ද වැදගත් කියලා හිතෙනවා. අපේ කුරුටු ගාන අයගෙන් බහුතරය ඔය දේවාල භූමියේ ම ඉන්නා අය තමයි. සමහරුන් ඔබතුමන්ගේ ළගම ඥාතීන්…. ඒවා කෙසේ වෙතත්.. අපිට අවශ්‍ය වෙන්නේ බුද්ධිමය සංවාදය විතරයි… ඒක මේ තුළ මනාව තියෙනවා……. පසුදිනෙක හමුවෙමු….

        කැමතියි

  4. කාලා තිබුනාට මේ විස්තර දන්නේ දැන්නේ. ගුණේ මහත්මයා මේ බතට ද්‍රවිඩ ජාතීන්ගේ ආහාර පිසීමේ රටාවක් ඇතුලත් කියලා මට හිතෙනවා. බොහොමයක් ද්‍රවිඩ නිවෙස්වලින් මේ ආකරයේ බතක් කන්න ලැබිලා තියෙනවා. මොවුන් මෙය රස කැවිල්ලක් හැටියට තමයි සල්කන්නේ.

    කැමතියි

    • ඔබේ නිගමනය හරි දේවාලයේ ආරම්භක අවස්ථාවල පෙරමුණේ සිටින අය ලෙස පුරාණ ලේඛණයේ සටහන් වන්නේ රාමචන්දු බ්‍රාහ්මණ මංගලනාත බ්‍රාහ්මණ නාගරදේවී…… ආදී ලෙස සංක්‍රමණික ද්‍රවිඩ සම්භවයක් සහිත පවුල් ගැන. වර්තමාන කපුනිලමේගේ පියාගේ කතාවලින් දකුණු ඉන්දියාවෙන් ලද ආභාසය සෘජුවම පැහැදිලි කෙරෙනවා. ඔවුන්ගේ නමේ වාසගම (මුල්නම්) වන්නේ //මංගලනාත බ්‍රාහ්මණගේ// වීම මෙන්ම වෙනත් රාජකාරි පරම්පාවල වාසගම් ගණනාවක්මත් දකුණු ඉන්දීය ද්‍රවිඩ බ්‍රාහ්මණ බලපෑම පෙන්වනවා. දේවාල කටයුතුවලදී ද්‍රවිඩ වදන්වලින් බිඳී ආ පද එක්ව තිබීමත් ඔබ පවසන මතය සනාථ කරනවා. කෙසේ වුවද මේ ඇත්තන් පමණක් නොව 1730 කන්දකුමරාසිරිත ලියූ බව පැවසෙන බාලචන්ද්‍ර බ්‍රාහ්මණ වැනි අය පවා සිංහල බෞද්ධයන් බවට පත්ව සිටි බව ප්‍රබන්ධයෙන් හොඳ හැටි පෙනීයනවා. ඔවුන් අතර වාර්ගික ගැටුම් තිබූ බවට මුල්කාලයේ හෝ කිසිම ආකාරයක සාකෂියක් ලැබෙන්නේ නැහැ. මුරුගන් කියන්නේ කතරගම දෙවියන් හදුනවන පදයක්. ඒ අනුව මුරුතැන් යයි පැවසෙන්නේ කතරගම දෙවියන්ට පුදන ආහාරය විය හැකියි නේද ? එසේ වුනත් දැන් ලංකාවේ වෙනත් දෙවිවරුන්ට වෙන් කළ දේවාල වල පවා //මුරුතැන්// යන පදය භාවිතවන බව පෙනෙනවා.

      කැමතියි

      • Muruthana kiyana wachanaya awe Muluthana kiyana wachanayen.Devalayaka Pansalaka ho Raja maligawaka thibena ahara pisina gruhayata kiyanne Muluthan geya kiyala.Samanaya gewalwala thibenne Kussiya namuth mea sthanawalata athi gawurawaya nisa handhinwuye Muluthan geya namin.Pasuwa thamayi ea nama katawaharata Muruthan wune.Muruthan kiya wacahanayak indhiyawe devala ho lanakawe hindu devala wala bhawitha naa.Ea wenuwata Hindu Brhamanayan ho Kurakkal waru bahawitha karanne “Naivedya” kiyana wachanaya.Murugan adhahilla uthuru indianu “Skanda Kumara” adahillath ekka ekathu wela Lanakwe Mahasena wandanawata awe Goda kalekata passe eth ea kaleth ape rataei devala wala Muluthan hewath katawaharata anuwa Muruthan puja kala.Oka thama Muluthane kathawa.Mea lipiayath ikamanin liyanna.Obathumage dhanumath mage dhanumath ekathu wiya yuthuyi.

        කැමතියි

    • වෙනත් ස්ථානවල බෙදා දුන් බවක් පැවසෙන ඒවා වැළඳීමෙන් අසනීප වූ අවස්ථා ගැන මෑත පුවත්පත් වල පවා පළ වී තිබුණා. ඒත් ඒ පුවත් උග්ගල් අලුත්නුවරට අදාල නැහැ. මෙහි දී එහෙම තත්ත්වයක් උදාවුන බවක් ගැන අසන්ට ලැබුණ මුල්ම අවස්ථාව තමයි නිලන්ත මේ !
      කෙසේ වුවත් ඔබ දක්වා ඇත්තේ ඔබේ පෞද්ගලික මතය යි. මුරුතැන්බත් අනුභවයට sugv ට අවස්ථාව ලද වාර ගණනාවකි. ඒත් ඔබ පවසන තත්ත්වය උදා වී නැත. කෙසේ වුවද sugv ලියා ඇත්තේ මුළුතැන්බත් පිළිබඳ ඔහුගේ පෞද්ගලික මතය නොවේ. වසර ගණනාවක් තිස්සේ දකින්නට අසන්නට ලැබෙමින් ඇති පොදු මතය හා ආකල්පයන් බව සලකන්න.

      කැමතියි

  5. මම මේ ලිපි කියවන්න ආවේ පමා වෙලා. අරුණිගේ අච්චාරු ලිපියෙන්. උග්ගල් අලුත්නුවර කීවම මම හිතන් හිටියේ බලංගොඩ අලුත් නුවර නෙමෙයි කියලායි. එතකොට හැමතැනම අලුත්නුවරවල් තියෙනවද? ඉස්සර එහේ කාලයකට පෙරහැරක් හෙම තිබුනා නේද? මම ගොඩාක් පාරක් ඇවිත් තියෙනවා. ඒත් ළඟ කාලෙක නම් පන්සලට ගිහින් නෑ. එතකොට මේ කියන බත් එක පැනි රස එකක්ද?

    කැමතියි

    • ඔව් අලුත්නුවරවල් කීපයක්ම තිබෙනවා. මේ නමින් තවත් දේවාල ගම් දෙකක් දක්නට හැකියි. එකක් මහනුවර මාවනැල්ල කිට්ටුවත් ඇනක මහියංගනයේත් තිබෙනවා. මෙහි විස්තර කෙරෙන්නේ බළන්ගොඩ ආසන්නයේ ඇති අළුත්නුවර ගැන. උග්ගල් අලුත්නුවර යනු ඊට ව්‍යවහාරවන තවත් නමක්. පුරාණයෙ සිටම අඛණ්ඩව ඇසල පෙරහර වර්තමානයේත් තිබෙනවා. මේ වසරේ ඔක්තෝබර් මුල් සතියේ එය පැවැත්වීමට කටයතු සංවිධානය වෙනවා. පැමිණියොත් හමුවෙන්න. පැනිරස මුළුතැන් බත් වගේම පැනිරස නැති මුළුතැන් බත් කියා දෙවර්ගයක් තිබෙනවා ඒවා පිළිබඳ ඉදිරි ලිපිවල ලියවෙනවා. ඔබේ විමසීමට ගොඩක් ස්තුතියි විද්වත් හිතවත

      කැමතියි

      • ගම වෙලත් ඒ අලුත්නුවර හරියටම තේරුම් ගත්තේ නෑ. ඔය හරියේ මගේ හිතවත්තු බොහොමයක් ඉන්නවා. ප්‍රේම කරන කාලෙ තමයි අන්තිමට පන්සලට ගියේ. එන්න ඕනේ ආයෙත්. ඔව් පෙරහැර කාලේ මතකයි. මාවනැල්ලේ පෙරහැර නම් තියෙන්නේ මැයි මාසේ නේද? ඒ තරම්ම ප්‍රසිද්ධද බලංගොඩ පෙරහැරත්?
        ගමේ එකෙක් වෙච්ච එක ගැනත් ලැජ්ජයි කියන්නේ ඔන්න ඔය වගේ දේවල් නොදන්න අපි ගැන තමයි.

        කැමතියි

        • එක් අවදියක පෙරහර පිළිබද ප්‍රසිද්ධිය නැතිව ගියා. 1933 පමණ සිට 1970 දශකය දක්වා පෙරහර රත්නපුර මහසමන් දේවාලයටත් වඩා ප්‍රසිද්ධ වී තිබුණ බවට විස්තර ලැබෙනවා. 1980 දශකය නිමවන තෙක්ම ප්‍රසිද්ධියේ අඩුවක් තිබී නැහැ.පසු කාලයේ අනුක්‍රමයෙන් ප්‍රචාරය අඩුවීම නිසා ප්‍රසිද්ධිය අඩුවීම හේතු වුන නිසා මිස නොදැන හිටියේ ඔබේ වරද නිසා නෙවෙයි. හිතවත

          කැමතියි

  6. උග්ගල් අලුත්නුවර දේවාලයේ මුලුතැන් බත් රසවිදීමේ භාග්‍යය මටත් ලැබුනා.ඒ විතරක් නොවේ පාවඩේබත් ද ලැබුනා.එය මහත් වාසනාවක් ලෙසයි මා සළකන්නේ. එහි රස අදටත් මගේ රස නහර පිනවනවා. එහෙත් කපු මහතාට මේ බව කිවුවම නම් ‍එහෙම කියන්න හොද නැහැ කිවුවා. මොනවා වුුනත් එහි රසය හා ප්‍රමිතිය ගැනත්, බැතිමතුන් ඒ කෙරෙහි දක්වන ආකල්ප ගැනත් මටත් සහතික විය හැකියි. ඔබේ ලිපිය මගේ සිත මේ වෙලාවෙත් මුලුතැන් බත් ඉල්ලන තත්වයට පත්කළ‍ා කීවොත් නිවැරදියි.

    කැමතියි

    • ස්තුතියි ඉන්දිකා දේවාලයේ ඇත්තන්ගේ සිරිතක් හා මතයක් තමයි යමක් //හොඳ// බව හෝ //නරක// බව වචනයෙන් කීම සුදුසු නොවන බව. උඩරට සමයෙන් උරුම වූ සමාජ සම්ප්‍රදායේ ආකල්පවල මේ අමුතු බව හැම තැනකදීම දක්නට ලැබෙන්නක්.

      කැමතියි

  7. පින්ග්කිරීම: මුරුතැන් තේවා වට්ටෝරුව | sugv

  8. මේ ප්‍රතිචාර දකින කොට ලිපියත් මුරුතැන් බත් වගේම මොනතරම් නම් රසද කියල හිතෙනවා,ඒ නිසා ඉකමනින් මේවා යලි පල කරන්න ගුනසිංහ මහත්මයා.

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )