මල් වෙලාව

15 thoughts on “මල් වෙලාව

  1. රසවත් බැනුම් වරුසා අහගෙන මේ විස්තර එකතු කරනවාට ආයෙත් පාරක් බොහොම ස්තූතියි කියන්නම්.

    හෙන්දිරික්කා මල් වර්ගයක් මෙහෙත් තියෙනවා. Mirabilis jalapa නොහොත් four o’clock flower කියන්නේ ඒකට. ගිම්හානයේ මල් පැල වැවෙන්නෙ. පරිසරයේ උණුසුම අඩුවෙද්දී හවස හතර සහ අට අතර පිපෙන්නෙ. සාමාන්‍යයෙන් සවස හතරට පිපුනට වළාකුල් වැඩි දවසට හතරට කළින් පිපෙනවාලු .. ඉංග්‍රීසි ඔරලෝසුවෙ වරදක් නිසාම වෙන්නැති🙂

    කැමතියි

    • ස්තුතියි අරුණිසපිරෝ. ඔබ පවසන තොරතුරු ඉතා වැදගත්. බලන්නකෝ මේ ඇත්තන්ගේ අභිමානය. රාජකාරි ඇත්තන්ගෙන් බොහොම දෙනෙක් තවමත් අලුත් දේ සලකන්නේ බොහොම උපහාසයෙන්. //රාජ යුගය තවම අවසන්ව නැත. මහජන යුගය පැමිණීමට කල් තිබේ// යනුවෙන් ආනන්ද කුමාරස්සවාමි සිය මධ්‍ය කාලීන සිංහල කලා කෘතියේ පවසන දෑ මේ පැරණි ගම්මානයට තවමත් අදාලයි වගේ.

      කැමතියි

  2. මේ පිළිවෙත් දිගටම පවත්වාගෙන යාම සඳහා දැනට දේවාල භාරකාර මණ්ඩලය විසින් ගෙන ඇති පියවර මොනවාද? අනාගතයේදී මේ රාජකාරි සඳහා ඉදිරිපත්වීමට දැනට මේ රාජකාරි කරන පවුල්වල අය කැමතිවෙයිද? නැත්නම් ඔහුන් අලුත් ලෝකයට පා නගා මේවා අමතක කලොත් මොකද වෙන්නේ කියන එක ගැන හිතලා තියනවද.

    ඔය හැංගිලා තියන, හංගන, තොරතුරු ගන්න ක්‍රමයක් තියනවා ගුණසිංහ මහත්තයෝ. මෙතන කියන්නෑ, හම්බ වෙච්ච දවසක් කියන්නම්.

    කැමතියි

    • කුඩා දරුවකු අවදියේ සිට ලබාගත් අත්දැකීම් සමග විස්තර පවසන්නේ මේ විස්තරවල නීරස බව අඩුවේ යයි අපේක්ෂාවෙන් විචාරක තුමණි.
      අලුත් පරපුර මේවා ගැන භක්තියෙන් සිටින බව පෙනුනත් අලුත් ලෝකයට පානගද්දී වෙනස් කම් ඇති වේවි. දේවාල භාරකාර මණ්ඩලය ඉතා සියුම්ව සිතා බලා අවශ්‍ය පියවරයන් මනාව සැලසුම් කළොත් යම්තාක් දුරට පැරණි සම්ප්‍රදායික සිරිත් සමග අනාගතයට මහත් සේ ප්‍රයෝජනවත් ශිල්පීය සම්ප්‍රදායයන් රැක ගත හැකිවේවි නේද ? ඔබ තුමා ගේ අදහස් දැක්වීම මේවා කියවන්නට අවස්ථාව ලැබෙන ඒ අයටත් හිතා බලන්නට කරන පෙළඹවීමක් වේවි. ඒ වෙනුවෙන් ඔබතුමාට පින් දෙමි.

      කැමතියි

  3. අනේ මන්දා ගුණේ මහත්තයෝ….මේ කරුණු මෙහෙම එකතුකරලා ලියනවාට කොහොම ස්තූති කරන්නද කියලා….මල්ලිස් ආතා හිටියානම් ගුණේ මහත්තයාගේ පස්සෙන් පන්නනවා ෂුවර්😀

    කැමතියි

  4. දේව රහස් ලෙස සලකා වසං කිරීම නිසා රසවත් තොරතුරු තව කොපමණ කාලයේ වැලිතලාවෙ වැළලිල යන්න ඇද්ද? ඒත් ඒ පැරැන්නන්ට දොස් කියන එකත් හරි නෑ. ඒ ඒ ගොල්ලංගෙ දැඩි විශ්වාසය. දේව අණ සහ දේව උදහස….

    ස්තූතියි ගුණසිංහ මහත්මයා..මල්ලිස් ආතලගෙන් බැණුම් අහල හරි හොයාගත්තු මේ තොරතුරු අපි එක්ක බෙදා ගන්නවට…🙂

    කැමතියි

  5. ඉතා වැදගත් ලිපියක්. මේ විස්තර නම් කලින් දැනගෙන නොසිටි බව මුලින් ම කිව යුතුයි. මල්ලිස් ආතා ගැන එහෙම නම් විස්තර අහලා තියෙනවා.. හරිම වැදගත් ඉතිහාසයක තොරතුරු ගොණු කරන ඔබ විසින් ගොඩනගන්නා වූ දැනුම ඉතා වටිනා කාර්යයන් සඳහා අනාගතයේ පරම්පරාවට ප්‍රයෝජනවත් වන බව නම් නොඅනුමානයි…

    ඔබ කියනවා වගේ දේවාල දොරටුව සහ වල්ලි අම්මා දේවාලගේ දොරටු දෙක එක එල්ලේ පිහිටන එක දේවාල භූමියට ගොඩවී බලන විට මනාව පැහැදිලි ව පෙනේ………………

    කැමතියි

  6. පින්ග්කිරීම: බණ්ඩහමුදුරුවන්ගෙ අණසක | sugv

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )